3වන දිගහැරුම
පොටෝ ශූට් එකෙන් පස්සේ කට්ටියත් එක්කම හොටලයට පිටත් උනා….
වාහනේ එක ළග වාඩි වෙලා යද්දිත් දෙන්නා කලේ ඔරව ගත්ත එකම තමයි….
විවාහා කටයුතුත් සාමාන්‍ය විදියට ගෙවුනා….සෙනේශ්ගේ යළුවෝත් සෙනේශ්ට ගොඩාක් විහිලු කළා….
“උඹ පොඩි කාලෙ ඉදන්ම ලව කරන් ගිහින් දැන් අපිට සුදු ළූනු පොඩි කරනවා නේ…..”
“අනේ මගුල තමා අගල් දෙකයි උස…කට කක්කුස්සියක් වගෙයි…මං ලව් කරයිද ඔය ලදරමට…..”
සෙනෙශ් කිවේ මිතුරාට රවාගෙන….
“කොහෙද යකෝ ලදරං…බලහංකෝ චූටි සුරංගනාවියෙක් වගෙයී…ටිකක් සැර උනාට……”
“හහ් කට ඇරවගත්තානම් බොට තේරෙයි සුරංගනාවගේ තරම…”
“ඒක තමා යකෝ මෙච්චරකල් ඔය කෙල්ලව කවුරුත් උස්සන් ගියේ නැත්තේ….දවසක් අපේ කොල්ලෙක් නොදැන ටෝක් කරලා තිබුණා…සෙරෙප්පුව ගලවලා ගත්තලු ගහන්න….”
සෙනෙශ්ගේ මිතුරා ධනුශ්ක කීවේ සිනාසෙමින්…
“අම්මාප….මේකී කාගේ දරුවෙක්ද මන්දා බං….”
සෙනේශ් කීවේ ටිකක් එහාට වෙන්න මිතුරිය න් පිරිසක් වටකරන් මොනවදෝ දොඩවන කෙල්ල දිහා බලන්….
“කටක් නෙවෙයි මේක වක්කඩක්….”
“උඹ හරියටම හරි සෝනු…ඒකයි මාත් පස්ස ගැහුවේ…ගුටි කන්න බෑනේ….ඒත් උඹ අතෑරියොත් මට දීපන්…..මං ගන්නවා….හැබැයි මුකුත් නොකර ඈ….”
සෙනෙශ් ධනුෂ්ක ට රැවුව නිසා ඔහු සිනාසුනා….
වෙඩින් එකේ වැඩ ඉවර වෙලා නව යුවල මධුසමයට පිටත් උනේ සිතල සුන්දර නුවර එළියටයි…
චිනූගේ තාත්තා ලස්සන හොටෙල් එකක් දෙන්නට ලෑස්ති කරලා තිබුණා….
කොල්ලා වාහනේ යන ගමන් ගියේ කිසිම හිනාවක් නැතුව….කෙල්ල වෙ දිහා බැළුවේ තරහින් .
“හහ් …….හිනාවෙන්න මුගෙන් කවුරුහරි සල්ලි ගනී වගේ බුම්බන් ඉන්නේ හැටි විතරක්……”
“මොනවද තමුසෙ කුටු කුටු ගාන්නේ බටු ඇටේ…”
“මං කුටු කුටු ගාන්නේ මගෙ කටින්….ඉතින් කට මගෙ වෙච්ච කොට මොනවා කුටු කුටු ගෑවත් දිගංචියොන්ට ඒවගෙන් කාරි නෑ….”
චිනූ කට කියවද්දී කොල්ලා රවලා නිහඩ උනේ එකව අවුස්සගෙන කන් පුරවගන්න බැරි නිසයි….
“අනේ මට වෙච්ච වින්නැහියක්….”
සෙනේශුයි චෙනායයි දෙන්නම හොටෙල් එකේ තමන්ට වෙන් කරපු කාමරයට පිවිසුනා…
දැන්නම් කෙල්ලගේ කට ටිකක් වැහිලා….කොල්ලට මේකනම් තේරුනා…
“ඉන්නවකෝ මං තමුසෙවත් මඩවලා ගන්න…මට දීපු වදේට…”
කොල්ලා හිත හිතම කාමරේට ඇතුල් උනා….කෙල්ලත් හොර පූසියෙක් වගේ ඇතුලට ආව…..
කොල්ලා දොර වහලා බෑග් එහෙම තියලා යටි තොල ටිකක් හපාගෙන මුනට පොඩි සරාගී පාටක් ගත්තා…
සෝනු එහෙම බලද්දීනම් කෙල්ලට ඇත්තටම බය හිතුනා…
“මේකා මොකාටද මේ එන්නේ…?”
කොල්ලා එහෙම බලාගෙනම ටික ටික කෙල්ල ළගට කිට්ටු උනා….කෙල්ල ටික පස්සට ගියා…ඇසුත් වහගෙනම…..
මතු සම්බන්ධයි
ඔන්න ඉතින් දැන් චිනූට මොනා වෙයිද.?කෙල්ල ආරක්ෂාව ට මොනවගේ පියවරක් ගනීද දන්නේ නෑ නේද?.