දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ 11

**එකොලොස්වන දිගහැරුම**

අනූපමා සිටියේ දැහැමි කෙරෙහි උපන් විශාල කෝපයකින්…ඒ නිසාම ඉන් පසු ඈ නිහඩව සිටීමට වග බලා ගත්තා….

භානුක ඔහුගේ මවටද දැහැම් නිසා මුසාවන් පවසා ඇයට අවශ්‍ය කරන දේවල් සහ කෑම බීමත් රැගෙන යලිත් රෝහල වෙතට පැමිනියේ මේ වෙනකොටත් දැහැම් සුවය ලබා සිටින හෙයිනි….

භානුකගේ මව රෝහලට පැමිණීමට පෙරැත්ත කලත් හවස් වන විට දැහැමිට නිවසට පැමිණය හැකි බව පවසා ඇයව අස් වසා භානුක යලි පැමිණෙන්නට වූයේ…..

***************************

භානුක දැකි ගමන්ම දැහැමිට ඔහුට මුහුන දීමට තරම් ශක්තියක් තිබුනේ නැහැ…ඇය සිදු කර ගන්නට ගිය දේ නිසා තමා පිළිබදවම සියුම් ලැජ්ජාවක් දැහැමිට ඇති වූවා….

එහෙත් භානුක මේ වෙනකොටත් ඇය ඉදිරියේ සාමාන්‍ය අයුරින් හැසිරෙන්නට වුනා…ඔහු ඇය සමග වැඩිය කතා බහ නොකලේ පසුව නිදහසේ දැහැම් සමගින් සියළු දේ පවසා තීරනයක් ගැනීමට සිතාගෙනයි….

අනූපමාද භානුක ඉදිරියේ සාමාන්‍ය අයුරින් සිටින්නට උත්සාහ කලා ….

වෛද්‍ය උපදෙස් අනුව සවස් වන විට දැහැමිට රෝහලින් යාමට අවසර ලැබුනා ….

භානුක දැහැම්ත් අනූපමාත් සමගින් යලි කාරයට නැගුනේ නිවස බලා ඒමටයි…අතර මග කාරය නතර කල ඔහු නිහඩවම බැස ගියා…..නැවතත් මද වේලාවකින් ඔහු පැමිණියේ තැඹිලි ගෙඩි දෙකක් අතැතිවයි……

දැහැම් කෝ මෙන්න මේ තැඹිලි ගෙඩිය බීලා ඉන්න…දැන් ඔයා නිතරම වතුර බොන්න…කාලයක් යනකල් මේ කර ගත්තු මෝඩ වැඩ වලට තමන්ටම දඩුවම් ලැබ්ලනේ තියෙන්නේ….ආ……බොන්න හොද ළමයා වගේ….ඔහු අනූපමා අතද තැඹිලි ගෙඩියක් තබන ගමන් දැහැමිට පැවසුවා ….

මේ ආදරය…..මේ සොයා බැලීම්…..මේ ලෙංගතුකම්….සියල්ල තමා වෙනුවෙන් නේද…..මේ බෝසත් ගතිගුණ ඇති තරුණයා තමාට දක්වන ආදරය කරුණාව දැනෙන්නේ හදවතටයි….තැඹිලි ගෙඩිය දෙස බලාගෙනම ඇගේ දෑසින් කදුලක් වැටෙන්නට විය…..

ඕක දුන්නේ බොන්න ළමයෝ….ඕක දිහා බලාගෙන ඉන්න නෙවෙයි….ඉක්මනින් බීලා දෙන්න…වාහනේ ගොඩක් වෙලා මෙතන නතර කරන් ඉන්නත් බෑ…..භානුක දැහැම්ට පැවසුවා…..

*****************************

නිවසට ගොඩවූ ගමන් රම්‍යා මහත්මිය දැහැම් අසලට පැමිණ ඇගේ දෑතින් අල්ලා ගත්තා…

මොකද උනේ දරුවෝ….රෑ අමාරුවක් තිබුන නම් අපිට කතා කරන්න එපායෑ….මං පුතා කියනකල් දැනන් හිටියේ නෑ….දැන් අඩුයිද දුව….?
ඇය දැහැමිගෙන් විමසුවා….

දැන් අඩුයි ආන්ට්….
දැහැම් කලබලයෙන් උත්තර දුන්නා…

පුතා කිව්වා දුවට හවස් වෙනකොට එන්න පුළුවන් වෙයි කියලා…ඒකයි මං නතර උනේ දුව…බලන්න ඔයා හේබා වෙලා ගිහින්….දැන් ටිකක් හොදට කාලා බීලා රෙස්ට් කරන්න…ඕන දෙයක් තියෙනව නම් මට කියන්න දරුවෝ…කරදරයක් කියලා හිතන්න එපා….
ඇය දැහැමිගේ හිස අත ගා පැවසුවා….

කාමරයට ගිය දැහැම් නාන කාමරයට වැදුනා….

අනූපමා ඒ අතරේ මේසය මත නවා තිබෙන ලිපියක් ඇස ගැටී වහා ගොස් එය දිගහරිමින් කුතුහලයෙන් කියවන්නට වුනා…අවසානයේ ඇය විමතියට පත්ව දැහැම් ගැන තවත් කෝප ගත්තා …

අනේ….ඇත්තට මෙකි වගේ ගොන් හරකියක්…මෙච්චර දේවල් මට හංගලාද….මං අනන්ත කිවුවා…අශේන් අයියා වගේ රූපයක් තිබුනා කියලා අදුරන්නේ දන්නේ නැති එකෙක්ව විශ්වාස කරන්න එපා කියලා…ශික් මට නම් පුදුම තරහක් එන්නේ……එහෙන් භානුක අයියා….එයා එතකොට මේ හැම දේම දැනගෙනද මේකිට උදව් කරලා තියෙන්නේ…පව්……මේ ගොන් හරකි මැණික් ගලට පයින් ගහලා අර කොහෙවත් යන වනචරයෙක්ට රැවටුනා….මේ හැම දේම දැනගෙනත් භානු අයියා මේකිට ආදරෙයි කියන්නේ තවත්………..මට නම් ඇත්තටම පුදුමයි…..ඒ ආදරේ භාර ගන්න මේ ගොනීට පින නෑ ….
අනූපමා සුසුම් අතරින් සිතන්නට වුනා…..

************************************

දැහැම් කල්යල් බලා භානුක මුණ ගැසුනු විට හඩාගෙනම ඔහුගේ දෙපතුල් ළග වැද වැටුනා….

ඉන් කලබලව ගිය භානුක වහා ඇයගේ උරහිසින් අල්ලා නැගිටුවා ගත්තා…

දැහැම් ඔයා මේ මොනවද කරන්නේ ළමයෝ…ආ…ඇයි මේ…..

අයියේ අනේ මට සමාවෙන්න….මට අයියා කරපු උදව් වලට මං ජීවිතකාලෙම ණය ගැතී….මගේ ජීවිතේ බේරගත්තට අයියට ගොඩාක් පිං….මං ඒ වෙලාවේ දුර දිග හිතුවෙ නෑ…..
දැහැම් කදුළු පිරුනු දෙනෙතින් භානුක දෙස බලා පැවසුවා….

මේ අහන්න ළමයෝ….දැන් ඒ සේරම අමතක කරන්න…ඒක ඔයා දැකපු නපුරු හීනයක් කියලා හිතන්න…ආයේ ජීවිතේ ගැන අළුත් විදිහට හිතන්න…ඔයා තවම පුංචි කෙල්ලෙක් දැහැම්….
භානුක අගේ හිස සෙනෙහෙබරව පිරිමදිමින් පැවසුවා…..

*****************************

දින කිහිපයකින් පසු දැහැම් නැවතත් අනූපමා සමගින් රැකියා ස්ථානයට යාමට සැරසුනා….භානුක සුපුරුදු පරිදි රෝහල කරා යන අතරේ ඔවුන් දෙදෙනාවද රැගෙන ගියා…..

දිනක් හවස වැඩ නිම වී දැහැම් සමගින් අනූපමා බස් නැවතුම්පොළ දක්වා පැමිණ බලා සිටියේ ඔවුන්ට නියමිත බසය එනතෙක්ය…

ඒත් එක්කම ශශීල්ගේ කළු පැහැති මොන්ටේරෝ රථය ඔවුන් පසු කර ගොස් ඉදිරියෙන් නවතා ඔහු දැහැමිව දැක කලබලයෙන් ඇය සිටි තැනට ඇවිද එන්නට වුනා….

ශශීල්ව දැකි ගමන්ම දැහැම් බියෙන් තැතිගෙන අසල සිටි අනූපමාගේ අත තදින් අල්ලාගෙනම ඔහු දෙස බලා සිටින්නට වුනා….

අනූපමා දැහැම්ගේ වෙනස් වීම දෙස බලා ඇගේ දෑස් රැදී තිබෙන දෙස බලන්නට වුනා…

බය නැතුව හිටපන් දැහැම්…ඒකා එන්නේ මොකාටද කියලා අපි බලමුකෝ…..

අනේ අනූ මාව ගැගෙනවා බං…..දැහැමිගේ දෑත් සීතලව ගොස් තිබුනේ බියෙන්මය….

දැහැම් ප්ලීස්….I am really sorry….මට ඔයත් එක්ක විනාඩියක් කතා කරන්න ඉඩ දෙන්න…ප්ලීස් ඇවිල්ලා වාහනේට නගින්න බබා…මං එදා එහෙම හැසිරුන එක වැරදී…ප්ලීස් බබා මට වැරැද්ද හදා ගන්න අවස්ථාවක් දෙන්න…
ශශීල් දැහැම් ඉදිරියේ බැගෑපත් වන්නට විය….

මේ….මිස්ටර්…එයා ඔයා එක්ක කතා කරන්න කැමති නෑ…කරුනාකරලා ආපු අතක් බලාගෙන යන්න….
අනූපමා ඔහු වෙත දැඩ් බැල්මක් හෙලා පවසන්නට විය….

දැහැම්…ඔයා එනවා නේද බබා….
ශශීල් දැහැම්ගේ අතකින් අල්ලා ගන්නට සැරසෙමින් පැවසුවා….

ඒත් එක්කම ශශීල්ව පැත්තකට විසිවී ගොස් සැනෙකින් තවත් අයෙකු දැහැම්ව අල්ලා ගත්තා…

අනූපමාත් දැහැමිත් එක්වරම දෑස් ඔසවා බැලුවේ පුද්ගලයා දෙසයි….

යක්ෂාවේශ වූවකු සේ ශශීල් දෙස කෝපයෙන් බලා සිටියේ වෙන කවරෙකුවත් නොව භානුකයි….

ඔහු දැහැම්ව වටයක් කරකවා ඇගේ ගෙලවටා එක් අතක් දමා තමා වෙතට
ළං කර ගත්තා…

එවර ශශීල් ලැජ්ජාවෙන්ම වට පිට බලා නැවතත් නැගී සිටියේ භානුක දැවී යන තරම් බැල්මකින්…

උඹ මොකා උනත් මට කමක් නෑ…මීට පස්සෙ මේ කෙල්ලගෙන් ඈත් වෙලා හිටපන්..හරිද….
භානුක ශශීල්ට කෝපවත් හඩින් පැවසුවා…

මං එයා ගාවට ආවම උඹට මොකක්ද තියෙන අමාරුව යකෝ….අහක යන ප්‍රශ්න වලට පැටලෙන්නේ නැතුව යන දේවාලෙක පලයන්…මං දැහැම් එක්ක බලා ගන්නං …

ඔව් මට අමාරුවක් තියෙනවා…මේ ඉන්නේ මං බදින්න ඉන්න කෙල්ල…මගේ එකී ගැන මං හොයන්නේ නැතුව කොහොමද…කියන්න තියෙන දෙයක් කියපන් මගෙ ඉස්සරහා…මීට පස්සෙ මෙයාට කරදරයක් කරන්න බෑ…එහෙම උනොත් මං තරම් නරක මිනිහෙක් නැතිවෙන්න පුළුවන්…

මේ තරම් සංයමයකින් සිටිනා භානුකගෙන් මෙවෙලේ මතුවූ ස්වරූපය දුටු අනූපමාද දෑස් දල්වා බලා සිටියේ විමතියෙන්….

හහ්…හහ්…හා….උඹෙත් කෙල්ලද….එහෙනම් මේකිගේ විස්තර උඹ දන්නේ නැතුව ඇති….පව් මචං…උඹ ගැන හරි දුකයි…මේකි මටත් පිස්සු වැටිලයි හිටියේ…..මගෙ පස්සෙන් උඹේ මේ කෙල්ල පිස්සු වැටිලයි ආවේ….
ශශීල් මහ හඩින් සිනා සුනේ දැහැම්ගේ දෑසට කදුළු නංවමින්…

එවර භානුක වෙතින් ඈත් වී ශශීල් අසලට ගිය දැහැම්…වට පිටාව ගැනද නොසිතා ශශීල්ගේ කම්මුලට වේගවත් අතුල් පහරක් එල්ල කරා…

ශශීල් දැහැම් දෙස බලා සිටියේ ගිනි පිටවන දෑසින්…

ඔව් ඇත්ත…මං උඹ තිරිසනෙක් කියලා දැනන් හිටියේ නෑ…මං උඹ පස්සෙ පිස්සුවෙන් තමයි ආවේ…ඒක උමතුවක් කිවුවොත් හරි….ඒකට හේතුව උඹගේ ඕන්න ඔය මූන…..
දැහැම් සිය අත් බෑගය තුලින් කුඩා පර්ස් එකක් එලියට ගෙන එය දිග හැර ශශීල්ගේ මුහුනට දික් කලා…බලපන්…මේ ෆොටෝ එක දිහා හොදට බලා ගනින්…මේ මගේ ජීවිතේම….මාව මේ ලෝකෙ තනිකරලා සදහටම යන්න ගියා….මේ ඉන්නේ මගෙ අශේන්…මං තමුන්ව දැකලා පිස්සියක් වගේ හැසිරුනේ අන්න ඒකයි….එත් කියන්න ලැජ්ජයි…අශේන් කියන්නේ දෙවියෙක්…උඹ වගේ නරුමයෙක් නෙවෙයි…මගෙ යාළුවා මට එපා කියද්දී මං ඔය මූන දකින්න මගේ අශේන් දකින්න මං තමුන් පස්සෙන් ආවේ….ඒත් අන්තිමට මට වැරදුනා…හොදටම වැරදුනා….
දැහැම් සියල්ල පවසා හැකි තරම් හඩා වැටී කිසිවෙකු දෙස නොබලාම මහ පාර දිගේ ඇවිද යන්නට වුනා….

ශශීල් ලොකූ සුසුමක් පිට කර මුහුන බිමට නැඹුරු කරගෙනම යන්නට ගියා….

දැහැම්ගේ අතක් තදින්ම අල්ලාගත් භානුක ඇයව රැගෙන විත් රථයට දමා දොර වසන්නට වුනා…ඔහුගේ දෑස් රතු පැහැ ගැන්වී තිබුනා….භානුකගේ හද විසිරීගොස් තිබුන අතර ඔවුන් අතර දිගු නිහැඩියාවක් ගෙවෙන්නට වුනා…..

##නැවත හමුවෙනතුරාවට##

ආදරෙයි හැමෝටම 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *