ඇයත් පතිනියකි 20

20_කොටස

“ලෑස්ති උනාද…ඉක්මනට එනවා පහලට……..”

කොල්ලා කිවුවේ පහල ඉදන් රූම් එකේ තිබ්බ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් දීලා… කෙල්ල ඇදන් හිටපු රතුපාට දනිස්ස ලගට තිබුන ගවුමට ම මැච් වෙන විදිහට රතු පාට ලිප්ස් ටික් එකක් ගාගත්තේ කොල්ලව තරහා ගස්සන් නැතුව ඉක්මනට පහලට යන්න ඕනි කියලා හිත හිත.. ඊලගට හැන්ඩ් බෑග් එක අරන් පහලට දිවුවේ අතේ තිබුන අත් ඔරලෝසුවෙන් වෙලාව බලන ගමන්…. කොල්ලා උන්නේ පහල පුටුවක හාන්සි වෙලා…කෙල්ල පඩි පෙල් ටික බැහැලා කොල්ලා ලගට ඇවිත් හති අරින්න ගත්තේ කෙල්ලව දැකලා කොල්ලට ආව හිනාව අමාරුවෙන් නවත්ත ගද්දි…..

“දැන් අපි කොහෙද යන්නේ….”

කොල්ලා ඇහුවේ කෙල්ල දිහා සුපුරුදු විදිහට ම රවලා බලලා…….

“බීච්…තව අයිස් ක්‍රීම් ගොඩක්….”

කෙල්ල කිවුවේ පොඩි ලමයෙක් වගේ අත් දෙක ඈත් කරලා ගොඩක් කියන්න පෙන්නමින්….

“එනවා යන්න…හැබැයි පැය දෙකයි…ඊට වඩා විනාඩියක් වත් බෑ…”

කොල්ලා එහෙම කියලා කෙල්ලගේ අතින් බලෙන් ම අල්ලගෙන කාර් එක ලගට ගියෙ කෙල්ල මූන දෙක කරන් කොල්ලා දිහා බලන් ඉද්දි…

“නගිනවා….මෙතන මොන්ගලයෙක් වගේ බලන් ඉන්නේ…”

කාර් එක ලගට ම ඇවිල්ලත් කාර් එකට නගින් නැතුව කොල්ලා දිහාම බලන් ඉන්න කෙල්ල දිහා බලලා කොල්ලා කිවුවේ කාර් එකේ දොර අරින ගමන්…

“කවුද දන් නෑ මොන්ගලයා…”

කෙල්ල තේජාන් ට ඇහෙන් නැති වෙන්න තමන් ටම මුමුනගෙන කාර් එකට නැන්ගත් කොල්ලට නම් ඒක අගේට ඇහුනා ….

“පොඩ්ඩක් කට වහගෙන ඉන්නවා සේයා…අඩුම තරමේ අර තමුසෙගේ අයිස් ක්‍රීම් එක කනකන්වත්..මොකද මට හිතුනොත් මන් ආයෙත් කරවගෙන ගෙදර එනවා……”

කොල්ලා කිවුවේ කෙල්ල දිහා රවලා බලලා….කෙල්ල මූන අදුරු කරගෙනම ඔලුව වැනුවේ හා කියන්න…..

විනාඩි 15 ක් වගේ යනකම්ම කෙල්ල කටක් හෙල්ලුවේ නැත්තේ අයිස් ක්‍රීම් එකට තිබුන කෑදර කම හින්දමයි…මගින් මහට කොල්ල කෙල්ලව තරහා ගස්සන්න එක එක ඒවා කිවුවත් කෙල්ල කොල්ලා දිහා රවලා මොකුත් නොකියා ඉද්දි කොල්ලට හිතට මොකක්දෝ වගේ දැනුනත් කෙල්ල මෙහෙම ඉන්නේ අයිස් ක්‍රීම් එක නිසා නේද කියලා දැනෙද්දි කොල්ලට හිනා යන්න ගත්තේ ඉබේමයි….

විනාඩි 20කින් විතර බීච් එක පේන මානෙට වෙන්න කාර් නවත්තලා කෙල්ලට බහින්න කියලා කොල්ලා අතින් කිවුවේ කෙල්ල ඈතින් පේන බීච් එක දිහා ආසාවෙන් බලන් ඉද්දි මයි… ඊලගට කාර් එක ලොක් කරලා කෙල්ල දිහා බැලුවේ කෙල්ල තාමත් වචනයක් වත් නොකියපු හින්ද මයි…

“බලනවා ඔය ගවුම…ඔහොම ගවුමක් ඇදගෙන මොලේ තියන මනුස්සයෙක් බීච් එනව ද…තමුසේ කැතයි කියලා බලන එකක් නැ ඕක නරක මිනිහෙක් දැක්කොත්….”

තේජාන් කිවුවේ වෙනස්වෙන කෙල්ලගේ මූන දිහා බලලා යටි හිතින් සතුටු වෙමින්…

කෙල්ල ඇදන් හිටියේ දනිස්ස ලගට වෙන්න frock එකක් උනත් ටයිට් frock එකක් හින්දා කොල්ලා කිවුවා වගේ ඒක ඇදන් බීච් එකට ගියාට කවුරුත් වැරදි විදිහට හිතන් නෑ…කොල්ලා උනත් එහ් දේ කිවුවේ ගොඩක් ම කෙල්ලගෙන් වචනයක් අහගන්න ඕනි නිසාමයි… ඒත් කොල්ලා කිවුව වචන වලට වඩා කෙල්ලගේ හිතට වැදුනේ කොල්ලා අන්තිමට කිවුව වචන ටික……

“තමුසේ වගේ කැත කෙල්ලෙක්…එයා ලස්සනයි කියලා වෙන්න ඇති හිතන් ඉන්නේ…..”

කෙල්ල මේ පාර තමන් ට ම කියා ගත්තත් කලින් ට වඩා හයියෙන් කිවුවේ කොල්ලට ඇහෙන්නමයි….

“එනවා යන්න…තමුසෙට දැන් මොන අයිස් ක්‍රීම් ද අරන් ඕනි….”

කොල්ලා ඇහුවේ සාක්කුවෙන් purse එක ගන්න ගමන්….

“ම්ම්ම්ම්….චොකලට්….”

“හරි…බීච් එකට යන්න කලින් අයිස් ක්‍රීම් එක කාලා එමු…”

කොල්ලා කිවුවේ ඈතින් පෙනුන අයිස් ක්‍රීම් විතරක් තියන කඩය පෙන්වමින්…

“හා….”

කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් කොල්ලගේ අතින් අල්ලගෙන අයිස් ක්‍රීම් කඩේ ලගට ගියේ කලින් ට වඩා හයියෙන් ඇවිදගෙන….

“තේජාන්….”

කෙල්ල කොල්ලා දිහා බලලා අහිංසක විදිහට කොල්ලගේ නම කියලා කොල්ලට කතා කරද්දි කොල්ලා හිනා වෙවීම කෙල්ල දිහා බැලුවේ ඔහොම කතා කරන්නේ හොදකටනම් නෙමෙයි කියලා දන්න හින්ද මයි…

“මට අයිස් ක්‍රීම් එකකට වඩා ඕනි….”

කෙල්ල බිම බලාගෙනම හිමින් කිවුවේ තේජාන් ගේ මූනට හිනාවක් එද්දි මයි….

“හරි…ඔහොම වාඩි වෙලා ඉන්නවා…මන් අරන් එන්නම්..දගලන් නැතුව ඉන්නවා….තුවාල වෙලත් තියන දැගලිල්ල අඩු වෙලා නෑනේ….”

කොල්ලා එහෙම කියලා ගිහින් කෙල්ලට අයිස් ක්‍රීම් දෙකක් අරන් ආවත් කෙල්ල ශොප් එකෙන් ගියේ හරියටම අයිස් ක්‍රීම් 5ක් කාලා….කොල්ලා කෙල්ලට කන්න දීලා පොඩි ලමයෙක් වගේ අයිස් ක්‍රිම් කන කෙල්ල ගේ මූනේ තත්පරෙන් තත්පරේ වෙනස් වෙන ඉරියවු දිහා බලන් හිටියේ ආසාවෙන්….

විනාඩි 40 කින් වගේ කෙල්ල අයිස් ක්‍රීම් පහම කාලා ඉවර වෙලා ඔලුව උස්සලා කොල්ලා දිහා බැලුවේ “දැන් හරි…යමු” කියන්න වගේ…

කොල්ල හිනා වෙවීම එලියට ආවේ අත් ඔරලෝසුවෙන් වෙලාව බලන් ගමන්…

“පැයක් ඉවරයි…තව පැයයි තියෙන්නේ…කරන දෙයක් මේ පැය ඇතුලත කරගන්නවා….”

කොල්ලා සැරෙන් නොවුනත් කිවුවේ ස්තීර හඩින්..

කෙල්ල මූන මෙරි කරන්ම ඔලුව වැහුවේ අකමැත්තෙන් උනත් තව පැයකින් ගෙදර යන්න වෙනවනේ කියලා හිත හිත…

බීච් එකට ඇවිත් කොල්ලා ලග තිබුන බෙන්ච් එකක වාඩි උනේ ඈතින් පේන මුහුද දිහා නිදහසේ බලමින්…ඊලගට කෙල්ල දිහා බැලුවේ මූනට හිනාවක් අරන්….

“මන් මෙතන ඉන්නම්….ඕන දෙයක් කරගෙන පැය ඉවර වෙන්න කලින් එනවා…”

කොල්ලා කෙල්ලට එහෙම කිවුවත් කෙල්ල බිම බලාගෙනම ඉන්න නිසා කොල්ලා ආයෙත් කෙල්ල දිහා බැලුවේ පුදුමයෙන්…

“මොකද…”

“ඔයත් එන්නකෝ තේජාන්…”

“පිස්සුද…මට බෑ..ගිහින් එනවා…”

“අනේ ප්ලීස්…මන් තනියම යන්න බයයි…”

” මීට වඩා ලේසියි පොඩි ලමයෙක් සල්ලි වලට අරන් හදා ගත්ත නම්….”

කොල්ලා කෙල්ලට රවලා කියලා නැගිට්ටේ කෙල්ල හිනා වෙවීම කොල්ලා දිහා බලන් ඉද්දි… ඊලගට කෙල්ල කොල්ලගේ අතින් බලෙන් ම අල්ලගෙන මුහුද දිහාට දුවගෙන ගියේ ඈතින් ආව රැල්ලකට කෙල්ලගේ වගේම කොල්ලගෙත් ඇගෙන් බාගයක් ම තෙමිලා යද්දි…

“ඔහ් ශිට්…. හොදට ම තෙමිලා…මෙහෙම කොහොමද ගෙදර යන්නේ….”

කොල්ලා ඇහුවේ කෙල්ල දිහා බලලා රවමින් උනත් කෙල්ල තේජාන් ගේ තරහා ගානකටවත් නොගෙන හිනාවෙන්න ගත්තේ කොල්ලගේ තරහා තවත් වැඩි වෙද්දි මයි…

” මිස්ටර් තේජාන්…මන් ඕක වොශ් කරලා දෙන්නම්…දැන් එන්නකෝ…අනෙ ඔච්චර තරහා ගන්න එපා සුදු මහත්තයෝ…”

කෙල්ල කිවුවේ කොල්ලට කවදාවත් ම කතා කරලා නැති භාශාවකින් හින්දම කොල්ලගේ තරහ ත් මොහොතකට අමතක වෙලා ඇස් උඩ ගියේ කෙල්ල බලන් ඉද්දි මයි….

” මෙන්න මෙහෙ එනවා…මගෙ බූරූ පැටියා….එහෙම කිවුවමනේ බොක්කට ම වදින්නේ…”

කෙල්ල හිනා වෙවීම ඇස් දෙක ලොකු කරන් ඉන්න කොල්ලගේ අතින් අල්ලලා ලග එමින් තිබ්බ රැල්ලට තල්ලු කරා..ඒහ් එක්කම ආව රැල්ලට තේජාන් ව අහු වෙලා සම්පූර්ණයෙන්ම තෙමෙද්දි කෙල්ල අත්පුඩි ගගහා හිනා වෙන්න ගත්තේ එහ් අසලම සෙල්ලම් කර කර හිටපු අවුරුදු 5 ක 6 ක වගේ පුංචි ලමයි ටිකත් හිනා වෙවීම තේජාන් දිහා බලන් ඉද්දි….

සේයා ගෙයි එහ් පුංචි ලමයිගෙයි වෙනසකට කියලා මොකුත් ම නෑ කියලා කොල්ලා හිතුවේ හිනා වෙවීමයි…

සේයා ගේ හයේ හතරේ පුංචි ලමයි ගේ වැඩ එක්ක කොල්ලත් සේයා ටම නතු උනේ කොල්ලටත් නොදැනි ම මයි… එහ් පැය ගානට කොල්ලා කම්පැනි එකක අයිති කාරයෙක් කියන දේත් කොල්ලට අමතක වෙලා තිබුනේ සේයා තරමට ම පිස්සු නටන්න පටන් අරන් තිබුන හින්ද මයි…. අන්තිමට දෙන්නම වැලි වලින් මාලිගාවක් හදන්න පටන් ගත්තේ වෙලාව පවා අමතක වෙලා යද්දි….හවස 3 න වෙනකම්ම පිස්සු නටලා කෙල්ල ඈතින් තිබුන බෙන්ච් එකට ගියේ කොල්ලගේ අතින් අල්ලගෙන මයි…

“අම්මොහ්…මහන්සියි තේජාන්…දැන් යමු….”

කෙල්ල හිටියේ බින්දුවට ම වැටිලා හොදට ම පන නැති වෙලා…. විනාඩි 5ක් විතර එහෙම්මම බෙන්ච් එකට වෙලා වාඩි වෙලා හිටපු කෙල්ල තුවල වෙලා තිබ්බ නලල වේදනාවෙන් අල්ලන්න ගත්තේ තේජාන් ගේ මූන අදුරු වෙලා යද්දි…

කෙල්ල කොච්චර සෙල්ලම් කරත් තුවාලෙට වතුර පොඩ්ඩක් වත් යන්න නොදී පරිස්සම් උනේ ඔක්කොටම වඩා කෙල්ල එහ් වේදනාවට බය හින්දමයි… ඒත් දගලලා ඉවර වෙද්දි කෙල්ලගේ නලල රිදුම් දෙන්න ගත්තයින් කෙල්ල වේදනාවෙන් ම කොල්ලා දිහා බැලුවා…

“රිදෙනව ද සේයා…”

කෙල්ල මොකුත් නොකියම ඔලුව හෙල්ලුවේ ඔව් කියන්න….

“ඔව් ඉතින් ලේසි දැගලිල්ලක් ද තියෙන්නේ….යන් දැන්වත්..මන් සහස් ට කෝල් එකක් දෙන්නම්….”

කොල්ලා එහෙම කියලා කෙල්ලගේ අතින් අල්ලගෙන ගිහින් කාර් එකට නංගලා කාර් එක ස්ටාට් කරලා drive කරේ වේගෙන්….

විනාඩි 20 ක ගමන විනාඩි 10ක් වෙද්දි ගෙදර ට ම එන්න පුලුවන් උනේ කොල්ලා වේගෙන් ආව හින්ද මයි… කොල්ලා කෙල්ලව බස්සලා තෙමිලා තිබුන purse එක අතට ගත්තත් කොල්ලා අතින් හිටි හැටියෙම purse එක බිමට වැටුන නිසාම කොල්ලා නැමෙන්න කලින් ම කෙල්ල purse එක ගන්න නැවුනේ තේජාන් සහය වෙන්න හිතාගෙන මයි… ඒත් purse එකේ තිබුන දේ දැකලා මොහොතකට කෙල්ල ගල් ගැහුනේ වචන පවා පැටලෙද්දි…

ඊලග තත්පරේ තේජාන් සේයා අතින් purse එක උදුරගෙන තමන් අතට ගත්තේ සේයා ගේ පපුව පිච්චෙන්න තරම් වේදනාවක් දැනෙද්දි මයි….

21 කොටසින් හමුවෙමු..

ඊලග කොටස හෙට රෑ 7 ට…

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

කතාව මේ මාසය ඇතුලත ඉවර කරනවා යාලුවනේ…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *