22

❤️❤️දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරෙයි❤️❤️

****22 වැනි දිගහැරුම****

දැහැම් කදුළු වැගිරෙද්දී බලා සිටියේ තමා පසු කර යන භානුකගේ කාරය දෙසයි…ඇගේ හදවත කැඩී බිදී යන්නට වූයේ නිමේශයකින්…

දැන් සේරම ඉවරයි…අනේ දෙයියනේ භානුක මාවයි ශශීල්වයි දැක්කා…එයා මං ගැන වැරදියට හිතන්න ඇති…එයා ගියේ මාත් එක්ක ගොඩක් තරහින්..මං කොහොමද භානුක ඔයාට ඇත්ත තේරුම් කරන්නේ…
දැහැම් කදුළු සලන අතරේ සිතන්නට වුනා…

ශශීල් නැවතත් දැහැම් අසලට පැමිණියා…

දැහැම් ඇයි මේ…ප්ලීස් ඔය අඩන එක නවත්තන්න…කෝ එන්න යමු මං ඔයාව ඩ්‍රොප් කරන්නම්…

මේ…ශශීල් මං ඔයාට සැරයක් කිවුවා…මට මගේ පාඩුවේ ඉන්න දෙන්න…තවත් ඔයාට ඕනේ මගේ ජීවිතේම විනාශ කරන්නද…මගේ ජීවිතේ ඔයා මට වෙච්ච ලොකු වැරදීමක් විතරයි…මං ඔයාගේ රූපෙන් හොයන්න ගියේ මගේ නැති වුනු අශේන්ව…ඒත් ඒක ලොකු වැරැද්දක් කියලා මම අන්තිමට තේරුම් ගත්තා…දැන් මගේ ජීවිතේ තියෙන්නේ භානුක ළග…ඒ ආදරේ ඇරෙන්න මට වෙන කිසි කෙනෙක් ගැන හිතන්නවත් බෑ…මං ආදරේ කරන්නේ භානුකට විතරයි..ප්ලීස් තේරුම් ගන්න…මීට පස්සේ මෙහෙම එන්න එපා…ඔයා මට ඇත්තටම ආදරෙයි නම් මං ඔයාගෙන් ඉල්ලන එකම දේ එච්චරයි…
දැහැම් ඈතින් එන අනුපමා දෙස බලා පැවසුවා..

ශශීල් අසරණව දැහැම් දෙස බලා යන්නට ගියා…

ඒත් එක්කම අනුපමා දැහැමි වෙතට ආවේ කුමක් හෝ කරදරයක් වී ඇති බව දැහැමි ගේ අදුරු වූ මුහුණ දැක සිතා ගනිමිනි…

දැහැම් මොකද මේ…ඇයි කෙල්ලේ….උඹ ඇයි මේ හොදටම අඩන්නේ…අර දැන් මෙතන ඉදලා ගියේ ශශීල් නේද….ආපහු උඹට කරදරයක්වත් කරන්න හැදුවද ඌ….
අනූපමා ශශීල් ගැන ඇති වූ කෝපයෙන් විමසන්නට විය…

අනේ අනූ…සේරම ඉවරයි බං…මට පිස්සු වගේ….ශශීල් මෙතනට ආපු වෙලාවේ භානුක ආවා…එයා අපිව දැක්කා…මම කාර් එක ළගට දුවගෙන යනකොටම එයා මාවත් දාලා යන්න ගියා…අනේ අනූ භානුක මාත් එක්ක තරහා වෙලා හොදටම කේන්තියෙන් ගියේ…මට බයයි දෙයියනේ…ඇයි අනූ මං මෙච්චර පව් කාර….ඇයි මටම මෙහෙම දෙයියෝ දඩුවම් කරන්නේ…මම ආදරේ කරලා හැමදාම දුක විතරද අනූ විදින්න ඕන…මුලින්ම අශේන්…එයා මේ ලෝකෙන්ම ගියා…දැන් භානුක….අනේ අනූ මම අශේන්ටත් වඩා භානුකට ළං වුනා වැඩී…මට භානුක නැති උනොත් නම් මේ සැරේ මාව මැරිලම යයි…
දැහැම් තමා ඉන්නා වට පිටාව ගැනද නොසලකා මහ හඩින් හඩාගෙනම අනූපමාගේ ඇගට බර විය…

හරි වස්තුවේ ඉවසපන්…උඹට දුකක් දෙන්නේ නෑ කවදාවත් භානු අයියා…ඒක මට විශ්වාසයි…අඩන්නේ නැතුව හිටපන් දැහැමියෝ…උඹට ඔහොම අඩලා අසනීප වෙයි…ඉක්මන් කරලා යමන්කෝ ගෙදර…භානූ අයියා ඒ වෙලාවේ කේන්තියට එහෙම කලාට දැන් තරහා නිවිලා ඇති…අනිත් එක බං භානු අයියා උනත් උඹට තියෙන ආදරේ හින්දනේ ඔහොම කරන්නත් ඇත්තේ…ශශීල් එක්ක උඹ මෙතන හිටගෙන ඉන්නවා දකිනකොට යකා වැහෙන්න ඇති….දැන් නාඩා යමන්..ගිහින් උඹ ඇත්ත විස්තරේ කියපන්..එයා තේරුම් ගනී….
අනූපමා දැහැම්ව සනසා නිවසට යාමට ත්‍රීරෝද රියක් නවතා ගත්තා…..

************************************

දෙයියනේ ඒ මම මොනවද දැක්කේ….එතකොට ශෙහාරා කියපුවා සේරම ඇත්තක්ද….මට ෆොටෝස් පෙන්නුවාමත් මම එච්චර ගණන් ගත්තෙ නෑ…හිතේ දුක හින්දමයි මම ඊයේ දැහැම්ව මගෑරියේ…ඊයේ දවසම මම හිටියේ පුදුම දුකකින්…දැහැම් නැතුව මට හුස්ම ගන්නවත් බෑ…ඒ තරමට මං ආදරේ කරනවා…අදත් මම ශෙහාරා ඉරිසියාවට කරපු දෙයක් කියලා හිතලා දැහැම්ට ඊයේ මම කරපු දේවල් වලට ගොඩාක් පසුතැවුනා…ඒකමයි මම කලින් හොස්පිටල් එකෙන් ආවේ දැහැම් බලන්න හිතාගෙන…ඒත් අන්තිමට මම මේ මොනවද දැක්කේ….දැහැම් මට මේ තරම් ලොකු බොරුවක් කරයි කියලා හිතන්න පුළුවන්ද….ශිට්…මාව පිස්සෙක් කලා….මම මෙච්චර දවසක් පණ ඇරගෙන ආදරේ කලේ මේ වගේ එකියක්ටද….දෙයියනේ මං කොයිතරම් බලාපොරොත්තු තියාගෙනද හිටියේ….අහිංසක මූණ පෙන්නලා මාව අමාරුවේ දැම්මා….දැහැම් උඹට මගේන් සමාවක් නෑ කවදාවත් මේ කරපු දේට….
භානුක එක් අතකින් කාරය පදවන අතරේ අනෙක් අතින් නලල පිරිමැද ගන්නට විය….

************************************

භානුක මෙදිනත් නිවසට පැමිණියේ ප්‍රමාද වීය….දැහැම් ඔහු එන පෙරමග බලා සිටින්නට විය…ඇගේ ඇමතුම් සියල්ල භානුක හිතාමතාම මගහැර අවසානයේ කෝපයෙන්ම දුරකථනය විසන්දි කොට දැම්මා….භානුක තරමක් මත් පැන් ගෙනද තිබුනත් එදා මෙන් ඔහු පමණ ඉක්මවා තිබුනේ නැත…ඔහු දැහැම් දෙස බැල්මක් හෝ නොහෙලා උඩුමහලට යන්නට සැරසුනා…
දැහැම් එක්වරම භානුකගේ අතින් අල්ලා ඔහුව නවතා ගන්නට වෙර දැරුවා…

භානුක කෝපයෙන් ඇගේ අත ගසා දැමුවා….

භානුක ඇයි මේ….ඇයි ඔයා මට මෙහෙම කරන්නේ දෙයියනේ….ඇයි ඔයා මාව මගාරින්නේ..මගෙන් ඔයාට උන වැරැද්ද මොකක්ද….ප්ලීස් මට කියන්න….
දැහැම් හඩමින්ම භානුකගේ දෑස් දෙස බලා විමසුවා…

එසැනින්ම භානුක ඉවත බලා ගත්තේ ඇගේ දෑස් බැල්ම නොතකමින්ය…

වැරැද්ද…..වැරැද්ද…..තමුසෙ ඒක අහලා බලනවා තමුසෙගේ හිතෙන්ම….ඔය අහිංසක මූණ පෙන්නලා තමුසෙට මීට පස්සේ මාව රවට්ට ගන්න නම් ලේසි නෑ….දැහැම් අයින් වෙනවා දැන් ඉතින්….තමුන්ට මගෙන් දැන ගන්න ආයේ කිසිම දෙයක් නැතුව ඇති කියලා මං හිතනවා…
භානුක දැහැම් එතනම දමා වේගයෙන් තරප්පු පෙල නගින්නට වුනා….

*************************************

අනූපමා මේ සියලු සිදුවීම් දෙස බලා සිටියේ කාමරයේ දොර රෙද්ද අතරින්….ප්‍රශ්නයේ බරපතල කම ඇයට එවේලේ තේරුම් ගියද ඇයට සිතුනේ භානුක මේ ප්‍රශ්නය නිසා බොහෝ සිත් රිදවාගෙන ඇති බවයි…

ඇයට අනෙක් අතට සිතුනේ තම මිතුරියවයි…ඇයට බොහෝ දේ දරා ගැනීමේ ශක්තියක් කුඩා කල සිටම තිබුනේ නැත…ඇය කුඩා දේටත් හිත රිදවා ගනී…ඒ ඇනුව ඇය හදිසි තීරණ ගැනීමට පෙළඹෙයි…අනූපමාට දැහැම්ගේ ජීවිතේට කරදරයක් කර ගනීවියැයි කියා බිය සිතුනි….මේ වෙලාවේ භානුක සිටින්නේ ද යමක් තේරුම් ගැනීමේ තත්වයකින් නොවේ…පසුදා තමා හෝ මැදිහත් වී සියල්ල තේරුම් කර දීමට අනූපමා කල්පනා කලාය…

දැහැම් ඇද මත පෙරලී බොහෝ වේලාවක් හඩා වැටුනාය….ඇය අවසානයේ අනූපමාට තම සිතැගි පවසුවේ එය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනි….

අනූ…..මට මේ හැම දේම දරා ගන්න බෑ….මේතාක් දුරට මට ලැබුනේ නොලැබීම් විතරයි.
භානුක මට මෙහෙම කරයි කියලා මම කවදාවත් හිතුවේ නෑ…අගුල් දාපු මගේ හිත මම භානුකට දීපු එක ගැන මට දැන් පසුතැවෙන්න වෙලා…මං හිතන්නේ නෑ උඹ මට දොස් කියන්න එපා මෙහෙම කිව්වට අනූ..මම සමහර විට අශේන්ටත් වඩා භානුකට ආදරේ කරන්න ඇති….එහෙම එකේ මට භානුකගේ මේ වෙනස්වීම දරා ගන්න බෑ අනූ….මම හෙටින් පස්සේ ජීවිතේ ලොකු තීරණයක් ගන්නවා අනූ….
මට මහණ වෙන්න ඕනේ….

මොකක්….

##නැවත හමුවෙනතුරාවට##

අද කට්ටිය මට බනිනවලු ඔන්න ඈ….

ආදරෙයි හැමෝටම 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *