17
දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ
****17 වැනි දිගහැරුම****
යන්නේ කොහෙද කියලා අහගන්න තරම්වත් දැහැමිට භානුකගේ කෝපාවිෂ්ඨ වූ මුහුණ දෙස බලා අසන්න තරම්වත් හයියක් තිබුනේ නෑ…මේ තරම් නිවුනු හිතක් ඇති භානුක මේ අන්දමින් හැසිරෙනවා දැහැම් මීට පෙර කවදාකවත් දැක තිබුනේ නෑ….එදා තමාව ශශීල්ගේ නිවස අසලින් රැගෙන එන විටත් භානුක කෝප ගත්තා ඇයට සිහි විය…ඒත් මේ තරම් අසිහියෙන් මෙන් ඔහු හැසිරුනේ නැත…අද ඔහුගේ ශාන්ත මුහුණ රෞද්‍ර වී ඇත…මුහුණ පුරාවට ඇති නොකැපූ රැවුල නිසා ඔහුගේ පෙනුම තවත් නපුරු වී ඇත..මේ භානුක නොව වෙන කෙනෙක් කියන තරමට දැහැම් වික්ෂිප්තව සිටියාය….
ඇය කල්පනාවලියේම ගැලී සිටියදී භානුක කාරය නතර කර බැස විත් ඇගේ පැත්තෙන් දොර විවර කර ඇගෙ අතකින් අල්ලා ගත්තේ දැඩිවය….බියෙන්ම දැහැම් රථයෙන් බැස ගත්තේ භානුකගේ දෑස් කෝපයෙන්ම රතුවී ඇති බව නෙත් කොණින් බලා ය….
දැහැම් ගැහෙමින්ම වට පිට බැලුවාය….
භානුක තමාව රෝහල වෙත රැගෙන ඇවිත් තිබේ….
ඔහු එලෙසින්ම ඇමතුමක් ගෙන දැහැම්ට අතින් සන් කර මදක් එහාට ගියේය….
ඇමතුම නිමාකර නැවතත් පැමිණි භානුක කාරයට හේත්තුවී බලා සිටියේ කවරෙකු හෝ අපේක්ෂාවෙන් බව දැහැමිට තේරුම් යන්නට විය…
හිතුවා හරිය….කොල මිශ්‍ර කහ පැහැති සාරියකින් සැරසී හුන් ශෙහාරා ලැසි ගමනින් භානුකගේ කාරය නවතා ඇති ස්ථානයට පැමිණෙන්නීය….
දැහැම් බියෙන්ම තැති ගන්නට විය….ඇයට සිහි වූයේ ඇයටත් නොදැනීම ඇගේ මුවින් ශෙහාරා පැවසූ සියල්ල භානුක ඉදිරියේ කියූ බවයි…දැහැම් එය සිතා මතා කල දෙයක් නොවේ…ඇගේ වේදනාව ඉදිරියේ හිතේ තිබූ සියල්ල මුවින් ගිලිහී ගිය බව ඇයට එවෙලේ තේරුමක් නොවීය….දැහැම් මේ සියල්ල ඉවසා දරාගෙන භානුකගේ යහපත වෙනුවෙන්ම නිවසින් පිටව යාමටයි සැරසුනේ….එහෙත් දැන් ශෙහාරාට මූණ දීමට තමාට නොහැකිය…එයිනුත් අන්තිමට ශෙහාරා තමාට තවත් වෛර කරනවා පමණයි සිදුවන්නේ…
ඈතින් එන විටම ශෙහාරා දුටුවේ භානුක අසලින් දැහැම්ද සිටිනවායි…ඇයට තරමක් චකිතයක් දැනුනේ පෙරදා තමා දැහැම් සමගින් පැවසූ වදන් සිහි වීමෙනි….ඇය මදක් ලතවෙන්නට ගත්තේ ඔවුන් ඉදිරියට යාමට අපහසුවක් දැනුනු හෙයින්මය….
ශෙහාරා එන්න….මං ආවේ ඔයාව මීට් වෙන්නමයි…
භානුක ඇයව දැකි ගමන් පැවසුවා….
ආ …ඇයි…ඇයි භානූ….මොකක්ද හදිස්සිය…..
ශෙහාරා මට ඔයාගෙන් දැන ගන්න දෙයක් තියෙනවා….මං අහන දේට ඇත්ත විතරක් කියනව නම් මම කැමතියි…..
මගෙයි ඔයාගෙයි අතර යාළුකමකට එහා ගිය සම්බන්ධයක් තියෙනවද…..තව මං ඔයාව බදිනවා කියලා කොයිම වෙලාවක හරි කියලා තියෙනවද…..කියන්න ශෙහාරා…..
