නුබේ පතිනියයි මා හතලිස් වන දිගහැරුම

දේව්…මොනාද ඔයා මේ කියන්නෙ..”

“ඔයා මගෙන් ඈත් වෙන්න හිරූ..මගෙන් දැන් ඔයාට වැඩක් නෑ මැණික..කකුල් දෙක පන නැති මගෙන් ඔයාට වැඩක් නෑ..මම කියන්නෙ ඔයාගෙ හොදට රත්තරන් මගෙන් ඈත් වෙන්න.මම එක්ක හිටියොත් ඔයාගෙ ජීවිතේ නාස්ති වෙයි..ගයියා හොදයි…ඔයා ගයාන්ව මැරි කරන්න …”දේව් එසෙ පැවසුවේ වන්දනාව හඩවමින්

“ඔයා කොහොමද මහත්තයො එහෙම දෙයක් හිතුවෙ..දේව් නැත්නම් මෙ හිරුත් නෑ..”

“ඒත් තේරුම් ගන්න හිරු..ඔයා තාම තරුණ කෙල්ලෙක්..ඔයාට මේ කකුල් පන නැති දේව් එක්ක ජීවත් වෙන්න බෑ..ඔයාට හැගීම් දැනිම් තියනවා.මම කියන එක තේරුම් ගන්න මැණික…”

“ඇති දේව් ඔය හොදටම ඇති…ඔයාට බෑ මට ඔහොම කියන්න..ඔයා හිතන්නෙ මම ඔයාට ආදරේ කරේ ඔයාව දාල යන්න කියලද..ඔව් ඔයාහරි මම හැගිම් දැනීම් තියන ගෑනියෙක්…මගෙ මහත්තයට මම ගොඩාක් ආදරෙයි..ඉතින් එයා වෙනුවෙන් මට ඕනෙම දෙයක් කරන්න පුලුවන්..ආදරේ කියන්න දේව් කරදරයක් උනාම දාලයන එක නෙමෙයි..ඔයා දන්නවද ඔයාගෙ හුස්ම නැවතුනු වෙලේ මාව මැරුනෙ නැති ටික විතරයි..ඒ විදපු වේදනාව දන්නෙ මම විතරයි….ඇයි රත්තරන් තවත් මාව මෙහෙම රිද්දන්නෙ..විවාහ බැදීමක් කියන්නෙ දෙන්නා ගතින් එකතු වෙන එකක් විතරක් නෙමේ දේව්.ඔයාගෙ කකුල් පන නෑ කියලා මම ඔයාව දාල යන්නෙ කොහොමද රත්තරන් මගෙ හුස්ම ටික දාල මට යන්න කියන්නෙ ඇයි.”වන්දනා ඇසුවේ දේව්ගේ පපුවට තුරුල් වෙමින්

“අඩන්න එපා මැණික…අඩන්න එපා..මට සමාවෙන්න රත්තරන්..”දේව් පැවසුවේ වන්දනාගෙ හිස අතගාම්න්

“ඔයා මාව ගොඩක් රිද්දුව..ගොඩක්…”

“මම ඔයාව රිද්දන්න හිතුවෙ නෑ මැණික..මම කීවෙ මම වගෙ .”දේව්ගේ මුව වැසූ වන්දනා

“මම නැතුව ඔයාට ඉන්න පුලුවන්ද රත්තරන්..මේ හිරූ නැතුව ඔයාට ඉන්න පුලුවන්ද..”වන්දනා ඇසුවේ දේව්ගේ දෑස් දෙස බලාගෙන..ඇයව අතින් ඇද තම පපුවට තුරුල් අරගත් දේව්

“උබට මගෙන් ඈත් වෙන්න කීවට මට උබ නැතුව ජීවත් වෙන්න බෑ මැණික..මට බෑ..මගෙ හුස්ම උබ…එදා මම ටිපර් එක එනකොට උබ ගාවට පැන්නේ මම මැරුනත් මගෙ කෙල්ල ජීවත් වෙන්න ඕනෙ නිසා..මගෙ ජීවිතේටත් වඩා මට උබව වටිනවා හිරූ..මට වටිනවා”දේව් පැවසුවේ හඩමින්

දේව්ගේ දෑසේ කදුලු පිස දැමු වන්දනා

“ඔයා නැත්නම් මම නෑ මහත්තයො..ඔයාගෙ හුස්ම නැවතුන දවසට මේ වන්දනාගෙත් හුස්ම නවතියි..”වන්දනා පැවසුවේ දේව්ගේ දෑස් දෙස බලා

වන්දනාගේ දෑස් දෙස බලා සිටි දේව් ඇගේ දෙතොලට ලන් වූයේ ඇය දෑස් පියාගද්දී…ගයාන් දොර හැර ඇතුලට ආවේ මේ මොහොතේ.
“මලා අඩේ සොරි..කවුද දන්නෙ මෙතන කොටු කොටු සීන් යනවා කියලා..”ගයාන් පවසද්දී වන්දනා බිම බලාගත්තේ ලැජ්ජාවෙන්

“ගයියා..මට කවදාවත් ඇවිදින්න බැරිවෙයිද බන්..මට මැරෙනකම් වීල් චෙයා එකේ ඉන්න වෙයිද..”

“දේව්..උබට අපි ඔහොම වැඩි දවසක් ඉන්න දෙන්නෙ නෑ මචන්…මොන දේ කරලා හරි අපි උබව හොද කරගන්නවා..”

“හ්ම්..ගයියා උබ ඔෆිස් එකේ වැඩ බලාගනින්…වන්දනාට උදව් කරපන්..”

“නෑ දේව් මම ආයෙ ඔෆිස් යන්නෙ නෑ..ගයාන් අයියා ඒ හැමදෙයක්ම බලාගනී..”

“ඒත් හිරූ..”

“නෑ දේව් මටමගෙ මහත්තයාට වඩා මොකුත් වටින්නෙ නෑ..”වන්දනා පැවසුවේ දේව්ගේ හිස අතගාමින්

“උබ බයවෙන්න එපා දේව්…උබ ආයේ නැගිටලා ඔෆිස් එනකම් මම ඒ හැමදෙයක්ම බලාගන්නම්…මම ආවෙ උබ වොශ් රූම් එහෙම යනවද අහන්න..නංගාට තනියම බෑනේ..”

“ඕනෙ නෑ බන්…දැන්ම..”

“හ්ම්..එහෙනම් ඕනෙ උනාම කියපන්කෝ මම ඉස්සරහ කොරිඩෝ එකේ ඉන්නවා..උවමනාවක් උනොත් නංගි කතා කරන්න..”

“හා අයියෙ…”

දේව් ගිය පසු වන්දනා නැවතත් දේව්ගේ පපුවට තුරුල් උනා

“දේව්…”

“ඇයි මැණික..”

“ඔයාට අමාරුවක් නෑනේද රත්තරන්..”

“නෑ..”

“දේව්..”

“ම්…”

“මොනවද කල්පනා කරන්නෙ..”

“මොකුත් නෑ..”

“බොරු කියන්න එපා මහත්තයො..මට ඔයාව දැනෙනවා රත්තරන්…”

“සුදු මැණික..”

“ම්…”

“මට කවදාවත් තාත්තා කෙනෙක් වෙන්න බැරිවෙයිද..”දේව් ඇසුවේ දුකින්

“නෑ එහෙම වෙන්නෙ නෑ රත්තරන්..”

“ඒත් හිරූ…මගෙ ඉනෙන් පල්ලෙහා පන නෑ.මම කොහොමද..”

“දේව්..”

“ම්…”

“ඔයා දැනටමත් තාත්තා කෙනෙක් මහත්තයෝ..”වන්දනා පවසද්දී දේව් ඇයව තමා දෙසට හරවාගත්තේ පුදුමයෙන්

“මොකද්ද මැණික කීවේ..”දේව් එසේ අසද්දී වන්දනා ඔහුගේ දෑත ගෙන තම කුසට තබා

“එයා අපි ගාවට ඇවිත් රත්තරන්..”

“මම අඩන්නද හිනාවෙන්නද මට තේරෙන්නෑ හිරූ..මේ දවස ඉනකම් මම ඇගිලි ගැන්නා..ඒත් අද මගෙ පැටියා ඔයාගෙ බඩේ ඉන්නකොට ඔයාව බලාගන්න ඕනෙ කාලේ මම ගොඩක් අසරන වෙලා..මම මහ අවාසනාවන්ත කොල්ලෙක් හිරූ.මම කොච්චර හීන මැව්වද මගෙ පැටියගෙ අතින් අල්ලගෙන එයාව ඇවිද්දවන්න…එයා එක්ක සෙල්ලම් කරන්නඒත්..”දේව් එසේ පැවසුවේ තම දෑසින් කදුලු ගලා යද්දී..ඔහුගේ කදුලු පිස දැමූ වන්දනා

“ඔය ඇස් වලට කදුලු ගැලපෙන්නෙ නෑ මහත්තයෝ..ඔයා අවාසනාවන්ත කොල්ලෙක් නෙමේ. මිනිස්සුන්ට හැමදාම සතුටින් ඉන්න බෑ රත්තරන්…අපේ ජීවිතේට දුක් කරදර එනවා. එහෙමයි කියලා අපි හිතෙන් කඩා වැටෙන්න.. හොදනෑ..ඔයාගෙ හීන කවදාවත් හීන විතරක් වෙන්නෙ නෑ සුදූ..ඔයා තමයි මගෙ පැටියගෙ අතින් අල්ලගෙන් ඇවිද්දවන්න ඕනෙ…මම දන්නවා මගෙ මහත්තයගෙ හිත ගොඩක් ශක්තිමත්…ඔයාට ඉක්මනටම සනීප වෙනවා ඒක මට විශ්වාසයි…”වන්දනා පැවසුවේ ස්තීර හඩින්

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

මාස පහකට පසු….

ගයියා…”

“දේව් .හෙට ගමනක් තියනවා යන්න ලෑස්ති වෙයන්..”

“කොහෙද බන්..”

“අනුරාදපුරේ හොද වෙද මහත්තෙක් ඉන්නවලු..එයා ගාවට යන හැම ලෙසෙක්ම හොද වෙලාලු එන්නෙ..අපි හෙට ගිහින් බලමු..”

“වැඩක් වෙන්නෙ නෑ බම්..මාස පහක් උනා..කී තැනකට ගියාද…මට තාම කකුල හොලවන්නවත් බෑ “

“එහෙම කියන්න එපා මහත්තයෝ…අපි උත්සහය අත් හරින්න හොදනෑ. අපි හෙට ගිහින් බලමු..”එතනට ආ වන්දනා පවසද්දී

“ඔව් දේව්…හෙට යමන්…හැබැයි එහෙනැවතිලා තමයි බේත් කරන්න වෙන්නෙ…”

“නැවතිලා..”

“ඔව් බන්..මාසයක් දෙකක් එහෙ නවතින්න ඕනේ..ඊටපස්සෙ ගෙදර බේත් කරන්න පුලුවන්…”

“ගයාන් අයියා දේව්ව එහෙ තනියම තියන්න බෑනේ..මාත් එයත් එක්ක ඉන්නම්..”

“ඔයා කොහොමද මැණික අපේ පැටියත් බඩේ තියාගන එහෙ ඉන්නෙ…”දේව් ඇසුවේ ඇගේ කුස දෙස බලාගන

“මට පුලුවන් දේව්..මගෙ පැටියගෙන් මට කරදරයක් නෑ..එයත් ආසයි එයාගෙ තාත්තා ඉක්මනට හොද වෙනවා දකින්න..”වන්දනා පැවසුවේ ඇගේ කුස අතගාමින්

“ගයාන් අයියා ඔහොම ඉන්න ..මම බොන්න මොනවහරි හදාගන එන්නම්..”

“හා නංගා..”

වන්දනා එතනින් ඉවත් ව ගිය පසු

“මගෙ කෙල්ල පව් බන්..මම ඒකිව බලාගන්න ඕනෙ කාලෙ මගෙ හැම වැඩක්ම කරන්නෙ මගෙ අහිංසකී .මට මම ගැනම තරහක් දැනෙනවා බන්…”දේව් පැවසුවේ දුකින්

“හ්ම්..උබ වාසනාවතයි නංගා වගේ කෙල්ලෙක් ලබන්න..”ගයාන් පවසද්දී

“අයියේ…මේක අක්කා දෙන්න කීවෝ…”හසිදු බීම වීදුරු දෙකක් රැගෙන එතනට පැමිනියා

“ඇයි අක්කා කෝ…පොඩ්ඩෝ. “දේව් අසද්දී

‘අයියගෙ කකුල් තවන්න නැන්දා එපා කියද්දි වතුර උනු කරනවා. මම යනෝ දැන් සුපර් ශිවා යනෝ..”එසේ පැවසූ පොඩ්ඩා එතනින් ඉවතට ගියා..

මම මහ පව්කාරයෙක් බන්..”දේව් පැවසුවේ දිගු සුසුමක් හෙලමින්

!”නෑ බන්..උබ පව්කාරයෙක් නෙමේ..උබට ලැබිල තියෙන්නෙ දාහකින්වත් හොයාගන්න බැරි රත්තරන් කෙල්ලෙක්…එහෙම එකේ උබ පව්කාරෙක් වෙන්නෙ කොහොමද බන්..”

‘මට හිරූ ගැන දුකයි බම්…”

“දුක් වෙන්න එපා ඒකි උබ වෙනුවෙන් ඕනෙම දෙයක් කරයි..අපි ඉක්ම්නට සනිප වෙමු..ඊටපස්සෙ වෙනද වගේ නංගි එක්ක ඉන්න පුලුවන්..”

“හ්ම්..ගයියා…ඔෆිස් එකේ අවුලක් කීවෙ මොක්ද්ද.. “

❤❤❤❤❤❤😘😘😘❤❤❤❤❤❤❤

ලයික් කමෙන්ට් කරන ඔක්කෝටම ගොඩා ස්තූතියි😘😘😘😘😘😘😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *