නුබේ පතිනියයි මා තිස් එක්වන දිගහැරුම..
වන්දනා දුටුවේ කාමරය පුරා බඩු සී සීකඩ විසිරී ඇති ආකාරයයි…කන්නාඩි මේසය කෑලි කෑලි වලට බිදී කාමරය පුරා වීදුරු කටු විසිරී ඇති ආකාරය දුටු වන්දනාට කෑගැසුනි…වීදුරු කටු මැද්දේ සිටින දේව් දෙස වන්දනා බලා සිටියේ දුකින්..
“දේව් අනේ බලාගන..ඔය වීදුරු කටු ඇනෙයි…”වන්දනා කීවේ ඔහු අසලට ලන්වෙමින්
“වන්දනා මට මගෙ පාඩුවෙ ටිකක් එන්න ඕනේ තනියම..පින්සිද්ද වෙයි මෙතනින් යන්න…”දේව් කීවේ වන්දනා දෙසට දෑත් එක්කර වදිමින්
“අනේ දේව් ඔය අතින් ලේ එනවා නේද..”වන්දනා එසේ පවසා හඩමින් දේව් අසලට දිව ගොස් ඔහුගේ දෑත පිරිමැද්දේ දුකින්
කිසිත් නොකී දේව් වන්දනා දෙස මොහොතක් බලා හිද
“ඇයි මට වෛර කරන්නැත්තෙ වන්දනා..”යැයි අසද්දී
“මොකද උබ මේ කෙල්ලගෙ ජීවිතේ නිසා..තමන්ගෙ ජිවිතේට වෛරකරන්න බෑනෙ බන්…”ගයාන් එසේ පවසද්දී දේව් ඔහු දෙස බලා සිටියේ දුකින්…ගයාන් අසලට ගිය දේව් ඔහුව වැලදගෙන
“ගයියා..මට සමාවෙයන් ..උබ නොහිටින්න අරකි මාව තවත් රවට්ටනවා…උබට පින් බන් මම වෙනුවෙන් කරපු දේවල් වලට…”
“දේව්…උබ මගෙ යාලුවා නෙමේ සහෝදරයා..මට මතකයි මට ක්ලාස් යන්න සල්ලි නැතිව ඉන්නකොට උබගෙ පොකට් මනී මටදීපු හැටි,මගෙ අප්පච්චි නැති උනාම මගෙ අම්මා අසනීප උන වෙලේ එයාට බෙහෙත් කරන්න උබ මට කොච්චර උදව් කරාද…අන්න ඒ දේවල් මට අමතක නෑ බන්…උබගෙ සතුට වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම මම කරනව දේව්..”
ගයාන් එසේ පවසද්දී දේව් ඔහුව තදින් වැලදගත්තා..වන්දනා මොවුන් දෙදෙනා දෙස බලා සිටියේ සතුටින්
මචන් මට උබ වගේ යාලුවෙක් හම්බ උනේ මගෙ පෙර පිනකට..”දේව් පවසද්දී
“ඇයි මම විතරක්…උබට මේ වගේ කෙල්ලෙක් හම්බුනෙත් පෙර පිනකට..”ගයාන් පැවසුවේ වන්දනාව පෙන්වමින්
දේව් එයට කිසිත් නොකියා නිහඩ උනි..
“නංගා මට කූල් ඩ්‍ර්න්ක් එකක් හදන් එනවකෝ තිබහයි ඕයි…”ගයාන් පවසද්දී
“හා අයියා…දේව් ඔයාගෙ අතින් ලේ එනවා.මම බේත් දාන්නද..”
“ඌට මම බේත් දාන්නම් උබ ගිහින් ඩ්‍රින්ක් එක හදන් වරෙන්කො බන්..දිව ගිලෙන්න එනවා..”ගයාන් පවසද්දී වන්දනා සිනාසී කාමරයෙන් පිටතට ගියා
“කෝ බලන්න උබේ අත…”ගයාන් පැවසුවේ දේව්ගේ අත පිරික්සමින්
“ඇයි යකෝ අර මගුල එක්ක තියන තරහට උබ තුවාල කරගන්නෙ..අම්මපා උබවනම් මේ ආත්මෙට හදන්න බෑ..ඇදෙන් ඉදගෙන හිටපන් මම ඕකට දාන්න බේත් අරන් එන්නම්..”ගයාන් පවසද්දී දේව් නිහඩව ඇදෙන් ඉදගත්තා
තුවාලෙට දැමීමට බේත් අරන් ආ ගයාන්
“කෝ අත දික්කරපන්..”යැයි පවසද්දී දේව් ඔහු දෙසට තම දෑත දිගු කරා
පරිස්සමට සර්ජිකල් වලින් තුවාලය සේදූ ගයාන් ඉන්පසුව එයට බෙහෙත් දමනු ලැබුවා..
දේව් අසලින් හිදගත් ගයාන්
“දේව්…මචන් දැන් ඕව අමතක කරපන්..”යැයි පැවසුවේ ඔහුගේ උරහිසට අතක් තබමින්
“අමතක කරන්න …දේව් හයියෙන් සිනාසුනි..”
“මොකද උබ හිනාවෙන්නෙ..”
“උබ හිතන්නෙ මම මේක අමතක කරයි කියලද ගයියා..උබ දන්නවා මේ දේව් කවුද කියලා..මාව රවට්ටපු උන්ට මම නිකම් එන්න දෙයි කියලා උබ හිතනවද.. නෑ බන් නෑ..මම ඒ පට්ට බැල්ලිව නිකම් අතාරින්නෙ නෑ..”දේව් පැවසුවේ කෝපයෙන්
“මචන් දේව්..මම දන්නවා ඒකි උබව රැවැට්ටුවා කියලා..ගිය දේ ගියා..උබ දැන් ඒකිගෙන් පලිගන්නවත් ඒකි ගැන හිතන්න ඕනෙ නෑ..”
“ගයියා උබට තේරෙන්නෑ මගෙ හිතේ තියන දුක මම ඒකිට අවුරුදු ගානක් ආදරේ කරා… මම මගෙ අම්මටයි අප්පච්චිටයි කොච්චර නම් රිද්දුවද..ඒකිට..මම..”දේව් පැවසුවේ අසල තිබූ වීදුරුවක් පොලවෙ ගසමින්
“දේව්..ඕක නවත්තපන් හුත්…තොට පිස්සුද..උබ හිතපන් අර අහිංසක කෙල්ල ගැන දැන්..”
‘ඒකට දැන් පරක්කු වැඩී බන්..මම වන්දනාට ඩිවෝස් වෙන්නත් කීව..එයාව මම කොච්චර රිද්දුවද..අනික…”
“අනික…මොකද්ද බන්..”
“ගයියා උබ වන්දනාව මැරි කරන්න හිතාගන හිටියෙ..මම.දන්නවා උබ වන්දනාට ආදරෙයි කියලා..ඉතින් මට උබගෙ ආදරේ උදුර ගන්න බෑ බන්..”දේව් දුකින් පවසද්දී ගයාන් හයියෙන් සිනාසී
“ඔව් මම වන්දනාට ආදරෙයි දේව්….”ගයාන් පවසද්දී
“මම දන්නවා බන්..මට වන්දනාව අයිති නෑ..”
“දේව් මම කියල ඉවර උනේ නෑ..මම වන්දනාට ආදරෙයි…ඒ මගෙම නංගි කෙනෙක්ට විදියට..නැතුව උබ හිතෙන විදියට නෙමෙයි බන්…ඒකි මගෙම සහෝදරී වගේ..මම උබට එහෙම කීවෙ උබගෙ හිතේ නංගාට තියන ආදරේ දැනගන්න..මම එහෙම කියනකොට මම දැක්කා උබගෙ ඇස් වල තියන ඉරිසියාව..මම වන්දනාට ලන්වෙන හැමවෙලෙම උබගෙ ඒ ඉරිසියාව දැක්කා..”
ගයාන් පවසද්දී
“මම දන්නෑ බම්..මම වන්දනාට ආදරේද කියල..”
“උබ උබගෙ හිතෙන් අහල බලපන්..උබට වන්දනා ගෙදර නැති උනාම පාලුවක් දැනුනද…උබට නංගාගෙ ඇස් වල කදුලු දකිනවට කැමති නෑනේද .උබ නංගා අඩනකොට බනින්නෙ ඒකි අඩනවට කැමති නැති නිසා..තේරුම් ගනින් දේව් උබ දැනටමටත් නංගාට ආදරේ කරන්න පටන් අරන්..ඒක පිලිගනින්..
ගයාන් පවසද්දී
“ඒත් උබ හිතනවද වන්දනා මට සමාව දෙයි කියලා..”දේව් ගයාන්ගෙන් එසේ අසන විට වන්දනා කාමරයට ආවා.
දේව්…