එවර ශෙහාරා දැහැම් දෙස නොපහන් බැල්මක් හෙලා නැවතත් හඩන්නට ගත්තා….ඇය භානුක ඉදිරියේ බොහෝ ලැජ්ජාවට පත්වුනා….
ශෙහාරා….ඔය අඩන එක නවත්තලා මං අහපු දේට උත්තර දීලා ඉන්න…
එවර භානුක දැඩ් හඩකින් පැවසුවා….
මං…මං…ඔ…යා ගැන හෝප්ස් තියාගෙන ඉන්නේ භා…නූ…….
අවසානයේ ශෙහාරා පිළිතුරු දුන්නා….
ඒ ඔයානේ….මං කවදා හරි ඔයාට එහෙම දෙයක් කියලා තියෙනවද…….
ඔ…යා….මට කැමැත්තෙන් හිටියා….දැහැම් හින්දා ඔයා වෙනස් උනේ භානූ….
ශෙහාරා අවසන් මොහොතේද පරාජය බාර ගැනීමට අකමැත්තෙන් පවසන්නට විය….
එහෙමද….එහෙනම් මේ ටිකත් හොදට අහගන්න ශෙහාරා…යාළුකමින් එහා දෙයක් මං තමුන් ගැන කවදාවත් හිතලා නෑ…..මගේ හිතේ ඇදුනු කෙල්ල ඔයාට වඩා ගොඩාක් වෙනස්….අනිත් එක දැහැම් මේ කිසි දෙයක් දන්නෙත් නෑ…ඔයා බොරුවට දැහැම්ව මේ ප්‍රශ්නෙට ගාව ගන්න එපා… දැහැම් හිටියත් නැත්තත් මගේ හිතේ ඔයා ගැන ඒ වගේ අදහසක් ඇති වෙලා නෑ….එච්චරයි….
එවර ශෙහාරා හඩමින්ම දිව යන්නට වූයේ නැවත රෝහල තුලටයි….
************************************************************************************************
මේ සියල්ල දෙස මාරුවෙන් මාරුවට බලා සිටි දැහැම් දෙස එවර භානුක දැඩ් බැල්මක් හෙලුවා… ..
දැහැම්………..
මේක අහගන්නවා හොදට….තමුන්ට ඕනේ මගෙන් ඈත් වෙලා යන්නනේ….බය වෙන්න දෙයක් නෑ….මං තමුන්ගේ ඇස් මානෙන් සදහටම තොලොන්චි වෙලා යන්න හිතලයි තියෙන්නේ ….හැබැයි එකක්…..තමුන් අපේ ගෙදරම නැවතිලා කරන මගුලක් කර ගන්න ඕනේ….තමුසෙගෙ ඔය මුරණ්ඩු කම හින්දා මොකෙක්ට හරි ආයෙත් අහුවෙන්න බැරි කමක් නෑ…අපේ ගෙදර තමුසෙට ආරක්ෂාව තියෙනවා….මගේ හිතේ දැන් තමුන් ගැන කිසිම හැගීමක් නෑ …ඒ පරණ භානුක නෙවෙයි දැන් ඉන්නේ….මගේ ආදරේ හිත ඇතුලෙම මැරිලා ගිහින් ඉවරයි…මට තමුසෙ එපා….දැන් සතුටින් ඉන්නවා…මගෙන් ආයේ බාධාවක් නෑ…..දැන් නගිනවා ගිහින් කාර් එකට…….ඔය මූණ ආයේ දකින්නවත් මං කැමති නෑ……
භානුක තීරණාත්මකව පවසා කාරයට නැග අව් කණ්නාඩ් යුවල පැළද ගත්තා ….
දැහැමිගේ හද කීරි ගැසුනේ භානුකගේ ඒ කර්කෂ වදන් වලින්ය….මං ඔයාට ළං වෙන්න හිත හදා ගනකොට ඔයා මගෙන් දුර ගිහින් ඉවරයි අයියා…..කමක් නෑ මේ පව්කාරිට හැමදාම උරුම උනේ දුක විතරයි….ආදරේ කියන දේ ලබා ගන්න මං පිං කරලා නැතුව ඇති….
දැහැම් කදුළු සලමින් කාරයට නැගුනා…
වෙනදාට ඇගේ කදුළු දකිද්දී බොහෝ කලබල වන භානුක මෙවෙලේ ඇය නොදැකි සේ කාරය පදවාගෙන ගියා …..
*************************************
දැහැම් ව නිවසට රැගෙන ආ භානුක ඇගේ දෑස් උවමනාවෙන්ම මගහැර පඩ් පෙළ නැග උඩු මහලට ගියා …..
භානුක පහුගිය කාලය පුරාම සිදු වූ සියල්ල හේතුවෙන් සිටියේ බොහෝ වේදනාවෙනි…ඔහු අවසානයේ තීරනේකට එලඹුනා…ඔහු ඇමරිකාවේ පෞද්ගලික රෝහලක සේවයට අයදුම් කලේ ඒ නිසායි….භානුකට එහි රැකියාවට පැමිණන ලෙස දන්වා තිබුනේ ඔහුගේ බලාපොරොත්තුව ඉෂ්ට කිරීමෙනි….තව දුරටත් ඔහුට ලංකාවේ සිටීමට කැමැත්තක් නොවීය….ඔහුට උවමනා කලේ දැහැම්ව සම්පූර්ණයෙන් අමතක කර සිත සාදා ගැනීමටයි…මෙහි සිට කවදාවත් එය කල නොහැකිය…එනිසාම ඔහු මෙවැනි තීරනයක් ගන්නට පෙළඹුනේය….
භානුකගේ ෆ්ලයිට් එක තිබෙන්නේ අද හවසටය…ඔහු තව පැය කිහිපයකින් මව් බිම අතහැර යාමට සූදානමින් පසුවුනේය…ඔහුගේ තීරණය දැනගත් රම්‍යා මහත්මිය හඩා වැටෙන්නට වූවාය…ඇය කොතෙක් උත්සාහ ගත්තද ඉන් පලක් නොවුනි……අවසානයේ රම්‍යා මහත්මිය භානුකගේ තීරණයට ඉඩ දී නිහඩ වූයේ අන් කල හැකි දෙයක් නොමැතිවයි……
දැහැම් නිවසට ආ විගස ඇද බදාගෙන බොහෝ වේලාවක් හඩන්නට විය.
අනූපමාගේ නොයෙක් වදන් හමුවේ ඇය තව තවත් සිත රිදවා ගත්තාය..හඩාම හෙම්බත් වී ඇයට නොදැනීම නින්ද ළගා වී තිබුණි…..
තනි සුදු පැහැති ඇදුමකින් සැරසී තමා වෙත සිනාපිරි මුහුණින් අශේන් ඇවිද එන්නට විය….ඔහු අතේ රතු රෝස මල් පොකුරක් තිබිණි….අශේන් ටිකෙන් ටික දැහැම් වෙත සමීප වී ඇගේ අතින් රතු රෝස මල් කලඹ තබා ආපසු යන්න ගියේය.. ..දැහැම් අශේන්ට නවතින්න කියා කෑගසා දිවගියාය……ඒත් එක්කම භානුක ඇගේ පිටුපසින් විත් ඇයව තදින් අල්ලා ගත්තේය…..අශේන් දැහැම්ගේ කදුළු පිරි මුහුණ දෙස හැරී බලා ඇයට සිනා සී නොපෙනී යන්නට ගියේය…….
දහඩියෙන් පෙගී ගිය දැහැම් කෑ ගසා අවදි විය….ඇය දෑස් හැර වට පිට බලන්නට විය….තමා දැක ඇත්තේ සිහිනයක් බව ඇයට හැගී ගියේය….දැහැම් සැන්දෑ වන තුරු නිදා ඇති බව ඇයට හැගී ගියා….ඒත් එක්කම ඇයට සිහි වූයේ භානුකවයි…හනිකට ඇදෙන් බැස දැහැම් භානුක හමුවීමට සිතා එලියට ආවා….
රම්‍යා සහ අනූපමා සාලයට වී බලා සිටිනවා දැකි දැහැම් ඔවුන් අසලට පැමිණියා….
ඔවුන්ගේ මුහුණු වල කිසියම් වේදනාවක් සටහන් වී ඇති බව දැහැම්ට දැනෙන්නට වුනා….
අනූපමා……ඇයි…..
මොකද මේ……ආන්ටිගේ මූණත් හරි නෑ….මොකුත් ප්‍රශ්නයක් ද….කෝ භානුක අයියා…. …
එවර අනූපමා දැහැම් වෙත හෙළුවේ කෝපවත් බැල්මක්…..
ගියා…..
ඇය තනි වදනින් පිළිතුරු දී ඉවත බලා ගත්තා ….
ගියා……….
කොහෙද………
දෙයියංගේ නාමෙට කියපන් අනූ…….කෝ භානු අයියා……
##නැවත හමුවෙනතුරාවට##
ආදරෙයි හැමෝටම