ඇයත් පතිනියකි 11

11_කොටස

“සේයා….දූ හෙට ගෙදර ඉන්න….මුනසිංහ සර් හෙට එනවා කිවුවා…..”

කෙල්ල වුන්නේ කන්නාඩිය ලග නාලා කොන්ඩේ පිහිදාන ගමන්….තාත්තාගේ මේ වචන ටික ඇහෙද්දි කෙල්ල ටවල් එක ඔලුවේ ඔතාගෙන එලියට ආවේ පුදුමයෙන්…

“හෙටත්? අන්කල් අදත් ආවනේහ්….”

කෙල්ල ඇස් දෙක ලොකු කරල ඇහුවම තාත්තා කරේ හයියෙන් හිනා උන එක…

“ඇයි තාත්තා…. “

“ඔයා අද තේජාන් පුතාව හෙවුවා නේද අන්කල් ආව ගමන්…අන්කල් ඒක දැක්කනෙහ්…ඔන්න හෙට පුතා එක්කම එනවලු….”

“තේජාන් එක්ක…😳

“ඔව් දූ…ඔන්න හෙට ලස්සන ට ඉන්න ඕනි හොදද….හෙට තේජාන් පුතා එන්නේ දූත් එක්ක කතා කරන්න….”

“හරි…තාත්තේ….”

කෙල්ල එහෙම කියලා රූම් එකට දිවුවේ කිසිම වෙනසක් පෙන්නන් නැතුවමයි…

ඒත් කෙල්ල රූම් එකට ගියපු ගමන් ආයෙත් වොශ් රූම් එකට ගිහින් දොර වහගෙන කරේ පැය බාගයක් ම හොදටම අඩපු එක…..

“අනේ මට තේජාන් බදින්න වෙනවා නේද දෙයියනේ…මන් කොහොමද කවදාවත් නොදැකපු කෙනෙක් එක්ක ජීවත් වෙන්නේ..දැන් එයා හෙට ආවම…අනේ එයා මොන වගේ කෙනෙක් වෙයි ද…….ඇයි දෙයියනේ මටම මෙහෙම….” .

කෙල්ල තමන් ට ම කියාගෙන හොදටම ඇඩුවා..කෙල්ලගේ ඇස් දෙක හොදටම රතු වෙලා…කෙල්ල වොශ් රූම් එකෙන් එලියට ආවේ පන රහිත පුද්ගලයෙකු වගේ ඇගට පන නැති වෙද්දි…. රූම් එකට ඇවිත් ඔහේ ඇදුමක් ඇදගත්ත කෙල්ල කොන්ඩෙ තෙත පිහින්නෙත් නැතුවම ඇදට වැටුනේ ආයෙමත් අඩාගෙන… මොකක්දෝ හේතුවකට කෙල්ලගේ මේ දුකත් එක්කම අර තරුනයාගේ මූන ඇස් ඉස්සරහා මැවෙන්න ගත්තේ කෙල්ලගේ දුක තවත් වැඩි කරමින්..පිටතට ඇහෙන් නැති වෙන්න කෙල්ල ඉකි ගගහා ඇඩුවේ මේ තමන් ගේ ජීවිතේ නිදහසේ සතුටින් ගෙවෙන අන්තිම දවස් ටික නේද කියලා හිතමින්…

රෑට කෑම කන්නෙත් නැතුවම කෙල්ල නිදා ගත්තේ තමන් ගේ දුක කියන්නවත් කෙනෙක් නැතුව පුදුම තරම් අසරන වෙලා….

පහුවදා කෙල්ලට ඇහැරුනේ අම්මාගේ කටහඩින්…ඒත් ඊයේ රෑ උන කිසි දෙයක් කෙල්ලගේ මතකෙට එක පාරම ආවේ නෑ… ඒත් අම්මගේ වචන එක්කම හැමදේම මතක් වෙලා කෙල්ලගේ ඇස් වලින් කදුලු ගලන් ගියේ අම්මා බලන් ඉද්දි මයි…

“ඇයි දරුවෝ මේ…”

අම්මා ඇහුවේ කෙල්ලගේ මේ හැසිරීම තේරුම් ගන්න බැරිම තැන….

“අනේ අම්මා…මට මේ ගෙදරින් යන්න බෑ…..”

“අනේ මගෙ දෝනි…හැම කෙල්ලෙක්ටම දවසක ගෙදර දාලා යන්න වෙනවා..ඒක දුවෙක් ට වඩා එහ් දුවව හැදුව අම්මට දුකක්…ඒත් එහ් දුවගේ සතුට කියලා හිතලා හැම අම්මෙක් ම හිත හදා ගන්නවා…”

අම්මා කිවුවේ කෙල්ලව තමන් ගේ උරහිසට තියාගෙන කෙල්ලගේ ඔලුව අත ගාන ගමන්… කෙල්ල මොකුත් නොකියම අම්මා කියන දේවල් අහන් හිටියේ මේ ලෝකේ තමන් ව තේරුම් ගන්න පුලුවන් එකම කෙනා අම්මා විතරක් ම නිසා…

“කවදාවත් ම දැකලා නැති කෙනෙක් ව මැරි කරන්න කිවුවම මගෙ දුවට ඒක දරා ගන්න බැරුව ඇති…මන් දන්නවා…මගෙ මැනික ගේ ඇස් වල කදුලු ත් ඒකමයි…”

කෙල්ලගේ හිතේ තිබුන දේ එහ් විදිහටම අම්මාගේ වචන වලින් කියවෙද්දි කෙල්ල ඔලුව උස්සලා අම්මා දිහා බැලුවෙ පුදුමයෙන්….

අම්මා මොකුත් නොකියම කෙල්ල දිහා බලලා හිනා වෙලා ආයෙමත් කෙල්ලව තමන් ගේ උරහිසෙන් තියාගෙන ඔලුව අත ගාන්න පටන් ගත්තේ හිතේ උතුරන මවු සෙනෙහසින්…

“ඒත් කවදාවත් තමන් ගේ දුවෙක් ට දෙමාපියෝ වැරැද්දක් කරන් නෑ මගෙ මැනික…ඔයා තේජාන් ව නොදැක්කට තාත්තා තේජාන් පුතාව දැක්කේ මුනසිංහ මහත්තයා දුවට යෝජනාවක් කරන්නත් කලින්… තාත්තා ඇවිත් කිවුව දේ දන්නව ද…හරි හොද හැදිච්ච කොල්ලෙක් කිවුවා…ඊට පස්සේ මුනසිංහ මහත්තයා ස්කෝලේ උත්සවේට ආවම දූව දැකලා තමන් ගේ එකම පුතාව දූට දෙන්න ලෑස්ති උනාම තාත්තා තරම් මේ ලෝකේ සතුටු උන තවත් කෙනෙක් නෑ මගෙ මැනික…ඒත් ඔයා තේජාන් ට අකමැති උනාම තාත්තා තරම් දුක් උන කෙනෙකුත් නෑ…. පහන්දි නිසා හරි දූ තේජාන් ට කැමති උනා කියද්දි තාත්තා කාටවත්ම පේන් නැති වෙන්න කාමරේට ගිහින් ඇඩුවා දෝනි…මන් මගෙ ඇස් දෙකෙන් ම දැක්කා…දන්නවද…තේජාන් පුතා නංගිගේ වෙඩින් එකටවත් නාවට නංගිට මුනසිංහ සර් දුන්න ගිෆ්ට් එක තෝරලා තියෙන්නේ කවුද කියලා…තේජාන් පුතා…එදා මුනසිංහ සර් තාත්තා එක්ක කියනවා මන් අහගෙන… තේජාන් පුතා නරක කෙනෙක් නෙමෙයි මගෙ මැනික..ඔයා වගේම තේජාන් පුතත් ඔහොමම හිතනවා ඇති…මුනසිංහ මහත්තයා තේජාන් පුතාට දූගේ ෆොටෝ එකක් වත් පෙන්නලා නෑ…ඇවිල්ලම ඇස් දෙකෙන් ම බලන්න කියලා..ඉතින් දූ වගේම පුතත් දූව දැකලා නෑ…මුනසිංහ මහත්තයා මගෙ දෝනි වම පුතාට දෙන්න ලොකු හේතුවක් තිබ්බා…එහ් මැරි මැරි ජීවත් වෙන එහ් කොල්ලගේ සතුට ආයෙත් ගේන්න දූට පුලුවන් වෙයි කියලා මහත්තයාගේ හිතේ ලොකු විශ්වාසයක් ඇති උන හින්දා…”

අම්මා මුල්ම වචන ටික ආදරෙන් කියලා අන්තිම වචන ටික කිවුවේ ගොඩක් සන්වේදීව….

අම්මා කියන විදිහට තේජාන් ගොඩක් හොද කෙනෙක් වෙන්න ඇති කියලා කෙල්ලට හිතුනේ තාත්තා ලේසියෙන් කෙනෙක් ගේ හොදක් කියන් නෑ කියලා කෙල්ල හොදටම දන්න නිසා..අම්මාගේ මේ වචන ටික ඇහෙද්දි කෙල්ලගේ හිත පුදුම විදිහටසැහැල්ලු වෙලා ගියා…ඒත් අම්මා කිවුව අන්තිම වචන ටික කෙල්ල ට ගෙනාවේ ප්‍රශ්නාර්ථයක් ..

“තේජාන් ඇයි මැරි මැරී ජීවත් වෙන්නේ…මොකක්ද හේතුව…”

කෙල්ල තමන් ගේ හිතින්ම ඇහුවේ අම්මා දිහා බලන ගමන්…..

“මුනසිංහ මහත්තයා තරම් අවන්ක මනුස්සයෙක් මන් මීට කලින් දැකලා නෑ මැනික…මුනසිංහ මහත්තයට තිබ්බා බොරු කියලා තමන් ගේ පුතාව දූට දෙන්න…ඒත් මහත්තයා හැමදේම තාත්තා එක්ක කියලා තිබ්බේ දූව දැක්ක දවසෙමයි… තාත්තා එහ් අවංක කමට පුදුම විදිහට කැමති…දූට මේ දේවල් මන් කලින් නොකිවුවේ දූ තේජාන් පුතාට කැමති කියලා හිතපු හින්දා…ඒත් ඊයේ හවස දූ මගෙ උරහිසට ඔලුව තියා ගත්තම මට තේරුනා මගෙ මැනික ඉන්නේ සතුටින් නෙමෙයි කියලා… දැන් මගෙ කෙල්ලගේ හිත ටිකක් හරි සැහැල්ලු උනා නේද….”

අම්මා ඇහුවේ කෙල්ලගේ මූන දෝතටම අරන්…

කෙල්ල හිනා වෙලාම ඔලුව හෙල්ලුවේ ඔව් කියන්න… ඒත් තේජාන් මැරි මැරි ජීවත් වෙනවා කිවුව හේතුව දැනගන්න කෙල්ලගේ හිත වද දුන්න නිසාම කෙල්ල අම්මා දිහා බැලුවේ එහ් ගැන අහන්නමයි….

“අම්මා…ඇයි තේජාන් දුකින් ඉන්නේ…”

කෙල්ල ඇහුවේ ලාවට හිනා වෙලා…

” මන් කියනවට වඩා තේජාන් පුතාම එහ් දේවල් දූට කිවුවොත් දූට පුතාව තේරුම් ගන්න ලේසි වෙයි… හැබැයි මැනික මන් එක දෙයක් කියන්නම්..මගෙ මැනිකට එහ් අහිංසකයා ජීවිතේට ආයෙත් සතුට ගේන්න පුලුවන් උනොත් ඒක ලොකු පිනක් මැනික…හැමදේම හොද විදිහට විසදෙයි…”

අම්මා කිවුවේ කෙල්ලගේ කම්මුලක් සීරුවට පිරිමැදලා….

අම්මා අන්තිමට කිවුව කිසි දෙයක් කෙල්ලට තේරුනේ නැති උනත් තේජාන් හොද කෙනෙක් කියලා දැනුන නිසාම කෙල්ල අම්මා දිහා බලලා හිනා උනේ ලොකු බරකින් හිත නිදහස් උනා වගේ හිතට දැනෙද්දි මයි….

“කෝ ලෑස්ති වෙන්න දැන්…දැන් මුනසිංහ මහත්තය ලා එනවත් ඇති….”

අම්මා කිවුවේ කෙල්ලව තමන් ගේ තුරුලෙන් මෑත් කරලා හිනා වෙවීමයි…කෙල්ල හිනා වෙවීම හා කියලා වොශ් රූම් එකට ගියේ අම්මා රූම් එකෙන් එලියට යද්දිමයි. …

වොශ් රූම් එකෙන් රූම් එකට ආව කෙල්ල අල්මාරිය ඇරියේ සාරි වලින් කෝකද අදින්නේ කියලා හිතා ගන්නත් බැරුව….

අන්තිමට කෙල්ල හිතලා හිතලා ලා රෝස පාට සාරියක් අතට ගත්තේ ඒක අදිනවා කියලා හිතාගෙන…. ඊට පස්සේ සාරි එකටම මැච් වෙන කොන්ඩ කට්ටකුත් අතට ගත්තේ සාරි එක උඩින් කොන්ඩ කට්ට තියලා මැච් වෙනවද කියලා බලන ගමන්… ඊට පස්සේ කන්නාඩි මේසේ උඩ තිබ්බ රෝස පාට ගල් අල්ලපු පෙන්ඩන්ට් එකක් තිබ්බ සිල්වර් පාට නෙක්ලස් එක අතට ගත්තේ කරේ තිබුන ගෝල්ඩ් නෙක්ලස් එක ගලවලා….

ඊට පස්සේ රූම් එකේ දොර වහලා සාරි එක අදින්න පටන් ගත්තා….හැමදාම ස්කූල් එකට සාරි ඇදපු කෙල්ලට සාරිය ඇදගන්න විනාඩි 10ක් වත් ගියේ නෑ… ඊට පස්සේ බූලක් දාලා බැදන් හිටපු කොන්ඩේ කඩලා දාලා පිරන්න ගත්තේ කොන්ඩේට දාන්න ඕනි style එක හිතන ගමන්….

Hair style දෙක තුනක් ම දාලා එහ් එකක්වත් හරියන් නෑ කියලා හිතුන කෙල්ල අන්තිමට කෙල්ලගේ curly hair එක කඩලා දාලා හැමදාම වගේ චූටි කටුවක් ගැහුවේ කන්නාඩියෙන් තමන් ටම රවන ගමන්…

“මොන මගුලක් ද…හරියට එන්නෙත් නෑ…ඕනි නැති වෙලාවට නම් එනවා….”

කෙල්ල කිවුවේ කන්නාඩියෙන් පෙනුන තමන් ගේ රූපේ දිහා බලාගෙන කොන්ඩේ දිහා රවලා බලලා….

ඊලගට මේකප් බොක්ස් එක අරන් පේන නොපෙනෙන තරමට ලාවට මේකප් එකක් දාගෙන ලාරෝස පාට ලිප්ස්ටික් එකක් ගෑවේ සාරියට මැච් උන හින්දා වගේම කෙල්ල කවදත් කැමති චාම් පාටවලට නිසාමයි…..

මේකප් එකට කෙල්ලගේ ස්වාභාවික ව තිබුන රෝස පැහැයට හුරු මූන තවත් රෝස පාටට පේන්න ගත්තේ කෙල්ලගේ මූනට අමුතුම ලුක් එකක් එද්දි…

කෙල්ල මොහොතක් තමන් දිහාම බලන් හිටියේ හිනා වෙවීමයි…

“දූ දොර අරින්න…”

එහ් එක්කම ඇහුන අම්මගේ කටහඩ හින්දා කෙල්ල ඉක්මනට ගිහින් දොර ඇරියේ කෙල්ලගේ ලස්සන දැකලා අම්මගේ මූනේ ලස්සන හිනාවක් මැවෙද්දි….

“සුරංගනාවියක් වගේ….”

අම්මා කිවුවේ කෙල්ලගේ කම්මුලකින් අත තියලා ආදරෙන්…

ඒත් එක්කම ඇහුනේ මිදුලේ නවත්තපු කාර් එකේ සද්දේ…

“මුනසිංහ මහත්තයලා ඇවිත් වගේ….”

අම්මා කිවුවේ කෙල්ල දිහා හිනා වෙලා බලලා..කෙල්ලගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තේ හිත උපරිමේටම නොසන්සුන් වෙද්දි…

“දූ මන් කියද්දි එන්න…එතකම් කාමරේට වෙලාම ඉන්න හොදද….”

අම්මා එහෙම කියලා සාලෙට දිවුවේ මුනසිංහ මහත්තයලව පිලිගන්න…කෙල්ල තමන් ගේ පපුවට අත තියා ගත්තේ පිටතට ඇහෙන තරමටම පපුව ඩිග් ඩිග් ගාන්න ගත්ත නිසාමයි…තේජාන් මොන වගේ වෙයි ද එයා මොනා කියයි ද කියලා කෙල්ලගේ හිත හැමවෙලේම හිතුවා…එහ් හැමදේටම වඩා කෙල්ල බය උනේ අම්මා කොයි වෙලේ කතා කරයි ද කියලා…

“සේයා…එන්න දෝනී..”

මුනසිංහ මහත්තයලා ඇවිත් විනාඩි 10 කට වගේ පස්සේ අම්මා කෙල්ලට කතා කරද්දිත් කෙල්ල හිටියේ ගැහි ගැහි…. කෙල්ල තමන් ව සන්සුන් කරගන්න උපරිම වෙහෙසක් අරන් මූනට වැටිලා තිබුන දාඩිය බිංදු ටිකත් පිහිදගෙන එලියට ආවේ මූනට ලාවට හිනාවක් අරන්… කෙල්ල සාලෙට යනවත් එක්කම මුලින්ම වාඩි වෙලා හිටියේ මිස්ටර් මුනසිංහ… කෙල්ල මුනසිංහ දිහා විතරක් බලලා එහෙම්මම බිම බලා ගත්තේ තේජාන් කොතන ද වාඩි වෙලා ඉන්නේ කියලවත් බලන් නැතුව….

කෙල්ලව දැක්ක ගමන් ම මුනසිංහ ගේ මූනේ හිනාව අලුත් උනේ කෙල්ලගේ චාම් ලස්සන දැකලා….

“සේයා දුව අද හරි ලස්සනයි…”

මිස්ටර් මුනසිංහ කෙල්ල දිහා බලලා කිවුවත් කෙල්ල බිම බලාගෙනම ස්තූති කරේ මුනසිංහ ගේ පැහැදීම තවත් වැඩි වෙද්දි ….

ඒත් ඊලග තත්පරේදි මිස්ටර් මුනසිංහ කිවුව දේට කෙල්ලගේ මුලු ඇගම සීතල වෙලා ගියා…

“තේජාන් පුතා….මේ ඉන්නේ සේයා දුව..”

මිස්ටර් මුනසිංහ තේජාන් ට කෙල්ලව හදුන්වලා දුන්නේ හිනා වෙවීමයි… ඒත් කෙල්ල නෙමෙයි ඔලුව උස්සලාවත් බැලුවේ…එහ් තරමටම කෙල්ලගේ හිත නොසන්සුන් වෙලා තිබුනේ…එහ් බව අම්මට තාත්තට වගේම මුනසිංහ ටත් අගේට තේරිලා තිබුනේ….

“මෙච්චර දවස් බලන් හිටියේ පුතාව දකින්නනේ දූ…ලැජ්ජාවෙන් නැතුව පුතාගේ මූනවත් බලන්න…”

අම්මා කිවුවේ හැමෝවම හිනස්සවමින්… කෙල්ලගේ මූන ලැජ්ජාවෙන් රතු වෙලා යන්න විනාඩියක් වත් ගියේ නෑ….

තවත් මෙහෙම බිම බලාගෙන මූන හංගගෙන ඉන්න බැරි බව තේරුම් ගත්ත කෙල්ල හෙමින්ම ඔලුව ඉස්සුවේ තමන්ගේ හිතට මෙච්චර කල් වද දුන්න එහ් තේජාන් කියන තමන් ගේ අනාගත හස්බන් ගේ මූන බලන්න…

12 කොටසින් හමුවෙමු…

ඊලග කොටස හෙට රෑ 7 ට…

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

දැනුයි මන් කතාව පටන් ගත්තේ….

මන් හිතනවා කතාව එක්ක දිගටම රැදිලා ඉදියි කියලා…මේ හිටියා වගේම…

කතාව ගොඩක් දීර්ග කරන්නේ නෑ කියලා මන් ප්‍රොමිස් වෙනවා…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *