ඇයත් පතිනියකි 15

15_කොටස

“මගෙ කෙල්ල අද සුරංගනාවියක් වගේ මහත්තයා….”

කෙල්ල dress කරලා රූම් එකෙන් එලියට ආවා විතරයි සේයා ගේ අම්මා කිවුවේ තාත්තා දිහා බලලා ඇස් වල පිරුනු කදුලු කැට අත්ලෙන් පිහිදාන ගමන්…කෙල්ලව මේ dress කරන්නේ පාන්දර 2 ඉදන්…මිස්ටර් මුනසිංහ සේයා ගේ ගෙදරටම කෙල්ලව අන්දන කෙනාට එන්න කිවුවේ කෙල්ලගේ පහසුව නිසාමයි…. පැය 4ක් කෙල්ලව dress කරාට පස්සේ කෙල්ලගේ තිබුන අහිංසක චාම් ලස්සනත් එක්ක කෙල්ලව දකින ඕනි කෙනෙක් ට ලෝබ හිතෙන තරම් ලස්සනක් කෙල්ලට ඇවිත් තිබුනේ කන්නාඩිය ඉස්සරහට ගිය කෙල්ලට ම මේ කෙල්ලම ද කියලා හිතා ගන්න බැරි වෙද්දි…

ලස්සන සුදු සාරි එකකින් හැඩවෙලා හිටපු කෙල්ල dress කරලා තිබුනේ කැන්ඩියන් බ්‍රයිට් කෙනෙක් විදිහට….කෙල්ල අම්මා දිහා හිනා වෙවීම බලලා අම්මටයි තාත්තටයි වැන්දේ එහ් ඇස් වලින් සතුටු කදුලු ගලන් යද්දි…..

තේජාන් ඇදලා හිටියෙත් කැන්ඩියන් විදිහටමයි… කොල්ලගෙත් තිබුනෙ අමුතුම ලුක් එකක්..

අක්කගේ වෙඩින් එකට ආව පහන්දි වගේම යසිරු ත් කෙල්ලට විශ් කරේ කෙල්ලගේ හිතට අලුත් බලාපොරොත්තු කෝටියකින් පිරෙද්දි…යසිරු ව තේජාන් ලගට යවලා පහන්දි හිතේ තිබ්බ හැමදේම සේයා ට කියලා හිත නිදහස් කරගත්තේ හිනා වෙවීමයි..

“මේ හලෝ…අද මාර ලස්සනයි අක්කි…”

පහන්දි කිවුවේ සුරංගනාවියක් වගේ ඉන්න තමන් ගේ අක්කගේ කම්මුලක් සිප ගනිමින්…

” පාන්දර දෙකේ ඉදන් නංගි dress කරන්නේ..මට එපා උනා..”

කෙල්ල කිවුවේ මූන මෙරි කරන්…

“අද රෑට තේජාන් අයියා ඔයා එපා වෙලා ඉන්න ඒවටත් එක්කම…..”

පහන්දි හිනා වෙවීම කියන්න ගියපු දේ ගිලගෙන වටපිට බැලුවේ කාටවත් ඇහුනද බලන්න…

“විකාර කියවන්න එපා නංගි…”

“අනේ ඇත්තට…හා බලමුකෝ මන් කියන්නේ බොරු ද කියලා..ඔයා කොහොමත් තේජාන් අයියව දැක්ක වෙලේ ඉදන් ලවු නෙහ් හලෝ…දැක්කනෙහ් එදා ශොප් කේදි…දැන් මෙතන බොරුව දාන් නැතිව ඉන්නවා හොදද..”

කෙල්ල සේයා ගේ කනට කොදුරලා කිවුවේ සේයාට විතරක් ම ඇහෙන්න…පහන්දිගේ වචන එක්ක කෙල්ලගේ මූන රතු වෙලා යද්දි පහන්දි හිනා වෙවීම තමන් ගේ අක්කා දිහා බලන් හිටියේ සේයා අද ඇස් වලිනුත් කතා කරන තරමටම romantic වෙලා හිටපු නිසාමයි..

වෙඩින් එකට ආව හැමෝගෙම ඇස් සේයා ලග නතර උනේ කෙල්ලගේ ලස්සන චාම් බවට හැමෝගෙම හිත් ලෝබකමින් පිරෙද්දි…තේජාන් ගේ යාලුවෝ කොල්ලට විහිලු කරේ කෙල්ලගේ ලස්සනට හිත ඇතුලෙන් ඉරිසියා හිතෙද්දි…තමන් ගේ හිතේ සේයා ට ඉඩක් නෑ කියලා කෙල්ලගේ මූනටම කොල්ලා කියලා දැන්මත් කෙල්ල දිහා කොල්ලෙක් බලපු ගමන් කොල්ලා කරේ සේයා ගේ අතින් අල්ල ගත්ත එක…කෙල්ල හිත යටින් තේජාන් ගේ මේ මුරන්ඩු වැඩ වලට හිනා උනේ

“මහා ඉරිසියාකාරයෙක්”

කියලා හිතමින් මයි..ඒත් කෙල්ල එක තත්පරයකදිවත් එහ් හිනාව පිටතට පේන්න නොදෙන්න වග බලා ගත්තා….

නැකත් වෙලාවට අනුව පෝරුවේ සියලු චාරිත්‍ර් උනේ චාරිත්‍ර්රානූ කූලව වගේම නීතිගෙනුත් සේයා ත් තේජානුත් එකට බැදුනේ හැමෝගෙම ආශිර්වාද මැද… වෙඩින් එක ගත්තේ වෙඩින් වලට තිබුන හොදම හොටෙල් එකේ …මිස්ටර් මුනසිංහ හැමෝම suprise වෙන විදිහට හැමදේම arange කරලා තිබුනේ තමන් ගේ පුතාගේ වෙඩින් එක කාටවත් ම අමතක නොවෙන වෙඩින් එකක් කරන්න ඕනි උන නිසාමයි….

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

“මගෙ මැනික…පරිස්සමින්..”

විවාහා උත්සවය අවසානයේ කෙල්ල අම්මයි තාත්තටයි වදින්න හදද්දි අම්මයි තාත්තයි එකටම කිවුවේ අද ඉදන් අම්මයි තාත්තයි නැතුව කෙල්ලට අලුත් ජීවිතයක් පටන් ගන්න වෙනවා නේද කියලා පපුව රිදෙන තරම් වේදනාවක් දැනෙද්දි මයි….

“අනේ අම්මා…ඔය ඇස් වල කදුලු……”

කෙල්ල හිත් වේදනාවෙන් ම අම්ම්ව බදාගෙන අඩන්න පටන් ගත්තේ අද ඉදන් තමන් ගේ අම්මගෙන් ඇත් වෙලා ඉන්න වෙන නිසාමයි…

කෙල්ලගේ දුක අඩු වෙනකම්ම අඩන්න දීලා තේජාන් වගේම මිස්ටර් මුනසිංහත් නිහඩවම බලන් හිටියේ එහ් සෙනෙහස ගැන දන්න හින්දමයි… විනාඩි 15 ක් විතර අම්මවයි තාත්තවයි බදාගෙන අඩපු කෙල්ල ඔලුව ඉස්සුවේ අම්මාගේ කටහඩින්…. .

“මගෙ දෝනි…මේ වගේ සතුටු දවසකත් අඩන්න එපා මගෙ මැනික…පුතා එක්ක එන්නකෝ මැනික ගෙදර….දැන් අඩන් නැතුව පුතා එක්ක යන්න මැනික…අද ඉදන් මගෙ මැනික අලුතෙන් ම ජීවිතේ පටන් ගන්න ඕනි..”

අම්මා අඩ අඩ ම කෙල්ලගේ ඇස් වල තිබුන කදුලු පිහිදැන්මේ හිතේ උතුරන මවු සෙනෙහසින්…

කෙල්ල අඩ අඩ ම අම්මට සමු දීලා මුනසිංහ සර් දිහා බැලුවේ තේජාන් ගේ ගෙදර අම්මා වගේම තාත්තත් මිස්ටර් මුනසිංහ හින්දා… මිස්ටර් මුනසිංහ කෙල්ලගේ ඔලුව සීරුවට පිරිමැද්දේ කෙල්ලට අම්මා තාත්තා නැති අඩුව පුරවන්න බැරි උනත් මිස්ටර් මුනසිංහත් කෙල්ලට හොද තාත්තා කෙනෙක් වෙනවා කියන විශ්වාසය කෙල්ලගේ හිතේ ඇති කරලා…

ලස්සනට සරසපු කාර් එකකින් කෙල්ලව තේජාන් ගේ ගෙදර ට එක්ක ගියේ කෙල්ලගේ හිතේ තිබුන දුක ටිකෙන් ටික අමතක වෙලා සතුටින් පිරෙද්දි…තේජාන් ගේ සුවිසල් ගෙදර පිස්සු වැටෙන තරම් ලස්සනට සරසලා තිබුනා..එහ් හැමදේම කරෙව් මිස්ටර් මුනසිංහගේ අත් දෙකෙන් මයි….

“දූ…. පුතා කිවුවා දූව ගෙදරට මයි එක්කන් එන්න ඕනි කියලා…නැත්නම් මන් හොටෙල් දෙක තුනක් ම බැලුවා…”

ගේ ඇතුලට ගොඩ වෙනවත් එක්කම මිස්ටර් මුනසිංහ කිවුවේ හිනා වෙලා… කෙල්ල මොකුත් නොකියම බිම බලාගෙන හිනා උනා..

“එහෙනම් මන් යනවා පුතා…දූව හොදට බලා ගන්න….”

මිස්ටර් මුනසිංහ තේජාන් දිහා බලන් කිවුවත් කොල්ලගේ මූනේ තිබුනෙනම් පුදුමයක්…

“තාත්තා කොහෙ යන්න ද…”

කොල්ලා ඇහුවේ මුනසිංහ දිහා බලලා පුදුමයෙන්…

“අද ඔයාලා නිදහසේ ඉන්න ඕනි පුතා…මන් යනවා සෙනරත් අන්කල් ලගේ ගෙදර සතියකට… එහෙනම් දෙන්නම පරිස්සමින් ඉන්න….”

තේජාන් මොනවත් කියන්න කලින් ම මිස්ටර් මුනසිංහ කාර් එකට නැංගේ හිනා වෙවීමයි…

මුනසිංහ නොපෙනෙන්නම ගියා ට පස්සේ කොල්ලා සේයා ගේ මූන දිහා බැලුවේ කෙල්ලට කිසි දෙයක් හිතා ගන්න බැරුව කෙල්ල ආයෙත් බිම බලාගද්දිමයි…

“එනවා….”

බිම බලන් ඉන්න කෙල්ලගේ අතින් බලෙන් ම අල්ලගෙන කොල්ලා පඩිපෙල නැගලා තමන් ගේ රූම් එක ලගට ඇවිත් දොර ඇරියා…ඒත් දැක්ක දේ නිසා කෙල්ලගේ වගේම කොල්ලගෙත් ඇස් උඩ ගියේ කවදාවත් මේ තරම් ලස්සන රූම් එකක් දැකලා නැති නිසාමයි…

මුලු රූම් එකම තිබුනේ ඉටිපන්දම් එලියෙන්… රූම් එකේ ජනේලය ගාවින් වැටින හද එලිය හින්දා එහ් ලස්සන දෙගුන තෙගුන වෙලා පේන්න ගත්තා…මුලු යහනම රතු රෝස මල් පෙති වලින් සරසලා…. කවදාවත් දැකලා නැති මේ ලස්සන දැක්කම මේ තරම් වෙලා කට වහගෙන නිහඩවම හිටපු කෙල්ලගේ කටට බ්‍රේක් නැති වෙලා ගියේ ඉබේමයි…

“ෂා… වාව්…. ” .

කෙල්ල කිවුවේ අත් දෙකෙන් මුව වහගෙන… කොල්ලා ලාවට හිනාවක් මූනට අරන් කෙල්ලගේ අතින් අල්ලලා රූම් එක ඇතුලට අරන් දොර වැහුවේ එහ් සද්දෙට කෙල්ල ගැස්සිලා යද්දි..

විවාහයකදි හැම කෙල්ලෙක් ම ආත්මයෙන් ම තමන් ගේ ස්වාමියා වෙන්න පෙරුම් පිරුවත් තේජාන් ගේ හිතේ තමන් ට ඉඩක් නෑ කියලා දැනගත්ත වෙලාවේ ඉදන් කෙල්ල එහ් හැම හීනයක් ම හිතින් අයින් කරගත්තේ පුදුම තරම් වේදනාවකින්…ඒත් තේජාන් ගෙන් බලාපොරොත්තු නොවුන මේ හැසිරීම දකිද්දි කෙල්ලගේ හිත් ගැස්සිලා ගියේ කෙල්ල තමන් ගෙ හිතින් ම ප්‍රශ්න කෝටියක් අහද්දි… .

“අනේ…තේජාන් මොනවද මේ කරන්න හදන්න්නේ…එයා…එයා මාව එයාගේ කරගන්න ද හදන්නේ…ඒත්…ඒත් එයා කිවුවනේ එයාගේ හිතේ තව කෙනෙක් ට ඉඩක් නෑ කියලා…එතකොට මේ එයා…එහ් දේ කරන්න විතරක් මාව…එහෙම ද…”

කෙල්ල හිතුවේ තේරුම් ගන්න බැරි හැගීම ගොඩක් තියන තේජාන් ගේ මූන දිහා බයෙන් බලලා.. ඒත් ඊලග තත්පරේ කෙල්ල තමන් ටම දොස් නගා ගත්තේ තමන් ගේ හිතට හිතින් බනිමින්…

“එයා එහෙම කරත් මොකද සේයා…දැන් එයා තමුසෙගෙ හස්බන්ඩ්..එයා කාට කොහොම ආදරේ කරත් මේ එයාගේ අයිතියක්…තමුසෙට එයාගේ කැමත්තට ඉඩ දෙන්නම වෙනවා… “

කෙල්ල තමන් ට ම හිතින් බැන බැන හිටියේ කොල්ලගේ මූන දිහා බලාගෙන මයි.. මොහොතින් මොහොත වෙනස් වෙන කෙල්ලගේ ඉරියවු දිහා කොල්ලා වෙනසක් නොකරම බලන් හිටියේ වචනයක් වත් පිට නොකර…ඒත් ඊලග තත්පරේ කොල්ලා කිවුව දේට කෙල්ලගේ ඇස් උඩ ගියේ කටත් ඇරගෙනම කොල්ලා දිහා බලන් ඉද්දි…

16 කොටසින් හමුවෙමු…

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

කතාව ගැන අදහස් කියන් යන්න යාලුවනේ… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *