24
දෑසේ
වේදනා
Epsoide.. 24
අමීන් දන ගහාගෙන කෙල්ල ඉස්සරහා ඉදගෙන ඉන්න හැටි දැක්කාම ආදිගෙර් කට බාගයක් විතර ඇරෙනවා .
ඒත් එක්කම ජීවන් වගේම තියාත් ජනිත් හිරුන කට්ටියම එක පාර කඩාපාත් වුනාම අවිනාශ් බලන් ඉන්නේ පැත්තකට වෙලා .
කෙල්ල අමීන් දිහා බලලා අමීන්ව පහු කරලා ගිහින් අවිනාශ්ට තුරුලු උනේ අඩන ගමන්..
පැංචි කෝ බලන්න මන් දිහා..කෝ ඉතින්
කෙල්ල වචන නොකියා අඩද්දි අමීන් ඉන්නේත් පුදුම වෙලා..අවි නම් පුලුවන් තරම් ට්‍රයි එකක් දෙන්නේ කෙල්ල අඩන එක නවත්තන්න..
අනේ අයියාහ්
මන් ඔයා නැතුව පාලුවෙන් ඉදියේ අනේ..මන් බය උනා ඔයා ගිහින් කියලා..ඒකයි
ඔයා මගේනේ බබා..ඉතින් මන් කොහොමද ඔයා නැතුව යන්නේ ආහ්..ඒත් දැන් ඒවා පස්සට දාමුකෝ..කෝ අර බලන්න
අවී කියනවත් එක්කම ආදි අමීන් දිහා බැලුවාම කොල්ලගේ මූන ගන්න දෙයක් නෑ. වේදනාව දුක හැමදේම එකට එකතු වෙලා ඒ මූනේ හැගීමක් නෑ..
ඒ එක්කම රූම් සර්විස් එකෙන් අමීන් ඕඩර් කරපු කේක් එක ආවත් තාමත් අමීන් කෙල්ල දිහා බලන්නේ නෑ..
හැපි බර්ත්දේ ආමින්දී
ආහ් ආමින්දි..ඔයා මගේ නම දන්නේ කොහොමද
නම දන්න හැටි රූ වෙලා මන් කියන්නම් ආදි..මන් මගේ හදවතින්ම විශ් කරනවා..
තෑන්ස් අමීන් අයියේ..ඇත්තටම මටත් අමතක වෙලා තිබ්බේ අද මගේ උපන්දිනේ කියලා..ඉතින් තෑන්ස්
බර්ත්දේ ගර්ල් දැන් ඔහොම ඉන්නද කල්පනාව ආහ්..
ජනිත් එක්ක හිරු කෑගහලා කීවාම කෙල්ල කට ඇදකරගන්නේ ඇත්තටම කෙල්ල මේ තරම් දෙයක් බලාපොරොත්තු නොවුන නිසා..
ඒත් මොකක්ද දෙයක් මතක් උනාම ආදි දුවගෙන ගිහින් ෆෝන් එක අතර ගත්තාම ඩිස්ප්ලේ වෙන නම දැක්කාම කෙල්ලට ඇත්තටම පුදුමයි..
අද ආදීගේ බර්ත්දේ එල නෙවේ ඇත්තටම..ඒත් ඇයි අමීන් මට එගෙම විශ් කලේ..
මගේ නෙවේනම් කාගෙද අද බර්ත්දේ එක.අනික අයියා එන්න තරම් මොකක්ද ස්පෙශල් අද
ඕ මයි ගෝඩ්
කෙල්ල දුවගෙන ගිහින් අමීන්ගේ අත ඇදගෙන පහලට දිව්වේ වේගෙන්.ඊටත් පස්සේ කොල්ලට කාර් එක ගන්න කියලා ආදි යන් කියනවා..
ඒ අතීතේ ඒ සිදුවීම එක්ක පාරුල් සදහටම කොල්ලව දාලා ගියපු තැන කාර් එක නතර කරන්න කීවාම අමීන්ට තවත් පුදුමයි..
කෙල්ල ඔහේ බලන් ඉදලා බැහැලා ගියේ කෙල්ල හැප්පුන තැනට..
අමීන්
කියන්න ආදි..
එදා මන් ආවේ අයියා එක්කද කියලා මතක නැති උනාට මන් ආවේ බාර් එක පැත්තෙන් අමී අයියේ..
ඔයා එයාව දැක්කද
නැහැ..එත් මාව කෙනෙක් පිටිපස්සෙන් තල්ලු කරා..මන් පාර මැදට වැටුනා
ඒත් මට නැගිටගන්න ඇහට පනල් තිබ්බේ නැ..දනිස්ස තුවාල වෙලා ලේ ගියා ගොඩක්..
මන් කෑගැහුවා බේරගන්න කියලා..පස්සේ කකුල ඇදගෙන රූට රූට මන් පාරෙ අයිනකට ආවත් මාව තල්ලු කරපු කෙනා මන් ඉස්සරහාම ඉදන් හිනා උනා හයියෙන්..
ඒ එක්කම මාන් අමාරෙන් නැගිටලා එන්න ආවත් මන් ඉස්සරහාම කාර් එකක් ඇවිත් මාව හැප්පුවා..
අයියා මාව හොයාගද්දිත් මගෙන් ලේ ගොඩක් ගිහින් .මන් මැරෙයි කීවාලු..ඒත් අයියා මාව බේරගන්න කියලා වැදවැටිලා..
මාස ගානක් එක දිගට මන් කොමා එකකලු හිටියේ..මට මගේ අතීතේ සම්පූර්නෙන්ම අමතකම වෙලා ගියේ අයියේ..
එතකොට ඔයාගේ අයියා පාරුල්වයි ඔයාවයි දෙන්නම හොස්පිටල් එකට අරන් ආවද
එහෙම තමා කීවේ..පාරුල් එතනම නැති වෙලාලු
අමීන් ආදිව තුරුල් කරගත්තේ මුලු හදවතම වේදනා දෙද්දි..කිටි කිටියේ කෙල්ලව තුරුල් කරන් අමීන් කෙල්ලගේ හිස සිපගන්නවා..
ආදි
අමීන් කෙල්ලට කතා කලේ උගුරෙන් වගේ..ඊටත් වඩා අමීන්ගේ ඇස් වලින් කදුලු එනවා..කෙල්ලගේ හිසට දැනෙන ඒ කදුලු වල තෙත ආදිට දැනෙද්දි ආදි ඉන්නේ ඇස් පියන්..
දෙන්නා එක්කම සුදුම සුදු මල් පොකුරක් අරගෙන ගියේ පාරුල්ගේ සොහොන ගාවට..මල් පොකුර තියලා ආදි පැත්තකට වුනේ අමීන්ට එතන ඉන්න දීලා..
මොහොතක් වෙලා පාරුල්ගේ සොහොන දිහා බලන් උන්න අමීන් කෙල්ලගේ සොහොන බදාගෙන වැලපෙනවා .
අවුරුදු විසි තුනක මතකයක් තාමත් නෝකීවාට අමීන්ගේ හිත රිද්දනවා..එදා ඇත්තටම උනේ ඒකම නෙවේ..
ශාමින්දී එදා ආවේ අමීන්ව හොයාගෙන නෙවේ..ඒ ඇතුලේ ජනිත් වගේම හිරුන එක්ක ජීවත් හිටියා .
එදා තමා පාරුල්ගේ බර්ත්දේ එක තිබ්බේ..කට්ටියම එකතු වෙලා කෙල්ල වෙනුවෙන් ස්ප්‍රයිස් පාර්ටි එකක් ඕගනයිස් කරලා චුට්ටක් විතර ඩ්‍රින්ක්ස් අරන් හිටියේ..
එතකොටමයි පාරුල් ආවෙත් ශාමින්දීට වැඩිම වෙලා කෙල්ල අමීන්ව සිපගත්තෙත්.අමීන්ට උනත් ගානක් නැත්තේ ඇත්තටම කොලඹ අය ජීවත් වෙන වට පිටාව එක්ක මේ දේවල් සාමානය නිසා..
ඒත් නොහිතපු විදියට ඒ ඉන්නේ පාරුල් කියලා දැනුනාම කොල්ලගේ තිබ්බ වෙරි මතේ අන්තිමටම බහිනවා..
ඒත් කොල්ලා කෙල්ලව හොයන් පිස්සෙක් වගේ දිව්වත් කෙල්ල ඒ වෙද්දිත් අමීන්ගෙන් ඈතට ගිහින්..
ඒත් මේ දේවල් මෙහෙම උනේ ඇයි කියලා අමීන්ට තේරෙන්නේ නෑ..ඇස් දිගේ ගලාගෙන යන කදුලු ආයම අමුතුවෙන් අමීන් ඉන්නේ වේදනාවෙන් කියන්න සාක්ශි දෙනවා..
ඇයි පාරුල් ඇයි ඔයාට බැරිවුනේ ඇයි එදා ටිකක් නතර වෙන්න
අද මෙහෙම ඔයාගේ සොහොන ගාව මේ අමීන් අඩන්නේ නෑනේද ආ පාරුල් කියන්න
ඒ එක්කම ආව සුලග අමීන්ගේ ගතම සිසිල් කරලා ගිහින් උඩ තිබ්බ ඇහල ගහේම මල් කෙල්ලගේ සොහොනට වැටෙනවා..
ඔයා වගේම මේ ඇහල මල් මට හැමදාමත් සුවදයි පාරු..ඔය ඇස් කවදාවත් මට අමතක වෙන්නේ නෑ.
ඒත් ආදි ඒහ් ආදි ඔයා වගේමයි පාරුල්..ඉතින් ඒ ඔයා කියලා හිතාගෙන ආදරේ කරන්න ඕන උනත් ඔයාව මතක් වෙන හැම තප්පරේකම මට ඔයාව දැනෙනවා..
හරි හරියට මගේ ඇස් ඔයාව හෙව්වා පාරුල්..තාමත් ඔයා ඉන්නවා කියලා දැනෙද්දි මන් හුස්ම ගන්නේ අමාරුවෙන්..
ඔයාගේ ගැහෙන හදවත මට ලගයි වගේ දැනෙනවා..ඒත් ඔයා මෙහෙම නිදිනේ පාරුල්.ඔයා ඔයාගේ අමීනව දාලා නිදි..
කොල්ලා සොහොන් කොත මත වැතිරිලා වගේ ඉද්දි කොල්ලට ඇහෙන්නේ ආදි කෑගහන සද්දේ..
ඒ එක්කම පැටලි පැටලි අමීන් දුවගෙන යන්නේ මුලු හිතම බයෙන් වෙව්ලද්දි..
කොල්ලා පාර ගාවට යද්දි වැටිලා ඉන්න ආදිව දැක්කාම අමීන්ගේ ඇස් ලොකු වෙනවා..
ආදි ඉන්නේ ජීවිතයත් මරනයත් අතර සටනක..අවුරුදු ගානකට කලින් උන මිනිමැරුම අද ඇස් පනා පිට
කෙල්ලගේ නලල පුරාම ලේ ගලාගෙන යනවා..මූන පැත්තක් පුරාම ලේ..තවත් තප්පරක් වත් නාස්ති නොකර අමීන් කෙල්ලව අත් දෙකටම අරගෙන කාර් එකේ යන්න හැදුවත් කාර් එකේ රෝද වල හුලන් ඇරලා..
ප්ලීස් ආදි ප්ලීස් යන්න එපා ආදි
කොල්ලා කෙල්ලව උස්සන් මහා පාරට යද්දිත් කෙල්ල හුස්ම ගන්නේ අමාරුවෙන්.
අමීන් කෙල්ලගේ හදවතට ලන් වෙලා ඒ හදවත ගැහෙනවද කියලා වත් බලන්න හුස්මක් නතර කරන්නේ නෑ..
මහාපාරට කෙල්ලව අරගෙන යද්දිම අමීන්ගේ හිසට වැදුනේ තද පොලු පාරක්..ඒ එක්කම ඈතින් කට්ටියක් කෑගහාගෙන එනවා ඇහෙද්දි අමීන් ආදිගේ අත අල්ලා ගන්නවා..
අවසාන තප්පරේ පවා අමීන් බලන් උන්නේ කෙල්ලගේ ඇස් දිහා..දිහා..අමීන්ගේ හුස්ම අවසාන තප්පර ගානෙත් ජීවත් වෙන්න උත්සහා කරද්දි ආදිව වගේම අමීන්වත් කවුදෝ උස්සලා ගන්නවා..
කොල්ලා අල්ලා ගත්ත ආදිගේ අත කෙල්ලව උස්සලා වාහෙනේකට දාගද්දි ඇතෑරිලා යන දිහා පවා අමීන් බලාගෙන ඉන්නවා..
කන දිගේ ගලාගෙන යන ලේ පාර එක්ක අමීන්ට දැනෙන්නේ වේදනාවක්..මුලු පරිසරයම නිලංකාර වෙලා යද්දි අමීන්ගේ ඇස් පියවෙනවා
තව කොටස් කීපයකිම් කතාව ඉවර වෙනවා..අද කොටස් පහක්ම දාලා ඉවර කරන්න හැදුවත් දැන් තමා ලයිට් ආවේ
Like Comments. වලට තෑන්ස්..