15

❤️❤️දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ❤️❤️

***15 වැනි දිගහැරුම***

දැහැම් එලියට වී හිතේ දුක පහව යන තෙක් හඩා වැටෙන්නට වුනා…අනෙක් සියල්ලෝම ඒ වන විටත් හෝටලය තුල ඔවුන්ට වෙන්ව තිබූ කාමර තුලට වී විඩා හරින්නට විය…

දැහැම් සෙම්න් සෙමින් අනූපමා සොයා කාමරය වෙත ඇවිද යන්නට වුනා…භානුකගේ නැගනිය සිටියේද ඔවුන්ගේ කාමරය තුළයි….අනූපමා නාන කාමරයේ බව ඇය දැහැම්ට පවසා නිහඩ බැල්මෙන්ම ඇය නැවතත් දැහැම් දෙස බලා සිටින්නට වුනා…

දැහැම් අක්කේ….මං ඔයත් එක්ක ටිකක් තනියෙන් කතා කරන්න කියලමයි හිටියේ…

ආ…ඇයි නංගා…ඒ මොකටද….

අක්කේ…මං ඔයාට කෙලින්ම කියන්නද හේතුව…මට අපේ අයියා ගැනයි ඔයාට කියන්න ඕන…

එවර දැහැම් තිගැස්සී ගියා…

භානුක අයියා ගැන….මට මොනවද නංගි අයියා ගැන කියන්න තියෙන්නේ….
දැහැම් වෙනසක් නොපෙන්වා විමසුවා…

අක්කේ…ඔයා කාරණේ නොදන්නවා වෙන්න බෑ…අයියා මෙච්චර කාලෙකට කෙල්ලෙක් ගැන හිතලා නෑ කියන්න මං හොදටම දන්නවා අක්කේ…අපේ අයියා ඔයාට ගොඩාක් ආදරේ කරනවා…ඒත් එයා ඉන්නේ සතුටින් නම් නෙවෙයි…අම්මත් ඇහුවා අයියා මොකද එහෙම ඉන්නේ කියලා…එයාට වෙනස තේරෙන්න ඇති…දැහැම් අක්කා අපේ අයියට අකමැති ඇයි කියලා විතරක් මට කියනවද…කෙල්ලෙක්ට අපේ අයියා වගේ කෙනෙක් ලැබෙන්න ලොකු වාසනාවක් තියෙන්න ඕන අක්කේ…භානුක මගේ අයියා හින්දා කියනවා නෙවෙයි…
අපේ අයියට දුකක් දෙන්න නම් එපා අක්කේ…අයියා පව්……

දැහැම් සියල්ල අසා සිටියේ කදුළු පිරුණු දෑසින්…ඇය එයට පිළිතුරක් දීමට ප්‍රථම අනූපමා නාන කාමරයෙන් එලියට පැමිණියා….

**********************************************

රාත්‍රී ආහාරයට සියල්ලෝම පිටතට පැමිණි අතර දැහැම් අනූපමාට භානුකගේ නැගනිය සමගින් යන ලෙස පැවසුවේ ඇය පසුව පැමිණෙන බව කියායි…

අනූපමා සිටියේද දැහැම් සමග නුරුස්නා ගතියෙන් බැවින්ම ඇය වැඩ් දුර නොවිමසාම යන්නට ගියා….

හඩාම හෙම්බත් වී සිටි නිසා දැහැම් සිරුර දොවා ගැනීමට සිතා නානකාමරයට පිවිසුනා…අනතුරුව ඇය එලියට යාමට ඉක්මනින් සූදානම් වීමට සිතා පිටතට පැමිණ රෙදි බෑගය හරින්නට වූයේ සුදුසු ඇදුමක් තෝරා ගැනීමට සිතාගෙනයි…

භානුක ආහාර ගැනීම සදහා පිටතට පැමිණියත් ඔහුගේ දෑස් සෙව්වේ දැහැම් කොහිදැයො කියායි…අනූපමාගෙන් විමසූ කල ඇය තවමත් කාමරයේ බව දැනගත් භානුක දැහැම් සොයා ආවේ ඇය කුසගින්නේ සිටියදී තමාට ආහාර ගත නොහැකි බව හැගුන නිසායි….

දැහැම් සිටියේ කාමරයේ කවරෙකුවත් නොමැති නිසා නිදහසේ ඇදුම් එකින් එක හැද ගන්නා අතරේයි…

භානුක ඇගේ කාමරය අසලට පැමිණි විටදී දුටුවේ කාමරයේ දොර අඩවල් කර ඇති බවයි…
ඔහු සිතුවේ දැහැම් කණගාවෙන් නින්දට වැටී ඇති බවයි…එම නිසා දෙවරක් නොසිතාම භානුක දොරත් විවර කරගෙන කෙලින්ම කාමරය තුලට පිවිසුනා….

දැහැම් ඒ වෙනකොටත් සිටියේ අවශ්‍යම ඇදුම් සිරුරට නොඇදය….

භානුක දැහැම් එලෙසින් සිටිනවා දැකි ගමන්ම කලබල වී පිටුපසට හැරෙන්නට වූයේ

“ඕහ් සොරි”

යනුවෙන් පවසමිනුයි…

දැහැමි පසු වූයේ වදනින් කීමට නොහැකි තරම් විලියකින් ය..ඇය හනිකට තම සිරුර මතින් තුවාය පටලා ගත්තේ නැවතත් දෙවුර වැසෙන සේය….

අ…අයි…යා…මෙහේ…..
ඇය අපහසුවෙන් මෙන් වචන ගොනු කරන්නට විය….

මං දන්නේ නැතුව ආවේ දැහැම්..රියලි සොරි…ඔහු නැවත වරක් ඇගෙන් සමාව අයැද සිටියේ අවංක හැගීමෙනි…

කමක් නෑ…අයියා…මං දන්නවා…

මං ආවේ ඔයා කෑම කන්න එලියට ආව නැති නිසා බලලා යන්න…කමක් නෑ එහෙනම් මම එලියේ දොර ළග ඉන්නම්..ඔයා ඇදගෙන එන්න…
භානුක පවසා එලියට ගියා…

දැහැම් තම පපුව මතින් අතක් තබාගෙනම මද වේලාවක් සිටින්නට වූයේ භානුක කාමරයට ආ මොහොතේ තමා සිටි ආකාරය සිහිවීමෙනි…මින් පෙර ඇයට එවැනි සිදුවීමක් කවදාවත් සිදු වී නොතිබූ අතර අශේන් උවද ඇය මෙලෙසින් සිටිනවා කවරදාකවත් දැක තිබුනේ නැත…භානුකට තමා දැන් මූණ දෙන්නේ කෙලිසින්දැයි සිතමින් දැහැම් හැද ගන්නට විය….

***********************************

අනුරාධපුර ගමනින් පසුවද දැහැමිගේ තීරණයේ කිසිදු වෙනසක් සිදු නොවිනි…ඇය පුළුවන් තරම් භානුකව මගාරින්නට උත්සාහ කලාය…මේ නිසා දිනෙන් දිනම භානුක පසු වූයේ දැඩ් වේදනාවකිනි…

ඔහු කෑමක් බීමක් ගැනද වැඩි තැකීමක් නොකලේය…රෝහලට වුවද නොයා බැරි නිසා ගිය අතර භානුක වෙතින් දිස් වූයේ පරාජිත බවකි…දින කිහිපයකින් නොකැපූ රැවුල ඔහුගේ මුහුණ පුරාවට අකීකරුව වැඩී තිබුණි…රම්‍යා මහත්මියද භානුකගේ මේ වෙනස් වීම් දරා ගත්තේ වේදනාවෙනි…භානුක යනු නිහඩ පුද්ගලයෙකු නිසා ඔහුගේ සිතැගි සගවා ගැනීමට ඔහු නිතර උත්සාහ කලා…රම්‍යා මහත්මිය ඒ පිළිබද විමසුවත් භානුකගේ වෙනස් වීමේ හරි විස්තරයක් ඇයටද දැන ගැනීමට නොහැකි වුනා…

දිනක් භානුක නිවසට එන වේලාව පසු විය…නිවසේ සියලු දෙනා භානුකගේ ප්‍රමාදයට බියෙන් පසුවූ අතර ඔහුගේ දුරකථනය ද විසන්ධි කොට තිබුනා…

රාත්‍රී එකොලහට පමණ භානුකගේ කාරය ගේට්ටුව තුලින් මතු වනවා දැකි රම්‍යා මහත්මිය සන්සුන් වුනා…එහෙත් කෙදිනකවත් නොවූ පුදුමයකට භානුක සිටියේ දැඩි ලෙස මත් පැන් පානය කොට බව දුර තියාම රම්‍යා මහත්මියට හදුනා ගැනීමට පුළුවන් වුනා…ඇය අඩියට දෙකට තම පුතු අසලට දිව යන්නට වුනා…භානුක සිටියේ කෙලින් කටින් සිටගත නොහැකි තරමට මත් වෙලයි….

එලියේ කලබලය ඇසී අනූපමා සහ දැහැම් දොරකඩට ගිය පසු ඔවුන් දෙදෙනාම විමතියෙන් භානුක දෙස බලා සිටින්නට වුනා…..

දැහැමිගේ මුවට හැඩුම් ආවද ඇය ඉතා ආයාසයෙන් යටපත් කර ගත්තා…ඇයට මෙලෙසින් භානුක සිටිනවා දැකීම වාවා ගත නොහැකි වුනා….

අනූපමා දැහැම් දෙස බලා රවා ඉවත බලා ගත්තේ භානුක මෙලෙසින් හැසිරෙන්නේ දැහැම් නිසා බව ඇය ඉදුරාම දන්නා කාරණයක් නිසයි….

ඒ අතර භානුක වෙරි මතින්ම මිමිනූ වදන් ඇසුනු රම්‍යා මහත්මියගේ දෑස් නලලට ගියා…ඇය දැහැම් දෙසත් භානුක දෙසත් මාරුවෙන් මාරුවට බලා කාරණය තේරුම් ගත්තා සේ හඩමින්ම දැහැම්ට කතා කලා…

දැහැම් දුව පුතාව අල්ල ගන්න උදව් වෙනවද දරුවෝ….මට මෙයාව තනියෙන් වත්තන් කරගන්න අමාරුයි….

එයින් දැහැම් සහ අනූපමා කිසිවක් නොවිමසාම භානුක අල්ලා ගැනීමට රම්‍යා මහත්මියට සහය වූවා….

දැ…හැ..ම්..මගේ මැණික…..ඇ..ඇයි මට මෙහෙ…ම කරන්නේ….කිය…න්න මට ආද….රෙ..යි ද….භානුක දැහැමිගේ ගෙලෙහි මුහුණ හොවාගෙනම හඩන්නට වූයේ කුඩා දරුවෙකු සේය…

එයින් වඩාත් කළබල වූ දැහැම් විමතියෙන්ම රම්‍යා මහත්මිය දෙස බලන්නට වුනා….

##නැවත හමුවෙනතුරාවට##

ආදරෙයි හැමෝටම 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *