ඇයත් පතිනියකි 31
31_කොටස
” ඔයා වොශ් එකක් දාගන්න…මන් උයන්නම්….”
හවස 5 විතර වෙද්දි දෙන්නම ඔෆිස් එකෙන් ආවේ කෙල්ලගේ උදවු ඇතුව සෑහෙන්න වැඩ කොටසක් කරලා…. මේ වෙද්දි ප්‍රශ්න කෝටියක් මැද හිටියත් කොල්ලගේ හිතට පුදුම විදිහට සහනයක් දැනිලා හිටියේ…ඔෆිස් එකේ ඉදන් ගෙදර එන ටිකටත් කොල්ලා ආවේ හැම ප්‍රශ්නයක් ම අමතක කරලා කෙල්ලගේ කතා වලට හිනා වෙවීමයි…. ඒත් ගේ ලග කාර් එක නවත්තපු ගමන් කාර් එකෙන් බහින්නත් කලින් කෙල්ල කිවුව කතාවට නම් කොල්ලා කෙල්ල දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරන්…
ඇත්තටම අද කොල්ලටත් වඩා මහන්සි උනේ කෙල්ල…ඒක කොල්ලා ඇස් දෙකෙන් ම දැක්කා…කෙල්ල හැම ෆයිල් එකක් ම තේජාන් කිවිව විදිහටම චෙක් කරන්න ගත්තේ පොඩ්ඩක්වත් මහන්සියක් ගැන හිතන්නෙවත් නැතුව…. කෙල්ල මේ වෙද්දි දාඩිය දාලා හෙම්බත් වෙලා…ආව ගමන් උයන්නම් කියද්දි කොල්ලට පුදුම හිතුවේ මෙ වෙද්දි කෙල්ලට හරියට කතා කරගන්නත් බැරි තරමට ම මහන්සි පාටක් තිබුන හින්දමයි…
” දැන්…මෙච්චර මහන්සි වෙලා..වොශ් එකක් වත් දාන්නේ නැතුව….”
කොල්ලා ඇහුවේ ඇස් දෙකත් ලොකු කරන්…
“මට මහන්සි නෑ….”
කෙල්ල කිවුවේ හිනා වෙවීම උනත් එහ් මූනේ තිබ්බ මහන්සි පාට කොල්ලගෙන් හංගන්න කෙල්ලට බැරි උනා…
“එනවා…පන්ඩිතයා…මන් අද ඕඩර් කරන්නම්… උයන්න ඕනි නෑ….”
කොල්ලා කෙල්ලට රවලම එහෙම කිවුවත් කෙල්ල එහ් කිසි දෙයක් ගනන් නොගෙනම කාර් එකෙන් බැස්සේ hand bag අතට අරන්…
“බය වෙන්න එපා… මන් ඔයාගෙන් කාඩ් එක ඉල්ලන් නෑ….”
කිචන් එකට යන්න ගියපු කෙල්ල ආයෙත් හැරිලා තාමත් දොර ලගට වෙලා තමන්දිහා බලන් ඉන්න කොල්ලා දිහා බලලා කිවුවේ මවාගත්ත තරහකින්…
“ඕන මගුලක් කරගන්නවා..පුලුවන්නම් ආයෙත් ලෙඩක් හදාගන්නවා…ගෙදර ට එක්කඇවිත් තාම සතියක් වත් නෑ..බලනවකෝ තමුසේ එහ් දවස් ටිකට ඔලුවත් පලා ගත්තා..උනත් හදා ගත්තා…තමුසෙ නම්…”
කොල්ලා කෙල්ල දිහා රවලා බලලා අන්තිමට කියන්න ගියපු වචන ටික නොකියම රූම් එකට ගියේ හිතේ තිබ්බ තරහට ම අඩිය ඉක්මන් කරලා…
සාලේ ඉදන්ම කොල්ලා යන දිහා මොහොතක් බලන් හිටපු කෙල්ල ඊලගට හිනා වෙවීම කිචන් එකට ගියේ හදන්නේ මොනවද කියල හිත හිත…
කිචන් එකට යද්දිම උදේ තේජාන් හදපු කැරට් ව්‍යංජන ය දකිද්දි කෙල්ලට එක පාරම හිනා ගියේ කොල්ලා ගැන කියන්න බැරි තරම් ආදරයක් දැනෙද්දි මයි….
