අරුන්දී 16
(දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)
16වන දිගහැරුම
16 වන දිග හැරුම
අරුන්දී පුලුවන් වෙරයොදා කෑ ගැසුවද ඉන් පලක් නොවීය…
අනේ දෙයියනේ විහග තව පස්සට ගියොත් මේ ප්‍රපාතෙන් වැටෙනවනේ
දෙයියනේ ….මම මොකද කරන්නේ…
මෙයාට ඇහෙන්නේ නැද්ද මාව…රෝද පුටුව පැදගෙන යන්නත් බෑ..
අනේ විහග……දෙයියනේ ඔයා වැටෙයි….
ඇය අප්පුඩි ගැසුවාය…කෑ ගැසුවාය..
එහෙත් ඒ එකක් වත් විහගට නොඇසුනේ ඔහු සිටි දුරත් සමග හුලගේ ශබ්දය නිසායි.
අරුන්දී හිස ගිනි ගත්තාක් මෙන් දස අතේ කල්පනා කලේ චායාරූප ගැනීම සදහා අවදානය යොමු කරමින් පස්සෙ පස්සෙට යන විහග තව අඩි දහයක් පහලවක් පමන පසු පසට ආවෝත් මේ ප්‍රපාතයෙන් බිමට වැටෙන බවයි..
ඇය අඩමින් කෑ ගැසුවද ඔහුට ඒ කිසිවක් නොඇසුනි…
අරුන්දි වටපිට බැලූවේ කව්රුන් හෝ ලග පාතක සිටිනවාදැයි දැනගැනීමටයි.
එහෙත් කිසිවෙක් ඒ මොහොතේ නොසිටි හෙයින් ඇගෙ බිය දෙගුන තෙගුන විය..
මේක හරි යන්නේ නෑ…මම කොහොමද එතනට යන්නේ…
අනේ මට කකුල් දෙක තියාගන්න බෑනේ….
නෑ මම කොහොම හරි එතනට යනවා..
මගේ විහග ..මගේ විහග මට ඕනේ…මම කොහොම හරි ඇවිදගෙන යනවා…මට පුලුවන් ..ඔව් මට පුලුවන් …
විහග වෙනුවෙන් මම මේ දේ කරනවා..මගේ රත්තරන් මම ඔයාව නැති කරගන්නේ නෑ…මම කොහොම හරි නැගිටිනවා…..
එසේ සිතමින් ඇය ඇගේ දෙපා රෝද පුටුවෙන් ඉවතට ගෙන පොලවට තබා ගන්නට උත්සහ දැරීය..
මෙතරම් සීතලේ වුවත් ඇයගේ සියොලගම දහදියෙන් තෙත් වී ඇත්තේ ඇය මේ මොහොතේ මුහුන දී ඇති තත්වය නිසාය..
ඇය මොහොතක් හෝ පමා වුනොත් විහගගේ ජීවිතය අනතුරේ .
දෙපා වලින් ඇවිදීමට ඇය දරන උත්සහයද සුලුපටු නොවීය..
ඇය සෙමින් සෙමින් වෙව්ලන දෙපා දෙක යන්තම ඔසවමින් බිම තබාගත් අතර රෝද පුටුවේ ඇන්දට බරවී සෙමින් නැගිටින්නට බැලුවාය..
ඇගේ දෑස් මොහොතකට වත් විහගගෙන් ඉවත් නොවූයේ ඔහු මෙලෙස අවදානමෙන් සිටින නිසාය..
කෙසේ හෝ රෝද පුටුවේ ඇන්දට බරදී තම දෙපයින් නැගිට්ට ඇය සෙමින් සෙමින් රෝද පිටු ඇන්දෙන් තම අත් ඉවතට ගත්තේ දෙපා වෙව්ලන අතරමයි…
තම දෑත්දෙක නිදහස් වීමෙන් අනතුරුව ඇය ඇගේ එක් පාදයක් හෙමින් එසවූයේ එක් පියවරක් ඉදිරියට තැබීමටයි…
එහෙත් ඇගේ ශරීරයේ බර දැරීමට නොහැකි නිසාදෝ ඇය එක් වරම බිමඇද වැටෙන්නට ගත වූයේ සුලු මොහොතකි…
ඇය එක් වරම බැලුවේ විහග දