ඇයත් පතිනියකි 13

13_කොටස

“පුතා….දුව එක්ක ටිකක් එලියට ගිහින් කතා කරන්න…”

මුනසිංහ කිවුවේ ගෙදර තිබුන සේයා ගෙයි පහන්දි ගෙයි පොඩි කාලේ ෆොටෝ එකක් බල බල හිටපු තේජාන් දිහා බලලා…

වෙලාව දවල් 1 ටත් කිට්ටුයි… ලන්ච් එකෙන් පස්සේ අම්මා තාත්තා වගේම මිස්ටර් මුනසිංහත් කතා කර කර හිටියට තාමත් සේයා වත් තේජාන් වත් වචනයක් වත් කතා නොකරපු නිසාම මිස්ටර් මුනසිංහ කිවුවේ සේයා දිහත් හිනා වෙලා බලන ගමන්….

සේයා ගේ මුලු ඇගම සීතල වෙලා ගියේ කෙල්ල මෙච්චර වෙලා බයෙන් හිටපු දේම මිස්ටර් මුනසිංහ කිවුව නිසා….

“දූ…එලියේ බෙන්ච් එකට යන්න පුතා එක්ක..”

එහ් එක්කම අම්මා කෙල්ල දිහා හිනා වෙලා කියද්දි කෙල්ල මොකුත් නොකියම ඔලුව හොල්ලලා කොල්ල දිහා බැලුවා…කොල්ලා තාමත් කලින් වගේම හිනා උන ගමන්…කෙල්ල කොල්ලා එතනම ඉද්දි මිදුලට ආවේ කොල්ලා එහ් පස්සෙන්ම එයි කියලා හිතාගෙන…හිතුවා වගේම කොල්ලා සේයා පස්සෙන් ම බෙන්ච් එක ලගට ආවා…කෙල්ල ගිහින් බෙන්ච් එකේ වාඩි උනේ කොල්ලගේ මූනවත් බලන් නැතුව……. කොල්ලත් ගිහින් බෙන්ච් එකේ වාඩි උනේ මොකුත් ම නොකියා…. විනාඩි 5 ක වගේ නිශ්ශබ්දතාවයකින් පස්සේ බිම බලාගෙන හිටපු කොල්ල වගේම කෙල්ලත් මුන දිහා බැලුවේ එකම වෙලාවේ…ඒත් එක්කම කෙල්ල බිම බලා ගද්දි කොල්ලා ට හිනා ගියේ මෙච්ච්ර වෙලා හිතේ හිරකරගෙන හිටපු හිනාව පිටකරමින්…

“තේජාන් කාරය ට කිවුව ද ඊයේ ලිෆ්ට් එකට මට ගිෆ්ට් එක ලෑස්ති කරලා තියන්න කියලා අහ්”

කොල්ලා ඇහුවේ එක ඇහි බැම්මක් උස්සලා…ඒත් කෙල්ල තාමත් මොකුත් නොකියා ඉද්දි කෙල්ලව තරහා ගස්සන්න ඕනි කියලා කොල්ලගෙ යටිහිතේ තිබුන ආසව ආයෙත් උඩට ආවේ කොල්ලට කවදත් පුරුදු කෙල්ලගේ මේ නිහඩතාවයට වඩා හැමවෙලාවෙම කියවම අර දෙමලිච්චි හින්දමයි……

“ඇත්තට ම මටනම් තේරෙන් නෑ…අපේ තාත්තා තමුසේ වගේ මොන්ගල් ඩයල් එකකට මොකට කැමතිඋනාද කියලා”

කොල්ලා කිවුවෙ ඈත ඉලක්කයක් දිහා බලාගෙන උනත් හොරැහින් කෙල්ල දිහා බලන ගමන්…

ඒත් කෙල්ල තාමත් බිම බලාගෙන මයි… ඒත් එහ් මූනේ ඉරියවු නම් මේ වෙද්දි වෙනස් වෙමින් තිබුනේ…

කෙල්ලගේ මූනේ ඉරියවු වෙනස් වෙද්දි කොල්ලට දැනුනේ කියා ගන්න බැරි තරම් සතුටක්…..

“දැන් එතකොට තමුසේ කතා නොකර ඉන්නේ අර අපේ තාත්තා කිවුවා වගේ තමුසේ අහිංසකයි කියලා පෙන්නන්න ද…..”

කෙල්ල වචනයක් වත් කතා නොකරපු නිසාම කොල්ලා ඇහුවේ තරහින්…. ඒත් කෙල්ල කරේ බිම බලාගෙනම හිටපු එක….

“හරි..මන් කියන්නම්කෝ තාත්තට තමුසේ ගැන…එතකොට වත් ඔය කට ඇරෙයි නෙහ්…”

අන්තිමට කොල්ලා කිවුවේ තරහින් නැගිටමින්…. කොල්ලා ගේ ඇතුලට යන්න හදද්දිම කෙල්ල කොල්ලගේ අතින් ඇදලා කොල්ලව නැවැත්තුවේ කොල්ලා මෙච්චර වෙලා බලාපොරොත්තුවෙන් හිටපු එහ් තරහත් මූනට ආරූඩ වෙන ගමන් මයි… කොල්ලා මොකුත් නොකියා කෙල්ලගේ රතු උන මූන දිහා බලන් හිටියේ සේයා ගේ අහිංසක මූනට වඩා කොල්ලා කවදත් ආසා මේ මූනට ම නිසා….. .

“තමුසේ අන්කල් ට මොනවා හරි කියලා තිබ්බොත් මන් හොද වැඩක් කරනවා…..”

සේයා කිවුවේ තමන් දිහා බලන් ඉන්න කොල්ලට ඇගිල්ලක් දිග් කරලා තරහින්….

“ඇයි මොනවා කරන්න ද…මන් බය උනාලු දැන්..ඔන්න මාව වෙවුලන්නත් පටන් ගත්තා…”

කොල්ලා කිවුවේ බොරු තරහක් මූනට අරන්….

“දැන් තමුසෙට තියන ප්‍රශ්නේ මොකක් ද කියනවා”

කෙල්ල ඇහුවේ කොල්ල දිහා රවලා බලන ගමන්….

“ප්‍රශ්නෙද.ඇයි තමුසෙ මට බොරු කිවුවේ අහ්…තමුසේ තේජාන් ව මීට් වෙලා තියනවා කියලා…කතා කරලා තියනවා කියලා..”

කොල්ලගේ එහ් ප්‍රශ්නෙට කෙල්ල ට හොදටම තරහා ගියේ කොල්ලා බලාපොරොත්තු නොවුන විදිහට…….

“මන් තේජාන් ව මීට් වෙලා තියනවා..කතා කරලත් තියනවා…”

කෙල්ල කිවුවේ වියරුවෙන් හිනා වෙමින්…කෙල්ලගේ එහ් හැසිරීම තේරුම් ගන්න බැරි නිසාම කොල්ලා බලන් හිටියේ ගල් ගැහිලා.. තමන් කෙල්ලව විහිලුවට තරහා ගස්සන්න හැදුවත් කෙල්ල නම් හොදටම සීරියස් වෙලා කියලා කොල්ලට හිතුනේ මූනට දාඩිය දාන ගමන්…

“කවදාවත් දැකලා නැති තමුසෙව බදින්න බදින්න කියලා තාත්තා කියද්දි තාත්තාලගේ හිත රිද්දන්න බෑ මට…ඒත් තමුසෙව නොදැක මට තමුසෙව බදින්නත් බෑ…මන් හොදටම අසරන උනා.. ඒකයි මන් අවුරුදු දෙකක් ම මේ කසාදෙට අකමැති උනේ…. ඒත් එදා පහන්දි අර තරම් අසරන වෙලා ඉද්දි මට තවත් මන් ගැන හිතන්න බැරිඋනා…ඒකයි කවදාවත් නොදැකපු තමුසෙව බදින්න හිත හදා ගත්තේ…ඒත් මගෙ හිතෙත් ආසාවක් තිබුනා තමුසේ එක්ක කතා කරන්න තමුසෙව දකින්න..මන් හිතින් තමුසෙ එක්ක ඕන තරම් කතා කරලා තියනවා…තමුසෙට මන් බොරු කිවුවේ මන් කොහොම කියන්න ද මන් මැරි කරන්න ඉන්න කෙනාව මන් තාම දැකලා නෑ කියලා අහ්..එතකොට එදා ශොප් එකේදි තමුසෙව දකිද්දි මට තරහා ගියේ ඇයි කියලා මන් දන් නෑ …හැබැයි තමුසෙ ට බැන්නට වත් තමුසෙ ට බොරු කිවුවට වත් මන් දුක් වෙන්නෙත් නෑ….”

කෙල්ල කිවුවේ අවුරුදු දෙකක් පුරාවට තේජාන් ගැන හිතේ තියන් හිටපු හැම තරහක්ම පිට කරමින්… මුල්ම වචන ටික කෙල්ල තරහින් පුපුරමින් කොවුවත් අන්තිම වචන ටික කිවුවේ අඩ අඩ..කෙල්ලගේ වචන ඇහෙද්දි කොල්ලට කවදාවත් නොදැනුන තරම් තමා ගැන ම තරහා ගියේ කෙල්ල ගැන පුදුම තරම් දුක හිතෙද්දි මයි…

කොල්ලා හිමින් සැරේ අඩ අඩ බෙන්ච් එකේ වාඩි වෙලා හිටපු කෙල්ල ලගට ගියේ පපුව පිච්චෙන තරම් වේදනාවකින්… ඊලගට දෝතින් ම මූන වහන් හිටපු කෙල්ලගේ උරහිසින් අතක් තිබ්බේ කෙල්ලගේ රිඇක්ශන් එක මොකක් වෙයි ද කියලා හිත බයෙන් තියෙද්දි මයි…ඒත් කෙල්ල මොකුත් නොකියම කලින් ට වඩා අඩද්දි කොල්ල හෙමින් ම මූනට තියන් හිටපු අත් දෙක අයින් කරේ කෙල්ලගේ මූන දිහා බලන ගමන්. .කොල්ලා කවදාවත් ම කෙල්ලව මේ තරම් ලගට දැකලා තිබුනෙම නෑ… කෙල්ලගේ මූන රෝස පාටට හැරිලා තිබුනේ ඇස් වලින් කදුලු නිමක් නැතුවම ගලන් යද්දි…කොල්ලා කෙල්ලගෙගේ නිකටෙන් අල්ලලා තමන් ගේ ඇස් දෙක දිහාට හරව ගත්තේ කෙල්ලගේ ඇස් වල තිබුන කදුලු ආයෙත් අලුත් කරමින් ….

කොල්ලා මොහොතක් කෙල්ල දිහා බලන් ඉදලා ඊලග තත්පරේ තමන් ගේ අතින් ම කෙල්ලගේ ඇස් වල තිබුන කදුලු පිහිදාමින්…

ඊලගට කොල්ලා කිවුව වචන ටිකට කෙල්ලගේ පපුව පිච්චිලා යන්න තරම් වේදනාවක් දැනුනා…..

“මට සමාවෙන්න සේයා….මන් හිතලා කරේ නෑ…”

එහ් වචන ටික ඇහෙද්දි කෙල්ල ආයෙමත් අඩන්න පටන් ගත්තේ හිතේ තිබුන දුක වැඩි කමට මයි….

“අනේ සේයා…අඩන්න එපා…කෝ මේ බලන්නකෝ….හරි ඔයා මේ වෙඩින් එකට අකමැති නම් මන් තාත්තට කියන්නම්…කෝ දැන් අඩන් නැතුව ඉන්න…”

කොල්ලා කිවුවේ කෙල්ලව සනසන්න උනත් කොල්ලගේ එහ් වචන වලට කෙල්ලගේ ඇස් වල කදුලු පවා මොහොතකට නතර වෙලා ගියා….එහ් තමන් සත්තකින් ම තේජාන් ව දකින්න කලින් තේජාන් ට අකමැති උනත් එදා ශොප් එකේදි දැක්ක එහ් රූපේ දකිද්දි දැනුන එහ් නුහුරු හැගීමට කෙල්ල පන වගේ ආදරේ කරපු නිසාමයි… තේජාන් ව බදින්න කිවුවම කලින් ට වඩා කෙල්ලට වේදනාවක් දැනෙන්න ගත්තේ අර රුපේ මතක් උන නිසා.. ඒත් තේජාන් වගේම එහ් තරුනයත් එකම කෙනෙක් කියලා දැනගද්දි කෙල්ලට දැනුන සතුට කියා ගන්න වචන නෑ…. ඒත් දැන් තේජාන් මේ වෙඩින් එකට අකමැති නම් කියන්න කියද්දි කෙල්ලට දැනුනේ පුදුම අසරන කමක් වගේම දුකක්..එහ් මන් විතර ද මේදවස් ටිකේ උන සිදුවීම් මතක් වෙලා මේ දවස් ටිකට හිතින් සතුටු උනේ .එයා එහෙම නැද්ද කියලා හිතෙද්දි…කෙල්ල ගල් ගැහිලම කොල්ලා දිහා බලන් හිටියේ මොකුත් ම නොකියා….

කොල්ලා හෙමිට කෙල්ලගේ ඔලුවෙන් අත තියලා කෙල්ලගේ හිස සීරුවට අත ගාන්න ගත්තේ තමන් ගැනම කල කිරිලා…

“මට හිතා ගන්න බෑ ඔයා මේ කසාදෙට කැමති උනේ ඇයි කියලා…තාත්තා මන් ගැන කියලා තියෙද්දි ත්…”

කොල්ලා කිවුවේ හිත් වේදනාවෙන්… ඒත් කෙල්ලගේ ඇස් වලනම් තිබුනේ පුදුමයක්…

“ඇයි තේජාන් ඔයා එහෙම කියන්නේ…..තාත්තා ඇත්ත කියලත් කිවුවේ එහ් මොකක් ද”

කෙල්ල ඇහුවේ ඇස් දෙක ලොකු කරලා පුදුමයෙන් කොල්ලා දිහා බලලා ..ඒත් ඊටත් වඩා කොල්ලා එහ් වචන වලට ගැස්සිලා ගියේ කෙල්ල දිහා පුදුමයෙන් බලන ගමන්…

“ඇයි ඔයාට අන්කල් මන් ගැන මොකුත් කිවුවේ නැද්ද”

කොල්ලා ඇහුවේ පුදුමයෙන් සේයා ගේ හිස මත තිබුන කොල්ලගේ අතත් ඉවතට ගනිමින්…

“නෑ….ඇයි….”

“සේයා මේක වෙන්න බෑනේ…තාත්තා කිවුවේ ඔයාගේ තාත්තට හැමදේම කිවුවා කියලනෙහ්…. ඒත් ඔයා මේ කිසි දෙයක් දන්නේ නැතුව ද මට කැමති උනේ…එන්න යමු..මන් කියන්නම් ඔයා මේ කසාදෙට කැමති නෑ කියලා…”

කොල්ලා කිවුවේ කලබලෙන් නැගිටින ගමන් …තේජාන් මේ කියන්න හදන්නේ අම්ම අද උදේ තේජාන් ම කියයි කිවුව දේද කියලා කෙල්ලට එක පාරම මතක් උනේ එතකොට….වෙන කෙනෙක් ගැන හිතන්න බැරි තරමට ම කෙල්ල මේ වෙද්දි තේජාන් ට ලන් වෙලා හිටපු නිසාම තේජාන් මේ කසාදේ නවතමු කියද්දිත් කෙල්ලට දරා ගන්න බැරි තරම් දුකක් දැනුනා….. කෙල්ල නැගිටින්න හදපු තේජාන් ව නැවැත්තුවේ විදුලි වේගෙන්……

“ඔහොම ඉන්න තේජාන්…. අම්මා මට කිවුවා දෙයක්…. අම්මා කිවුවා පුතාම කියයි එතකොට තමයි පුතාව තේරුම් ගන්න ඔයාට ලේසි වෙන්නේ කියලා…ඔයාම කියන්නකෝ තේජාන්….”

කෙල්ල කිවුවෙ අසරන ව කොල්ලා දිහා බලලා….

“සමහර විට මේ කතාව ඇහුවම ඔයා මට අකමැති වෙයි….එහෙම උනොත් ඔයා කැමති තීරනයක් ගන්න………”

තේජාන් කිවුවේ කෙල්ල දිහා වේදනාවෙන් බලලා…කිසි දෙයක් නොතේරුන කෙල්ල ඔලුව හෙල්ලුවේ හා කියන්න…

කොල්ලා දිග සුසුමක් හෙලුවේ අවුරුදු දෙකක් පුරාවට හිතේ හිර කරන් විදවපු තමන් ගේ අතීතය කෙල්ල ඉස්සරහා කියන්න පටන් ගනිමින්…..

එහ් ඇස් වල දුක වේදනාව සතුට තරහා වගේම වචනයෙන් විස්තර කරන්න බැරි තරමට ම හැගීම ගොඩකින් පිරිලා තියනවා දකිද්දි කෙල්ලගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තේ එහ් හැගීම් තේරුම් ගන්න බැරි නිසාමයි….

14 කොටසින් හමුවෙමු…

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

කතාව ගැන අදහස් කියන් යන්න යාලුවනේ… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *