ඇයත් පතිනියකි 19

19_කොටස

“සේයා….මොකද උනේ……”

කොල්ලා ඇහුවේ කොල්ලගේ ඇස් මග අරින්න හදන කෙල්ලගේ නිකටින්ම අල්ලගෙන තමන් ගේ ඇස් දෙක දිහාට හරවගෙන…

කොච්චර දුකක් හිතේ තිබ්බත් කවදාවත් තව කෙනෙක් ගේ බලාපොරොත්තුවක් සතුටක් නැති කරලා දාන්න අකමැති කෙල්ල තමන් කොච්චර තේජාන් ට ආදරේ කරත් තේජාන් ගේ සතුට තමන් ලග නැති නිසාම කටට ආව බොරුවක් ගොතන්න ගත්තේ පපුව පිච්චෙන තරම් වේදනාවකින්…

“මම….මම…මට….තේජාන්…”

කෙල්ලට වචන පැටලෙන්න ගත්තේ කොයි බොරුවද කියන්නේ කියලා හිතා ගන්න බැරුව…..

“තමුසේ මට බොරුනම් කියන්න ලෑස්ති වෙන්න එපා…”

මෙච්චර වෙලා සන්සුන්ව කතා කරපු කොල්ලට එක පාරටම තරහා ගියේ මෙච්චර දෙයක් වෙලත් කෙල්ල බොරු කියන්න ලෑස්ති වෙන නිසාමයි…….කොල්ලා සුපුරුදු දැඩි ස්වරයෙන් ම කතා කරේ එහ් හින්දමයි… ඒත් එහ් හඩට කෙල්ල ගැස්සිලා යද්දි තේජාන් ගේ හිතට කෙල්ල ගැන දුක හිතුනෙ මේ වෙද්දි කෙල්ල හොදටම මලානික වෙලා හිටපු නිසා..කොල්ලා එහෙම්මම කෙල්ලගේ මූන දෝතට ගත්තේ කෙල්ලගේ ඇස් වලින් ආයෙත් කදුලු ගලන් යද්දි…

“මන් කැමති අර චන්ඩි රැජිනට…කොයි වෙලෙත් මගෙන් ගේම ඉල්ලන… උබේ මේ අහිංසක මූන මට ආයෙත් පෙන්නන්න එපා සේයා.. මගෙ පපුව පිච්චිලා යනවා උබව මෙහෙම දකිද්දි…උබට මන් අතින් වැරැද්දක් වෙනවා නම් උබෙන් පලි ගන් නැතුව මාව මරලා හරි දාපන්…ඒත් ආයෙත් මෙහෙම කරන් තිබ්බොත් මන් උබට……..”

කොල්ලා මුල්ම වචන ටික ආදරෙන් කිවුවත් අන්තිම වචන ටික කිවුවේ ඇස් රතු වෙන්න තරම් තරහෙන්…කෙල්ලට එහ් ඇස් දිහා බලන් ඉන්න බය හිතුන නිසාම කෙල්ල එහ් ඇස් මග ඇරලා බිම බලාගත්තේ තේජාන් තමන් ට අයිති නෑ කියලා හිත පිලිගන්නෙම නැති නිසා…ඒත් කොල්ලා මෙහෙම කතා කරද්දි කෙල්ලට දැනුනේ පුදුම සතුටක්…එහ් තේජාන් තමන් ට අයිති නැති උනත් තමන් ව පරිස්සම් කරනවා නේද කියලා දැනෙද්දි…

“ඔතන බිම බලාගෙන ඉන් නැතුව කියනවා මොකද උනේ…”

බිම බලාගෙනම කල්පනා කරන සේයා දිහා බලලා තේජාන් ආයෙත් සැරෙන් අහද්දි කෙල්ල ඔලුව ඉස්සුවේ කොල්ල කිවුව කිසි දෙයක් තමන් ට ඇහුනා කියලා කවදාවත් තේජාන් ට දැනගන්න තියන් නෑ කියලා තදින් හිතා ගෙන….

” මට අම්ම්ව මතක් උනා තේජාන්….”

කෙල්ල කිවුවේ බොරුවක් හින්දම කෙල්ල එහ් දේ කිවුවේ කොල්ලගේ ඇස් මග ඇරලා…

කොල්ලා ගෙ ඇස් වල කදුලු පිරුනේ කෙල්ල බලන් ඉද්දි මයි…ඒත් එහ් ඇයි කියලා කෙල්ලට හිතා ගන්නබැරි උනා…එහ් හින්දම කෙල්ල කොල්ලා දිහා බැලුවේ ඇස් ලොකු කරලා….

“තේජාන්…ඇයි මේ…..”

ඇස් වල කදුලු පුරවන් ඉන්න කොල්ලා දිහා බලලා කෙල්ල ඇහුවේ පුදුමයෙන්….

ඒත් ඊලගට උනේ කෙල්ල හීනෙකින් වත් නොහිතපු දෙයක්… කොල්ලා එහෙම්මම කෙල්ලව තමන් ගේ පපුවට තුරුල් කරගත්තේ අඩ අඩ මයි….

“පුලුවන්නම් මට සමාව දීපන්..මන් ගොඩක් අසරනයි….”

කොල්ලා කිවුවේ කෙල්ලගේ ඔලුව සීරුවට අත ගාන ගමන්…

“සේයා…උබ මේ අහින්සකයව අඩවන්න ද හදන්නේ…උබ තේජාන් ව බැන්දේ හැමදේම දැනගෙන… උබට මේ හැමදේම ඉවසගන්න පුලුවන් වෙන්න ඕන…උබට තේජාන් කිවුව දේවල් ඇහුනා කියලා දැනෙන්න තියන්න එපා….හැමදේටම වඩා තේජාන් ගේ සතුට ගැන හිතපන්…තේජාන් උබට අයිති නෑ…තේජාන් උබගේ නෙමෙයි..අනික තේජාන් යාලුවෙක් වගේ හරි ඉන්න කැමති අහිංසක සේයා ලග නෙමෙයි…හැම තත්පරේම රන්ඩු වෙන්න හදන සේයා ලග..තේජාන් වෙනුවෙන් උබට දෙයක් කරන්න ඕනිම නම් කිසි දෙයක් නොවුන විදිහට කලින් විදිහටම හිටපන්…”

කෙල්ලගේ හිත කෙල්ලට කියන්න ගත්තේ කෙල්ලගේ ඔලුව විකාර වෙලා ආයෙත් ඇස් වලින් කදුලු වැටෙන්න ගද්දි… කෙල්ල අඩ අඩම කොල්ලගේ පපුවෙන් ඈත් උනේ කොල්ලා අසරනව බලන් ඉද්දි….

“සොරි…මට අම්මව මතක් වෙලා එහෙම උනේ…ආයෙත් එහෙම වෙන්නේ නැ…”

කෙල්ල කිවුවේ බොරුවක් උනත් මේ පාර ඒක දැනෙන්න නොදීම කෙල්ල කිවුවේ කොල්ලගේ ඇස් දිහා කෙලින් බලාගෙන….

“ඇත්තම ද….”

කොල්ලා ඇහුවේ බිදුනු කටහඩින්…ඒත් කෙල්ල හිනා වෙලා සාමන්‍ය විදිහට කතා කරන්න පටන් අරන් තිබුන හින්දම කොල්ලා කිවුව කිසි දෙයක් ගානකට ගත්තේ නෑ වගේ පෙන්නන්න ගත්තේ කොල්ලා දිහා රවලා බලලා…

“ඇත්ත තමයි… “

කෙල්ල කොල්ලව ගානකට නොගෙනම කියලා දැන්මා….

“හරි… මටත් පිස්සුනේ… මෙර් කොහෙවත් යන කෙල්ලෙක් ඔලුව තුවාල කර ගත්තා කියලා මෙතන අඩන්න…”

කොල්ලා කිවුවේ කොල්ලගේ ඇස් වල තිබ්බ කදුලු පිහිදගෙන කෙල්ල දිහා බලන සුපුරුදු තරහා බැල්මෙන් රවලා බලන ගමන්… .

“ඇති යන්තන් පිස්සු කියලා දැන්වත් තේරුම් ගත්තා…ඉඩියට්….”

“මොකක්ද කිවුවේ…”

“ඇහුන දේ තමයි….”

කෙල්ල කොල්ලටත් ගස්සලා ඇදෙන් නැගිටින්න හැදුවේ පහලට යන්න….

“ඔහොම ඉන්නවා…තමුසේ a/l වලට කොමස් නේද කරේ…”

“ඔව් ඇයි…”

“කම්පැනි එකේ එකවුන්ට්ස් වල අවුල් වගයක් තියනවා…ඇතුලේ අයව සුවර් නෑ…තාත්තා කිවුවා තමුසෙව කම්පැනි එකට එක්ක යන්න කියලා මේ සතිය ඉවර උනාම weekend එකේදි…තමුසෙ ට ස්කූල් නෑනේ…මට ඕව බලන්න වෙලාවක් නෑ මේ වැඩත් එක්ක….”

කොල්ලා කෙල්ල දිහා බලලා කිවුවේ හිනාවක් වත් නැතුව…. ඒත් ඒක ඇහුවම කෙල්ලට දැනුනේ කියාගන්න බැරි සතුටක්…

“වාව්….නියමයි….”

කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් කට උල් කරන් කියපු විදිහට කොල්ලට කෙල්ලට මොකුත් නොකියම ඉන්න බැරි උනා….

“තාත්තාට පිස්සු…මේ මැන්ටලයක් ඔෆිස් එක්ක යන්න කියන්නේ..මෙන්ටල් හොස්පිටල් නැතුව…”

කෙල්ල කොල්ලට රවලම රූම් එකේ දොර ඇරලා පහලට යන්න…ඒත් ආයෙත් තේජාන් කතා කරපු නිසා කෙල්ල මේ පාර කොල්ල දිහා බැලුවේ හොදටම තරහා ගිහින්…”

“සේයා…..”

“එහ් පාර මොකද…”

“අහ් එහෙමද…පවු කියලා අයිස් ක්‍රීම් අරන් දෙන්න යන් කියන්න හැදුවේ….තව ලොකු සීනුත් බලපන්න්කෝ එහ් මදිවට…හරි යනවා…”

කොල්ලා කෙල්ලට රවලම කියද්දි කෙල්ලගේ කටත් ඇද උනේ කරගත්ත ගොන් කමට…

“අනේ…ඔයා සීරියස් ගත්තද…මන් විහිලුවට තේජාන් රැවුවේ…එහෙනම් මන් ලෑස්ති වෙන්න ද…”

කෙල්ල අහිංසක ලුක් එකක් මවන් කොල්ලා දිහා බලද්දි කෙල්ලගේ කපටි වැඩ දන්න නිසාම කොල්ල හිනා වෙවීම කෙල්ල දිහා බැලුවේ කෙල්ල මූන රතු කරම් බිම බලා ගද්දි…

“හරි ලෑස්ති වෙලා ඉන්නවා..විනාඩි 10කින් මන් ආයෙත් රූම් එකට එනවා.එතකොට ලෑස්ති වෙලා හිටියේ නැත්නම් කැන්සල්…..”

කොල්ලා එහෙම කියලා රූම් එකට ගියේ කෙල්ල කටත් ඇරන් බලන් ඉද්දි…

කොල්ලා යනවත් එක්කම රූම් එකේ දොර ලොක් කරලා කෙල්ල ඇදුමක් හොයන්න ගත්තේ කන්නාඩියෙන් පේන තමන් ගේ මූන දිහා ආයෙත් බලන ගමන්…

“කමක් නෑ තේජාන්…ඔයා මෙහෙම හරි මන් ලග ඉන්නවනේ… මට ඔයාව අයිති නැති උනාට කමක් නෑ…මට මේ සතුට හොදට ම ඇති…”

කෙල්ල කන්නාඩියෙන් පේන තමන් ගේ මූන දිහා බලලා ලාවට හිනා වෙලා කිවුවේ මීට මොහොතකට කලින් උන හැමදේම හිතින් අයින් කරලා දාලා හිත සැහැල්ලු කරගෙන…

20 කොටසින් හමුවෙමු….

ඊලග කොටස හෙට රෑ 7 ට..

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

පුලුවන් උනොත් හෙට උදේටත් කොටසක් දාන්නම්… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *