16

❤️❤️දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ❤️❤️

*****16 වන දිගහැරුම*****

රම්‍යා මහත්මිය මෙවලේ බොහෝ ඉවසීමෙන් වැඩ කරන්නට සිතුවා…ඇය දැහැම් යනු බොහෝ නිහඩ අවිහිංසක යුවතියක බව දැන සිටියා…භානුක ඇයට ආදරය කරන බවට දැන් ඇයට ඉදුරාම විශ්වාසයි…දැහැම්ගේ ප්‍රතික්ෂේප කිරීම නිසා භානුක මෙලෙසින් හැසිරෙන බව ඇයට දැන් හොදින්ම තේරී ගියා….සැමියා අහිමි වීමෙන් පසු ඇය භානුක සහ දියණිය වෙනුවෙන් බොහෝ දේ කැප කලා…අද ඔවුන් මෙලෙසින් සිටින්නේද ඇගේ ඒ මහන්සියේ ප්‍රතිපල විදිහටයි…භානුක වෛද්‍යවරයකු වන වාට තමා දැකි සිහිනය ඔහු අද තමා ඉදිරියේ සැබෑ කර හමාරය…තම පුතුගේ සතුට සැනසුම ඔහුට ලබා දීමට රම්‍යා බොහෝ විට කටයුතු කලා…ඔහුගේ විවාහය පිළිබද වුවද ඇය දැරුවේ එම මතයෙනි….
සුසුමක් පා කර හැරි රම්‍යා මහත්මිය අනෙක් කාරණා පසුවට තබා අනූපමා ගේ සහ දැහැමිගේ සහයෙන් භානුකව උඩු මහලේ තිබෙන ඔහුගේ කාමරයට රැගෙන ගියා……

භානුකව ඇද මතින් හාන්සි කල රම්‍යා මුලුතැන්ගෙය දෙසට යාමට සූදානම් වුනා…

දුව ඔයාලා දෙන්නට පොඩ්ඩක් පුතා ළගින් ඉන්න පුළුවන්ද….?මම ඉක්මණින් දෙහි එකක්වත් මෙයාට පොවන්න අරන් එන්නම් දරුවෝ….බලන්නකෝ මට ගොඩක්ම දුක පුතා මීට කලින් අරක්කු බීලා මෙහෙම කවදාවත් ඇවිල්ලා නෑ…පහුගිය ටිකේම හිටියේ හිතේ අමාරුවකින්…මං ඇහුවට කිසි දෙයක් කියන්නෙත් නෑ…ඒත් දරුවා මෙහෙම වෙන්න ගත්තොත් මට දරා ගන්න බෑ අනූ දුව…තාත්තාත් නැතිව මං ඔය දරුවො දෙන්නා හදා ගත්තෙ ගොඩාක් දුක් විදලයි….මට බය දිගින් දිගටම මේ වගේ බීමට ඇබ්බැහි වෙයි කියලා….
ඇය දෙනෙතට උනා ආ කදුළු පිස දමමින් යන්නට ගියා….

කාමරයට වී දැහැම් නිහඩ දෑසින් බලා සිටින්නට වුනා….

ඇත්තමයි උඹට නම් තියෙන්නේ මහා ගල් හිතක් දැහැම්….පොඩ්ඩක් හරි උඹට අර කොල්ලා ගැන දුකක් නැද්ද….ඇයි උඹට බැරි භානු අයියා ගැන හිතන්න…පව් බං නැන්දා…භානුක අයියා මීට කලින් කවදාවත් බීලා නෑ…මේ සේරම උඹ හින්දා….දැන්වත් ටිකක් කල්පනා කරලා තීරණයක් ගනින් දැහැම්…පව් මේ කොල්ලා …..උඹට කොයි තරම් ආදරේද….
වෙරි මතින් ඇදෙහි වැතිරී සිටින භානුක පෙන්වා අනුපමා පවසන්නට විය…

දැන් උඹ කියන්නේ මේ හැම දේටම වැරදිකාරි මං කියලද…….ඇයි යනු උඹටවත් මාව තේරුම් ගන්ඩ බැරි……මං කොහොමද අයියා ගැන එහෙම හිතන්නේ……මං වගේ කාලකන්නි කෙල්ලෙක් එයාට කොහොමටවත් ගැලපෙන්නෙ නෑ …..බලපං රම්‍යා ආන්ටි කියපු කතාව…..එයා දරුවෝ දෙන්නා හදාගන්න ගොඩක් දුක් විඳලා…එහෙව් එකේ මං වගේ කෙනෙකුට ආන්ටි කීයටවත් කැමති වෙන්නේ නෑ බං….භානු අයියා තේරුම් ගනී……මං මෙහෙ දිගටම ඉන්න එකනේ ප්‍රශ්නේ….මං ඉක්මනින් වෙන තැනක් හොයාගෙන යන්නම් අනූ…..එතකොට භානු අයියත් මේ දේවල් අමතක කරයි….භානුක අයියට ළං වෙලා මට බෑ බං ආයෙත් දුක් විදින්න….මං එක පාරක් මැරිලා ඉපදුනු කෙල්ලක්….මගේ ජීවිතේට උරුම නොලැබීම විතරයි….
දැහැම් හඩම්න් පවසන්නට විය…..

රම්‍යා මහත්මිය දෙහි වීදුරුවක් සාදාගෙන නැවතත් පැමිණියා…..

දැහැම් දුව කොහොම හරි මේක පුතාට පොවන්න බලන්න…
ඇය දැහැම් අතින් දෙහි වීදුරුව තබා නිහඩවම කාමරයෙන් පිට වුනා….

උඹ හිතනවද දැහැම් නැන්දා උඹට අකමැතී කියලා…නැන්දාට භානු අයියා කියපුවා ඇහෙන්නේ නැතිවෙන්න විදිහක් නෑ….මොකද නැන්දගේ කන් තාම හොදට ඇහෙනවා….නැන්දා උඹට කැමති නිසා තමයි මේ උඹට නොකියා කියලා ගියේ….දැන් උඹට තවත් මොකද්ද අකමැතිවෙන්න තියෙන ප්‍රශ්නේ…..ආ….
එවර අනූපමා දැහැමිට චෝදනා කරන්නට විය…

දැහැම් නිරුත්තර විය…..

හරි එහෙනම් උඹ මේක භානු අයියට පොවපන්…මට ඔය ස්මෙල් එකට ටිකක් ඔලුවෙ කැක්කුමයි වගේ….
අනූපමා දැහැමිගෙන් පිළිතුරක් අපේක්ෂා නොකරම දොරත් වසා ගෙන එලියට,ගියා…….

අයියෝ…..මං දැන් මොකද කරන්නේ….
මං කොහොමද මේක පොවන්නේ තනියෙන්…ඊටත් මෙයා හොදටම බීලයි ඉන්නෙත්….අනූට වත් තේරුම් ගන්න බැරි ඇයි මාව……එයත් මාව අසරන කරනවා…..
දැහැම් සැලෙම්න් භානුකගේ ඇද අසලට ගියා….

ඔහු වීදුරුව පසෙක තිබූ මේසය මතින් තබා භානුක අසලින්ම වාඩි වුනා…..

අයියේ……ඇය වෙව්ලන දෑතින් ඔහුගේ උරහිසට අතක් තැබුවා…..

අයියේ…..කෝ….නැගිටින්නකෝ…..ප්ලීස් මේකෙන් ටිකක් බීලා ඉන්න……ඇය භානුක අවදි කිරීමට තැත් කලා……

දැහැම් භානුකගේ හිස උස්සා දෙහි වීදුරුව ඔහුගේ මුවට ළං කලා….එහෙත් ඉන් පලක් වූයේ නැත…..
ඔහුගේ හිස ඇගේ උකුලට වැටී නැවතත් භානුක කෙදිරි ගාන්නට විය…..

දැහැම් මහත් අපහසුතාවයකින් පෙලෙන්නට විය….ඇගේ දෑසින් එක දිගට ගලා යන කදුළු භානුකගේ කෙහෙරැලි අතර සැගව යන්නට විය……

දැහැම් ආයාසයෙන් ඇගේ සිත පාළනය කොටගෙන භානුකගේ හිස ඔසවා වදෙන් පොරෙන් වත්තම් කර කෙලින් කරන්නට විය…උරහිසට හේත්තු කරගත් භානුකට දැහැම් සීරුවට දෙහි යුෂ උගුරු කිහිපයක් පොවන්නට වුනා…..

උගුරු කිහිපයක් පමණක් බිවූ පසු දැහැම් භානුකව ඇදෙහි දිගා කර ඔහුගේ හිස සෙමින් සෙමින් පිරිමැද්දා….භානුක දිගු නින්දකට වැටුනු අතර දැහැම් ඔහුගෙන් නික්මී එලියට ආවා….

************************************

උදය වරුවේ භානුක හිතා මතාම දැහැම්ව මගහැරියේ ඇයට මූණ දීමට අකමැත්තෙනි….

දැහැම් මේ වෙනකොටත් තම සිතත් සමගින් ලොකු අරගලයකට වැටුනේ භානුක වෙත ළං වීමට සිත සාදා ගැනීමට උත්සාහ කරමිනුයි……

සේවය නිම වී දැහැම් තනිවම නිවසට ඒමට පැමිණියේ අනූපමා අද සේවයට නොපැමිණි නිසයි….
ඒ අතරේ දැහැම් අසලින් රතුපාට මරුට් කාරයක් නතර කලා…දැහැම් ඒ දෙස බලන විට දුටුවේ එයින් බැස තමා අසලට එන ශෙහාරා වයි……

ඇගේ මුහුණ එතරම් සුහද නැත….

දැහැම්…..කොහොමද…..මාව අමතක වෙන්න නම් විදිහක් නෑ…..මං ඩොක්ටර් ශෙහාරා…භනුකගේ හොස්පිටල් එකේ…..
ඇය මදක් අහංකාර ස්වරූපයෙන් දැහැමිට පැවසුවා…..

ඔව් මතකයි ඩොක්ටර් ශෙහාරා…..
දැහැම් තරමක් නොසන්සුන්ව පිළිතුරු දුන්නා….

මම දැහැම්ව ටිකක් මීට් වෙන්න කියලා කොහොමත් හිටියේ….මං කෙලින්ම කියන්නම්කෝ…මට මෙතන වැඩ් වෙලා ඉන්න උවමනාවක් නෑ….ඔයා මං මේ කියන දේ හොදට අහගත්තොත් හොදයි….

මොකක්ද ශෙහාරා…..ඉක්මනට කියන්න…මටත් බස් එක පරක්කු වෙනවා….

ඔයා භානුකගේ ජීව්තෙන් ඈත් උනොත් හොදයි දැහැම්…මොකද භානුක මගේ….මං භානුකට ආදරේ කරන්නේ අදක ඊයෙක ඉදලා නෙවෙයි….හොස්පිටල් එකේ හැමෝමත් අපි දෙන්නා ගැන දන්නවා….භානුකත් මට කැමත්තෙන් හිටියේ…හැබැයි දැන් භානුක ගොඩක් වෙනස් වෙලා.. ඒකට හේතුව ඔයා හින්දයි දැහැමි…..ඔයා අපි දෙන්නා අතරට ආපු නිසයි මේ හැමදේටම හේතුව…භානුකට ගැලපෙන්නේ ඔයා වගේ කෙල්ලක් නෙවෙයි…අමතක කරන්න එපා භානුක කියන්නේ ඩොක්ටර් කෙනෙක්….එයා ගැළපෙන්නේ මට…please අපි අතරට එන්න එපා…භානුකගේ අම්මා වුනත් මට ගොඩක් කැමැත්තෙන් හිටියේ….ඔයා නිසයි මේ සේරම ප්‍රශ්න.. කරුණාකරලා ඔයා ඔය ගෙදරින් යන්න දැහැම්…මට මේ ගැන ඔයාට ආයෙ දෙපාරක් කියන්න ඉඩ තියන්න එපා…
දැහැමි දෑස් විසල් කොට බලා සිටියදීම ෂෙහාරා සිය කාරයට නැගී යන්නට ගියා…

දැහැමි ගේ දෑස් අගින් රූ රා කඳුළු ගලන්නට විය….ඇයට හැඟුනේ වදනින් කිව නො හැකි වේදනාවක්….

**************************************
පසුවදා ම දැහැමි සිය ගමන් බෑගයට ඇගේ රෙදිපිළි සියල්ල අසුරා ගත්තා….ඇය වෙනත් තැනක බෝඩිමක් මිතුරියකගේ මාර්ගයෙන් සොයා ගත් බව අනූපමාට පැවසුවා….

අනූපමා කෙසේ උත්සාහ කළත් දැහැමි මේ අවස්ථාවේ ඇගේ කීම පිළිනොගත්තා….
ඇය වෙනත් බෝඩිමකට යන බව රම්‍යා මහත්මියට ද පවසා ඇගේ බලවත් ඉල්ලීම ද ප්‍රතික්ෂේප කර මුරණ්ඩු ලෙසින් පිටව ගියේ භානුකගේ දිවියට සදා කාලයටම යහපතම අපේක්ෂා කරමින්….

දැහැමි එක අතකින් ඇගේ ගමන් බෑගයත් ඔසවා ගෙන ගේට්ටුවෙන් පිටතට පැමිණ වට පිට බලන්නට වූයේ ත්‍රීරෝද රථයක් නවතා ගැනීමට සිතාගෙනයි….
ඒත් එක්කම භානුකගේ කාරය වේගයෙන් පැමිණ දැහැමි අසල බ්‍රේක් ගසා නතර කෙරිණි….
කිසිවක් කර කරකියා ගත නොහැකිව දැහැම් කලබලයෙන් වටපිට බලන්නට වූයේ ඇයට භානුකට මුහුණ දීමට අපහසු වූ නිසයි….

“දැහැමි”……..

මගේ යකා අවුස්සගන්නේ නැතුව නගිනවා ගිහින් කාර් එකට…මොනවද තමුන් මේ කරන පිස්සු වැඩ….කොහෙද මේ රෙදි මල්ලත් උස්සගෙන ඒ පාර යන්න හදන්නේ…..මගෙන් පැනලා යන්නද හිතුවේ….උතර දෙනවා දැහැම්….ආයෙත් වතාවක් මුරණ්ඩු වැඩ කරලා තමුසෙ අමාරුවේ වැටෙන්නයි ලෑස්තිය….නැගපන් ඉතිං…මං ආයේ උඹට මෙච්චර හොදින් කියන්නේ නෑ….
භානුක යක්ෂාවේශ වී හුන්නේය….

අයියේ….ප්ලීස් මට කරදර කරන්න එපා…අනේ…මට යන්න දෙන්න…මට බෑ අයියගේ ජීවිතේට කරදරයක් වෙන්න…තවත් නම් පව් කාරියක් වෙන්න බෑ අයියේ…..
දැහැම් හඩමින්ම භානුකව පසු කරගෙන යන්නට විය…

ඉන් කෝප ගත් භානුක ඇගේ අතින් අල්ලා ගත්තේ දැඩ්වයි….එලිසින්ම ගිනි පිටවන දෑසින් දැහැමිගේ දෑස් දෙස තප්පර කීපයක් බලා සිට වැරෙන් කමිමුල් පහර කීපයක් ඇය වෙත එල්ල්ල කලා….අනතුරුව කෝපය පාලනය කර ගැනීමට අත මිට මොලවාගෙනම ඔහු මද වේලාවක් එලෙසින්ම සිටියා….

වැදුනු කම්මුල් පහරවල සැරට දැහැම් මහ හඩින් හඩන්නට වූයේ කම්මුල අල්ලාගෙනයි….

ඔයාට මොකක්ද තියෙන අයිතිය මට ගහන්න….මං ඔයාගේ කවුද….ඔයා ගිහින් ගහ ගන්න ඔයාගේ ශෙහාරට…මට ඔයාලා අතරට එන්න ඕන කමක් නෑ…ඔව් එයා කිව්වා භානුකගෙයි එයාගෙයි අතරට මං ආවා කියලා….මං වැරද්දිද අයියේ….මට ඔයාල අතරට එන්න ඕන කමක් නෑ….
එවර දැහැමිටත් නොදැනීම ඇය සියල්ල හඩමින් පැවසුවා…..

භානුක ඇයව ඇදගෙන ගොස් රියට දමා අත රැදි බෑගයද පසු පස අසුනට වීසි කර දැමුවා….
ඔහු එලෙසින්ම රථයට නැගී නැවතත් එය හරවාගෙන වේගයෙන් පදවන්නට වූවා….

දැහැම් භානුක දෙස විමතියෙන් බලා නිහඩව සිටියේ මෙවෙලේ ඔහුගේ මුහුණ දෙස බැලීමටවත් බැරි තරම් ඔහු යක්ෂාවේශ වී සිටි නිසයි….

##නැවත හමුවෙනතුරාවට##

ආදරෙයි හැමෝටම

😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *