නිහඬ කටකාර ආදරේ … 04

04 කොටස

දින කීපයකට පසු ,
” සුරාංගනී සුරාංගනී සුරංගනීට මාලු ගෙනාවා 😂 … ” කට ඇරලා කියපල්ලකෝ බං සිංදුවක් . මේක මළ ගේ වගේනේ බං 😠 .
කොල්ලෝ ටික මේ පාර නම් කටින් නැතුව van එකක් අරන් මේ trip එක යන ගමන් .
” ඒහ් චතුර මගේ bag එක අරන් දීපන් පොඩ්ඩකට ” කැලුම් කිව්වා .
” අඩෝ අපි කන්නද යන්නේ 😝 ” කන බනේමයි ඉතින් .
” පිස්සුද බං , පිටත් වෙලා තාම පැයක්වත් ගියේ නෑ 😒 ” දසුන් කිව්වා .
” අහ් , ගමනක් පිටත් වෙලා පැය කීයකට පස්සෙද බං එහෙනම් කන්නේ 😮 “
මේකාව එක්කන් ආවට වඩා හොදයි ගෙදර තියලා ආවා නම් කියලා හිතෙන්නේ ඔය වෙලාවට තමා 😐 .
මෙයාලා මෙහෙම යන අතරේ තව කට්ටියක් trip එකක් යනවා. හ්ම් , ඔව් ඔව් අපේ කෙල්ලෝ set එක තමා . කෙල්ලෝ විතරක්ම නෙවෙයි , නෙහාරලාගේ scl එකේ කොල්ලොත් ඉන්නවා 😝 .
Scl එකේ පරණ යාලුවෝ ගොඩක් කාලෙකින් meet වුන නිසා කට්ටියටම මාර happy ඉතින් . පරණ කෑලි බෑලි එහෙමත් set වෙලාලු ඉතින් මේ වෙලාවේ 😅 .
” බලපන්කෝ බං ඉස්සර අපේ පන්ති වල හිටපු කෙල්ලෝ දැන් ඉන්න විදිහ . ඉස්සර හොටු පෙරාගෙන හිටපු උන් දැන් නිකන් හින්දි නිලියෝ වගේනේ 😛 ” දේවින්ද බස් එකේ ඉන්න කෙල්ලෝ දිහා බලාගෙන කිව්වා .
” හරි හරි අපි දන්නවා ඉතින් උබ ඔය කාගේ දිහා බලාගෙනද හූල්ලන්නේ කියලා 😉 ” චාමර එහෙම කිව්වම ඔක්කොම හිනා වුනා පරණ දේවල් මතක් වෙලා 😂 .
” මතක ද බං මූ ශෙහාරාට කියලා නෙහාරාට lv letter එකක් දීලා හොදට අහගත්තා 😅 , අම්මෝ ඒකිගේ කට. පස්සේ තමා දන්නේ දෙන්නා මාරු වෙලා කියලා ” කවීශ කිව්වා .
විනෝදෙන් කාලය ගෙවී ගෙන යද්දි කඳු පල්ලම් අතරින් ගිය ඒ ගමන කොල්ලෝ කෙල්ලෝ ටිකට අමුතුම අත්දැකීමක් වුනා 😍 .
” ඒහ් අන්න අතන දිය ඇල්ලක් . උදේට කන්න අපි එතන නතර කරමුකෝ ” කෙල්ලෝ ටික කෑගැහුවා .
Trip ආපු ගොඩක් වාහන එතන නවත්තලා හිතේ හැටියට විනෝද වෙනවා. බස් එක නවත්තපු ගමන් කට්ටියම බැහැලා ගියා.
” ඒහ් රිශී , එන්න අපි selfi යක් ගමු 😝 ” නෙහාරා කෑගහලා යාලුවෝ set එකට කිව්වා .
හැමෝම එක එක ලෝක වල . සමහරු selfi ගන්නවා ඉවරයක් නැතුව . තවත් අය ඕපාදූප කියවනවා ගොඩක් කාලෙකින් meet වුන නිසා . සමහර අය නම් බැහැපු ගමන් කෑම සඳහා සූදානම් 😝 . කොහේ ගියත් වෙලාවට කන්න එපැයි ඉතින් නේද ?
කට්ටියම කෑම කාලා ටිකක් වාඩි වෙලා හිටියා.
” නෙහාරා , අතන දිය ඇල්ල ළගින් පහලට බහින්න පඩි පෙලක් තියනවා . කොල්ලෝ නම් ගියා , අපිත් යමුකෝ 😊 ” නෙතූ කිව්වා .
ඕන දඟ වැඩක් , චණ්ඩි වැඩක් නම් ඉතින් නෙහාරාව තමා හවුල් කරගන්නේ 😆 , මේකිත් ඉතින් පැනගෙන යනවනේ ඕවට .
” අප්පා , එහෙමද යමු යමු එහෙනම් . කොල්ලොන්ට පුලුවන් නම් අපිට බැරි මොකද ” කියපු ගමන් කෙල්ල ඉස්සර වුනා 😉.
කෙල්ලෝ ටික යනකොටත් කොල්ලෝ ටිකක් පහල ඉන්නවා කට්ටිය දැක්කා . පණ්ඩිතකමට ආවට පහල්ට යන එක එච්චර ලේසි නෑ කියලා කෙල්ලෝ ටිකට තේරුනේ ටිකක් දුර යද්දි .
” ආහ් , අයියෝ … ” එක පාරම ඇහුන සද්දෙට කට්ටියම බැලුවා මොකද වුනේ කියලා 😮 .
අපොයි ! ශෙහාරාගේ කකුල ලිස්සලා අන්න පහලට වැටෙනවා 😱 .
” අක්කී !!! ” නෙහාරා හොදටම බය වුනා . මොනා වුනත් ඉතින් එකම සහෝදරීනේ 😘 .
පහල හිටපු කොල්ලෝ ටිකත් බැලුවා කවුද කෑගහන්නේ කියලා . හැබැයි ඒ වෙද්දිත් ශෙහාරා පාමුලටම ඇවිත් , කෙල්ල හොදටම බය වෙලා 😨 .
ඊලඟ තත්පරේ මොකද වුනේ කියලා කට්ටිය හිතන්නත් කලින් ශෙහාරාව වතුරට වැටුනා 😦 .
” අනේ එයාව බේරගන්න ” නෙහාරා කෑගහගෙන ඉක්මන්ට පහලට බැස්සා. තිබ්බ බයටයි කලබලේටයි කොහොම පහලට බැස්සද දන්නේ නෑ එච්චර වේගෙන් 😉 .
ශෙහාරා ගිලෙන්නේ නැතුව ඉන්න කොච්චර try කරත් වතුර ගලාගෙන යන සැරට එහෙම ඉන්න බෑ .
කෙල්ලව වතුරට වැටෙනවා දැකපු ගමන් එතන හිටපු කොල්ලෙක් වතුරට පැන්නා කෙල්ලව බේරගන්න හිතාගෙන 😍 .
වතුර පෙවිලා හිටපු කෙල්ලගේ ඇස් පියවෙනවත් එක්කම කවුදෝ අතින් අල්ලගත්තා වගේ ශෙහාරාට දැනුනා.
සීතලෙන් මුළු ඇඟම වෙවුලලා යද්දි කෙල්ල හෙමින් ඇස් ඇරියා.
” ම්ම්ම්ම් … මෙයා කොහොමද මෙතන ? මොකද වුනේ මට ? 😮 ” ශෙහාරා ඒ ඇස් දිහා බලාගෙන නැගිට්ටා .
” අම්මෝ ඇති යන්තන් අක්කි , ඔයා හොදින් නේද ? 😘 අපි හොදටම බය වුනා ” නෙහාරාගේ සද්දෙට ශෙහාරා හැරිලා බැලුවා .
ශෙහාරා වතුරට වැටෙනකොට එයාව බේරගන්න වතුරට පැන්නේ වෙන කවුරුත් නෙවෙයි , ධනුශ් !!!
නෙහාරාගේ සද්දෙට ධනුශ් හැරිලා බැලුවේ මොකද වුනේ කියලා . පඩිපෙළ පහලට වැටෙන ශෙහාරාව දැක්කම කොල්ලට ඔක්කොම අමතක වුනා 😊 .
” ම්ම්ම් … නැගිටින්න , අපි උඩට යමු ” නෙහාරා ගෙනත් දුන්න ටවල් එක කෙල්ලට පෙරවලා ධනුශ් අත දික් කරා ශෙහාරාට නැගිටින්න 😍 .
ශෙහාරා ධනුශ්ගේ අත අල්ලගෙන නැගිට්ටා . ඒත් පඩිපෙළ නගින්න තරම් ශක්තියක් නම් කෙල්ලට තිබ්බේ නෑ ඒ වෙද්දි .
ධනුශ්ට තේරුනා ශෙහාරාට යන්න අමාරුයි කියලා . කොල්ලා දෙපාරක් හිතුවේ නෑ , හැමෝම බලාගෙන ඉද්දි ධනුශ් කෙල්ලව හරහට වඩාගත්තා 😍 .
” දැන් යමු 😊 ” එහෙම කියලා කොල්ලා ඉස්සර වුනා.
” මචං , මාත් වතුරට පනින්නද 😝 ” චතුර දිලුම්ගෙන් ඇහුවා .
” ඒහ් මොන මගුලකටද 😒 ? ” දිලුම් පුදුම වෙලා චතුර දිහා බැලුවා .
” එතකොට මාවත් අතන ඉන්න ලස්සන කෙල්ලෙක් ඇවිත් බේරගෙන වඩාගෙන යයි නේද බං 😍 ” චතුර එහෙම කියලා නෙහාරලාගේ යාලුවෝ ටික පෙන්නුවා . පව් ඉතින් පොඩි එකාගේ ආසවනේ 😅 .
” ඔව් ඔව් උස්සන් යන්න තිබ්බා උබ ගල් රෝල වගේ හිටියේ නැත්නම් 😂 , මෙන්න මෙහේ වරෙන් යන්න 😒 ” දිලුම් , චතුරවත් ඇදගෙන ගියා.
” ආහ් නංගී , ඇයි ඔයාලවත් වඩාගෙන යයි කියලද බලාගෙන ඉන්නේ මෙතන 😛 ” චතුර නෙහාරාටයි එයාගේ යාලුවන්ටයි කිව්වා .
” නෑ , ඊලඟට කාවද වතුරට දාන්නේ කියලා බැලුවේ 😉 . අයියව දාන්නද ? හැබැයි බේරගන්න නම් කවුරුත් නෑ මෙතන ” රිශිනි එහෙම කිව්වම කට්ටියම හිනා වුනා .
නෙහාරාට නම් දැන් ලැජ්ජාවේ බෑ 😦. කලින් තිබ්බ කට දැන් කොහේ ගිහින්ද දන්නේ නෑ කොල්ලෝ ටික දැක්කම 😅 .
ඒ අතරේ කැලුම් ආවා නෙහාරා ළගට . කොල්ලා ළගට එනකන්වත් කෙල්ල දැක්කේ නෑ 😝 .
” ආහ් , රෙහානා කොහොමද ඉතින් 😆 ? ” කැලුම් නෝන්ඩියට වගේ ඇහුවා . දැන් ඉතින් ඔක්කොම අහු වුනානේ twins ලා දෙන්නෙක් මේ ඉන්නේ කියලා .
” රෙහානා ?? රෙහානා නෙවෙයි අයියා , මෙයා නෙහාරා ” අපෝ ! කෑවනේ ඉතින් ඉතුරු ටිකත් 😠 . නෙහාරාගේ යාලුවෙක් වුන සිතුමි එහෙම කිව්වම නෙහාරාට පොළොව පලාගෙන යන්න හිතුනා . මුන්ටත් කට තියාගෙන ඉන්න බෑනේ ඉතින් 😒 .
” ඕහ් එහෙමද , එතකොට අර වතුරට වැටුන නංගි කවුද ? ” කැලුම් සිතුමිගෙන්ම ඇහුවා .
” ආහ් , එයා ශෙහාරා 😂 “
ඒ පාර නම් නෙහාරා ඔරවලා බැලුවා සිතුමි දිහා 😠 . පව් කෙල්ල , එයා බලනවා මේ මොකද කියලා 😅 .
” මුන්ටත් ඉතින් කොල්ලෙක් මොකක් හරි ඇහුවම ඊට වඩා දෙයක් නෑ 😒 ” නෙහාරා එහෙම හිත හිතා , ” සිතුමි ඔයාලා යන්න දැන් , අපි එන්නම් ” කියලා කට්ටියව shep එකේ යැව්වා . නැත්නම් තව මොනා කියයිද දන්නේ නෑ මුන් 😠 .
නෙහාරා , කැලුම් දිහාට හැරෙනකොට කොල්ලා ඉන්නවා අත් දෙකත් බැදගෙන දරුණු විදිහට 😮 .
අම්මෝ ! බයේ බෑ දැන් නම් 😨 .
” මොනාහරි කියන්න තියනවද මැඩම් 😉 ? ” කැලුම් ඇහුවා .
” ආය මොනා කියන්නද ඉතින් , වැඩේ කාලා ඉවරයිනේ ඉතින් දැන් . අපෝ ! ලැජ්ජාවේ බෑ 😭 ” නෙහාරා කල්පනා කරනවා .
” ආහ් , මුකුත් නෑ 😆 . ම්ම්ම් …. S O R R Y … ” අමුතු action ටිකක් දාලා එහෙම කියලා කෙල්ල දුවගෙන ගියා 😝 .
” පිස්සි 😍 ” කැලුම්ටත් හිනා .
හැමදේම මෙහෙම වෙද්දී තව එක්කෙනෙක්ට නම් පොඩ්ඩක් අවුල් මේ වෙන දේවල් දැකලා 😐 .
” ඒහ් මචං , අර බලපන් ” ශෙහාරාව වඩාගෙන පඩිපෙළෙන් උඩට ආපු ධනුශ් දිහා බලලා චාමර , දේවින්දට කිව්වා .
” මොකක්ද බං මේ වෙන්නේ 😮 ” නෙහාරාගේ scl එකේ කොල්ලෝ ටික බලාගෙන ඉන්නවා මොකක්ද මේ අලුත් film එක කියලා 😉 .
ධනුශ් , ශෙහාරාව බස් එක ඇතුලටමඑක්කන් ගිහින් ශීට් එකෙන් වාඩි කරවලා බැහැලා ආවා කෙල්ලෝ ටික ළග ඉන්න නිසා.
” කවුද බං ඒ රෝමියෝ 😍 ? “
” වතුරට වැටුනට පාඩුවක් වුනේ නෑ නේද බං 😝 “
” ඒහ් මටත් හොයලා දීපන්කෝ ඒ වගේ කොල්ලෙක් 😊 “
ඔන්න කට්ටිය පටන් ගත්තා එයාලගේ අදහස් ප්රකාශ කරන්න 😉 .
” අපෝ , වහගනිල්ලකෝ ඔය හැකර කටවල් ටික 😠 ” නෙහාරා කෑගැහුවා .
” ආහ් , හරි හරි උබටත් හම්බවුණානේ හැරී කුමාරයාව 😉 . මේ කවුද බං ඌ ? මාර handsome 😍 “
” මන් දැක්කා අන්න ශෙහාරාගේ පරණ lv එක මූණ එල්ලගෙන ඉන්නවා ” රිශිනි කිව්වා .
” කවුද ??? 😮 ” නෙහාරායි ශෙහාරායි දෙන්නම එක පාර ඇහුවා .
” ඇයි බං දේවින්ද , ඌ තාම උබ ගැන හිතනවා ශෙහාරා 😐 ” නෙතූ එහෙම කිව්වම ශෙහාරා ජනේලෙන් දේවින්ද දිහා බැලුවා , ඊලඟට ධනුශ් දිහා 😶 .

මතු සම්බන්ධයි . 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *