27
දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ
****27 වන දිගහැරුම****
භානුක සිය ශක්තිමත් දෑතට දැහැම්ව ඔසවාගෙන ගොස් අනූපමා සමගින් ඇගේ කාමරයට රැගෙන ගියා….
දැහැම් විදිනා වේදනාව දෙස භානුක බලා සිටියේ බොහෝ සංවේගයෙන්…
මද වේලාවකින් ඇයට යලිත් සිහිය පැම්ණි බව දැනගත් අනූපමා හනිකට ඇය වෙතට වතුර වීදුරුවක් දිගුකලා…එහෙත් දැහැම්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත…ඇගේ දෑසින් එක දිගට කදුළු වැල් ගලා ගිය අතර දැහැම් බලා ගත් අත බලාගෙනම පසුවන්නට විය…
දැහැම් දෙස බලා සිටි භානුක ඇය අසලින් වාඩිගෙනම ඇගේ කදුළු පිරි දෑස් රැදි මුහුණ සිය දෝතට මැදි කර ගත්තා…
මේ බලන්න මගේ මැණික…ඔහොම ඉන්න එපා….මට දරා ගන්න බෑ…දැහැම් කතා කරන්න දරුවෝ…මොන දේ උනත් මගේ මැණිකට මම ඉන්නවා…ඔයාගේ තාත්තගේ ආදරේ මට දෙන්න බැරි වෙයි මැණික…ඒත් මම පොරොන්දු වෙනවා…ඔයාට ඒ තරමට ආදරේ කරනවා..ඔයාව රකිනවා…කෝ දැන්වත් කතා කරන්නකෝ….
භානුක බොහෝ සංවේගයෙන් පැවසීය…
එහෙත් දැහැම් එලෙසමය……….
භානුක ඇගේ හිස පිරි මැද අනූපමාට ඇයව බාර දී එළියට යන්නට සූදානම් වූයේ මලගෙදර ඉදිරි වැඩ කටයුතු වලට සහභාගි වීමටයි…එය ඔහුගේ වගකීමක් යැයි භානුක සිතා සියළු කටයුතු සදහා මැදිහත් වුනා…
දැහැම් නිවසට පැමිණි වෙලාවේ ඇගේ සොහොයුරා සදෙව් සිටියේ නගරයට ගොස්ය…සියල්ල දරාගෙන ඔහු පියාගේ අවසන් කටයුතු නිසි අයුරින් ඉටු කිරීමට වගබලා ගත්තා….
ඒ අතරේ ඔහු නිවසට ගොඩ වැදුනේ තම නැගෙණිය පැමිණි පුවත දැනගෙන කලබලයෙනි….
ඔහු දැහැම් සිටි කාමරයට ඇතුල් වූයේ චූටී…..රත්තරං මට ඔයා එනකල් තාත්තා නතර කර ගන්න බැරි උනා යනුවෙන් පවසමිනි….
සදෙව්ගේ දෑස් උතුරා කදුළුය……
දැහැම් සොයුරා දැකි විගස යලි විලාප තැබුවේ මුළු මහත් ප්‍රදේශයක් කම්පා කරවමිනි…..
අයියේ………අයියේ මගේ තාත්තා……ඇයි අයියේ ඔයාටවත් තාත්තට කියන්න බැරි උනේ………චූටි දුව දැන් ගෙදර ඇවිත් කවුරු බලන්නද…….අයියේ ඔයාට මතකද තාත්තා අපි දෙන්නව පිල උඩ වාඩි කරගෙන බත් කැව්ව හැටි……මතකද අපේ රත්තරං තාත්තා අයියේ…..ඔයාට බත් ගුලියක් දීලා තාත්තා මට බත් ගුලි දෙකක් දෙනවා…..ඔයා තාත්තා එක්ක තරහා වෙනවා අයියේ……තාත්තා එතකොට කියන්නේ ලොකු පුතේ නංගි තාම චූටි කියලා…….අයියේ අපිට බත් කවන්න ආයේ තාත්තා එන්නේ නෑ මගේ අයියේ…….
දැහැම් සොහොයුරා වැලද ගෙන ඔහු සමගින් හඩා වැටෙන්නට වූයේ සුන්දර අතීතය සිහි කරමින්…..
හඩා හෙම්බත් වී දැහැම් යලි සිහි සුන් විය….
අවසානයේ භානුක දැහැම්ව මග හැර එළියට වී සිටියේ ඔහුට ඇගේ වේදනාව දෙස බලා සිටීමට තරම් ශක්තියක් නොමැති නිසයි……
දැහැම් වතුර බිදක් හෝ පානය කිරීමට අකමැති විය…කැමක් බීමක් නැතිව ඇය හඩා වැටීම සිටියේ බොහෝ දුර්වලවය…භානුකගේ මවද ඇයට කෑම කැවීමට බොහෝ උත්සාහ කලාය…දැහැම් කාමරයට වී පසු වූවා මිසක් නැවත ඇය පියාගේ දේහය වෙතට යාමට ප්‍රතික්ෂේප කලාය…..
එදින රාත්‍රියේ භානුක ඉවසා ගත නොහැකිම තැන දැහැම්ගේ කාමරයට පැමිණියේ බත් පිගාන්කුත් අතැතිවයි….
අනූපමා භානුක දැක කාමරයෙන් පිටව ගියේ දැහැම්ට සහ භානුකට ඉඩ දෙමිනි…..
දැහැම් කෝ…නැගිටින්න…ඔය මුරණ්ඩු කම පැත්තකින් තියලා කියන දේ අහලා හොද දරුවා වගේ මේ බත් ටික කාලා ඉන්න…කෝ…ඉති….භානුක දැහැම්ගේ මුවට බත් පිඩක් ළං කරන්නට විය….
මට එපා භානුක….මට මගේ පාඩුවේ ඉන්න දෙන්න…ප්ලීස්……
දැහැම් මේ…මගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා….මොකද්ද ඔයා මේ කරන්න හදන්නේ…නොකා නොබී ඉදලා මැරෙන්නද හදන්නේ…..ඔයා මං කියන දේ අහන්නේ නැත්තං මාත් මේ සේරම දමලා ගහලා යනවා යන්න….
භානුක කෝපයෙන් නැගිට යන්නට සැරසිනි…
භානුක අනේ…..යන්න එපා……..
දැහැම් ඔහුගේ අත තරයේ අල්ලාගෙන හඩන්නට විය……
හරි එහෙනම් මේ කෑම එක කන්න ඕන……නැත්තං මාත් යනවා යන්න…මට බෑ දැහැම් ඔයා දුක් විදිනවා බලන්න….නොකා නොබී ලෙඩ වෙන්නද හදන්නේ…..ඔයා මට ආදරේ නැද්ද…..මං ගැනත් හිතන්න දැහැම් ..මං ඔයාට මෙච්චර ආදරේ කරලත් තේරෙන්නේ නැද්ද…….
අනේ එහෙම කියන්න එපා භානුක….මට දැන් ඉන්නේ ඔයා විතරයි…..මේ ලෝකෙන්ම මට ආදරේ කරපු පිරිම් දෙන්නාම මාව දාලා සදහටම යන්න ගියා….ඉස්සෙල්ලා අශේන්….ඊලගට මගේ රත්තරං තාත්තා….ඔයා නිසයි දෙයියනේ මම මෙහෙමවත් ඉන්නේ……මං කන්නම් භානුක….
දැහැම් බියටම බත් කටවල් කීපයක් කන්නට විය….
හොද ළමයා…..දැන් ටිකක් නිදා ගන්න…භානුක බත් පිගාන පසෙකින් තබා දැහැම්ට වතුර වීදුරුව ළං කර පැවසුවා….
ඔහු නැවතත් දැහැම් අසලට පැමිණ ඇයට නින්ද යන තෙක්ම සීරුවට හිස පිරිමදින්නට විය…භානුකගේ අතැගිලි පහසින් දැහැම් නින්දට වැටින….
භානුක සුසුමක් හෙලා ඇය දෙස බලා සිට ඇගේ නලලත සිප කාමරයෙන් පිටව ගියා…..
*************************************
ඒ පාළු මූසල සන්ද්‍යාවේ දැහැම්ගේ පියා අවසන් ගමනට සැරසුණා…..ඇගේ මව විලාප තබා කිහිප වරක්ම සිහිසුන් විය…දැහැම් කනත්තට යන තෙක්ම භානුකගේ වතට වාරු වී ගමන් ගත්තේ හිත් පිත් නැති තැනැත්තියක ලෙසයි…..
අවසන් වතාවට පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට භානුක කිහිප වරක්ම දැහැම්ට කතා කලත් ඇය නිසොල්මන්ව පසුවිය….
පිරිස ඒ අතරේ දේහය තැන්පත් කල තිබූ පෙට්ටියේ පියන වැසීමට සූදානම් විය…….
දැහැම් හදිසි කම්පනයකින් මිදී මෙන් සියල්ලෝම පසෙකට තල්ලු කර දමා දේහය අසලට දිව ගියේ කෑගසා හඩා වැටීමෙනි…..
ඇය යලි යලිත් දේහය වැලද ගෙන පියන වැසීමට බාධා කරන්නට විය…..
තාත්තේ……………………….
යන්න එපා……මං මැරෙයි මගෙ තාත්තේ….අනේ වහන්න එපා….මගේ තාත්තා දැන් නැගිටිනවා……….අහකට යන්න…..ඇයි ඔයාලා මගේ තාත්තා ඇතුලට දාන්නේ…….තාත්තේ චූටි දුව දිහා එක පාරක් බලන්න….අනේ තාත්තේ……….
භානුක දැහැමිව අල්ලා පපුවට සිර කර ගත් අතර ඇය මහ හඩින් හඩමින්ම භානුකගේ පපුවට ගසන්නට වූයේ දරා ගැනීමට නොහැකිවයි…….
දැහැම් නවත්තන්න කිව්වේ………දැන් ඇති හොදටම….ඔයා මේ ඇත්තට මූණ දෙන්න….භානුක දැහැම්ගේ බාහු මිරිකම්න්ම ඇයව බොහෝ අමාරුවෙන් අසල පිහිටි ගස් සෙවනකට රැගෙන ගියා….දැහැම් ඔහුගේ පපුතුරෙහි හිස හොවාගෙන භානුකගේ කමිසය තෙත් වෙනකල් කදුළු සලන්නට වුනා…..
පියාගේ දේහය මිහිදන් කළ අවසානයේ පිරිස් කෙමින් කෙමින් සුසාන භූමියෙන් නික්මෙන්නට විය….ඇගේ සොහොයුරා මවත් වත්තම් කරගෙන දැහැම් අසලට පැමිණියා….දැහැම් හා භානුකගේ සම්බන්ධය ඇගේ සොහොයුරා මේ දින කීපයට වටහාගෙන සිටියා……
නංගි අපි යමු දැන් ගෙදර….
ඔහු නිවුනු හඩින් පැවසුවා….
අපි හෙමින් එන්නම් සදෙව්….ඔයා දැහැම්ගේ අම්මත් එක්කරගෙන ගෙදර යන්න…
භානුක පැවසුවා….
ඒ අනුව සදෙව් මවත් රැගෙන ගොස් කාරයට නැග පිටව ගියා….
තනි සුදු පාට සාරියකින් සැරසී මැදි වයස ඉක්මවූ කාන්තාවක් ඔවුන් අසලට පැමිණෙනවා භානුකට දකින්නට ලැබුනා…..
දැහැම් දුව……
ඒ හඩින් දැහැම් තිගැස්සී ගොස් හනිකට භානුකගෙන් මෑත් වී ඇය අසලට ගමන් කලේ කදුළු පිරී එද්දී…..
නැන්දා…..අනේ…….
ඇය එම කාන්තාව වැලද ගත්තා….
අඩන්න එපා දුවේ…මේක තමා ලෝක ස්වභාවය……අච්චර රත්තරං ටිකට හිටපු මගේ දරුවා මෙච්චර අඩුවයසින් අපිව තනි කරලා ගියේ දුව…..තාත්තා ගෙනාපු ආයුශ ඔච්චරයි….දරා ගන්න දරුවෝ….අම්මා කෙනෙක් වෙලත් මම මේ තාමත් ජීවත් වෙන්නේ…ඔයාටත් බැරි වෙන්නේ නෑ…..
අනේ….නැන්දා….අශේන් මාව දාලා යන්නම ගියා….නැන්දා දන්නවා මම හිටපු හැටි….ඇයි නැන්දේ දෙයියෝ මගේ තාත්තාවත් අශේන් ගාවටම යැව්වේ…..මේ ලෝකෙන් මම වැඩියෙන්ම ආදරේ කරපු දෙන්නම මට නැති උනා………
දැහැම් හඩන්නට විය….
ඒවා දරුවෝ අපිට වලක්වන්න බෑ….දුවගේ අනාගතේටත් යන කල දවසක් තියෙන්න ඕනේ…මගේ දරුවා මත්තෙම නැහුනා දැන් හොදටම ඇති…
ඇය සුසුමක් හෙලා පැවසීය…..
නැන්දා අර ඉන්නේ භානුක……මේ ලෝකේ දැන් මට ඉන්නේ එච්චරයි…..
භානුක…………
දැහැම් අසලට භානුක පැමිණියේ හැගීම් විරහිත දෑසින්….
භානුක මේ ඉන්නේ අශේන්ගේ අම්මා…….
අම්මා….මට දැහැම් හැම දේම කිව්වා……
මට කියන්න තියෙන්නේ මෙච්චරයි පුතා…දැහැම් කියන්නේ රත්තරං දරුවෙක්…පහුවෙලා හරි එයා මේ වගේ තීරනයක් ගත්තු එකට මං සතුටුයි…..දුවව ආදරෙන් බලා ගන්න පුතා…මං ආශිර්වාද කරනවා…ඇය දෙදෙනාගේම හිස පිරිමැද කදුළු පිරුණු දෑසින් පිටව ගියා…..
දැහැම් භානුක සමගින් පියා මිහිදන් කල ස්ථානයට ළං වුනා…එයිට එහායින් තිබුනේ මීට අවුරුදු දෙකකට පෙර සදහටම සමුගත් අශේන් මිහිදන් කල සොහොන් කොතයි……
ඇය භානුකගේ අතින් අල්ලාගෙන ඒ වෙත ඇවිද ගියා…..
ඇයට නිතැතින්ම සුසුමක් හෙලිනි….
භානුකට ඇගේ සිතැගි වැටහී ඇයව ළං කර තුරුල් කර ගන්නට විය….
අශේන්ගේ සොහොන් කොත අසල ඉද්ද වැලක් එතී සුදු පාට මල් තැනින් තැන පිපී තිබුනා…දැහැම් කල්පනා කලේ එය මෙතනට කෙලෙස ආවාදැයි කියාය….මීට සෑහෙන කාලයකට පසුව අද දැහැම් යලි මෙතනට ආවේ පියා වෙනුවෙනි…..
යලි යලිත් අශේන්ගේ මතකය තුල සැරි සැරීමට දැහැම්ට නොහැකිය….දැන් තමාගේ ලෝකයම භානුකයි…..
අපි යමු භානුක…..
දැහැම් පහත් හඩින් පැවසීය……
සුළගේ පාවී ආ ඉද්ද මලක් දැහැමිගේ දෙපා අසළ නැවතින….ඇය දෙවරක් නොසිතාම එය අහුලාගෙන දෑතට ගුලි කර ගෙනම භානුක සමගින් නිවෙස බලා යලි ඒමට පියවරෙන් පියවර තැබුවාය…..
##නැවත හමුවෙනතුරාවට##
යාළුවනේ මුලින්ම කියන්න ඕනේ ඊයේ කතාව කියවපු යාළුවෝ ගොඩාක් අය සංවේදී වෙලා තිබුනා…ගොඩාක් අය මට මැසේජ් කරලා තිබුනා එයාලගේ තාත්තා මතක් උනා කියලා…මං ඔයාලා අඩවන්න නම් හිතුවේ නෑ…කතාව ටයිප් කරේ මමත් ගොඩාක් සංවේදී වෙලා….කතාවේ තව කොටස් කීපයයි තියෙන්නේ…..කොටස් 30න් මම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා…..කතාවට දක්වන ප්‍රතිචාර වලට ගොඩාක් ස්තුතියි…..
ආදරෙයි හැමෝටම