අරුන්දී.. 01 – A.R.A
(දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)
1වන දිගහැරුම .
අරුණලු නැගෙනහිර අහසින් නැග එත්ම දසත ඒ ආලෝකයෙන් බැබලුනේ නවදවසක උදාව සැමට පසක් කරවමිනි..
නිදන කාමරයේ ජනෙල්තිර අතුරින් ඇදේ නිදා සිටින ඇගේ මුහුනටම හිරුඑලිය එබුනේ දැන් නැගිට්ටොත් හොදයි යැයි කීමට මෙනි..
එහෙත් ඈ තව තවත් තම පොරෝනය තුලටම ගුලි වුනේ හිතට නැගි කම්මැලි කම නිසාමය.
ඇය නමින් ඇරුන්දී… අරුන්දී සමරදිවාකර.
සමරදිවාකර group හි අධිපති විපුල සමරදිවාකර ගේ වැඩිමහල් දියනිය ඇයයි..
ඇගේ ජීවිතේ සියලු සැප සම්පත් ඔහුට දීමට හැකිවුවත් ඇගේ අවාසනාවට ඇගේ මව මෙලොවින් සමුගත්තේ ඇය කුඩා කලදීමය.
පසුව ඇගේ පිය දෙවන කසාදයක් කරගත් අතර ඇය නමින් චන්ද්‍රා හපුආරච්චි විය.
මුල් කාලයේදී ඇය ඉතා ආදරෙන් සෙනෙහසින් අරුන්දී වෙත තම රැකවරනය ලබා දුන්නද ඇගෙත් සමරදිවාකරගෙත් ලෙයින් උපදින්නට පෙරුම් පුරන ඒ කලලය කුස තුල මෝරද්දී අරුන්දී කෙරෙහි තිබූ ආදරය සැලකිල්ල කෙමෙන් කෙමෙන් අඩුවී යන්නට විය…
කෙසේ නමුත් ඒ ලේ උරුමයට සමරදිවාකර group හි අයිතිය ලබා ගැනීමට ඇය නොමනා උත්සහයක යෙදුන බවට නම් සැක නැත..
මෙලෙස වසර ගතවී අරුන්දී දැන් 21 වන වියේ පසුවන අතර ඇගේ සහෝදරිය 19 වන වියේ පසුවන්නීය..
ලොකු බේබී තේක….
සීතා අම්මේ ඕක මේසෙ උඩින් තියලා යන්න..
ලොකු බේබි දැන් ගොඩක් දවල් වෙලා ලොකු නෝනා එන්න කලින් මම මේ තේකකුත් අරන් උඩට ආවේ නැගිට්ටවන්න..
හ්ම්…..හරි සීතා අම්මේ මම බොන්නම්කෝ ඕක ..තියලා යන්නකෝ…
අය එසේ කිව්වේ තම පොරෝනයෙන් මුහුන එලියටවත් නොගෙනය.
ඕන් මන් දන්නේ නෑ…. උදේ පාන්දරම ලොකු නෝනගෙන් බැනුම් අහගෙන දවසම මූන එල්ලගෙන ඉන්න වෙයි.. අපි දන්නේ නෑ..
එසේ කිව් සීතා අම්මා ඉක්මන් ගමනින් කාමරයෙන් පිටව ගියේ අතේ රැදි තේක කන්නාඩි මේසය උඩින් තබාය..
අරුන්දී තම සිරුර වසාගෙන සිටි පොරෝනය ඉවත් කර ඇදේ ඉදගත්තේ දිග හුස්මක් ඉහලට ඇද සැහැල්ලු ලෙසින් එය පිට කරමින් ය.
ටික වෙලාවක් එසේ සිට ඇදෙන් බැස්සේ ඇද පාමුල තිබු නිවස තුලට දමන සෙරෙප්පු දෙක කකුලේ දමගනිමින් ය..
සීතා අම්මා විසින් ගෙන එන ලද තේක අතට ගත් ඇය සෙමින් පිය නැගුවේ ජනේලය අසලටයි…
තම එක් ඇතකින් තේක අල්වාගෙන අනෙක් අතින් ජනෙල්තිරය මෑත් කලේ උදෑසන හිරු කිරන කාමරය තුලට වැටෙන්න සලස්වමිනි…
එක් වරම මුහුනට වැටුන හිරු එලිය හේතුවෙන් ඇගේ දෑස් දෙක ලාවට වැසුනේ ඇයටත් නොදැනීමය.
ජනේලයෙන් එලිය බැලූ ඇය දුටුවේ ඇගේ කුඩම්මා එසේත් නොමැතිනම් තම පියාගේ දෙවන බිරිද මල් පැල වලට වතුර දමමින් සිටිනා අන්දමයි…
අපෝ මල්වලට නම් හරි සාත්තුව මෙයාගේ..
ඒත් අපිට තමා….
එසෙ සිතමින් ඇය තේ උගුරක් තොල ගෑවේ සමච්චලයට මෙන් සිනා සෙමිනි..
එක් වරම ඇය ඔරලෝසුව දෙස බැලුවේ දැන් වෙලාව කීයට ඇතිදැයි දැනගැනීමටයි.
8.45…
අයියෝ තාත්ති යන්න ඇති උදෙන්ම.. ශික් මට ඇහැරුනේ නෑනේ….
එසේ සිතමින් ඇය නැවතත් පැමින ඇදේ පාමුල ඉදගත්තාය..
ලිහිල් වී ඇති කොන්ඩය අතින් එක් පැත්තකින් ඉදිරියට දමා ගත් ඇය තම් කොට්ටය යට තිබූ මොබයිල් එක අතට ගත්තේ ෆේස් බුක් යාම සදහාය..
ම්….මිස් කෝල්ස් පහක්…
අම්මේ මයන්ත ගෙන් නේ කෝල්ස් පහම..
එසේ තමාටම කියා ගනිමින් ඇය මයන්තගේ අන්කයට දුරකතනය ඇමතුමක් ගත්තාය..
මයන්ත…මයන්ත මල්දෙනිය.. සමරදිවාකර group හී marketing manager ලෙසින් ඔහු සේවය කරන්නේ දැන් වසර පහක පමන තිස්සේය..
මයන්තගේ පියත් අරුන්දිගේ පියත් ගජ මිතුරන් වූ හෙයින් මයන්තට කිසිම අපහසුවකින් තොරව සමරදිවාකර group හි රැකියාව ලබා ගැනීමට හැකි විය..
එම මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් කර ගැනීමට ඔවුන් මග පදා ගත්තේ මයන්ත සහ අරුන්දී අතර සම්බන්දයක් ගොඩ නැගීම හේතු කොට ගෙනය..
මයන්ත හුදෙක්ම අරුන්දීට ලන් වූයේ සමරදිවාකර group හි අනාගත අයිතිය අරුන්දී සතු වන බවත් කෝටිගනනක දේපල වලට සිතේ ඇතුවූ කෑදර කම නිසා බව දන්නේ ඔහු පමනි…
හෙලෝ මයන්ත…
ආහ්… කොච්චර කෝල්ස් ගත්තද ඇයි අන්ස්වර් කලේ නැත්තේ…?
කතා ස්වරයෙන්ම ඔහු කෝපයෙන් සිටින බව ඇග දැනගත්තාය..
අනේ මම දැන් ටිකකට කලින් නැගිට්ටේ…කෝල්ස් දැක්ක ගමන් මයි ගත්තේ ඔයාට..
හ්ම්ම්ම්….හරි හරි මම වැඩ පස්සේ ගන්නම්…
මෙහ්හ් ..මය…
ඇය අසන්නට ගිය දේ සම්පූර්න කරන්නටත් පෙර ඔහු කෝල් එක කට් කර ඇත..
දිග හුස්මක් පහලට හෙලපු ඈ කෝපය මේසේ උඩ තබා නාන් කාමරය වෙත් ගොස් දොර වසා ගත්තාය…
ඇද සිටි නයිට් ගවුම උරහිසෙන් පැන්නූ ඇය එය දෙපා මුල වැටෙන විට වතුර මල යටට ගොස් හිට ගත්තේ නග්න වූ සිරුරට දිය බිදු වැටෙන පහස සිතින් ගතින් විද ගනිමිනි..
මයන්ත ඔහොමමයි… මගේ කරුමේ…. කිසි හැගීමක් දැනීමක් නැති කෙනෙක්..
එසේ සිතමින් ඇය වතුර මල යට ඔහේ සිටගෙන සිටියාය.
හිතේ හැටියට නා ගත් ඇය තුවාය ඇදගෙනම එලියට ආවේ කොන්ඩයෙන් තෙත බේරෙන ගමන් ය…
ඉක්මනින් අල්මාරියෙන් ගවුමක් ගෙන එය ඇදගත්තේ දැනටමත් වෙලාව 9.30 වී තිබූ බැවිනි..
ඇය ඇද හුන් ගවුම කහපාට මතුපිටේ කලු පාටින් බෝල ඇද තිබුනි..
අත් නැති ඒ ගවුම ඇන්ද ඇයට අමුතුම ලස්සනක් ගෙන ආවේ ඇගේ ලස්සන තවත් ඉස්මතු කරමිනි..
කන්නාඩිය ඉදිරිපිට සිට තෙත කොන්නඩ පීරාගත්තේ ඇගේ හැඩ වැඩ බලමින් සියුම් ආඩම්බරයක්ද සිතේ ගොඩ නගා ගනිමිනි…
ඇය කාමෙරේ සිට තරප්පුව දිගේ පහලට එන විටත් තම කුඩම්මා කෑම මේසයේ හිදගෙන පාන් පෙත්තකට බටර් ගාමින් සිටී..
ආහ්හ්… කුමාරි හාමි නැගිටලා තියෙන්නේ…
එය නෑසුනාක් මෙන් ඇය පැමින කෑම මේසෙන් ඉද ගත්තේ තම තෙත කොන්නඩය අතකින් පිටුපසට දමාගනිමින් ය..
ගෑනු ලමිස්සියෙක් උනාම උදෙන්ම නැගිටින්න ඕනේ…
ගෙදරටම මූසලයි ඔහොම එවුන්…..
එසේ කියමින් ඇය පුපුරු ගසමින් බටර් ගාගන්න ලද පාන් පෙත්ත කන්නට විය…
පොඩ්ඩක් නින්ද ගියා ඉතින්… ඕකට ඔච්චර කෑ ගහන්නේ??
අර මයන්ත පුතා ගෙදරටත් කෝල් කරලා ඇහුවා කොයි කියලා… ලැජ්ජාවේ බෑ ගෑනු ලමයෙක් මෙච්චර වෙලා නිදි කියන්න…
මම මයන්තට කෝල් කලා…
කට නම් තියෙනවා …කියවන්න….
එසේ කිව් ඇය ගස්සගෙන මෙන් පුටුව පස්සට ඇද ඉවත්ව ගියේ තවත් මොනවාදෝ මුමුනමින් ය.
අරුන්දී දිගු හුස්මක් හෙලමින් පාන් පෙත්තක බටර් ගා ගනිමින් එය කන්නට විය..
ඉදිආප්ප බන්දේසියක්ද පසෙක තිබුනත් ඇය ඒ පිලිබද අවදානයෙන් පසු නොවුනේ සැමදාම මෙන් කුඩම්මාගේ අදෝනාවට හිත රිදී තුබූ නිසාය.
මේසයේ පසෙක කෙසෙල් ගෙඩි පිගානක්ද කාන ලද ඇපල් ගෙඩියක්ද වතුර ජෝගුවක්ද කෝප්පයක්ද විය..
මේවා පිලියෙල කරන්නට ඇත්තේ සීතම්මා බව ඇය නොඅනුමානව දනී..
මේ නිවස තුල ඇයව තේරුම් ගත්තේ තම පියා සහ සීතම්මා පමනි…
පාන් පෙති කීපයක් ඕනෑවට එපාවට මෙන් කා නිම කල ඇය වතුර කෝප්පයට පුරවා ගනිත්ම ඉදිරි පස දොරට යම් අයෙක් තට්ටු කරන හඩ ඇසිනි.
සීතම්මේ………
හරි ලොකු බේබී….
සීතම්මා සාලය පසු කර ඉදිරිපස දොර වෙත යනවා ඇය බලා සිටියේ වතුර කෝප්පය බොන ගමන් ය..
ලොකු නෝනා……
එසේ කියාගෙන සීතම්මා කුඩ්ම්මාගේ කාමරය දෙසට යනවිට අරුන්දී විපරමින් දොර දෙස බැලුවේ ඇවිත් සිටින්නේ කව්රුන්දැයි දැන ගැනීමටය..
තම කුඩම්මාගේ වයසේ පසුවන කාන්තාවක් පිගානක් වැනි යමක් අතේ තබාගෙන දොරකඩ සිටගෙන සිටී.
ඒ මොහොතේම චන්ද්‍රා එනම් ඇගේ කුඩම්මා දොර වෙත යනවා ඇය දිටීය.. ඒ දෙස බලමින්ම ඇය තරප්පු පෙල නැග්ගේ ඊයේ කියවමින් සිටි නව කතාපොතේ ඉතිරිටික කියවීමේ අදහසිනි.
ආනේ එහෙමද…..
අපි දැක්කා ඒත් උදේ ඉදන් වාහන එහෙම
නතර කරලා තියෙද්දි අලුත් ගෙදරට කට්ටිය ඇවිත් වත්ද කියලා..
හරි අනේ බොහොම ස්තුති … වෙලාවක් එන්නකෝ එහෙනම්…
කුඩම්මාගේ ඒ වදන් තිලින් ඇය තේරුන් ගත්තේ තම නිවසට අල්ලපු ඉඩමේ මීට මාස කීපයකට කලින් සෑදීමට පටන් ගත් නිවසේ අයිති කරුවන් එහි පදින්චියට පැමින ඇති වගයි..
අපෝ මෙයාගේ කරුනාව. පිට මිනිස්සු ඉස්සරහ විතරයි…
එසේ සිතමින් ඇය නවකතා පොත අතට ගෙන එය කියවන්නට විය…
ඇගේ පියා සෑම විටම ඔවුන්ගේ කොම්පනියට පැමින එහි වැඩ පුරුදු වන ලෙස ඇයට කිව්වද ඇය ඊට එතරම් උනන්දුවක් දැක්වූයේ නැත..
පුතේ කවදාහරි මේ bissiness එක ඔයා භාර ගන්න ඕනේ … මට කියලා කොල්ලෙක් නෑනේ.. ඔයාට තමයි මේක ඉදිරියට අරගෙන යන්න වෙන්නේ…
පියා අවස්තාවක් ලද සෑම විටකම ඇයට එසේ පැවසුවත් ඇය තවමත් ඒ සම්බන්දව තීරනයකට එලබී නොමැත…
පොත කියවමින් සිටි ඇයට ඇයටත් නොදැනීම ඇහැ පිය වුනේ කම්මැලිකම මුසු වූ නිදිමතක් ආ නිසාය..
අපෝ…කුම්බකර්නි නැගිටිනවා….
එක් වරම තම මුහුනට සීතල වතුර බිදු කීපයක් වැටීමෙන් අරුන්දී ගැස්සී නැගිට්ටුනි.
අපෝ මෙයානේ…..
ඔව් මම තමයි….ඇයි හිතුවද මයන්ත කියලා..
එසේ සිනහවෙමින් ඇය ඉදිරියේ සිටගෙන සිටියේ ඇගේ නැගනිය විභාශා ය…
මෙවර අ පො ස උසස්පෙල විභාගයට පෙනී සිටින ඇය අරුන්දී තරම් පැහැපත් නොවුනාය..
තුවායක් පමනකින් සිරුර වසාගෙන සිටි ඇය දෙස බැලූ විට මේ දැන් නාන කාමරෙන් එලියට පැමින ඇති බව හොදින්ම පැහැදිලි වේ…
තෙත බේරේන කොන්ඩයෙන් කාමරයේ බිමත් තෙමී ඇති වග දුටු අරුන්දී ,
අනේ මෝඩි මෙතන බිමත් තෙමෙනවා… යනව ගිහින් ඇදුමක් දාගන්නවා..
හරිහරි හලෝ මම යන්නම්…ඒක නෙවේ එහා ගෙදරට කට්ටිය ඇවිත් නේහ්…
හ්ම්ම්…. මොකෝ අද කලින් ගෙදර ආවේ..?
ඇයි හලෝ අපිට ටර්ම් ටෙස්ට් නේ මේ දවස් වල… අදින් ඉවරයි. ඉතින් උදේ වරුවෙන් පේපර්ස් ඉවර උන නිසා කලින් ඉස්කෝලේ ඇරියා..
ආ.. ඒක මිසක්. මම ඒත් බැලුව මේ වෙලාවට මොකද කියලා…
එක් වරම ඇගේ මොබයිල් එකට ඇමතුමක් ආයෙන් විභාශා කාමරයෙන් පිටව ගියාය..
හෙලෝ… මයන්ත
මොකද කරන්නේ??
මොකුත් නෑ පොතක් බල බල හිටියේ..
කෝල් එකක් වත් දෙන්න ඔලුවට එන්නේ නැද්ද??
ඉතින් ඔයත් දැන්නේ මට කතා කලේ මයන්ත..
මේහ්… මගෙන් ප්‍රශ්න අහන්නේ නැතුව මම අහන දේට උත්තර දෙනවා…
මේ මම කියන්න ගත්තේ අද හවසට මම එනවා.. BNS ලගේ show එකට ටිකට් දෙකක් ලැබුනා නෙලුම්පොකුනේ… ලෑස්ති වෙලා ඉන්නවා..
අනේ ශෝක් නේ…. නන්ගිවත් එක්ක යනවද?
මෝඩි දැන් ඇහුනේ නැද්ද ටිකට් දෙකයි හම්බ උනේ කිව්වා….මහ මොන්ගලයක් ඕයි තමුසේනම්…
ඉතින් මට ඇහුනේ නෑ…. හරි හරි හවස එන්නකෝ…
හ්ම්….
BNS ඇගේ ප්‍රියතම මියුසික් බෑන්ඩ් එක.. මයන්ත නපුරු උනත් ඇයව මේ සදහා එක්ක ගෙන යාම ගැන ඇය තුල සතුටක් උපන්නෙය.
පුදුමයි මාව එක්ක යන්න හිතුනා… එසේ සිතමින් ඇය කොන්ඩයට වූල් බෑන්ඩ් එක දමා ගනිමින් පහලට දිව්වේ මේ පුවත බිභාශාට පැවසීමටය.
ඇය පහලට යන විටත් විභාශා දවල් ආහරය ගනිමින් සිටියාය…
කෑවද???
නෑ ..කන්න ඕනේ…
කෝ අම්මා..?
බෑන්ක් එකට යනව කියලා ගියේ….ඇයි.
මේහ්… මයන්ත හවස මාව BNS ලගෙ අලුත් show එක බලන්න එක්ක යන්න එනවා කිව්වා.
ඒයී මරු…මාත් එන්නම්…
පිස්සුද ගෙදරට වෙලා පාඩම් කරනවා… අනික ටිකට් දෙකයි හම්බවෙලා තියෙන්නේ…
අපෝ ලෝබී…ගන්න එකේ ටිකට් තුනක්ම ගත්තනම් ඉවරයි නේ… ලෝබයෝ ඔක්කෝම..
මම ගත්ත එකක් නෙවෙනේ මෝඩී… එයානෙ අරන් තියෙන්නෙ…
ලොකු බේබී කාලා හිටියනම්..
හරි සීතම්මේ…
ඇය කෑම මේසෙන් වාඩි උනේ හවසට ඇදගෙන යන්නේ මොකද්දා කියලා හිත හිතාමය.
…………………………………………………………………….
අරුන්දී ඇග සෝදාගෙන විත් ඇද උඩ පිලිවෙලට මැද තබා තිබූ නිල්පාට ලේස් ගවුම අතට ගත්තේ ඉක්මනින් ඇද ගැනීමටය..
වෙලාව 5.30..
6.00 වන විට ඔහු පැමිනෙන බව කිව්වේය..
ඉක්මනින් ගවුම ඇගලා ගත් ඇය කන්නාඩිය ඉදිරිපිටට ගියේ කොන්ඩ පීරා ගැනීමට සිතාය..
පනාව ගෙන කොන්ඩයේ ගැට කඩා සියල්ලනෙකට එක්කොට හිස් මුදුනට වන්නට තබා නිල් පැහැති වූල් බෑන්ඩ් එකක් දමා ගත් ඇයගේ මුහුනට අමුතුම එලියක් එක්වුනි.
පිටුපස තිබූ කොන්ඩෙන් කොටසක් ඉදිරි පසට කර උඩින් දමාගත් ඇය මේකප් සෙට් එක රැගෙන ලාවට මේකප් එකක් ද මුහුනට දමා ගත්තාය..
දැන් නම් ඇය කෙනෙකුට තව වරක් හැරී බැලීමට හෑකි වන අයුරින් ලස්සනට පෙනේ..
උපතින්ම ලස්සන උරුම කරගත් ඇය නිල් පාට ලේස් ගවුම නිසා තවත් ලස්සනට පෙනෙන්නට විය..
මෙලෙස තම හැඩ බලමින් සිටින විට එක් වරම කාරයක් පැමිනෙන හඩ ඇයට ඇසුනි..
මයන්ත වෙන්න ඇති…
එසේ සිතූ ඈ ඉක්මනින් තරප්පු පේලිය බසින්නට වූයේ සතුටු සිතිනි…
2 කොටසින් හමුවෙමු.
ඔන්න පලවෙනි කොටස දැම්මා.. මොකද හිතෙන්නේ ඉතින්… කව්රු එන්න ඇද්ද ගෙදරට…? බලමු ඒක හෙට හොදේ..
ඔයාලා හැමෝම කතාව එක්ක ඉස්සරහට රැදෙයි කියලා මම හිතනවා යාලුවනේ..
කියවලා කතාව ගැන අදහසකුත් දාගෙනම යන්න කට්ටිය හොද්ද…
බුදුසරණයි ..