නිහඬ කටකාර ආදරේ …. 02
02 කොටස
ධනුශ් කියපු කතාවට චතුරත් හොල්මන් වුනා.
” අඩෝ , පොඩ්ඩක් ඉදපන් . උබ එදා මට පෙන්නපු එකීමද මේ ” චතුරත් කෙල්ල දිහා බලාගෙන කල්පනා කරා .
” ඔව් බං , ඒකි තමා . මට කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ ඇස් ” ධනුශ්ට මාර අවුල් , කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා ඉතින් .
ඒ අතරේ ශෙහාරා ගිහින් කැලුම්ට ඉස්සරහින් වාඩි වුනා . චණ්ඩියා වගේ ආවට දැන් නම් පොඩ්ඩක් ගැහෙනවා වගේ . නෙහාරා වගේ ඉන්න නම් ශෙහාරාට කොහොමත් බෑ . මොකද නෙහාරා කියන්නේ දඟ , කටකාර කෙල්ලෙක් . ශෙහාරා ටිකක් නිහඬ චරිතයක් .
” Hi , කොහොමද ඉතින් ? ” කැලුම් කතාවට බැස්සා.
ශෙහාරා වාඩි වෙලා ඉන්න තැනට ධනුශ්ව හොදට පේනවා .
” ආහ් , හොදයි . වරදක් නෑ ” කෙල්ල shep එකේ වචන ටිකක් අහුලලා ගත්තා . නැත්නම් ඉවරයිනේ ඉතින් .
කැලුම්ට නම් දැන් ටිකක් අවුල් වගේ . ” යකෝ එදා නම් මේකිගේ කටට break තිබ්බේ නෑ . අද බලහන්කෝ ඉන්න හැටි . මොකාආආආආක් හරි අවුලක් තියනවා මෙතන ” කොල්ලා හිතුවා .
ශෙහාරා නිකමට වගේ ඉස්සරහ බැලුවේ කැලුම් දිහා කෙලින් බලන්න බැරි නිසා . කොහොමත් කෙල්ලට නෙහාරා වගේ ඉන්න බෑනේ .
කෙල්ල ඊලඟට දැක්කේ ධනුශ්ව . ශෙහාරා දිහා බලාගෙන ඉන්නවා . කෙල්ලට මතක් වුනා එදා library යද්දී එයා දිහා බලාගෙන හිටපු ඒ ඇස් .
” ඔව් , මේ එයාම තමා . එයා හිතයිද දන්නේ නෑ මේ මගේ boy friend කියලා . නංගි නම් මොනා කරනවද මන්දා .ඉක්මන්ට මෙතනින් පැනගන්න ඕනේ . ” ශෙහාරාගේ හිත කැමති වුනේ නෑ ධනුශ් හිතනවට කැලුම් එයාගේ කොල්ලා කියලා . මොකද දැනටමත් කෙල්ල ඒ ඇස් වල තියන ආදරේට ආදරෙයි .
කැලුම් නම් nonstop කතාව. මොනා කියෙව්වද දන්නේ නෑ , කෙල්ල අහගෙන හිටියෙත් නෑනේ මුකුත් .
” මේකාව නම් හරියන්නේ නෙහාරාටම තමා , දෙන්නම එකයි ” ශෙහාරා හිතුවා .
කොහොම කොහොමහරි ශෙහාරා කැලුම් එක්ක පොඩ්ඩක් කතා කරලා ගෙදර ගියා . කැලුම්ට නම් දැන් සැකයි වගේ මේ ගැන .
” ඒහ් මචං , මෙතන මොකක් හරි පොඩි අවුලක් තියනවා බං ” ශෙහාරා ගියාට පස්සේ කැලුම් එහෙම කියාගෙන යාලුවො ළගට ආවා.
” පොඩි ! පොඩි නෙවෙයි බොල , ලොකු අවුලක් තියනවා . ඉස්සෙල්ලා කාලා ඉදපන්කෝ , මන් පස්සේ පැහැදිලි කරන්නම් ” චතුර කිව්වා .
මූට ඉතින් මොකටත් කලින් කෑම තමා .
” එක්කෝ උබලා දෙන්නා හොද ලනුවක් කාලා ඉන්න එකේ ආය අමුතුවෙන් කන්න ඕනේ නෑ බං , දීපන් එපා නම් මන් කන්නම් ” අපෝ මූ වගේ එකෙක් නම් .
” ඊට වඩා නරකද උබ අපිව කෑවා නම් , මචං කැලුම් ඒ හිටියේ මන් එදා කියපු කෙල්ල බං ” ධනුශ් කෙලින්ම කිව්වා .
” නෑ !! සිරාවටමද බං , මටත් පොඩි අමුත්තක් දැනුනා . මොකද බං එදා මේකිට nonstop කියවන කටක් තිබ්බේ , ඒත් අද ම්හ්, no කතා . එතකොට මේ උබ කියන එකී නම් මන් කියපු පිස්සු හෝන්තුව කෝ බං ” දැවෙන ප්රශ්න ඉතින් දැන් කොල්ලො ටිකට .
” ඒක නම් මන් දන්නේ නෑ බං , හැබැයි මේ ආවේ නම් මන් කියපු කෙල්ලම තමා ” ධනුශ් කිව්වා .
” මචං , ඔය සෝස් බෝතලේ දීපන් මෙහාට “
මෙච්චර දැවෙන ප්රශ්නයක් තියද්දි මූ තව සෝස් ඉල්ලනවා .
” කොහොමත් බං මේ ලෝකේ එක වගේ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න බැරිකමක් නෑනේ බං ” පිඟානට සෝස් තලියක් හලා ගන්න ගමන් චතුර කිව්වා . මොලේ ඇති කතාවක් කිව්වමද කොහෙද .
කැලුමුයි ධනුශුයි මූණෙන් මූණ බලාගෙන ඊලඟට චතුර දිහා බැලුවා .
” ඇයි බං ඔහොම බලන්නේ , සෝස් බෝතලේ ඉල්ලුවා නම් දෙනවනේ ඉතින් . කන්න වගේ මගේ දිහා බලන්නේ ”
*****************************************
” මේ මට නම් බෑ ආය මේ ගොන් වැඩ කරන්න . තමුසේ ඕන මගුලක් කරගන්නවා තනියම ” ශෙහාරා bag එකත් ඇඳට විසි කරලා දාලා ,ආපු ගමන් නංගිව අනුභව කිරීමට සූදානම් වුනා .
” ආහ් , වැඩේ කාලා ආවද ? මට හිතුනා . මේ ගොන් ගහ කොහෙද ඉතින් මන් වගේ ඉන්නේ එතන ගිහින් ” නෙහාරා දන්නවා ඉතින් අක්කිට ඒ වගේ නටන්න බෑ කියලා . එසේ මෙසේ දැඟලිල්ලක් ඇයි මේකිට තියන්නේ .
” මොකද දෙන්නා මේ බෙරිහන් දෙන්නේ අහ් , වටපිටාවේ මිනිස්සු නෑ කියලා හිතුවද “
අපොයි !!! හදිසි ප්රහාරක අංශේ දොර ළගටම ඇවිත් . එනකන්ම දන්නෙත් නෑ .
අම්මගේ සද්දෙට දෙන්නම කටවල් වහගත්තා . අක්කගෙයි නංගිගෙයි වැඩ දන්නවා නම් දරුකමෙනුත් අයින් කරයි .
” නෑ අම්මේ , අපි මේ පොඩි drama එකක් පුරුදු වෙනවා ” නෙහාරා පැනපු ගමන් කිව්වා . කොහෙන් කටට එනවද දන්නේ නෑ මේ බේගල් .
” ඔව් ඔව් මට පේනවා drama කෙසේ වෙතත් දෙන්නත් එක්ක හොද නැටුමක් නටන්න යනවා කියලා ” අම්මා එහෙම කියාගෙන යන්න ගියා.
” නැටුවා කියලා ඉතින් අම්මට බෑණලා දෙන්නෙක් හොයලා දෙන්නේ කොහොමද , මට ඉතින් තාලෙට අඩියක්වත් තියාගන්න බෑනේ කොහොමත් ” නෙහාරා අම්මා ගියාට පස්සේ කිව්වා .
” ඒක බැරි වුනාට ඊට වඩා වැඩ කරන්න නම් පුලුවන්නේ ඉතින් , මන් නම් නෑ ඕවට . අරයා මොනා හිතුවද දන්නේ නෑ “
ශෙහාරා කියාගෙන කියාගෙන ගිහින් අන්තිමට අර අරයා ගැනත් කියවෙලා තමා නැවතුනේ .
” මොකාද බොලේ අරයා ? . සුදු අක්කී , කන පලාගන්නේ නැතුව මේ නංගිට කියනවා කොරයා ගැනද ඒ කිව්වේ කියලා ” නෙහාරා මරණ තරජන එල්ල කරා .
” දැන් ඉතින් ඉවරයි . මගේ කටටත් break නෑ වෙලාවකට මේකිත් එක්ක ඉදලා ” ශෙහාරා හිතුවා .
” ඒයි මොනාද කල්පනා කරන්නේ , කියනවා ඉක්මන්ට ” නෙහාරා පලමු කොට්ට ප්රහාරය ශෙහාරාට එල්ල කරා .
” හරි හරි කියන්නම් ” ඊලඟට මේකි මොකෙන් දමලා ගහයිද දන්නේ නෑනේ ඉතින් . ඒ තරම් සහෝදර ප්රේමය දෝරේ ගලනවා වෙලාවකට .
ඒ නිසා ශෙහාරා අර අරයා ගැන කියන්න පටන් ගත්තා ඉතින් “
****************************************
” මොනාද බං මේ ජීවිත , බලපන් මෙලෝ වැඩක් නෑනේ , මහ ලොකුවට උබලගේ කතාව නම් කසාද බඳින්න ” චතුර දේශනාව පටන් ගත්තා.
කට්ටිය එකතු වෙලා ඕපාදූප කියවනවා . වෙන වැඩකුත් නෑනේ ඉතින් ගෙවල් වල .
” අපි එහෙම හරි හිතනවා . උබ මොකද කරන්නේ , තියන තියන එක කකා ඉන්නවනේ , කෙල්ලෙක්වත් බලයිද ඉතින් ” කැලුම් එහෙම කිව්වා.
” ඒ වුනාට fb එකේ නම් තිබ්බේ කෙල්ලෝ කැමති චුට්ටක් බඩ තියන කොල්ලන්ට කියලා , කෝ උබලට තියනවද ? නෑනේ නෑනේ “
මූ කියන කතාව බලන්නකෝ . ඒක ඇත්තද කෙල්ලනේ ? ( නෑ නේද )
” අපි ඔහේ කාලේ කන එකේ trip එකක්වත් යමුකෝ බං . සසර කලකිරෙනවා බං මෙහෙම ඉද්දි ” දසුන් අලුත් idea එකක් දුන්නා.
” ඇයි බං අපි ගිය මාසෙත් trip එකක් ගියේ . උබට මතක නැද්ද ? ” චතුර ඇහුවා .
” ගිය මාසේ ? කවද්ද ? මට මතක නෑනේ ” දසුන් කල්පනා කරා ඌව දාලා මුන් ටික හොරෙන් ගිහින්වත්ද කියලා .
” උබට අමතක වෙනඑක සාදාරණයි බං . හැමෝම බස් , වෑන් වල trip යද්දි අපි ගියේ මොකේද දන්නවද , උබට හිතාගන්නවත් බෑනේ ? “
” අහ් , මොකේද උබලා ගියේ ? ” කොල්ලව දාලා කට්ටිය ගිහින් වගේ හොරෙන්ම . පවු ඉතින් කොල්ලා .
” කටින් යකෝ කටින් , අපි trip ගියේ කටින් ” අනේ ඇත්තට මේ වගේ එකෙක් නම් .
” හරි හරි බං . මේ අපි සිරාවටම යමු මේ පාර . ගිහින් ඇවිත් අපිට වැඩක් තියනවා ධනුශ් ” කැලුම් සීරියස් පිට කිව්වා .
” ඒ මොකක්ද ? ” ධනුශ් ඇහුවා .
” අර අපි ගොන්නු කියලා හිතාගෙන ඉන්න පිස්සු හෝන්තු දෙකට පාඩමක් උගන්නමු ” මේ පාර නම් නෙහාරාටයි ශෙහාරාටයි වැඩ වරදි වගේ .
” අනේ පලයං බං යන්න . මන් කිව්වේ නැත්නම් උබලා දෙන්නා කොහොමත් ගොන්නු දෙන්නා වගේ තමා වැඩ කරන්නේ , මල් තියලා වැදපන් මට ” චතුර දැන් වීරයා වෙලා .
” එච්චරයි අඩු දැන් . මෙන්න මෙහේ වරෙල්ලා යන්න . අනිත් උන් ටිකත් set කරගෙන මේ පාරවත් trip එකක් යමු “
**************************************
” හෙලෝ , අක්කේ මන් වසන්ති “
නෙහාරාගේ අම්මා 4n එක answr කරලා කවුද කියලා බැලුවා . ” ආහ් , කියන්න නංගි . මුකුත් හදිස්සියක්ද ? “
” අනේ නෑ අක්කේ . පොඩි උදව්වක් ඕනේ . අපි ටික දවසකට ගමනක් යනවා සතියකට වගේ . එතකන් අපේ පොඩි පුතාව නවත්තගන්න පුලුවන් ද ? “
අපොයි !! හොද පොඩි එකා . ගිය පාරකුත් ඇවිත් ජනෙල් වීදුරු දෙකක් බිඳලා ගිය හැටි අම්මට මතක් වුනා . බෑ කියන්නත් බෑනේ ඒ වුනාට .
” අහ් , ඕක මොකක්ද . එවන්න එයාව. අපේ දුවලා දෙන්නත් ඉන්නවනේ “
අනේ ඉතින් මොකට කියනවද , අක්කයි නංගි මල්ලි බබාව හොදට බලාගනී , අපරාදේ කියන්න බෑ .
” හරි අක්කේ . ගොඩක් ස්තූති . කෙල්ලෝ දෙන්නව මතක් කරා කියන්නකෝ “
” හරි නංගි ” අම්මා 4n එක තියලා හැරෙනකොටම මෙන්න මුන් දෙන්නා ඔක්කොම අහගෙන ඉදලා . ඔව් ඔව් වෙන කවුද ඉතින් නෙහාරායි ශෙහාරායි තමා .
” අයියෝ අම්මා , අර පොඩි එකා ගිය පාරත් ඇවිත් වද දීලා ගියා මතක නැද්ද . අපිට නම් බෑ එයාව බලාගන්න ” නෙහාරා යුද්ධය ප්රකාශ කරා.
” එහෙනම් උබලා දෙන්නා පලයල්ලා එලියට . දෙන්නෙක් එක්ක දවසම ඔට්ටු අල්ලන මට , ඒ පොඩි එකා ආවා කියලා වෙනසක් නෑ ඉතින් ” එහෙම කියලා අන්න අම්මා ගස්සගෙන ගියා .
” පව් නංගි , මොනා වුනත් එයා හරි හුරතල් ” ශෙහාරාට ඒ පාර දුක හිතිලා . දරු සුරතල් .
” හොද හුරතල් , බටු ඇටේ වගේ හිටියට රබර් කණ දාගෙන ඉන්නේ හැම එකටම . අපේ plans ඔක්කොම ඉවරයි . ටින් ගානකොට අපේ අම්මගේ කණේ තියයි ඔක්කොම ” නෙහාරා නම් කැමතිම නෑ වගේ .
” ඒයි අක්කී , මෙහේ එනවකෝ ඉක්මන්ට ” ටික වෙලාවකින් නෙහාරා කාමරේ ඉදන් කෑගහන්න ගත්තා .
” sure එකටම බිත්තියේ ඉන්න මකුළුවෙක් දැකලා තමා කෑගහනවා ඇත්තේ , හොද වැඩේ ඇගට පැන්නොත් තියන විසේට ” ශෙහාරා හිනා වෙවී ගියා මොකද වෙලා තියන්නේ බලන්න .
මේන් මේකි ඇඳ උඩ නැගලා නට නටා ඉන්නවා 4n එකත් අතේ තියාගෙන .
” මේහ් මේ බලනවකෝ මේ fb පොස්ට් එක . අර පොඩි එකාගෙන් ගැලවෙන්න පුලුවන් මේ පාර නම් ” නෙහාරා ඒ පාර මොකක්ද කරන්න යන මගෝඩි වැඩේ ???
මතු සම්බන්ධයි .
Hey there! Do you know if they make any plugins to
help with SEO? I’m trying to get my website to rank for some targeted keywords but I’m not seeing
very good success. If you know of any please share.
Many thanks! You can read similar article here: Wool product