12
වේදනා
ඇස් දෙකේඇවිලිලා
Epsoide.. 12
…A Love Story Tolking With My Heart…
දෙපාරක් විතර දොරට ගැහුවාම දොර අරින්නේ අමීන්..
අමීන් කලිසමේ සිපර් එක දාගන්නවත් එක්කම පාරුල් දොරට අත තියනවා..
ඒ එක්කම දොර ඇරුනාම එතන ඉන්නේ …ඒ කෙනා…
ඇස් අදහන්න..ඒ අමීන් තේජාන්..
මගේ ඇස් ඉස්සරහා ශර්ට් එකක් නැතුව..
බබා මට මාරම හන්ග්‍රී..ඕක ග්‍ර
චූටි ස්කිනියක් ඇදගෙන ශාමින්දී පිටිපස්සෙන් ඇවිත් අමින්ගේ උරහිස සිපගන්නවා..
පාරුල් හිස වත් ඔසවන්නේ නැතුව අතේ තියන ෆෝන් එකේ කැම් එක හරවන් මේ හැමදේම වීඩියෝ කරනවා.
අමීන් පාරුල් කියලා නොදැන කෑම ට්‍රොලියට අත තියද්දි ඒඇගිලි ගැහෙනවා දැක්කාම අමීන්ට අමුත්තක් දැනෙනවා..
කවදාවත් නැතිව කොල්ලට මේ කෙල්ලගෙන් දැනෙන්නේ පාරුල්ව..
ඒ හිස පාත්ම කරන් ඉන්න එක පවා අමීන්ට දැනුනේ වෙනස් විදියට..
අමීන් අත දික් කරලා කෙල්ලගේ මූන අල්ලන්න හදද්දිම ශාමින්දි බලෙන්ම කොල්ලව ඇදලා ගද්දි අමීන් කෙල්ලගේ පහසට මත් වෙලා වගේ ඉන්නේ..
ශාමින්දී ඉස්සරහා ඉන්නේ කවුද කියලා වත් නොබලා බලෙන්ම අමීන්ගේ දෙතොල් හපන්න ගන්නවා.
අමීන්ගේ අත් හරි වේගෙන් ශාමින්දිගේ බද වටා යද්දි පාරුල් ඉන්නේ ඇස් තද කරන් .
කෙල්ලගේ ඇස් වල කලින් දවසේ රූ මතක් වෙද්දි ඒ අත් ගැහෙන්න ගන්නවා .
ඇස් දිගේ ගලාගෙන එන කදුලු කෙල්ල තොල් දෙකෙන් හපාගෙන පාලනය කරගන්නේ හදවත පුපුරන්න හදද්දි..
අන්තිම තිතට කෙල්ලගේ ඉවසීම නැති වෙලා යද්දි කෙල්ල ඔලුව උස්සලා අනිත් පැත්ත හැරෙනවා..
ඒ එක්කම ට්‍රොලිය තල්ලු කරලා පාරුල් දුවගෙන යද්දි අමීන් ගැස්සෙනවා..
පාරුල්..
කෝ කොහෙද
ඒ පාරුල් තමා ඒ පාරුල්
කියන පමාවට ශාමින්දිව තල්ලු කරලා අමීන් ශර්ට් එක අරගෙන පහලට දුවගෙන යද්දිත් කෙල්ල හොටෙල් එකෙන් එලියට ගිහින්.
යන්නේ කොහෙද කියලා හිතා ගන්න බැරි වෙද්දි කෙල්ලගේ ඇස් වලට කදුලු එනවා..
පිස්සෙක් වගේ කෙල්ල පාර දිගට ඇවිදන් යන්නේ යන්නේ කොහෙද කියලා වත් ගානක් නැතිව..
ඒ ඇස් වලින් ඕනවටත් වඩා කදුලු එද්දී කෙල්ලට මතක් උනේ කෙල්ල අමීන්ට ආදරේ කරපු හැටි..
චූටි කාලේ ඉදන් කෙල්ලගේ අම්මා කුසුම්..කුසුම් කියන හැමවැඩක්ම කෙල්ල බෑ නොකියා කලා..
අමීන් කෙල්ලට සමීප කෙල්ල එක්කම එකට සෙල්ලම් කරපු එකම යාලුවා..
පාරුල්ගේ අම්මා සනත්ව දාලා එයාගේ ලෝකේ හොයන් යද්දි කෙල්ල අඩනවා..
දුක වැඩි කමට කෙල්ල ඉන්නේ සනත්ගෙයි අමන්දාගෙයි රන්ඩු වලට බයේ හැන්ගිලා..
හැම රන්ඩුවක්ම අවසානේ ඇති තරම් අමන්දා පාරුල්ට ගහන්නේ සනත් එක්ක තරහා පිට කරගන්න බැරි නිසා..
සනත් අමන්දා කොයි තරම් රන්ඩු උනත් පැටලෙන්න නොයා පාරුල්ව තුරුල් කරන් අඩන හැටි කෙල්ලගේ ඇස් ඉස්සරහා මැවෙනවා..
කොහෙදෝ ඉදන් කඩා පාත් උන වැස්සක් කෙල්ලගේ මුලු ගතම වෙලා ගන්නේ කෙල්ලට හිතන්නවත් වෙලාවක් නොතියා..
ඇත් තරම් තෙමෙන්නත් එක්ක කෙල්ල ඔහේ ඇවිදන් පාර දිගේ යනවා..
මේ අඩියක් ගානේ ඔයාව මන් මගේ ඇස් වල තියන් රුක්කා
හැමෝම ඔයාව එපා කියද්දි මන් මගේ ජිවීතේ ඔයා කරගත්තා
දන්නවද අමී..මම ඔයා නැතිව හුස්මක් වත් ගත්තේ නෑ..හුස්මක් වත්..
ඒ පමාවට හරි ඔයා මගෙන් ඈත් වෙයි කියන බය හිතේ තිබ්බා
ඒත් අද මට ජීවත් වෙන්න හේතුවක් දෙන්න අමී..එක හේතුවක්
මගේ හිනේ ඔයා මගේ ඇස් ඉස්සරහා මාව ලග තියන් බලද්දි මන් ඔයාට ආදරේ කලා අමී
ඔයාව වට්ටද්දී මන් ඔයාට හිනයක් දීලා ඒ හීනේ ජීවත් වෙන්න කියා දුන්නා
ඒම කරපු මේ කෙල්ලට ඇයි අමී..ඇයි ඔයා එහෙම කලේ
එහෙම්මම අයිනකට වෙන්න තිබ්බ ගහක් යට කෙල්ල ඉදගත්තත් කෙල්ලට නැගිට ගන්නවත් බෑ..
ජිවිතේ හැමදේම නැති උනා කියලා දැනෙද්දි කෙල්ලට ඕන ජීවිතේම නැති කරගන්න .
ඒත් ඊටත් ඉස්සරහින් තියන ක්ලබ් එක දැක්කාම කෙල්ලට ඕන එතනට යන්න..
එතනට ගියත් කෙල්ලට යන්න නොදෙද්දි කෙල්ල එතන ඉන්න සිකුයුරුටිට කෑගහනවා..
මේ ඕයි මන් සල්ලි දෙනවා හලෝ..මට යන්න දෙනවා
කියන දේ අහන්න මිස්..මේ වගේ තැනකට යන්න එපා
මන් යන්නේ තමුසේගේ සල්ලි වලින් නෙවේ..ඔය තරම් කැක්කුමක් තියනවා නම් මේ නම්බර් එකට කෝල් කරලා කියනවා මන් මෙන්න මෙහේ බීලා ඉන්නවා කියලා
යන්න එපා මිස්..වෙන දිහාකට ගිහින් දුක අඩු කරගන්න..යන්න එපා
කෙල්ල සිකුරුටිගේ අතට අමීන්ගේ නම්බර් එක දීලා ඇතුලට යන්නේ පිස්සෙක් වගේ..
ගියපු ගමන් බාර් එක ගාව ඉදගෙන කෙල්ල කවදාවත් බීලා නැති වයින් බොන්නේ හිතේ වේදනාවට..
ඒ මදී කියලා දැනෙද්දි කෙල්ල සැර බියර් එකක් අමුවට බොන්න ගන්නවා..
එතන ඉන්න කට්ටිය පුදුම වෙලා බලන් ඉන්නේ මේ තරම් ලස්සන කෙල්ලෙක් ඇයි මෙහෙම..
ඇදන් ඉන්න ඇදුම පවා ඒ තරම් පිලිවෙලට ඇදලත් එතන ඉන්න වේටර් පවා බලන් ඉන්නේ පුදුම වෙලා..
මොකෝ අයිසේ ඔහොම බලන්නේ
නෑ මිස් මේ කවදාවත් දැකලා නෑනේ
යාහ් ඔෆ් කෝස්..දිස් ඊස් මයි ෆස්ට් ටයිම්
මන් හිතන්නේ මිස්ට වැඩී දැන්..
ම්හ්ම්ම්ම්ම් බෑ..මට තව ඕන..දෙන්නකෝ
කෙල්ල මූනත් බෙරි කරන් කීවාම එතන ඉන්න අවිනාශ්ට හිනා යනවා..
මේ තරම් ලස්සන කෙල්ලෙක් ඇයි මෙහෙම කියලා හිතෙද්දි කොල්ලට මතක් වෙන්නේ ගාමන්ට් යන නංගිව..
අවිනාශ් කෙල්ලට බියර් වෙනුවට වයින් දෙන්නේ කෙල්ල තව බීවොත් මොනා හරි වෙයි කියලා බයට..
අවිනාශ් වැඩ කරන ටයිම් එක ඉවර වෙලා ඇදුම් මාරු කරන් හදාගත්ත කෑම පාර්සලේ අරන් ගෙදර යන්න හදද්දිත් පාරුල් බියර් බොතලයක්ම කටේ තියන් බොනවා..
කෙල්ලට ඇති වෙලාම බෝතලේ අරන් එලියට යන්නේ සිකුරුටිට සැලියුට් එකක් ගහලා..
අන්කල් මන් කැපුනා ඔන්න..පේනවනේ ආවා වගේම කෙල්ල යනවා
වැනි වැනි හුරතල් විදියට කෙල්ල දත් ටික එලියට දාලා කීවාම සිකුරුටි හිනා වෙන්නේ කෙල්ලගේ ඇක්ශන් වලට..
කෙල්ල පාරට ආවම දැනෙන පාලුව එක්ක කෙල්ලට ආයම ඇස් වලට මැවෙන්නේ අමීන්ව..
එද්දි තිබ්බ වැස්සත් අඩු වෙන්නේ නැතිවම වැටෙද්දි කෙල්ලට හිතෙන්නෙර් මැරෙන්න..
මැරෙන්න හිතෙනවා අමී..මට මැරෙන්න හිතෙනවා
ඒ දේවල් මගෙන් සදහටම අරන් යන්න අමී .මතක් වෙද්දි මාව පිච්චෙනවා
කෙල්ලගේ හිතට දැනෙන වේදනාවට වඩා කෙල්ල ඉන්නේ මත් වෙලා..
ඒ එක්කම හදිසි ආවේගේ එක්ක කෙල්ල පාර මැදට පැන්නේ එන වාහනයක හැප්පෙන්න කියලා හිතා ගෙන..
කන් දෙක ගාවින්ම ඇහුන සද්දේ එක්ක පාරුල් ඇස් පියාගන්නේ ජීවිතේම ඉතුරු නොකර ගන්න කියන්න වගේ..
අමීන් පිස්සෙක් වගේ කෙල්ලව හොයන්නේ දරා ගන්න බැරි වෙද්දි..
නෑ පාරූ නෑ ඒ දේවල් ඇත්ත නෙවේ
ඔයා හිතන තරම් දෙයක් එතන උනේ නෑ පාරූ..
කොල්ලා ශර්ට් එක දාන ගමන් හොටෙල් එකෙන් එලියට එද්දිත් කෙල්ලගේ ජායාවක් වත් නෑ .
පිස්සුවෙන් වගේ හැමතැනටම කෝල් කරත් කෙල්ල ගෙදර ගිහින් නෑ කියලා කියද්දිත් කොල්ලා ඉන්නේ ගැහි ගැහි..
සුමනා කියපන් පාරූ ආවද..
නෑ මහත්තයා නෝනා ආවේ නෑ
ඕ ශිට්..පාරු ඉන්නේ කොහෙද කියන්න දෙයියනේ
පාර මැද කාර් එක නවත්තන් එකම වැස්සට තෙමී තෙමී තරහට එක්ක කොල්ලා බොනට් එකට පයින් ගහනවා..
උබ දන්නවද අද මන් උබව මගෙම කරගන්න හිටියේ..මගේ හිතේ ඉන්නේ ඔයා..පරුල් ඔයා
එතන උනේ ඔයා නොදන්න දෙයක්..ශාමින්දි මට ලන් උනාට මන් එහෙම ගියේ නෑ පාරු..
එතන තිබ්බේ උනේ වෙන දෙයක්..මට සමාව දීපන් නංගී
තදින් හිසකෙස් ඇද ගන්න ගමන් කොල්ලා වැස්සට තව තව තෙමෙනවා..
ඒ එක්කම කොල්ලට කෝල් එකක් ආවාම කොල්ලා ඩ්‍රයිවින් කරන් වේගෙන් යන්නේ..
පැයක් ඇතුලත් කොල්ලා කල්බ් එකට ආවත් ඒ වෙද්දිත් පාරුල් එතනට ගිහින් .
අමීන් ආයම කාර් එක හරවන් වේගෙන් එද්දි කොල්ලා අහම්බෙන් දකින්නේ පාරුල්ව..
ඒත් අමීන් එතනට යද්දිත් ඒ හැප්පුන කෙනා මැරිලා කියලා කීවාම අමීන් එහෙම්මම නතර වෙනවා..
එතනින් එහාට යන්න බෑ කියලා දැනෙද්දි කොල්ලා ආයම වේගෙන් කාර් එකට යන්නේ කොල්ලට එතන ඉන්න බැරි නිසා..
හවස් වෙද්දි අමීන්ගේ ගෙදරට පාරුල්ගේ මිනිය එද්දිත් සන්ත් ඉන්නේ පිස්සෙක් වගේ..
කෙනාගේ මූන ඇග හොයාගන්න බැරි තරම් ඩැමේජ් උනත් කට උත්තර අනුව පාරුල්ගේ ඇදුමෙන් ඒ ඉන්නේ පාරුල් කියලා ඔප්පු වෙනවා..
පිස්සෙක් වගේ අමීන් පාරුල්ගේ මිනිය ඉබින්නේ හිතේ තියන වේදනාව එක්ක..
තැන්කූ සෙනූ අක්කා ඔයාගේ ගුඩාක් සස්සන කවර් එකට
චූටි ඉල්ලීමක්..කියවන ඔයාලා හැමෝගෙනම මන් අදහසක් ඉල්ලනවා..පුලුවන් නේද..කතාව ගැන පොඩි අදහසක්…ඔයාලට දැනෙන දේ