03
වේදනා
ඇස් දෙකේඇවිලිලා
Epsoide.. 03
කෙල්ල හිමින් සීරුවේ හදා දුන්න ජූස් එක අමීන් බොන්නේ කෙල්ල දිහාම බලාගෙන..
මුකුත් නොකියාම කෙල්ල එලියේ බෙන්ච් එකේ ඉදගෙන කකුල් දෙක පද්ද පද්ද අත් දෙක ගුලි කරගන්නවා..
අමීන් දන්නවා කෙල්ල ඉන්නේ අවුලෙන් කියලා..
මුකුත් නොකියාම අමීන් කෙල්ල ගාවටම ඇවිත් එක අතක් කෙල්ලගේ කරට දාගත්තාම කෙල්ල කොල්ලා දිහා බලන්නේ ඇස් ලොකු කරලා..
ඒ ටික් බෝල සයිස් ඇස් වල තියෙන්නේ වේදනාවක් කියලා අමීන්ට පෙවුනත් කොල්ලා ඒ ගැන අහන්නේ නෑ..
තව ටිකකින් පාරුම කොල්ලාට එකින් එක කියනවා කියලා දන්න නිසාම කොල්ලා නිහඩවම කෙල්ලව පපුවට තුරුල් කරගන්නවා..
අමී..
කියන්න පාරු
එයා අදත් ආවා අමී..ඊයෙත් ආවා
මන් ඔයාට කියනවා නේද පාරු..ඔයා එයා නොදැක්කා වගේ ඉන්න
එයා මගේ අප්පච්චිව රිද්දනවා අමී
එතකොට මට තරහා යනවා..එයාට වගේම
ඒ වෙලාවට ඉස්සර වගේ ඔයා හැන්ගෙන්න
ඒ දවස් වල තරම් මන් පොඩී නෑ අමී..
ඔයා හිතන්න ඒ වෙලාවට තාමත් ඔයා ඉස්සර වගේම පොඩී පාරල් කියලා..
අම්මා…ඒ නමේ තේරුම වත් එයා දන්නේ නෑ අමී..එයා මාවත් විකුනයි දවසක..අප්පච්චිට කලා වගේම
ඒවා එහෙම වෙන්නේ මේ අමි ඔයාව දාලා මැරුන දවසක පාරු
අමීන් කියවන් යද්දී පාරුල් අත් දෙකෙන්ම කොල්ලගේ මුව වහන්නේ කෙල්ල මැරෙන කතා වලට ආසා නැති හන්දා..
අමීන් කෙල්ල දිහා රවලා බලද්දී කෙල්ල අත් දෙක අයින් කරන්නේ ගස්සාගෙන..
ඔයා ආයම කියන්න එපා ඔය මැරෙන කතා
මමනේ කියන්නේ..මන් වගේම ඔයත් මැරෙයි
ඔච්චඑරටම ආසා නම් මැරෙනවා..ඉවරනේ..
මට ඉතින් අම්මාත් නෑ..යාලුවොත් නෑ..මන් ඉතින් කාලකන්නි කෙල්ලක්නේ..
මොනාද පාරු ඔයා මේ කියවන්නේ..මන් ඔයා ගාව ඉදලම නැද්ද දැන්
ඒ ඉස්සරනේ..දැන් නෑනේ..එතකොට ඔයා මන් ගාව උන්නනේ අමී..
මේ ලෝකේ කොහේ ගියත් මේ අමී ඉන්නේ පාරුගේ හදවතේ
ඒත් පාරූ ඉන්නේ අමීගේ හදවතේ නෙවේනේ.
ඒකනේ පාරු ඔයා ඔහොම කියලා මාව රිද්දන්නේ
දැන් මැරෙන කතා කියලා ඔයානේ මාව රිද්දුවේ
මන් ඒවා කීවාට ඔයා ඔයාටම බැනගත්තේ මන් නිසා නෙවේනේ
ඔයා හරිම හිතුවක්කාර මුරන්ඩු කෙල්ලෙක් පාරු..ඔයාට මගේ වේදනාව පේන්නේ නෑ..
ඒ වගේම මගේ ආදරේත්
අමී අපි ගැලපෙන් නෑ.
ඇයි පාරු මේ..ඔයාට මාව සැකද
නැත්තම් ඔයාට මාව දැනෙන්නේ මගේ ආදරේ දැනෙන්නේ නැද්ද
අනේ අමී ආදරේ ගැන කියන්නේ ඇයි
අහන්න අමී..හැමදාමත් අපි හොද යාලුවෝ
අපි යාලුවෝ විතරද පාරු..එතනින් එහාට ඔයාට මාව දැනෙන්නේ නැද්ද
කෙල්ල ඇස් ලොකු කරන් බැලුවාම අමී ඉන්නේ මූන බිමට කරන්..
මට දැනෙනවා
ඔයාට මාව දැනෙන්නේ මෙන්න මෙච්චරක්ද
කොල්ලා අත් දෙකම දෙපැත්තට විහිදලා පෙන්නුවාම කෙල්ල ඇස් දෙක ලොකු කරන් බලන් ඉන්නවා..
නෑ ඊටත් වඩා..
මෙන්න මෙච්චරක් ආදරෙයි
කෙල්ල අත් දෙකෙන් චූටි සිදුරක් හදන් පෙන්නුවාම අමී ඉන්නේ රවාගෙන..
කොල්ලා කෙල්ලට රවලා රවලා ආයම කොල්ලා දිහා පුච්චන්න වගේ බැලුවාම අමී හිනා වෙන්නේ දත් ටිකම එලියට දාලා…
අපෝ ඔච්චර ගොඩක් ආදරේ එපා වස්ටු..
මට මෙන්න මෙච්චර චුට්ටක් ආදරේ කරන්නකෝ
කොල්ලා අත් දෙකම දෙපැත්තට දාලා පෙන්නුවාම පාරුල් ඉන්නේ කොල්ලට රවන්..
බෑ මන් මෙත්තලයි ආදලේ
ඉතින් මට ඔච්චරක් වැඩීනේ
ඒ උනාට මන් ආදරෙයිනේ..ඔයාට එපා උනාට කමක් නෑ
මන් අද උබව මගේ ගෙදරට කැන්දන් යන්නද
අමී කියවන් යද්දි පාරුල් කරන්නේ රව රව හිනා වෙන එක..
කොල්ලා ඒ වෙද්දිත් කෙල්ලව පපුවටම තුරුල් කරන්..
සනත් දුර ඉදන් හැමදේම දැක්කත් මුකුත් නොකියන්නේ…පාරුල් තරම් අමීන්ටවත් අමීන් තරම් පාරුල්ටවත් ගැලපෙන දෙන්නෙක් මේ ලෝකේ නෑ කියලා දන්න නිසා..
සනත් මහත්තයා දන්නවා තව පැයක් යනකන් වත් දෙන්නා හෙල්ලෙන්නේ නෑ කියලා..
සනත් එතකම් කාමරේට ගියේ අද අමීන් එක්ක අලුත් ගෙදර බලන්න යන්න ඇදුම් හදාගන්න ඕන නිසා..
ඒ අල්මාරීයේ පලු දෙක දෙපැත්තට කලාම සනත් බලන් ඉන්නේ වේදනාවෙන්…
ඒ අතීත මතකයන් සනත්ට වද දෙද්දී සනත් ඒ දොර පලුව වහලා දානවා..
මට පුලුවන් නම් අමන්දා ඔයාව මගේ ජීවිතෙන්ම අයින් කරන්න…
මගේ පාරුවත් මන් වත් මේ තරම් විදවන්නේ නෑ..
ඒත් තාමත් ඔයාට මේ හදවතේ ආදරේ ඉතුරු වෙලා..
ඒත් මන් නිසා තවත් මට මගේ කෙල්ලව රිද්දන්න ඕන නෑ..
තරහෙන් උනත් ඔයා මන් ගාව ඉන්නවා කියන හැගීම මට තිබ්බා..
ඒත් තවත් ඕන නෑ අමන්දා..ඔයා දැන් යන්න කලින් මන් යන්නම්..
කාලයක් හිත පිරෙන්න සනත් ආදරේ කලා..ඒ ආදරේ ඇතුලේ තිබ්බේ අසීමාන්තර විශ්වාසයක්.
ඒත් විශ්වාසේ බිදිලා ගියාම ඒ ආදරෙත් දෙදරලා ගියේ හිතා ගන්න බැරි තරම් වේගෙන්..
සනත්ගේ හිතේ තියෙන්නේ ඒ ආදරේ..අමන්දී එක්ක බිදිලා ගියපු ඒ ආදරේ..
ඒ ගෙවුන අතීතේ..ඒ බිදුන විශ්වාසය එක්ක සනත් ජීවත් වෙන්නේ පාරුල් නිසා..
අමන්දී ගියේ චූටි පාරුල්ව තනි කරලා.
කෙල්ල කාලයකට කලින් අමන්දීගේ ආදරේ ඉල්ලද්දී සනත් ඉන්නේ කියාගන්න බැරි වේදනාවකින්..
කාලයක් යද්දි අමන්දිගේ වියරු හැසිරීම් වැඩි උනත් අමන්දී පොඩි කාලෙකදී ඒ හැමදේකටම හුරු වෙනවා..
ඒ අම්මාගේ ආදරේ අහිමි වෙද්දි කෙල්ල එන්න එන්නම ලන් වෙන්නේ සනත්ට..
සනත්ගෙන් කෙල්ල අම්මාගේ වගේම තාත්තාගේ ආදරෙත් විදිනවා..
කෙල්ලගේ එදා ඉදන්ම යාලුවා අමීන්..
මේ ලෝකේ කෙල්ලට ඉන්න තියන බැදීම් සනතුයි අමීනුයි..
කෙල්ල හදවතේම තියන් ඒ ආදරේට ආදරේ කරන්නේ සීමා රහිතව..
ඒ ආදරේ එක්ක හැදුන පාරුල් දකින්නේ එයාගෙම ලෝකයක්..ඒ ලෝකේ කෙල්ලට ඉන්නේ අමීන්..සනත්..
කෙල්ල අමන්දිගෙන් දුර යන්න හදන්නේ කෙල්ලගේ ඒ බැදීම් උදුරලා දායි කියලා කෙල්ලට බයයි..
පාරුල් එක්ක රන්ඩු කර කරම සත් එක්ක අමී කරන්නේ කෙල්ලට උයන්න උදව් කරන එක..
කෙල්ල ගන්න ගන්න වලද එක එක තැන් වලින් තිබ්බාම කුස්සිය නිකන් පිස්සන් කොටුවක් වගේ..
සනත් එක්ක අමීන් කරන්නේ කෙල්ල හැඩි කරන කිචන් එක අස් කරන එක..
අමීන් සනත් එක්ක අහුරන් යද්දි දෙන්නා ඉදගන්නේ අස් කරලාම මහන්සි වෙලා..
දෙන්නා ඉදගෙන වතුර ටිකක් බොන්නේ මහන්සියට උනත් ආයම කුස්සියේ හැටි දැක්කාම සනත් වගේම අමීනුත් ඉන්නේ තරහෙන්..
අනේ පාරු මට නම් බෑ අය අස් කරන්න
පුතා ඔය ගන්න ගන්න එක අස් කරන්නකෝ..එතකොට අස් කරන්න ඕන නෑ..
කෙල්ල සනත්ටයි අමීන්ටයි රවලා ගැස්සුවාම දෙන්නා මූනට මූන බලාගන්නේ කතා කරලා වැඩක් නැති නිසා..
කෙල්ල උයලා ඉවර වෙද්දී අමීන්ගේයි සන්ත්ගෙයි හොද පන ගිහින්..
දෙන්නා වොශ් කරන් කන්න එද්දි කෙල්ල කෑම මේසෙට කෑම ඇරලා වොශ් කරන්න ගිහින්..
කෙල්ලත් වොශ් කරන් ආවා
අ තුන් දෙනාම කෑම මේසේ ඉදගන්නේ කෑම කන්න..
පාරුල් ඉදගෙන කන්න ගියත් ගේ ඉස්සරහා කාර් එකක් නැවැත්තුවාම කෙල්ල නැගිටලා යන්නේ කවුද ආවේ බලන්න..
ඒ එක්කම කාර් එකෙන් බැහලා එන තුන් දෙනා දැක්කාම කෙල්ල ඉන්නේ පුදුම වෙලා..
ඊටත් වඩා කෙල්ලගේ හදවත් ගැහිලා එලියට එයි කියලා කෙල්ලට බයයි..
සනතුත් ඇවිත් කෙල්ලගේ පිටිපස්සෙන් හිටගත්තාම අමීන් ඉන්නේ හිනා වෙලා..
තැන්කූ සෙනුමි අක්කා ඔයාගේ ගුඩාක් සස්සන කවර් එකට
චූටි ඉල්ලීමක්..කියවන ඔයාලා හැමෝගෙනම මන් අදහසක් ඉල්ලනවා..පුලුවන් නේද..කතාව ගැන පොඩි අදහසක්…ඔයාලට දැනෙන දේ