ඇයත් පතිනියකි 08

08_කොටස

” සේයා… උබ මොනවද කෙල්ලේ ඔච්චර කල්පනා කරන්නේ….”

කෙල්ල උන්නේ ක්ලාස් රූම් එකේ නොපෙනෙන ඉලක්කයක් දිහා ඇස් දෙක රදවගෙන… වෙලාව 11.30 යි… ඉන්ටවල් එක නිසා ලමයි ලන්ච් අරන් සෙල්ලම් කරන්න ගිහින් හිටපු නිසාම ක්ලාස් රූම් එකේ හිටියේ කෙල්ල විතරයි.. බලාපොරොත්තු නොවුන එහ් කටහඩින් කෙල්ල ගැස්සිලා ගියා…

“මොකද බන් උබට වෙලා තියෙන්නේ අහ්… “

කෙල්ල මොකුත් නොකියම හොල්මනක් දැක්කා වගේ බලන් ඉන්න හින්දම සයුරි ඇහුවේ තරහින්…සයුරි කෙල්ල එක්ක එකට ඉගෙන ගත්ත කෙල්ලගේ හොදම යාලුවා.. දෙන්නගෙම වාසනාවට දෙන්නම ට්‍රේනින් වැටුනේ එකම ස්කූල් එකට… සේයා තමන් ගේ ජීවිතේ සයුරි ට නොකියපු කිසිම දෙයක් නැති තරම්…ඒත් එදා දැක්ක තරුනයා ගැන සයුරි ට නොකියන්න කෙල්ල තීරනය කරේ මේ වෙද්දි සයුරි මුනසිංහ සර් ගැන ලොකු පැහැදීමක හිටපු නිසා…

කෙල්ල හිත හිත හිටියේ මුනසිංහ සර් ගැන වගේම තමන් ගේ හිතට වද දෙන එදා දැක්ක එහ් රූපේ ගැන..ඒත් සයුරි ට එහ් කිසි දෙයක් නොකියා කෙල්ල හිස සැලුවේ මොකුත් නෑ කියන්න…

සයුරි ට කෙල්ල ගෙ මේ වචන වල සැකයක් තිබුනත් මොකුත් නොකියා හිටියේ සේයා සයුරි ට මොකුත් ම හන්ගන් නෑ කියලා දන්න නිසාමයි… සේයා ට ප්‍රශ්නයක් තිබුනොත් පහුවෙලා හරි කියයි කියලා කෙල්ල හිතා ගත්තා…

පන්ති කාමරයේ වැඩ වෙනසක් නැතුව වෙනදා වගේම කරගෙන යන්න කෙල්ල උපරිම උත්සාහා කරා…ඒත් විටින් විට කෙල්ලගේ ඔලුව අවුල් වෙලා ගියේ හිතට වද දෙන ප්‍රශ්නෙ මතක් වෙද්දි…ඒත් කෙල්ල ලොකු වෙනසක් නොපෙන්වා සාමාන්‍ය විදිහට වැඩ ටික කරන් ගියා …

වෙලාව 1.30 වෙද්දි පාසලේ අවසාන සීනුව නාද වුනේ පුංචි පැටවුන්ගේ කෑ ගැහිලි මැද… ස්කූල් ඉවර වෙලා ගෙදර ගෙදර ට ගියේ පයින්…හැමදාම අර පුංචි පැටවු එක්කම යි කෙල්ල ගෙදර යන්න පුරුදු වෙලා හිටියේ…ඒත් කෙල්ලගේ ගෙදර ටිකක් දුර තිබුන නිසාම කෙල්ල විනාඩි 15 ක විතර දුරක් ගියේ තනියම… ගමේ චූටි ස්කූල් එකක් වුන නිසාම ස්කූල් එක තිබුනේ හරිම නිස්කලංක පරිසරයක… පාරේ උනත් වැඩිය වාහන නොකියේ ටවුන් එක තරම් ජනාකීර්ණ ප්‍රදේශයක් නොවුන නිසා..ගමේ බස් එක උනත් ආව ගියේ දවසකට හයතර වතාවක් විතරයි…එහ් උදේ 6 ට 8 ට 2 ට වගේම හවස 6 ට… කෙල්ලගේ ගෙදර තිබුනේ ටවුන් එක කිට්ටුවට වෙන්න උනත් කෙල්ල මේ පරිසරය ට ආසා නිසාම කෙල්ල කවදාවත් බස් එකේ ගියේ නැහැ….

අදත් මගට එනකම්ම කෙල්ල ආවේ ස්කූල් එකේ පොඩ්ඩෝ ටික එක්ක… ඒත් පොඩ්ඩෝ එක එක්කෙනා අඩු වෙලා අන්තිමට කෙල්ල විතරක් ඉතුරු වෙද්දි හැමදාම වගේ කෙල්ලට තනිකමක් දැනෙන්න ගත්‍තා…ඒත් කෙල්ල ගානක් නොගෙනම ඇවිදන් ගියා…

ටවුන් එක කිට්ටුවට යද්දි කෙල්ල දැක්ක දේ නිසා කෙල්ලගේ පපුව පිච්චිලා ගියා… පුංචි ලමයි දෙන්නෙක් පාර අයිනට වෙලා අයිස් ක්‍රීම් විකුනන වෙලෙන්දෙක් දිහා බලන් ඉන්නවා…එහ් ඇස් වල තිබුනේ පුදුම අසරන කමක් .. හරියට ඇදුමක් වත් ඇදල නොහිටපු එහ් අසරනයොන්ට අයිස් ක්‍රීම් නෙමෙයි එදා වේලවත් කන්න නැතුව ඇති කියලා කෙල්ලට හිතුනේ පපුව පිච්චිලා යද්දි ..කෙල්ල එතනට ගිහින් එහ් පුංචි දෙන්නට ආදරෙන් කතා කරා…

“මන් අයිස් ක්‍රීම් අරන් දෙන්න ද…”

කෙල්ල ඇහුවේ එහ් අහිංසක මූනු වල මැවෙන හිනාව දිහා ආසාවෙන් බලලා… එතන හිටපු අවුරුදු 4 ක වගේ වයස තිබුන පුංචි දූ ඔලුව වැනුවේ ආසාවෙන්….

කෙල්ල අයිස් ක්‍රීම් විකුනන කෙනා ලගට ගිහිම් අයිස් ක්‍රීම් දෙකක් අරන් දෙන්න අතට දුන්නේ දාඩිය වැටිලා වෙහෙසිලා තිබුන එහ් මූනු වල ලස්සන හිනාවක් මැවෙද්දි…

“තැන්කූ ආන්ටි…”

දෙන්නම එක පාරම කිවුවේ හිනා වෙලා….

“අයියා අද අන්කල් නැති නිසා අපිට අයිස් ක්‍රීම් අරන් දෙන්න සුරංගනාවියො ආන්ටි කෙනෙක් එවලා වගේ නේද…. “

එතන හිටපු පුංචි දෝනි තමන් ගේ වැඩිමල් සහෝදරයා දිහා බලලා කිවුවේ හිනා වෙලා…

“පුතාලට තව කවුරු හරි අයිස් ක්‍රීම් අරන් දුන්න ද…”

කෙල්ල ඇහුවේ පුංචි දෝනි කිවුව කතාව තේරුම් ගන්න බැරිඋන නිසා…

“ඔව් ආන්ටී…ශෝයි අන්කල් කෙනෙක්..ආන්ටි වගේම ලස්සනයි…එයා අපිට හැමදාම අයිස් ක්‍රීම් අරන් දෙනවා…ඒත් අද අන්කල් නෑ වගේ….”

එතන හිටපු අවුරිදු 6 ක විතර වයස තියන පුංචි දරුවා මුල්ම වචන ටික සතුටිනුත් අන්තිම වචන ටික දුකිනුත් කිවුවේ මූන අදුරු කරගෙන .. කෙල්ල හිනා වෙවීම දෙන්නගෙම ඔලුව අත ගෑවේ පුදුම ආදරේකින්…

ඒත් ඊලග තත්පරේදි කෙල්ලට පිටුපසින් ඇහුන කටහඩ නිසා කෙල්ල හැරිලා බැලුවේ එහ් කටහඩ හොදටම හුරු නිසා…

” අද අන්කල් ට චුට්ටක් ලේට් උනා… ඔන්න මන් අද ලොකුම ලොකු අයිස් ක්‍රීම් දෙකක් ගෙනාවා… තව තෑගි ගොඩකුත් එක්ක…”

පැංචෝ දෙන්නම හිනා වෙවී එතනට ගියේ කෙල්ල හැරිලා බලනවත් එක්ක මයි… ඒත් එතන හිටපු කෙනා දැකලා කෙල්ල උන් තැනම ගල් ගැහිලා බලන් හිටියේ ඇස් දෙකත් ලොකු අරන්…

එතන හිටියේ වෙන කවුරුත් නෙමෙයි… එදා පාරෙදි දැක්ක මෙච්චර දවසක් කෙල්ලගේ හිතට වද දුන්න එහ් තරුනයා…

“යන්නම් අන්කල්…තැන්කූ…..”

පුංචි පැටවු දෙන්නා තරුනයා දුන්න අයිස් ක්‍රීම් එකයි කෙල්ල දුන්න අයිස් ක්‍රීම් එකයි එක අතකට අරන් තරුනයා දුන්න පුංචි බෑග් එක අනිත් අතට අරන් එතනින් ගියෙ තරුනයට වගේම කෙල්ල ටත් සමු දීලා…

කෙල්ල තාමත් උන් තැනම ගල් ගැහිලා කොල්ලා දිහාම බලන් ඉන්නවා…

කොල්ලගේ මූනේ කෙල්ල දැක්ක ගමන් හිනාවක් ඇදුනේ කෙල්ලව අදත් තරහා ගස්සන්න ඕනි කියලා හිත කියද්දි මයි… කෙල්ලව දැකල තාම ටික දවසක් උනත් කොල්ලට කෙල්ලව තරහා ගස්සන්න දැනෙන ආසවනම් ආත්ම ගානක් තිස්සේ එන එකක් කියලා කොල්ලට හිතුනේ කොල්ලා ගෙදර ගිහිනුත් ආයෙත් කෙල්ලව එක පාරක් හරි හම්බෙලා එහ් මූන රතු වෙනවා බලන්න තියේනම් කියලා මුලු දවසම හිත හිත හිටපු නිසා… ඒත් ආයෙත් කෙල්ලව මුන ගැහෙන එකක් නෑ කියලා කොල්ලා හිතුවත් නොහිතපු විදිහට ආයෙත් පාරක් කෙල්ල ව මුන ගැහුනම කොල්ලගේ හිත වද දුන්නෙම කෙල්ලව ආයෙත් තරහා ගස්සවන්න…

“අනේ මොනවහරි කියලා ඔය කෙල්ලව තරහා ගස්සපන් බූරූවෝ…උබ මෙච්චර දවසක් බලන් හිටියෙත් ඕකටම නේද… දැන් කෙල්ල ඇස් දෙක ඉස්සරහම ඉදලත් උබ ගල් බිල්ලා වගේ බලන් ඉන්නේ මොකද “

කොල්ලගේ හිත තමන් ටම කියද්දි තමන් දිහා ගල් ගැහිලා බලන් ඉන්න කෙල්ල දිහා කොල්ලා හිනාව කලින් ට වඩා වැඩිකරගෙන බලලා එක අතක් සාක්කුවට දාගෙන අනිත් අතින් අවුකන්නාඩි දෙක පැලද ගත්තේ කෙල්ල කට ඇරන් බලන් ඉද්දි…

කෙල්ලගේ මොන්ගල් පෙනුම දැකලා කොල්ලට හයියෙන් හිනා යන්න ආවත් කොල්ලා එහ් හිනාව බොහොම ඉවසීමෙන් නවත්තගෙන කෙල්ල දිහා බැලුවේ තමන් මෙච්චර දවසක් ඇගිලි ගනිමින් හිටපු එහ් රතු මූන වගේම මොංගල් ඇක්ශන් ටිකත් ආයෙත් බලන්න ලැබෙනවා කියලා හිත ඇතුලෙන් සතුටු වෙද්දි…

09 කොටසින් හමුවෙමු….

ඊලග කොටස හෙට රෑ 7 ට…..

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *