32 වන දිගහැරුම
දිනෙන් දින ගෙවුනේ චිනූගේත් සෝනුගෙත් දරුවා මෙලොව එලිය දකින දිනය ටිකෙන් ටික ළං කරමින්….
චිනූගේ කුසට මේ වන විට මාස පහක් පමණ වී තිබුනා…මාස පහක් උවත් චිනූගේ කුස ඉතාමත් විශාල ලෙස පෙනුනා වාගේම ඈට ඉතාමත් තද පහසුවකුත් තිබුනා….චිනූ යනු ශරීර ප්‍රමාණයෙන් එතරම් උස් කෙල්ලක නොවූ නිසාදෝ කියලත හිතුනා ඔවුන්ට………
“පුතා……..”
චිනුගේ ඉදිමුනු දෙපාවලට තෙල් ආලේප කරමින් සෝනුගේ අම්මා කතා කලේ ලැප් එකට මුහුණ ඔබන් උන් සෝනුටයි….චිනු ඇදේ වැතිරගෙන උන්නේ ඉතාමත් අපහසුවෙන්…..
“ඇයි අම්මා….”
“ඔයාලා ස්කෑන් කරන්නේ නෑ කිය කිය ඉන්න එපා…ස්කෑන් එකක් කරගන්න පුතේ….මේ කෙල්ලට හරිම අමාරුයි…බලන්න මාස පහට වඩා බඩ ගොඩාක් ලොකුයිනේ…….”
“මම නෙවෙයිනේ අම්ම ස්කෑන් කරන්න බෑ එනකම්ම් ඉමු කවුද කියලා බලන්න කිය කිය ඉන්නේ ඔය මැට්ටීනේ….එයාටම කියන්න…..කොහොමත අම්මා මේ මන්ත් එකේ වීඕජී ලගට තාම ගියේ නෑනේ….හෙට යනවා එතකොට චෙක් කරලා ඩොක්ටර් කියවිනේ….”
“හ්ම්….පණ්ඩිත නොවී ඒව කරගන්න හොදද මගේ බට්ටිච්චී……”
අම්මා කීවේ චිනූ දෙස ආදරයෙන් බලමින්…
චිනු ඊට පෑ සිනහව පවා වෙහෙසකාරී ය.
පසුදා චිනූත් සෝනුත් වෛද්‍ය මධ්‍යස්තානයට ගියේ චිනූව ප්‍රතම වරට ස්කෑන් පරික්ශාවකට යොමු කිරීමටයි…..
“හලෝව් මිස්ටර් ඇන්ඩ් මිසිස් ඒකනයක…..කම් ඇන්ඩ් සිට්…”
වෛද්‍යවරයා සුහදශීලීව චිනූ සෝනු යුවල පිලිගත්තා
……
“තෑන්ක් යූ ඩොක්ටර්….”
“මිසිස් ඒකනායක ලාස්ට් මන්ත් එකේ එනවට වඩා සෑහෙන්න මහත්වෙලානේ ආ…..කොහෙද දෙන්නම ස්කෑන් එකක්වත් කරගත්තේ නෑනේ…….”
“ඔව් ඩොක්ටර් ….ඒත් මේ මන්ත් එකේනම් කරන්න් හිතන්මයි ආවේ……”
“ඔව් මිස්ටර් ඒකනායක ඒක හොදයි…..ඔයා නොකීවත් ඒක මට කරන්න වෙනවාමයි මිසිස් ඒකනායක දැක්කාම
…එයා එච්චර උස නැති නිසා මෙහෙම මහත් උනාම අපිට නෝර්මල් ඩිලිවර් එකකට යන්න බැරිවෙනවා බොහෝ දුරට…..”
මෙසේ පැවසූ වෛද්‍යවරයා චිනූව ස්කෑන් පරික්ශාවකට ලක් කර ආපසු පැමිනියේ බැරෑරුම් මුහුණක් මවාගෙන
…සෝනුට මෙය ගැටළුවක්….ඔහුගේ සිතේ උපන්නේ මහගුබියක්……තම බිරිද වාගේම දරුවා ගැනත්…..
“ඩො…ක්ටර්…..”
කොල්ලා වෛද්‍යවරායා ඇමතුවේ සැලෙන ස්වරයෙන්…..
“මිස්ටර් ඒකනායක……..සතුටුදායක වාගේම ටිකක් අවදානම් තත්වයක්…..”
වෛද්‍යවරයා කියන්නේ අවදාරණයෙන්…..
“මොකද්ද ඩොක්ටර්.”
“ඔයා එක බබෙක්ගේ නෙවෙයි බබාලා දෙන්නෙක්ගේ තාත්ත වෙන්නයි යන්නේ……ඒත් ඒක මිසිස් චෙනායා ට ටිකක රිස්කි….එයා ටිකක් පොඩි කෙනෙක්නේ…ඒ නිසා අපට නෝර්මල් ඩිලිවර් එකකට කොහොමටත් යන්න බෑ…එයිට් ඔර් නයින් මන්ත් වලින් බබව සීසර් කරලා ගන්න වෙනවා……….එතකම් එයාව සෑහෙන්න පරිස්සමින් බලාගන්න වෙයි…………”
වෛද්‍යවරයා කියද්දී සෝනුට මහත් දුකක දැනුනා……තමාගේ ලෙයට උපතදෙන්නට චිනූ විදින වද වේදනා නිසාම…….එවිටම වාගේ චිනූ ද එතැනට ආවා…..වෛද්‍යවරයා සිනාමුසුව ඈට මුහුණ දුන්නා…..
“කන්ග්‍රැජුලේශන්ස් මිසිඅ ඒකනායක…ඉතින් දාන් එක්කෙන්ක්ට නෙදෙයි දෙන්නෙක් ටම ලෑස්ති වෙන්නකෝ…..”
“තෑන්ක් යූ ඩොක්ටර්…..”
චිනූ සතුටින් වෛද්‍ය මධ්‍යස්තානයෙන් පිට උනත් සෝනුනම් පිට උනේ හිතේ මහා බරක් පොදි බැදන්…….
“අයියේ….ඔයා අවුලකින්ද?මට මොනා හරි කියන්නේ නැද්ද?”
වාහනයෙන් යද්දී සෝනුගේ මුහුනේ කලු වලාවන් චිනූගේ ඇස්වලට හසු උනා…..
“නෑ බබා මුකුත් නැ…….බබාලා දෙන්නෙක්නේ ඔයා ගොඩාක් පරිස්සම් වෙන්න…..මට දුකයි මැනික ඔයා මේ විදින දුකට…..”
“අනේ පිස්සා අම්මා කෙනෙක් දෙන එක මොන තරම් වටින දෙයක්ද අයියේ……මොන අමාරුව තිබ්බත් මම සතුටින්නේ……”
කෙල්ල කියද්දී කොලා නිහඩවම වාහනය පදවන් ආවේ පුලුවන් තරම් පාරිස්සමට හිමීට……….
සෝනුට ඕන වෙන්නේ දැන්නම් තම බිරිදත්දරුවනුත් ප්‍රවේසම් කරගැනීම පමණක්මයි……
දිනෙන් දින ගත උනේ චිනූගේ කුස තව තවත් මෝරමින් වාගේම චිනූගේ අපහසුතාද තීව්‍ර කරමින්……මේ වෙනකොට චිනූගේ කුසට මාස අටක් වීමට ඇත්තේ ත්වත් සතියක කාලයකි……
චිනූට රෝහලේ නැවතීමට තවත් සතියක් පමණ තිබේ…….නමුත් එක් රාත්‍රිය ක චිනූගේ කොන්ද දෙසින් ආ ඇවිලීමක් චිනූව මහත් අපහසුතාවයකට පත් කළා………
චිනූ කෙදිරිගාමින්ම මදක් ඇදෙන් බැසගන්න්ට උත්සාහා කලා ……ඈට පළවන ප්‍රසූතිය නිසා මේ වේදනාව කුමක්දැයි තේරුම් ගන්නට නොහැකි උනා……එනිසාම තනිවම ඇදෙන් බැස ගත්තේ මදක් ඇවිදීමටයි.
……….
නමුත් බැස ගත් පසුව ඈට පය ඔසවා තබන්නට හැකි වුනේ අඩී කිහිපයක් පමණයි …….
සියල්ල තමා වටා බ්‍රමණය වනවා වගේ ඈට දැනුනා….
…තම කුසට අත තබාගත් ඈට දැනුනේ අප්‍රමාණ බියක…..එනිසාමා “අයියේ”යැයි හැකි පමණ හඩින් කැගසා කේල්ල බිමට ඇද වැටුනේ ඇගේ හඩට අවදි උන සෝනුගේ ලේ වතුර කරමින්……..
මතු සම්බන්ධයි …..