07 වන දිගහැරුම 

සෙනේශ්ගේ තුරුලට ගුලිව උනුසුම්ව චිනු හොදට නිදාගත්තා…😴😴😴😴
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

පහුවෙනිදා කෙල්ල ඇහැරුනේ සෙනේශ්ටත් කලින්ම…..වෙනදානම් කෙල්ල ඇහැරෙන්නේ 9ය 10ය වත් වෙලා තමයි….

ඒත් නුපුරුදු තැනක් නිසාදෝ ඇද වේලාසනින් ඈ ඇහැ ඇර ගත්තා……
පොඩ්ඩක් තනි ඇහැහ් හිමීට කෙල්ල ඇර ගත්තේ මතකය ටික ටික හිතට එද්දී…..
ඉස්සෙල්ලම මතක් උනේ ඉන්නේ ගෙදර නෙවෙයි දිගංචියාව මැරි කරලා ඒයාගේ ගෙදර කියලා..
ඒත් එක්කම දැනුන උනුසුමට කෙල්ල පෙරලගෙන නැගීට්ටා සෙනේශ්වත්….
එතකොටයි කෙල්ලට මතක් උනේ පෙරදා රැයේ තමා කළ කී දෑ….
කෙල්ලට හිතුනා මෙතනම වැළලුනානම් මීට වඩා හොදයි කියලා….😵😵😵😵
කේලාගේ කලබලේට සෝනුත් ඇහැරගත්තා…

“මොකද ඕයි මේ….මාව පෙරලන් නැගිට්ටේ…..”

කෙල්ලටත් ලැජ්ජා වෙන්න හිතුනේ නෑ…

“තමුසෙ මොකටද මාව බදන් හිටියේ….😡😡😡😡

“මේ බටු ඇටේ මං මේ තමුසේව ආදරේට බදන් හිටියේ නෑ….ඊයේ රෑ හොටු පෙර පෙර ඇඩුවේ තුරුල් වෙන්න ඕනේ කියලා….නැතුව මෙතන මට ඇති අමාරුවක් නෑ හෝඩියේ ළමයිව බදාගන්න….😞😞😞

“අනේ මේ දිගංචියෝ මං කීවේ ආන්ටි ළගට යන්න ඕන කියලානේ ….ඔහේ ළග ඉන්න ඕන කියලා නෙවෙයිනෙ…”

“තමුසේ…….මහ දෙපත් නයෙක්…කබරියෙක්…..හොදට මං ගාවට වෙලා ඉදලා….තමුසෙලා වගේ කෙල්ලෝ අනුකම්පාවටවත් සුදුසු නෑ😠😠😠😠..”

එවරනම් සෙනේශ් කෑ ගැහුවේ කේන්තියෙන්…..
කෙල්ල ඒ හඩට ගැස්සුනත් වැඩේ අතාරින්නන්ම් ලෑස්ති උනේ නෑ….

“අනේ මේ මට කාගේවත් අනුකම්පාව ඕනේ නෑ…..”

“මේ තමුසේ වෙනස්නම් වෙන්මේ නෑ..අර හිටිය එකීම තමා…..”

“ඔව් මං මොකටද ආය වෙනස් වෙන්නේ……මං හිටිය කෙනාම තමයි…..හහ් ආවා මෙතන අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න….”

කෙල්ල කළේ ඊයේ තමා සෙනේශ් ඉදිරියේ සංවේදී උනු වැරැද්ද වහ ගන්නයි හැදුවේ…ඒකෙන් උනේ චිනුයි සෝනුයි කලින් වගේම තරහකාරයෝ උන එක තමයි…

“අවස්තාවෙන් ප්‍රයෝජන….මේ චිනූ තමුසේ වගේ කෙල්ලෙක් මට හීනෙකින්වත් එපා…දෙයියනේ කියලා ඉකමනට කොල්ලෙක් හොයන් මාව නිදහස් කරනවා මේ මරාලෙන්….”

තමාට සෙනේශ් කවදාවත් චිනූ කියන්නේ නෑ….කෙල්ලට තේරුණා ඔහු ඉන්නේ කේන්තියෙන් කියලා…ඒනිසාම ටිකක නිහඩ වෙන්නට ඈ සිතුවා..

“අනික …මං අදම මේකට ඇදක් ගෙනව වෙනම….තමුසෙ වෙනම ඉන්නවා….තමුසෙගෙ හුලගක්වත් මට එපා….”

සෙනේශ් එහෙම කියාගෙන බාත්රූම් එකට ගිහින් දඩාස් ගාලා දොර වහගත්තා….

“අනේ මටත් මේ දුශ්ට බුම්මටු දිගංචියාගේ හුලගක්වත් වද්දගන්න ඕන නෑ….ආව මෙතන මට කොල්ලො හොයන්න…එයා කෙල්ලෙක් හොයාගත්තානම් ඉවරනෙව්….”

චිනූ තනිව මුමුනමින් කොට්ටයක් බදාගෙන නැවතත් දෑස් පියා ගත්තාය….

“මේ මට ඕන ඇති කොල්ලෙක් නෑ…ඔය කෙල්ලෙක් හොයාගන්නවා ඔයා වගේ දිගම දිග….”

නැවටත් චිනු හිස ඔසවලා කීවේ සෝනුට ඇහෙන්න ….

“ඔව් ඔව්..ඉක්මට ඒක කරලා තමුසෙව එලවනවා….”

සෙනේශ් බාත්රූම් එකේ ඉදනුත් පසුතැවුනේ ඊයෙ රෑ මොහොතකටහරි චෙනායාට අනුකම්පා කරපු එක ගැනයි….

සෙනේශ් නාකියාගෙන කාමරයට එද්දි චෙනායා ආයෙමත් නිදි…..

“මේකි නිදාගත්තාම විතරයි අහිංසක…..වසන්න පුළුවන් ගෑනියෙක් නෙවෙයි මේ….අපේ අම්මලටත් පිස්සු උරචක්කර මාලයක් මගෙ කරේ ගැහුවා…”

කෙල්ල ගැන කේන්තියෙන් හිතමින් කොල්ලා ඔෆිස් යන්නයි ලෑස්ති උනේ….

කොල්ලා ලෑස්තිවෙලා පහළට එද්දී අම්මයි ගෙදර වැඩකරන මැගී අම්මයි දෙන්නා කෑම මේඅඑ ලෑස්ති කරනවා …..

“කෝ අපේ කෙල්ල තාම නිදිද?”

“හහ් අම්මා මට හොයලා දුන්නේ අපූරු මනමලියෙක්නේ….මිනිහා වැඩට යනකනුත් බිරිද පස්ස උඩ තියන් නිදි…..”

කොල්ලා අමනාපයෙන් කියද්දී අම්ම කළේ මදක් සිනාසුනු එක….

“අනේ තාම චූටි කෙල්ලෙක්නේ පුතේ……ටික කාලයක් යද්දි හරියයි…..”

“පොඩි උන් ගෙදර තියන්න එපැයි…මොකටද බන්දන්නේ….”

අම්ම නිහඩ ඉනේ උදෑසනම හිත පාරවාගන්න් ඕන නැති නිසයි….

“මැගී අම්මා…..අන්කල්ට කියන්න් ..තව ඩබල් බෙඩ් එකක් මගෙ රූම් එකට ගෙනත් දාන්න කියලා….අනික තියන එකත් අයිනට කරලා දෙකම දාලා රූම් එක ඇරේන්ජ් කරන්න කියන්න…..”

සෙනේඅහ් කියද්දී අම්ම අහන් හිටියේ පුදුමයෙන්…..අම්මට තේරුණා වෙන්න යනදේ මොකද්ද කියලා ….ඉයෙත් පැටලෙන්න ඇති කියලත් හිතුණා….

සෙනේශ් කෑම කා පියා සමග පිටත් උනේ තමගේ ව්‍යපාරික ස්තානයට යාමටයි…..

එහි සේවක පිරිස ඔහු වෙනුවෙන් සංග්‍රහයක් සූදානම් කර තිබුනා …..

සියල්ලෝම සතුටින් ඔහුව පිළිගත්තේ විවාහයට සුබ පැතුම් එක්කරමින්….

සංග්‍රහය අවසන සාමාන්‍ය පරිදි සෙනේශ් කටයුතු කරන් ගියේය…..

“සෙවුමිණී….”

සෙනේශ් ඒ කතා කළේ තම පුද්ගලික ලේකම් වරියටයි…..

“සර්…”

“අද මොනවද මට තියෙන මීටින්ස්….”

“අද සිටි ෆැශන් එකේ මැනේජින් එකත් එක්ක ඩිස්කෂන් එකක් සර් තියෙන්නේ….”

සිටි ෆැශන් යනු ඒකනායක ව්‍යාපාරයටම අයත්වන ගාමන්ට් ෆ්‍රැක්ට්‍රි එකකි….ඒකනායක යනු ව්‍යාපාර ජාලයකි….. සමරක්කොඩිගේ ව්‍යාපාර ද මේට හවුල් වී ඉතා සා‍ර්තක ඉදිරි ගමක් මේ දෙපිරිස ගියහ….

“ඕකේ….කීයටද?

“ටෙන් තර්ටි සර්…..”

“ඔයත් රෙඩි වෙන්න…..”

“සොරි සර්….අද මට ටිකක් සනීප මදි…..ටිනුරි එවී සර් සරුත් එක්ක…”

සෙව්මිනී යනු රාජකාරිය අකුරට කරන තරුණියකි….සාමාන්‍ය ලෙස අදින පළදින ඈ මධ්‍යම පාන්තික කෙල්ලකි…

“මූණත් මැලවිලා…..මොකක හරි ප්‍රශ්නෙකද?”

“අනේ නෑ සර්…..ටිකක් අසනීපෙන්….”

“ඕකේ ටිනුරිට ලෑස්තිවෙන්න කියන්න……”

“හරි සර්……”

සෙව්මිනී …..සෙනෙශ් ගැන බලාපොරොත්තු තබාගෙන උන් තරුණියකි……ඇය ඇගෑලුම් කම් පෑමට උත්සාහ කළද සෙනේශ්ගෙන් ඒවාට අනුබලයක් නොලද නිසා නිහඩව උන්නේ කෙදිනක හෝ අරමුණට යන අටියෙන්…
නමුත් සෙනේශ් හදිසියේ විවාහ වීම නිසා ඈ උන්නේ සුන් වූ බලාපොරොත්තු වලින්……

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

………🌹මතු සම්බන්ධයි 🌹……… 

One Comment

  1. Hello there! Do you know if they make any plugins to help with
    Search Engine Optimization? I’m trying to get my website to rank for some targeted keywords but I’m
    not seeing very good success. If you know of any please share.
    Many thanks! You can read similar art here: Eco product

Leave a Reply

Your email address will not be published. Required fields are marked *