13
වේදනා
ඇස් දෙකේඇවිලිලා
Epsoide.. 13
…A Love Story Tolking With My Heart…
හැම හුස්ම ගානේම හිත රිද්දනා..
ඔය මතක ඇස් තෙමනවා..
ලග ඉන්න මා දැක්ක හීනේ දවා..
ඔබ ඈත කොහෙදෝ ගියා..
නරකක් වෙලා නැතුවමත් මගෙන්..
ගියමුත් දමා..
නෑ තරහා මන්..
සතුටින් ඔයා ඉන්නයි කියා..
හැමදාම මන් පතනවා..
සනසන්න පරදිද්දි දිනවා ඔයා..
රවටන්න හිතනවද මා..
නොකරාපු වරදකට දඩුවම් ලබා.
විදවන්න මට සිදුවෙලා..
නරකක් වෙලා..
නැතුවමත් මගෙන්..
ගියමුත් දමා..
නෑ තරහා මන්..
සතුටින් ඔයා ඉන්නයි කියා..
හැමදාම මම පතනවා…
හමුවෙන්න නැතිවෙද්දි මොහොතක් පවා..
තනිකමට හිත පෑරුනා..
ඔබ නැතුව මට ඉන්න බැරි බව ඔයා..
දැන දැනම වෙන් වී ගියා..
නරකක් වෙලා..
නැතුවමත් මගෙන්..
ගියමුත් දමා..
නෑ තරහා මන්..
සතුටින්ම ඔයා ඉන්නයි කියා..
හැමදාම මම පතනවා..
අමීන්ගෙන්
පාරුල්ට…
නැගිටින්න පාරුල්..නැගිටින්න
මට ඔයාම ඕන පාරුල්..ප්ලීස් ඇස් අරින්න දෙයියනේ..
කොහොමද මන් මේ දේ දකින්නේ..කොහොමද මන් මේ දේ දරාගන්නේ..
ඇස් අරින්න පාරුල්..
තාත්තා පාරුල්ට ඇස් අරින්න කියන්න..එයාගේ අමී එයා නැතුව හුස්ම ගන්නේ කෝමද..
කොයි තරම් සතුටෙන්ද මන් හිටියේ දෙයියනේ..
මන් මහා පව්කාරයෙක් රත්තරන්..මන් මගේ කෙල්ලව මරාගත්තා
අප්පච්චි සමාවක් දෙන්න එපා මට. මාව මරලා දාන්න..
සනත්ගෙනුයි තනූජ්ගෙනුයි කොල්ලා වැටි වැටි ඉල්ලන දේවල් දැක්කාම ඇවිත් ඉන්න හැම කෙනාම ඉන්නේ වේදනාවෙන්..
කුසුම් උනේ මොකක්ද කියලා හිතා ගන්න බැරිව ඔහේ බලාගෙන ඉන්නේ පිස්සියක් වගේ.
අම්මා..
දුව කොහෙද ඔයා..පාරුල් මගේ දුවේ..
තනූ අනේ පාරුල් ඉන්නවා නේද..එයා මට කතා කරනවා..
කුසුම්ව තද කරගෙන තනූජ්ගේ ඇස් වලට එන කදුලු වහගන්නේ දරා ගන්න බැරි වේදනාව එක්ක..
මිනිය ගෙනාවත් ඒ දිහාම බලගෙන ඉන්න සනත් ඉන්නේ දැහැනකට සම වෙලා..
නෑ රත්තරන් දෝනි ඔයාට අප්පච්චි දාලා යන්න බෑ..
ඔයා ඉන්නවා..ඔයා හුස්ම ගන්නවා..මට දැනෙනවා..
කියන්න තනූජ් මගේ කෙල්ල ඉන්නවා..මේ කොහේ හරී ඉන්නවා..
මට මගේ කෙල්ල ගෙනත් දියන් තනූජ්
මට මගේ කෙල්ල ඕන
කන්නාඩි දෙක අතට අරන් සනත් පාරුල්ගේ බොඩි එක ගාවට යනවා..
ඒ මූන අදුන ගන්න බෑ .
ඒ හිනාව හැමදේම නැතිම වෙලා..
මේ පාරුල් කියන්න තිබ්බ එකම සාක්ශිය කෙල්ල ඇදන් හිටිය ඇදුම..
ආය එතන තිබ්බ ෆෝන් එක..
ඒ ඇරෙන්න ක්ලබ් එකේ සිකුරුටි එක්ක අවිනාශ්ගේ කට උත්තර..
ඒ හැමදේකින්ම කෙල්ල බිබි ආව බියර් එක..කෙල්ලගේ බෙල්ලේ අමීන් දාපූ මාලේ..
ඒ හැමදේම එක්ක සිය දිවි හානි කරගැනීමක් කියලා පොලීසියෙන් අවසානෙට මරන සහතිකේ දුන්නා..
ඒත් දිගින් දිගටම වාහනේ ඩ්‍රයිව් කරන් ආව කෙනා කියන්නේ හැප්පුනේ මේ කෙල්ල නෙවේ කියලා..
බයටම හැප්පුන ගමන්ම නවත්තන්නේ නැතුව ගියේ බයට කියලා කීවාම සනත් කීවේ මනුස්සයාව අතාරින්න කියලා..
මොනා කරන්නද තනූජ් මගේ කෙල්ල නැතිව මට මේ දේවල් වැඩක් නෑ.
අතෑරලා දාපන් මගේ කෙල්ල මාව දාලා ගිහින් .
එතන ඉන්න පොලිසියේ අයටත් එක්කම සනත් කියාගෙන ඇතුලට ගියාම අමන්දා මලගෙදර එනවා..
වටේම ඉන්න අය ඇස් කටවක් ඇරගෙන බලන් ඉන්නේ මේ තරම් ප්‍රබල ඇමතිවරියක් මොකට එනවද කියලා හිතා ගන්න බැරිව..
අනේ සනත්
මගේ දරුවා එයා නෙවේ නේද මේ
කියන්න සනත්..කොයි තරම් දේවල් උනත් මගේ කෙල්ලව ඔයා පරිස්සම කලා..
ඇයි මගේ කෙල්ලව මෙහෙම මැරෙන්න ඉඩ ඇරියේ
මගේ දරුවගේ ඇග උඩින් ඒ වාහනේ යද්දි කොයි තරම් වේදනාවක් මගේ කෙල්ලට දැනුනද සනත්
එයා අඩන්න ඇති
ගොඩක් අඩන්න ඇති
එයාට රිදෙන්න ඇති සනත්..
අමන්දා එහෙම්මම පුටුවට වැටිලා අඩද්දි අහේතුවම සනත් අමන්දාව බදාගන්නවා .
කියන්න අමන්දා මගේ කෙල්ලට නැගිටින්න කියන්න.
මට හුස්ම ගන්න එක පාරක් අප්පච්චි කියන්න කියන්න..
සනත් වගේම තනූජ් කුසුම් වගේම ඔහේ ඉන්නේ තාමත් මේ දේවල් දරාගන්න බැරි නිසා..
පිස්සෙක් වගේ අමීන් මිනිය ගාව වැටිලා ඔහේ ඉන්නවා..
කොල්ලගේ ටුවර් එක හෙට යන්න තිබ්බත් කොල්ලා ඉන්නේ යන්න ඕන මයින්ඩ් එකක නෙවේ..
අම්මා මගේ හීනේ මගෙ ජීවිතේ පාරුල් එක්ක මැරිලා ගියා..
ඒ හිනේ දැක්කේ පාරු..එයයි ඒ හීනේ ජීවත් කලේ..
මටත් එපා මේ හැමදේම
උන දේ උනා පුතා..පාරුල් වෙනුවෙන් ඔයා සෙල්ලම් කරන්න..
ඔයා ඕඩියන්ස් එක දිහා බලද්දි ඔයාගේ ඇස් මානේ පාරුල් ඇදෙද්දි හුස්මක් අරන් ඔයා සෙල්ලම් කරන්න..
කියන්න පුතා පාරුල් වෙනුවෙන් යනවා කියන්න..
කියන්න දරුවෝ
මට බෑ අම්මා..අඩුම මට පාරුක් ගාව අවසාන මොහොතේ හරි ඉන්න දෙන්න..
කොල්ලා අත් දෙකම එකතු කරලා වැදලා කියන්නේ තව මොහොතකින් පාරුල් සදාකාලයටම තමන්ගෙන් ඈත් වෙන නිසා..
හෙට හවසනේ අවසන් කටයුතු පුතා..ඔයා යන්න..රූටනේ ෆලයිට් එක
ඒත් අප්පච්චි
පාරුල්ගේ හීනේ වත් ජීවත් කරන්න අමීන්..වදින්නම් මන්..මන් වගේ පව්කාර තාත්තා කෙනෙක් මේ ලෝකේ නෑ
හැමකෙනාගේම උවමනාවට කොල්ලා ලෑස්ති උනේ ටුවර් එක යන්න..
මලගෙදර පැත්ත පලාතේවත් ශාමින්දී ආවේ නැත්තේ බයට..
ඒ වෙද්දිත් ශාමින්දිගේ ෆොටෝ අමීන් එක්ක යූ ටියුබ් දානවා කියලා නොදන්න ඇමතුම් වලින් කෙල්ලට තර්ජනය කරනවා..
ශාමින්දී උදේ ඉදන් රු වෙනකන් ගේ අස්සටම වෙලා ඉන්නේ බයට..
කෙල්ල දන්නවා පාරුල් හැප්පුවේ තමන් කියලා..
පාරුල් පන අදිද්දි ඒ දිහා බලන් ඉදලා හිනා වුනේ ශාමින්දී..
ඒ.හැමදේම ශාමින්දිගේ හිත දන්න නිසාම කෙල්ල පුලුවන් තරම් ඉක්මනට රට යන්න හදනවා..
තාත්ති
කියන්න දූ
විජේනායක ඇමතිට බැරි දෙයක් නැති එකේ බැරිද තාත්තිට මාව සින්ගප්පෝ යවන්න
එක පාරම හදිසියේ ඇයි දෝනී..අනික ඔයා මේ වෙලාවේ ඉන්න අමීන් ගාව
තාත්තිගෙන් අහපු දේට උත්තර දෙන්නකෝ …හාද බෑද
සතියක් දෙන්න මට
කියන පමාවට කෙල්ල කාමරේට ගිහින් දොර වහගත්තේ හැමදේම හරි නිසා..
ම්ම්ම්ම් ඔයාලා කියවලා මොනාම හරි අඩුපාඩුවක් තියනවා නම් කියලා යන්න..
තන්කූ සෙනූ අක්කා ඔයාගේ කවර්ස් වලට
Like Comments. වලට තෑන්ස්..