ඊලගට කෙල්ල අතේ තිබ්බහෑන්ඩ් බෑග් එක එහ් ලගම තිබ්බ ටේබල් එකක් උඩ තියලා ඉක්මනට උයන්න ගත්තේ මේ වෙද්දි කෙල්ලටත් චූටි බඩගින්නක් තිබුන හින්දම කොල්ලට ඊටත් වඩා බඩගිනි ඇති කියලා හිතන ගමන් මයි….
බත් එක රයිස් කුකර් එකෙන් තිබ්බ කෙල්ල ෆ්‍රිජ් එක ඇරලා සෝසේජස් පැකට් එකක් කඩලා පිගානකට දැන්මේ ගෑස් එකෙන් තෙල් එකක් රත් වෙන්න තියලා….ඊට පස්සේ ලූනූ ගෙඩියක් චූටියට කපල සොසේජස් තියන පිගානටම දාලා මිරිස් කුඩු ටිකක් වගේම ලූ චුට්ටක් දාලා මික්ස් කරලා සොසේජස් එක හදන්න ගත්තේ විනාඩි කීපයක් ඇතුලත මයි…. ඊට පස්සේ තවත් ව්‍යංජන දෙකක් ඉක්මනට හදපු කෙල්ල කෑම මේසෙට අරින් නැතුවම පිගානකට බෙදුවේ රූම් එකට ම කොල්ලට කෑම ගිහින් දෙනව කියලා හිතාගෙන…. පැයක් වගේ කාලයක් ඇතුලට හැමදේම ඉක්මනට උයලා ඉවර කරපු කෙල්ල හැන්ඩ් බෑග් එක අතට අරන් අනිත් අතින් තේජාන් ට බෙදපු බත් එකත් අරන් රූම් එකට ගියේ ඉක්මනට… දොර ලග නතර උනු කෙල්ල රුම් එකට යන්න කලින් දොර ලග ඉදන් කොල්ලට කතා කරේ කොල්ලා තාම වොශ් දානවද කියලා සැක හිතුන හින්දමයි…
“තේජාන්…මන් එන්න ද…”
“එනවා….”
කොල්ලා ගේ අවසරයෙන් කෙල්ල හෙමීට දොර ඇරලා රූම් එක ඇතුලට ආවේ කන්නාඩිය ලග ඉදන් ඔලුව හදන කොල්ලා දිහා එක පාරක් විතරක් බලලා…
ඊලගට රූම් එකේ තිබ්බ ටේබල් එක උඩින් බත් පිගාන තියලා එහ් ලගමතිබ්බ අනිත් පිගානෙන් කැම එක වහලා hand bag එක ඇද උඩින් තියලා ටවල් එකකුයි ඇදුමකුයි අරන් ආයෙත් කොල්ලා දිහා බැලුවේ ඔයා කන්න කියන්න වගේ…ඒත් කොල්ලා කෙල්ලව ගනන් නොගෙනම ඉන්නවා දකිද්දි කෙල්ල කොල්ලට රවලම වොශ් රූම් එකට යන්න ගියේ කොල්ලට හිතින් බනින්න ගමන් මයි… ඒත් කෙල්ල ආයෙත් හැරිලා බලලා තාමත් කන්නාඩිය ලගට වෙලා ඉන්න කොල්ලට රැවුවේ කටත් ඇද කරන්…
” බුම්මැට්ටෙක් වගේ මෙතන ආව වෙලාවේ ඉදන් රවාගෙනම ඉන්නවා…මන් මෙච්චර මහන්සි වෙලා ඉද්දි ත් උයලා දුන්නා…එහෙම කරලත් අඩුම තරමේ කෑම එක දිහාවත් බැලුවේ නෑ…. “
කෙල්ල තමන් ටම මුමුනගෙන කියලා වොශ් රූම් එකට ගියත් කන්නාඩිය ඉස්සරහට වෙලා හිටපු කොල්ලට කෙල්ල පිටිපස්සේ ඉදන් කරපු හැමදේම වගේම කියපු හැමදේමත් අගේට ඇහුනා…කෙල්ල වොශ් රූම් එකට යනකම් ඉදලා කොල්ලා හිනා උනේ කෙල්ල කරපු දේ එහ් විදිහට ම කන්නාඩිය දිහා බලාගෙන තමන් ට ම කියාගෙන …
ඒත් එහ් හිනාව තිබුනේ නම් විනාඩි කීපයයි…..
“බලපන් තේජාන්…උබ දැන් ඉස්සර හිටපු පිස්සු කොල්ලම වෙලා… උබටත් නොදැනිම එහ් කෙල්ල උබව පරන තේජාන් ම කරලා…”
කොල්ලගේ හිත කොල්ල කියන්න ගත්තේ හිතට නුහුරු සතුටක් වගේම මොකක්දෝ දුකකුත් දැනෙද්දි මයි…
කොල්ලා එහෙම්මම ටේබල් එක ලගට ගිහින් කෙල්ල ගෙනත් තිබ්බ බත් දෙක දිහා බැලුවේ වේදනාවෙන්…
“මහන්සි වෙලා ඇවිල්ලත් මෙච්චර හොදට ඉවුවද මැනික….”
කොල්ලට කිය වුනේ ඇස් වලට කදුලු එද්දි මයි… කොල්ලා එහෙම්මම බත් එක වහලා ඇදට ආවේ කෙල්ල ගැන දුක හිතිලා…
විනාඩි ගානක් එහෙම්මම හිටපු කොල්ල ගැස්සුනේ වොශ් රූම් එකේ දොර අරින සද්දෙට…. කෙල්ල උන්නේ ලා දම් පාට ගවුමක් ඇදගෙන තෙත් කොන්ඩේ කඩලා දාලා…කෙල්ලව දැකපු ගමන් කොල්ලා කෙල්ල දිහා බැලුවේ අසරන විදිහට…
“මහන්සි ද සේයා….”
“නෑ…තාම කෑවේ නැද්ද…. කන්නේ නැද්ද දැන්…”
කෙල්ල කොල්ලා ගේ බැල්ම මග ඇරලා ඇහුවේ තාමත් ටේබල් එක උඩ තියන පිගාන දිහා බලලා…
ඒත් ඊලගට කොල්ලා කිවුව දේටනම් කෙල්ලගේ මූනට හිනාවක් ආවේ ඉබේමයි…
“තමුසෙත් එනකම් හිටියේ…එනවා..මන් කවන්නම්…”
කොල්ලා රවලා කිවුවත් කෙල්ල හිනා වෙවීම කොල්ලා ලගට යන්න හැදුවත් කොල්ලා ඊලගට කිවුව දේ ට නම් කෙල්ලට උන් හිටි තැනුත් අමතක වෙලා ගියා…
“තමුසේ ඔය ගවුමට මාර අහිංසක පාටයි…ඔහොම ඉන්නවකෝ..ෆොටෝ එකක් ගමු… කෝ මගෙ ෆෝන් එක….”
කොල්ලා වට පිට බලන ගමන් ඇහුවේ උදේ තමන් ගේ ෆෝන් එක සේයා ට දුන්නා කියලා අමතක වෙලා…එතකොටයි කෙල්ල ට මතක් උනේ උදේ සහස් කිවුව දේවල් වගේම මැසේජ් එකත්… කෙල්ල ව ඩග් ඩග් ගාලා ගැහෙන්න ගත්තේ කෙල්ලට තේජාන් ට එහ් මැසේජ් එක ගැනවත් සහස් කිවුව දේවල් ගැනවත් කිසිම දෙයක් කියන්න අමතක උනා කියලා මතක් වෙද්දි…. කොල්ලගේ ප්‍රතිචාර මොන වගේ වෙයි ද කියලා කෙල්ලගේ හිතට බයක් දැනුනත් ඊටත් වඩා වේදනාවක් දැනෙන්න ගත්තේ තේජාන් ව අද ම නැති වෙයි කියලා දැනුන හින්දමයි…තේජාන් නැති වෙනව කියලා කෙල්ල හොදටම දැනන් හිටියත් මේ තරන් ඉක්මනට මේ මොහොතෙම නැති වෙනවා කියලා දැනෙද්දි කෙල්ලගේ පපුවත් එක්ක රිදෙන්න ගත්තේ මැසේජ් එක දැක්ක ගමන් ම කොල්ලා මේ මොහොතෙම නිසලි ව හොයන් යයි කියලා හිතුන හින්දමයි…
32 කොටසින් හමුවෙමු…
ඊලග කොටස අද රෑ 7 ට….