අරුන්දී 15
(දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව)
15වන දිගහැරුම
විහඟ ඒ නම දෙස මද වේලාවක් බලා සිටියේ එහි හුරු පුරුදු බවක් සිතට දැනුන නිසාවෙනි..
ඔහු ඉක්මන් කරමින් ප්‍රසූතිකාගාරයට යන විටත් ඩිනායා වේදනාවෙන් කෑ ගසමින් සිටියාය…
කෙසේ හෝ පැය භාගයක් පමන වේදනා විද ඩිනායා පුන්චි පුතෙක් බිහි කලේ උතුම් මව් පදවිය ලබන ගමන් ය…
විහග ඇද මත රුධිරයෙන් නැහැවී කෙදිරිගාමින් සිටින ඩිනායා දෙස බැලුවෙ ඇගේ මුහුන ඔහුට කොහේදී හෝ දැක් පුරුදු නිසාවෙනි…
මද වේලාවක් සිතන විට විහගගේ මතකයට ආවේ දිනක් මයන්ත මැය සමග හෝටලයේ සිටින විටදී තමන් දුටු බවයි..
ආ මචන් උබ බැන්දද??
නෑ බන්..
එහෙනම් අර උබත් එක්ක නටපු කෙල්ල කවුද?
ආ ඒක මේ පොඩි side part එකක්…
එදා මයන්ත කිව් දේ පිලිබදව විහග එතරම් නොසිතුවත් අද ඔහු යමක් තේරුම් ගත්තාක් සේ ඩිනායා දෙස බලා සිටියේ හිස් බැල්මෙනි..
එතකොට මේ මයන්තගෙ privet secretary ..අරුන්දි එදා මෙයා ගැන වෙන්න ඇති කිව්වේ..
දැන් මෙයාට කතා කරන්න යන එක හොදනෑ..අමාරුවෙන්නේ ඉන්නේ….
පස්සේ වෝඩ් එකට දැම්මාම කතා කරනවා…
එසේ සිතූ විහග තම කාර්ය අවසන් කර කාමරයට යන්නට විය….
ඩිනායා මට හම්බ උනා කියලා අරුන්දිට කිව්වොත් එයා අහයි මම ඩිනායව දන්නේ කොහොමද කියලා…
එතකොට මයන්තගේ සිද්දිය කියන්න වෙනවනේ.ඇයි මීට කලින් මම ඩිනායව දැනන් හිටියේ නෑනේ…
ඒක නිසා හොදම දේ අරුන්දිට මේදේ නොකියා ඉන්න එකද…ඒත් කෙල්ල ඩිනායට උනේ මොකද්ද කියලා සෙවිල්ලෙන්නේ ඉන්නෙත්…
කමක් නෑ ඔන්න ඔහේ කියනවා..මයන්ත එයාගේ අතීතය විතරයිනේ…
එසේ සිතා ගත් විහග කාමරයට ගොස් පුටුවේ ඉදගත්තේ මේසය උඩ තිබූ ෆයිල් කවරයක් දිග හරින් ගමන් ය…
අරුන්දී කාමරේ බැල්කනිය අසල තම රෝද පුටුව තබාගෙන විවාහ ගිවිසුමේ චායාරූප බලමින් සිටියේ හවස් වරුවේ කිරීමට තරම් එතරම් වැඩක් නොවූ නිසාය…
විහගගේ හා ඇගේ චායාරූප මෙන්ම පවුලේ අනෙක් අයගේ චායරූප බලමින් ඇය ඒ ඒ අවස්තා මතක්කරමින් තනියෙන් සිනා සිසි ඉන්නා විට විභාශා ඇගේ කාමරයට ආවාය..
අප්පේ…..මෙයා තවමත් එන්ගේජ්මෙන්ට් එකේ තමයි ජීවත් වෙන්නේ….
අරුන්දීහිස ඔසවා බැලූවේ එවිටයි…
නැතුව…නැතුව….
ඔව් ඔව් මම ඉතින් කියන්නේ නෑ පව් කියලා..
මොකද්ද පව්??
එදා මෙතන දෙන්නා එක්ක හිටපු විදිහ.. මම ආවා කියලවත් ගානක් තිබ්බේ නෑ..
විභාශා එසේ කියමින් සිනාසුනේ අරුන්දී සමගමය..
පොඩ්ඩි ඔයාගෙ නම් කට වැඩී දැන්..
අරුන්දී එසේ කීවේ කට තදකරගෙන හිනාව වහගෙනයි..
ආ..මේහ් මම කියන්න හිටියේ. අයියා කිව්වා one day trip එකක් යමු කියලා… ඔයත් යං exam ඉවර නිසා..
ශා මරූ..කොහෙද??
නුවරඑලියෙ …
අනේ ශෝයි අක්කී…කවද්ද..
අයියා කියයි එයාට free උනාම…මේ තමුසේ ආවට කමක් නෑ ඒ මනුස්සයට එක එක ඒවා මතක් කරලා නෝන්ඩි දාන්නේ නැතුව..
ඒවා ශුවර් නෑ හලෝ..මට එයා දකිද්දි අර සිද්දියමයි මතක වෙන්නේ…හෙන romantic හලෝ එයානම්…
අනේ මෙහ් මම බලා ගන්නම් එයාගේ romantic එක…වැඩිය කියෙව්වොත් දාලා යනවා හොදේ…
හරි හරි අම්මිට කියමු එහෙනම්…
එසේ කියමින් විභාශා කාමරෙන් එලියට යන ගමන් කීවේ ඉපිලී යන සතුටෙනි..
ඒයි ඔහොම ඉන්නවා මමත් එනකල්…යකෝ මේකි බලන්නකො ගිහිල්ලත් ඉවරයි…
කියමින් අරුන්දීද අතේ රැදි පොත පැත්තකින් තබා කාමරෙන් එලියට යන්නට සූදානම් විය..
ඇය සාලය දෙසට යන විටත් විභාශා මව අතින් ගමන ගැන කියමින් සිටියාය…
අරුන්දී දුටු විට චන්ද්‍රා ඇය දෙස හැරුනේ මේ කියන්නේ ඇත්තක්ද දැනගැනීමටය..
ඇත්තද ලොක්කී මේ නන්ගි කියන්නේ…?
ඔව් අම්මේ විහග කිව්වා outing එකක් යමු කියලා..
තව දවසක් නම් තීරනය කලේ නෑ.. එයාට free උනාම යමු කිව්වා..
අම්මී මමත් යනවා හොදේ…
ඒ විභාශා..
තව කව්ද යන්නේ ලොක්කී…??
එයාගෙ මල්ලිත් එනව කිව්වා..අපි හතර තමයි ඉතින් තවම ..අම්මිලත් යමු ..
බලමු තාත්තා ආවාම කතා කරගෙන… එහෙනම් මෙහෙම කරමු විහගගේ අම්මයි තාත්තයි දෙන්නත් ගමනට දාගමු..
එහෙම හොදයි නේ ලොක්කී…
මරු මරු… මම එයාට කියන්නම්කෝ…
අරුන්දී සතුටින් පැවසුවේ පවුල් දෙකම එක්වී යන මුල්ම ගමන මෙය නිසාය..
එහෙනම් අපි හැමෝටම පහසු දවසක් දාගමු…වාහනයක් හයර් කරගෙන යමු..එතකොට කාටත් ලේසී නෙ..
චන්ද්‍රා එසේ කියමින් කුස්සිය දෙසට ගිය නිසා අරුන්දීද කාමරයට ගියේ විහගට ඇමතුමක්දී ගමන ගැන කීමටය…
ඇය කාමරයට යන විටත් ඇගේ දුරකතනයට ඇමතුමක් එමින් තිබුනි…
විහග යන නම තිරයේ දිස්වුනි..
හලෝ සුද්දෝ….
ආ…මැඩම් කොහෙද හිටියේ…කීයේ ඉදන්ද ගන්නේ…
Room එකේ හිටියේ නෑ අනේ… මෙහ් ගමන ගැන කතා කරගන්න ගියා..
මොන ගමනද??
ඇයි අනේ නුවරඑලියෙ ගමන…
ආ…ඒකද ..ඉතින් මොනවද කතා කරගත්තේ??
අනේ මේ මට බනින්න නම් එපා මේක අහලා.
ඇයි මොකද්ද .??
මේ…මේ….කොහොම හරි අන්තිමට අපෙයි ඔයාලගෙයි family දෙකම ගමනට සෙට් ..
මොකක්?
ඔව් අනේ එයාලත් පව් නෙ…
මොනවද බබා මම කතා කලේ අපි දෙන්න විතරක් යන්න.
ඔයා කිව්ව නිසා අපේ මල්ලියි ඔයාලගේ නන්ගියි සෙට් කරගත්තා..
දැන් කියනවා ෆැමිලි දෙකම යනවා කියලා…
ඔයා නම්….
හෝව් හෝව් අපෝ මේයගේ නපුරු කම…
හරි හරි දැන් කරන්න දෙයක් නෑනේ… අපි දෙන්න වෙඩින් එකෙන් පස්සෙ තනියම යමු..එතකොට හරිනේ…නේද බබෝ..
ඔව් ඔව් වෙඩින් එකෙන් පස්සේ අපිදෙන්න විතරයි ඔන්න හොදෙ…
විහග සිනාසෙමින් කීව්වේ ඇයවත් සිනහ ගන්වමිනි…
ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා…මෙහ් මට ඩිනායා හම්බඋනානෙ..
හානේ ඒ කොහෙදිද?? …ඒත් ඔයා කොහොමද එයාව දන්නේ විහග…ඔයා දැකලා නෑනේ එයාව…
මම හිතුවා ඔයා ඔහොම අහයි කියලා.. හැබැයි මේක අහලා කලබල වෙන්න නම් එපා…
හරි ඉතින් කියන්නකෝ….
ඩිනායව මට මුලින්ම හම්බ වෙන්නේ නුවරඑලියෙ හොටෙල් එකකදි..
ඈ…..ඒ කොහොමද??
මම රට ඉදන් ආව මුල් කාලේ යාලුවො එක්ක නුවර එලියේ ගියා..
එහෙදි අපි එක දවසක් City hotel එකේ නැවතුනා.
එහෙදි තමයි ඩිනායව මීට් උනේ…
ඔයා කොහොමද හරියටම කියන්නේ එයා ඩිනායා කියලා..
අනික ඔයා ලන්කාවට ආව මුල නම් ඩිනාය දැනගන්න විදිහක් නෑනේ…
හරි හරි ලමයෝ ඒක තමයි මම මේ කියන්න හැදුවේ..
ඩිනායා මයන්ත එක්ක තමයි ඇවිත් හිටියේ…
විහග එලෙසින් කියන විට අරුන්දිගේ පපුව හිර වෙන්නාක් මෙන් විය..
දෙයියනේ එතකොට මයන්ත මගේ එක්ක යාලු වෙලා ඉද්දිද ඩිනායා එක්ක එහෙ මෙහෙ ගිහින් තියෙන්නේ…
හෙලෝ බබා අහගෙනද ඉන්නේ…??
අරුන්දී කල්පනාවෙන් මිදුනේ විහගගේ හඩිනි…
ඕ..ඔව්..කියන්න…අහගෙන ඉන්නේ…
එදා මම ඩිනායට කතා කලේ නෑ..ඒත් පුදුමේ කියන්නේ එදා අර ඔයා එක්ක කතා කර කර ඉද්දි අමාරු උන අම්මා කෙනෙක් ආවේ..
ඔව්…
ඒ වෙන කව්රුත් නෙවේ ….ඩිනායා…
මොනවා…..
අරුන්දී කිසිවක් සිතා ගත නොහැකිව නිහඩව සිටියේ හිතේ නැගුන වේදනාව නිසායි..
ඔයා ඩිනායා එක්ක කතා කලාද??
ඔව් එයාව වෝඩ් එකට දැම්මට පස්සේ ගිහින් කතා කලා…
එයාගේ හස්බන්ඩ් ඇවිත් හිටියා එවලේ…
එදින රෝහලේ සිදුවීම විහග මතක් කලේ මෙසෙය.
විහග වාට්ටුවට යන විට ඩිනායා ඇද මත හන්සි වී සිටිනවා දුර සිටම දුටුවේය..
ඇද අසල තරුනයෙක්ද හිටගෙන සිටියේ ඇගේ සැමියා විය හැකිය..
ඔහු ලගට යන විට ඇය තුරුලේ හුන් දරුවා ඇගේ උනුසුමට තුරුල් වී නිදා උන්නේය…
විහග දුටු විටම ඩිනාය ඔහු දෙස බලා හිද මද සිනහවක් පා ඇදෙන් නැගිටීමට උත්සහ දරන්නටවිය..
නෑ..නෑ..අමාරු නම් ඔහොම ඉන්න…
නෑ..ඩොක්ටර් …කමක් නෑ….
ඇය අපහසුවෙන් මෙන් ඇදේ ඉදගත්තේ විහග දෙස බලාගෙනමය..
කොහොමද දැන් ඩිනායා…?
හොදින් ඩොක්ටර් ..මම මේ කල්පනා කලේ ඩොක්ටර් ව මම කොහේදී හරි දැකලා තියෙනවා..
ඒත් කොහෙද කියලා මතක නෑ…
හ්ම්ම්..ඒකම තමයි මම ආවේ කතා කරන්න…
මම මයන්තගේ යාලුවෙක්…. මට මතකයි ඔයාව නුව…….
විහග කීමට ගිය දේ වලක්වා ගත්තේ ඩිනායාගේ සැමියාද ඇද අසලසිටි බැවිනි..
මන්ද ඔහු නුවරඑලියෙ ගමන ගැන මතක් කලා නම් ඇය සැමියා ඉදිරියේ අපහසුවයට පත් වන බව හැගුන නිසාය..
ඩිනායාගේද මූන එක වර වෙනස් වූයේ මයනත ව ඇගේ මතකයට ආ නිසාවෙනි…
හරි හරි මට මතකයි….
ඇය අපහසුවෙන් වචන එක් කරමින් කීවේ තැති ගැන්මෙනි…
මේ..මේ මගේ හස්බන් ….
ඇය අසල හුන් තරුනයාව පෙන්වා කීවේ තවත් මොකුත් නොකියන ලෙස ඉල්ලමින් වගේ නිසා විහග එතනින් ඉවතට යන්නට විය..
ඕන්න ඕකයි උනේ…කොහොම හරි මම එතන වැඩිය හිටියේ නෑ බබා..
මොකද මට තේරුනා ඩිනායා බය උනා මම මයන්ත ගැන කියයි කියලා…
අනේ මන්දා විහග මටනම් මේ මොකුත් තේරෙන්නේ නෑ..
මයන්ත මට එච්චර බොරුවක් කලේ කොහොමද…
ඩිනාය බදින්න ඇත්තේ එයා යාලු වෙලා හිටපු බොයි ව වෙන්න ඇති…
දැන් ඉතින් පරන දේවල් හිත හිත දුක් වෙන්න එපා බබා… වෙන්න ඕනේ හැම දේම වෙලා ඉවරයි නේ..
ඒකනම් ඇත්ත….මේ ඔක්කොමත් හරි මයන්තට මොකද උනේ එතකොට?
ඒක තමයි මට අදටත් ප්‍රශ්නේ විහග…
විහග ඒ මොහොතේ නිහඩ වූයේ අරුන්දීට දීමට තරම් පිලිතුරක් ඔහු සතුව නොමැති නිසාය…
හෙලෝ…බබා…ඇයි කතා නැත්තේ….?
ආ..න්..නෑ..අරුන්දී මේ පොඩ්ඩක් බිසී මම..පස්සේ ගන්නද මැණික???
හරි බබා…..
අරුන්දී දුරකතනය තැබුවේඇවිලෙන හදවතිනි..
මයන්ත තමාට මෙතරම් බොරුවක් කලේ කොහොමද? මම එයාට කොයි තරම් ආදරේ කලාද??
ඒත් එයා… අන්තිමට මගේ හිතේ ප්‍රශ්නයක් ඉතිරි කරලා යන්නම ගියා…
මෙලෙසින් ඇය බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටියේ ඔහේ ඈතක් බලාගෙනය..
සියලු දෙනාම කතිකා කරගත් පරිදි ඔවුන් දිනයක් යොදාගනිමින් නුවරඑලියෙ යාමට සූදානම් වන්නට විය..
අරුන්දී උදෑසනම නැගිට තම කටයුතු සූදානම් කරගත්තේ හිත සතුටිනි..
නිවසේ අනෙක් උදවියද කඩි මුඩියේ තම තමුන්ගේ ගමන් මලු සූදානම් කරගනිමින් ගමන සදහා ලක ලැහැස්ති විය..
අරුන්දීද කාමරයෙන් පිටතට පැමිනියේ නිවසේ සියලු දෙනාම සාලයට වී සිටින හෙයිනි..
විහග පුතා දැන් කතා කරලා කිව්වා එහෙන් පිටත් උනා කියලා..දැන් එයි..
සමරදිවාකර එසේ පවසමින් දොර දෙසට ගියේය..
අම්මේ මෙයා බලන්නකෝ අද ලස්සන…
විභාශා එසේ කියමින් අරුන්දී ලගට පැමින මදක් පිටුපසට හිස ඇල කරමින් කිව්වාය..
ඉතින් ඔයත් ඔය ලස්සනට ඉන්නේ…
මට වඩා ඉතින් මගේ අක්කන්ඩි ලස්සනයි නේ..
අරුන්දී ඇදගෙන සිටියේ දිග කහ පාට සායකට සුදු හා නිල් පැහැය මිශ්‍ර වූ බ්ලවුසයකි…
කොන්ඩය ඉහලට වන්නට වූල් බෑන්ඩ් එකක් දමා රත්තරන් පාට මාල පොටක් දමා සිටි ඇය සැබවින්ම චාම් ලස්සනකින් දිස් විය…
මගේ කෙල්ලෝ දෙන්නම කොහොමත් ලස්සනයිනේ…
එසේ කියමින් සමරදිවාකර එතැනට පැමිනියේ ඔවුන් ගේ කතාව කන වැකුන නිසාවෙනි..
ඒක නෙවේ ලොකු දූ දැන් කොහොමද පුතේ කකුල් දෙක ටිකක් තියන්න පුලුවන් නේද??
ඔව් තාත්තී ඒත් ගොඩ වෙලා හිටගෙන ඉන්න අමාරුයි..
විහග නම් කියන්නේ පුලුවන් හැම වෙලේම walking practice කරන්න කියලා..එතකොටලු හරි යන්නේ කියලා..
ඒත් තවම මට අඩියක් තියලා අඩියක් ගන්න බෑ තාත්තී..
හරි යයි පුතේ…බය නැතිව ඉන්නකෝ…
ඔවුන් එසේ කතා කරමින් සිටින විට වෑන් රථයක් මිදුලේ නතර කරන හඩ ඇසෙත්ම සමරදිවාකර දොර වෙත යන්නට විය..
ආ…එන්න එන්න…
විහග ඇතුලු පිරිස ඇවිත් සිටි අතර සියලු දෙනාම දොරවල් වසා වාහනයට ගොඩ වූයේ තුරුනුවන් සිහි කරගෙනය..
ඉදිරි පස අසුනේ සමරදිවාකරත් විහගගේ පියත් සිටි අතර දෙවන ආසනයේ චන්ද්‍රාත් විහගගේ මවත් ඉදගෙන සිටියෝය..
ඉන් පසු අසුනේ අරුන්දී ඉදගත්තේ ඓතැන බැසීමට නැගීමට පහසු නිසාවෙනි.
විහග ඈ අසලින්ම වාඩිවූ අතර විභාශා හා විහගගේ සහෝදරයා පිටුපස අසුන් දෙකේ වෙන වෙනම ඉදගෙන සිටියෝය…
මනරම් කදුගැට පසු කරමින් පිරිස රැගත් වාහනය නුවරඑලියේ කදු පල්ලම් බසිමින් ඉදිරියට ඇදෙන විට වාහනය තුලද රස බර කතා බෝමයක් වෙමින් පැවතිනි…
ඉදිරිපස අසුන
කොහොමද මේ දවස් වල බිස්නස් එහෙම ??
අනේ වරදක් නෑ නිමල්….ලාබත් නෑ පාඩුත් නෑ..
මේ දවස් වල පොලිටික්ස් නම් ගන්න දෙයක් නෑ නේද??
කියලා වැඩක් නෑ… අපිටත් ලැජ්ජා නෑ උන්ටම බැන බැන උන්වම බලේට ගේනවා…
ඒකනම් ඇත්ත …
දෙවන අසුන
ඉතින් චන්ද්‍රා දැන් ඔයාගේ දූ ඔයා ලග හිටියා ඇති..අපි එක්කගෙන යන්න කාලේ හරි ….
ඒකනේ නෙලුම්….දැන් නම් දෙන්නගේ වෙඩින් එක ගන්නත් කාලේ හරි ….
ඒකනේ..දැන් දූගේ කකුල් දෙකත් සනීප වීගෙන එන ගමන්නෙ තියෙන්නේ..
තවම අඩියක් තියලා අඩියක් ගන්න නම් බෑ.ඒත් අපේ උදව් ඇතුව පොඩ්ඩක් ඇවිදිනවා..
ඔව් දෙයියන්ගේ පිහිටෙන් කෙල්ල සනීපවෙයි චන්ද්‍රා…ඉවසලා ඉන්න….
චන්ද්‍රා සිනහවකින් ඊට පිලිතුරු දුන්නාය..
මේ අතර…පසු පස අසුනේ…,
නන්ගි ඒ ලෙවල්ස් කලා නේ???
ඔව් දැන් ෆ්‍රී එකේ ඉන්නවා කකා බිබී..
අයිය මොකද කරන්නේ…?
මම සිවිල් ඉන්ජිනියරින් කරන්නේ…තවම ජොබ් එකට අලුත් ඉතින්..
ශා.මරු අනේ අයියා ඩොක්ටර් ..මල්ලී ඉන්ජිනියර්…
දෙදෙනාම සිනාසෙමින් තොරතුරු කතා කරමින් සිටින්නට විය..
මේ අතර මැද.අසුන…
විහග අරුන්දිගේ අතකින් අල්ලාගෙන ඇගෙ අතැගිලි අතරින් ඔහුගේ අතැගිලි යවා පිටි අල්ල පිරිමදිමින් සිටී…
ඔහු ඇගේ මුහුන දෙසම බලා සිටියේ ඉන් නික්මුන අහින්සක කම නිසාවෙනි…
මොකද අනේ කන්න වගේ බලාගෙන ඉන්නේ?
කන්න හිතෙනවනේ අප්පා දකිනකොට..
ආ…හොදට හිටී…කාපුවාම කොයි එතකොට නෝනා කෙනෙක් ඔයාට…
එසේ කියමින් අරුන්දී ඔහුගේ අත කෙනිත්තුවේ දත් සපාගෙනය…
මේ මැණික….අපි ඉක්මනට බදිමු….
මේ මොකෝ හදිස්සී…ඔයාමනේ කිව්වෙ කකුල් සනීප කරගෙන ඉමු ඔක්කොටම කලින් කියලා…
ඇය දෑස් පුන්චි කර ඇසුවේ හුරතලයටයි.
ඔව් ඔව් කිව්වා තමයි..ඒත් මට දැන් තනියම හිටියා ඇති බබා..
කොයි වෙලෙත් ඔයාවමයි ඔලුවට එන්නේ…
හ්ම්ම් මටත් එහෙමයි මහත්තයෝ …
එසේ කියමින් ඇය ඔහුගේ උරහිසේ ඔලුව තබා ගත්තේ උතුරා යන සෙනෙහසකිනි..
විහග ඇගේ පිට හරහා අතක් යවමි ඇයව තව තවත් තමා වෙතට තුරුලු කර ගත්තේ ගිනියම් වන සිතත් සමගිනි…
අම්මේ සුවද මෙයාගේ..මොකද්ද ගාන්නේ??
රට ඉදන් ගෙනාව එකක් බබා…සුවදද?
හ්ම්…ඇය නහය ඔහුගේ පපුව අද්දරට ගෙන සුවද බැලුවාය..
ඒ අතර විහග සෙමින් ඇගේ නලලට හාදුවක් දුන්නේත් හිතේ මැඩයත් ආසාව ඉස්මතුවූ නිසාය..
මේ..නෝටි වැඩ බෑ..
අර ඩබල පිටිපස්සේ..ඔයාගේ මල්ලි කෙසේ වෙතත් අපේ නන්ගිගෙ කට දන්නවනේ.
අපො ඔව් ඔව් මෙහ් එදා සිද්දිය එයා දැකලද?
ඔව්.මට නෝන්ඩි දානවා කොයි වෙලෙත් ඒක මතක් කරලා..
ඔයා හරි රොමෑන්ටික් ලූ..
ශී ලැජ්ජාවේ බෑ…
ඔයාවත් කොයි වෙලේ හරි අල්ලගනී ඔන්න මම දන්නේ නෑ….
අරුන්දී සිනාසෙමින් කීවේ හිස හරවා ඔහුදෙස බලාගෙනය…
මෙලෙසින් හෝරා කීපයක් ගත වී ඔවුන් නුවරඑලියට පැමිනියේ දවල් වන විටයි..
දවල් ආහාරය ගෙගරිවැව ආසන්නයේ ගත් අතර ඔවුන් ඉකමනින් පිටත් වූයේ ලෝකාන්තය නැරබීමට යාමටයි..
ලෝකන්තය නැරබීමට යන විට බොහෝදුරට අරුන්දීව රෝද පුටුවේ තබාගෙන තල්ලු කරගෙන ගියේ විහගය…
සතුටු කතා බහින් හා විහිලු තහලු වලින් ගමන් වෙහෙස කාටවත් නොදැනුනී…
කෙමෙන් කෙමෙන් ලෝකන්තය අසලට ලන් වන විට අරුන්දිට රෝද පුටුවෙන් ගමන් කල හැකි ප්‍රමානයට පැමිනුනත් ඉන් එහාට ඇයව රැගෙනයාමට අපහසු වූයේ රෝද පුටුවක් ගෙන යාමට තරම් මාර්ගය පහසු නොවූ නිසාය…
ඒ ස්තානය පුන්චි ලෝකන්තය නම් වු අතර එක් පසෙකින් පල්ලමත් අනෙක් පසින් තවත් පල්ලමක් විය…
පිරිස කතා කරගත් පරිදි විහග අරුන්දී සමග ඒ ස්තානයේ නැවතුන අතර අනෙක් අය ඉහලටම ගියේ මීදුමත් සීතලත් දරාගෙනය…
එහෙනම් පුතා දෙන්නා එක්ක මෙතන ඉන්න අපි තව පොඩ්ඩක් උඩට ගිහින් එන්නම්…
හරි තාත්තේ..කොහොමත් අරුන්දී ට යන්න බෑනේ උඩට…
එසේ කියමින් දෙදෙනාව තනි කර පිරිස ඉදිරියට ඇදෙන්නට වූ අතර එක් වරම විභාශා ඔවුන් දෙදෙනා අතරට ආවේ මනමාල සිනහවක්ද මවාගෙනය..
මේ අක්කී.. පරිස්සමෙන් හොදේ… හැබැයි හොද චාන්ස් එක නේද දෙන්නට..?
ඇය ඇසක් ඉගි කරමින් විහාග දෙස බලා කීවාය..
ඒ මොකෝ ??
මම දන්නවනේ දෙන්නගෙම හැටි…නේහ් අයියේ…?
විහග සිනාසී අහක බලා ගත්තේ ඇය ඔවුන්ට විහිලු කරන බව දැනගෙනයි…
හා හා මේ පන්ඩිතී යනවද දැන්…
අපෝ යනව යනවා…කියමින් විභාශා පිරිස වෙත දුව ගියේ අරුන්දීට හා විහගට හිනා වෙමින් දත් විරිත්තමින්.
අරුන්දී පසුව විහග දෙස බැලුවේ සිහනවකින් මුව සරසාගෙනය..
දැක්කනේ අර සිද්දියට ඔය.
හ්ම්ම් මට තේරුනා..
අවට පරිසරයේ සුන්දරත්වයත් නිබදව හමන සුලගත් මෙන්ම කිසිවෙකුත් ඒ මොහෙතේ නොගැවසි ඒ පරිසරයේ සීතලෙන් තරුන යුවලගේ සිත ගත දෙකම උනුසුම් වන්නට එතරම් වෙලාවක් නොගියේය…
එතරම් පිරිසක්ද ඒ මොහොතේ එම ස්තානයේ නොසිටි බැවින් විහග අරුන්දිගේ රෝදපුටුව ඉදිරියෙන් ඉද ගත්තේ ඇය දෙස මුහුනට මුහුන බලාගෙනය…
මේ මෝකෝ…
ලස්සන බලන්න….
අපෝ මෙයානම්….
ඇය ඔහුගේ නහය අල්ලා මිරිකුවේ ආදරයටයි..
සීතලද???
හ්ම්….අපි බැදලත් මෙහෙ එමු හොදේ…
ඉතින් විහග අපි බැදලනේ දැනටත්..
නෑ අනේ මැට්ටි මම කිව්වේ හනි මූන්..
අම්මේ මෙයා හිතලා තියෙන දුර …එමු එමු.. ඇවිත්?
ඇවිත්ද ?? ඇවිත් ඉතින් කොයි තරම් වැඩ තියෙනවද කරන්න..
එහෙමද හිතාගෙන ඉන්නේ….
ඔව් මම මේ කල්පනා කරන්නේ කොහෙන්ද පටන් ගන්නේ කියලා…
පටන් ගන්න කලින් මගේ කකුල් දෙක ……
ඇය කීමටගිය දේ වැලකුනේ විහග තම දබර ඇගිල්ල ඇගේ මුවට තැබීමෙන් අනතුරුවයි..
ඇය ඔහුදෙස එක එල්ලේ බලා සිටියේ පුදුමෙයෙන් මෙනි…
ඔහු තම මහපට ඇගිල්ලෙන් ඇගේ තොල් පෙති සෙමින් පිරිමැද්දේ ඇගේ දෑස් වලින් දැස් ඉවතට නොගෙනයි…
ඔයා ලස්සනයි මැණික… පිස්සු වගේ..
දෙදෙනාගෙම සිත් ඉල්ලුවේ උනුසුමයි…
එහෙත් ඊට අවස්තාවක් නොවූයේ ඇය රෝද්පුටුවේ ඉදගෙන සිටීමත් නිසාය.
එක් වරම අරුන්දී විහගගේ ඇගිල්ල සෙමින් හැපුවේ ඔහුව පියෙවි සිහියට ගැනීමට මෙනී..
පසුව ඇය මහ හඩින් සිනා සුනේ ඔහු ඇගිල්ල දෙස බලමින් කට උල් කරගත් නිසාය..
රිදුනා මෝඩි….
රිදෙන්න තමයි හැපුවේ..
එහෙමද රිටර්න් එක දෙනම්කෝ මම…
හා රිටර්න් පස්සෙ දෙමු මම නිසා ඔයාට උඩට යන්නත් බරි උනා නේ….
මම මෙතන ඉන්නම් ඔයා පොඩ්ඩක් උඩට ගිහින් එන්න..
බෑ බෑ පිස්සුද මම මෙතන ඉන්නම්..
මේ හුලගේ සද්දෙත් එක්ක ඔයා කතා කලාට ඇහෙන්නෙත් නෑ මම උඩට ගියොත්…
නෑ ලමයෝ මම මේ අයිනට වෙලා ඉන්නම් ඔයා ගිහින් ලස්සන ෆොටෝ ටිකක් එහම ගන්න..
විහග ඇය දෙස බලා ගෙන සිට සිනාසී ඇය කි දේ පිලිගත්තාක් මෙන් මදක් ඉදිරියට ඇවිදගෙන ගියේය..
මද වේලාවක් ගෙවී ගියද විහග එන පාටක් නැත..
අවට පරිසරයේ සුන්දරත්වයට වශී වූ ඔහු එක එක කෝනයෙන් චායාරූප ගනිමින් සිටියේය.
මීදුමත් සීතලත් සුලගත් එක ලෙසම පැවති බැවින් මුලු පරිසරයම මූසල බවකින් පිරි අමුතුම ගුප්ත බවක් ගත් බැවින් අරුන්දී වට පිට බැලුවේ තමා තනිවම සිටින බැවින් සිතට නැගි බිය නිසාය..
අපරාදේ විහගව යැව්වේ…මම මෝඩියක්..
එයා බෑ බෑ කියද්දි මම මයි යන්න කිව්වේ… ආ අර ඉන්නේ එයා නේ..
මේ මීදුමත් එක්ක මොකුත් පේන්නේ නෑ…
විහග……විහග…..
ඇය ඔහුටකතා කලද සුලගේ හඩ නිසා ඔහුට ඇය කියන දේ නොඇසෙන්නට විය..
අයියො එයාට ඇහෙන්නෙත් නෑ.. කොහෙද ෆොටෝ ගන්න ගිහාම මේ ලෝකේ සිහියක් නෑ..
එක් වරම මීදුම අතුරින් ඇය දුටු දෙයින් ඇගේ සියොලගම පනනැති වූයේ භීතියෙනි…
ඇය පුලුවන් වෙර යොදා විහගට අඩ ගැසුව මුත් ඔහුට ඇය කියන කිසිවක් නොඇසුනි..
ඔහු සිටියේ අවට පරිසර චායාරූපයට හසු කරගනිමිනි…
විහග…….අනේ….විහග….මෙහෙට එන්න…
16 කොටසෙන් හමුවෙමු.
මොකද හිතෙන්නේ සුදූලා… ඇයි අරුන්දි ඇයි කෑ ගහන්න ඇත්තේ…
බලමු හෙට හොදේ…
අද කොටස හොදද…
කතාව එක්ක ඉන්න ඔයාලට ගොඩාක් ස්තූති ලමයී..ආදරෙයි ඉතින්…
අදහසක් එක් කරන්න අමතක කරන්න එපෝ..
බුදුසරණයි …
ආදරෙයි හැමදාමත් වගේ මගේ යාලුවෝ හැමෝටම