27

💔

💚දෑසේ 💜

💙වේදනා 💛

💘 Epsoide.. 27 ❤️

💙💙💙💙💙💙💙💙💙💙💙💙

අඩියට දෙකට කෙල්ල ගාවට ආව ජීවන් තියාගේ උරහිසින් අල්ලලා බිත්තියට තද කරගත්තේ ඒ ඇස් වලින් ඕනවට වඩා තරහා එලියට එද්දි..

තියා ඊටත් නොදැවෙනි ශක්තියකින් ගතේම වෙර දාලා ජීවන්ව තල්ලු කරේ ඇස් වලින් කදුලු වැටෙද්දි..

තමුසේ මගේ ජීවිතේ කාලා දැම්මා..තමුසේ මහා ජරා මිනිහෙක් හලෝ 😭

ශිට් ලැජ්ජාවක් නැද්ද..තමන්ගේ ගෑනි ගෙදර නිකන් තියාගෙන වටේ ගෑනු එක්ක බුදියන අසමජ්ජාතියෙක් තමුසේ 😠

කෙල්ල මාස ගානක තරහා වචන වලින් පිට කලේ වේදනාවෙන්..කෙල්ලට දුක කෙල්ලව තනියම දාලා ජීවන් මල්කි එක්ක ඉන්න එක.

තියා කට වහගන්නවා 😡

ඒකි එක්ක බුදියන්න ඕන නම් තමුසේ මට ඩිවෝස් එක දෙනවා 😡

ඇයි ඩිවෝස් අර බල්ලා එක්ක බුදියන්න වෙන්න ඇති 😏

මොකාද කියනවා බලන්න බල්ලා..මටත් දැන ගන්න ආසයි මට ඔය ඉන්නවායි කියන බල්ලා ගැන 😒

ඇයි අර ඉන්නේ අවී අවී ගාගෙන එකෙක්..ඌ එක්ක බුදියලා මන් එක්ක පවුල් කන්න ආවට 😠

ජීවාහ් 😡
අවී මට මගේ අයියා වගේ..ශිට් තමුසේ කටක් ඇරලද ඕවා කියන්නේ 😱

ඇයි තමුසේ නටන ඒවා කීවයි කියලා මොකද වෙන්නේ 😡

තියා අත දිගෑරලා කම්මුලට ඇතෑරියේ කේන්තියේ අවසාන තප්පරෙත් පැනලා යද්දි..

ඒ වේගෙන්ම ජීවන් තියාගේ බෙල්ල අල්ලන් බිත්තියට හිර කරගත්තේ හිතේ තිබ්බ තරහට.

කෙල්ල අත් දෙකෙන්ම ජීවන්ගේ අත බුරුල් කරගන්න දැගලුවේ කෙල්ලට හුස්ම ගන්න බැරි නිසා..

හිතාගන්නවත් වෙලාවක් නොතියා එතනට අවී ආවේ කෙල්ල එන්න කියලා කෝල් කරපු නිසා..

ඒත් අවී එද්දි තියාගේ බෙල්ල මිටිකන් ඉන්න ජීවන් දැක්කාම අවීගේ රතු කට්ට උපරිමේටම නගිනවා..

හිතල් පපුවක් නැති ගාවට අවී ජීවන්ට නහයෙන් ලේ එනකන් ගැහුවේ තව ටිකෙන් තියා මැරෙනවා කියලා දන්න නිසා

ජීවන් කට ඇදකරන් බැලුවේ අවී දිහා උනත් අවීගේ ඇස් තිබ්බේ වැටිලා ඉන්න තියා ගාව .

වයලා වයලා ඉක්මනට එනවා 😡

අවී තියාව අත් දෙකට අරගෙන සෝෆා එකෙන් තියලා බැලුවේ කෙල්ල හුස්ම ගන්නවද කියලා.

අත අල්ලලා බලලා නාඩි වැටෙනවා කියලා දැනුනාම අවී කෙල්ලව පපුවට තද කරගෙන හිස සිපගත්තත් ඊලග තප්පරේ කෙල්ලගෙන් අවී ඈත් වෙන්නේ අකුනක් ගැහුවා වගේ..

අවීගේ ඇස් වල වේදනාවක් තිබ්බත් අවී එහෙම්මම හැරුනේ ජීවන්ගේ පැත්තට..

ජීවා 😡
තව මුකුත්ම එපා..ඩිවෝස් එක දීපන් කෙල්ලට..😠

ජීවන් කට ගාව තියන ලේපිහලා හිනා වුනේ වියරුවෙන්..ජීවන් ඉන්නේ හොදටම බීලා කියලා අවී දැනගත්තේ කොල්ලා එන හැටි දැක්කාම..

ඇයි උබ හොරාට එකි එක්ක නිදියන්නේ ඒ මදිද 😠

අවී ගහන්න හදලාත් ආයම අත පාතට දාලා තියා ගාවට ගිහින් කෙල්ලව වඩා ගත්තේ ජීවන් ඉන්න තැනමයි..

උබ පිරිමියෙක් නම් ඒ වගේ වරෙන්..මට වැඩි නෑ මෙයාව.පන වගේ ආදරේ කලා තමා..ඒත් උබ වගේ නෑ..

පාරුල්ව මන් මගේ නංගි කරගත්තා නම් මට ඇයි තියාව මගේ කරගන්න බැරි..නොකරපු නිසානේ කියවන්නේ..උබෙන් ඩිවෝස් එක අරන් මන් කෙල්ලව බදිනවා..ඒක මතක තියාගනින්..
අවී කෙල්ලව අරගෙන එතනින් යන්න ගියාම ජීවන් පුටුවකට පයින් ගහන්නෙ තරහින්..
•••••••••••••••••••••••••••••••••••••
ඇද වියලට හේත්තු වෙලා නිදන් ඉන්න පාරුල්ව අමීන් දකින්නේ හිසේ කැක්කුම අඩු උනත් මූනට දැනෙන සනීපේ නිසා කොල්ලා ඇහෙරෙද්දි..

සැපට කෙල්ලගේ ඔඩොක්කේ නිදාගන අමීන් හිටියට එකම ඉරියව්වෙන් කෙල්ල ඉන්නේ අපහසුවෙන්..
ඒත් ඒ ඇස් ලාවට පියවිලා තියනවා දැක්කාම අමීන් කෙල්ලගේ ඔඩොක්කෙන් නැගිටිද්දිමයි පාරුල් ඇහැරෙන්නේත්..

කොල්ලගේ ෆෝන් එකේ රින්ස් යද්දි අමීන් ෆෝන් එක අතට ගත්තත් කොල්ලා ඇස් දෙක අයාගෙන බලාගෙන ඉන්නේ ෆෝන් එක දිහා.

හවස හතරයි 😳

අමීන් කියනවත් එක්කම පාරුල් ඉක්මනට කොල්ලගේ අතේ තිබ්බ වොච් එක බලද්දි වෙලාව හතරයි..

ඒ එක්කම කෝච්ගෙන් කෝල් එකක් ආවාම අමීට යන්න වෙනවා..
යන් පාරු මන් ඔයාව ඩ්‍රොප් කරන්නම් 😊

ඔයා යන්න අමීන්..මට තව වැඩ ටිකක් තියේ..මන් කැබ් සර්විස් එකක් ගන්නම්.අවුලක් නෑ 😐

අමීන්ට කලින් පාරුල් යන්න නැගිට්ටාම නොකීවාට අමීන්ට දැනෙනවා අමුත්තක්..

පාරු 😐

නැහැ අමීන්..මොනාවත් කියන්න එපා..මන් දන්නේ නෑ ඔයාගේ හිතේ මන් ඉන්නවද්ද නැද්ද කියලා..ඒත් 😕

ඇයි ඒත් ආහ්..කියන්න පාරු ඇයි ඒත් කියන්නේ 😕

මුකුත් නෑ අමීන්..හැමදේම කාලය විසදයි 😊

කවදාවත් නැතිව කෙල්ල කතා කරන්නේ අමීන් කියලා..ඇයි එහෙම කියලා හිත වදදෙද්දි අමීන්ට ඕන පාරුල්ට කතා කරන්න උනත් කෙල්ල කාඩ් එක දාලා දොරේ ලොක් එක ඇරලා පාරුල් යන්න යනවා..

කිසි හැගීමක් නැතිව තියන ඒ හැම අඩියක්ම පාරුල්ට වේදනාවක්.ඉස්සර හිටිය අමීන් දැන් මේ ඇස් මානේ කියලා කවදාවත් නැතිව කෙල්ලට අද තදටම දැනෙනවා..

කමක් නෑ අමී..සමහර විට ඔයාට මාව දැනෙන්නේ නැතිව ඇති..මන් දන්නවා උනත් මට ඔයා එක්ක ඒ ගැන කතා කරන්න බෑ අමී..

ඔයා මන් ලග උන්නත් තැතත් හැමදාම මගේ ආදරේ ඔයා නමින් තියේවි..

කෙල්ල බෑග් එක උරහිසට තද කරගන්න ගමන් අඩියට දෙකට එලියට එද්දිමයි අමීනුත් ඒ පිටිපස්සෙන් ආවේ..

පාරු නවතින්න මන් එක්ක ගියෑකි 😐

නෝ තෑන්ස් අමීන්..මට යන්න ඕන 😊

ආයම අමීන් කතා කරන්න ගියත් කෙල්ල ගාවින්ම නතර කරපු කැබ් එකට නැගලා පාරුල් යන්න ගියාම අමීන් දිග හුස්මක් ගන්නවා..

කොල්ලා එහෙම්මම ග්‍රවුන්ඩ් එකට ගියේ ඒ වෙද්දිත් හිරුන කෝල් ගොඩක් අරන් තිබ්බ නිසා..

කෙල්ල කැබ් එකේ කෙලින්ම ගියේ තියාගේ ගෙදරට..කෙල්ල දන්නවා හිත හදාගන්න පුලුවන් එකම තැන එහේ කියලා..

ඒත් කෙල්ලට ආව කෝල් එක එක්ක ආයම කෙල්ල ආපහු ගියේ කෙල්ලගේ ඩ්‍රාමා එකේ ඩිරෙක්ටර්ව හම්බෙන්න .

කෙල්ල කැබ් එකට සල්ලි දීලා ඩිරෙක්ටර් එක්ක කතා කරගත්තේ කෙල්ලගේ ඩ්‍රාමා එක ගැන..ඒත් පාරුල් ඉන්නේ හිර වෙලා..ඩාන්සින් කම්පිටශන් එකට කෙල්ලට යන්න ඕන උනත් ඩ්‍රාමා එක නිසා පාරුල් හිර වෙලා..

ඔයා තෝරගන්න ආදි මොකක්ද කියලා..අනික මට වැදගත් මගේ ඩ්‍රාමා එකේ රේටින්ග්ස්..😒

දැන් සර් කියන්නේ මගේ ප්‍රතිපත්ති කඩන්න කියලද සර්ගේ ඩ්‍රාමා එකේ රේටින්ග්ස් නිසා..😠

එහෙම නෙවේ එයා ඉල්ලන්නේ මේන් ඇක්‍ට්‍රස්ව ආදි 😐

එයා ඉල්ලපු ගමන් යන්න මන් එයා සන්තක දෙයක් නෙවේ සර්..මන් මේ ඩ්‍රාමා එක ඇතෑරලා දානවා..මට ඕන නෑ එක එක්කෙනා ඉස්සරහා නිරුවත් වෙන්න 😠

කෙල්ලගේ තරහා ඉහවහා ගිහින් තියෙද්දි දමලා ගහලා කෙල්ල ආයම යන්න ගියත් ඩිරෙක්ටර් කෙල්ලගේ අතින් අල්ලනවා..

ඔයාට හොදින් බැරි නම් මන් මගේ විදියටද කරන්න ඕන ආදි 😊

ඩිරෙක්ටර් කෙල්ලගේ අතින් අල්ලන් අත පිරිමදින ගමන් කීවාම කෙල්ලගේ සිමාව බිදිලාවම යනවා..

අත දිගෑරලා කනට ගහලා කෙල්ල යන්න ගියාම ඩිරෙක්ටර් ඉන්නා තරහින් පුපුර පුපුර..

හොදයි අපි බලාගමුකෝ මේවා 😡
කෙල්ලගේන් කාපු කම්මුල් පාරේ රස බල බල දමිත් කීවේ තරහින් මිට මොලවන්..

කෙල්ල කෙලින්ම ගෙදට ගිහින් ඇදට වැටුනේ හිතට වගේම ගතටත් මහන්සි නිසා..

කෙල්ල ඇවිත් අවීට හැමදේම කියන්න ගියේ අවීට කියලා හැමදේම විසදාගන්න පුලුවන් නිසා..

අයියාහ් 😐

අවී ඇදුම් බෑග් එක පැක් කරනවා දැක්කාම කෙල්ල කට ඇදකරගෙන ඉදගන්නේ අවී කොහේ හරි යයි කියලා තේරෙද්දි..

කියන්න බබා 😊

දමිත් අර ඩිරෙක්ටර් 😣

ඉතින් දමියා මොකෝ කියන්න 😕

කෙල්ල එතනින් එහාට උන හැමදේම අවීට කියාගෙන ගියේ ඇස් වලින් කදුලු වැටෙද්දි..

බබාහ්😠
ඕකට යද්දිම මන් කීවානේ තමුසෙට 😠

දැන්ම ගිහින් ඇදුම් පැක් කරගන්නවා..අපි හෙට මෙහෙන් යනවා 😡

අනේහ් අයියා 😔

අනේහ් හුනේහ් මට වැඩක් නෑ..ලෑස්ති වෙනවා..මන් එනකන් ගෙදරින් අඩියක් එලියට තියන්න එපාහ් 😠

අවී හද හදා උන්න ඇදුම් බෑග් එක පැත්තකට දාලා කෙල්ලව කාමරේම තියලා ලොක් කරලා පහලට ගියේ කේන්තියෙන් මිට මොලවන්..

කොල්ලා එහෙම්මම ඒජන්සියට ගිහින් ඕන කරන දේවල් හදාගෙන අමීන්ට කෝල් එකක් ගත්තත් ඒ කෝල් එකට කලින් අවීගේ ෆෝන් එකට දමිත්ගෙන් කෝල් එකක් එනවා..

ඒත් ඒ කෝල් එක එක්කම..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Like Comments. වලට තෑන්ස්..😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *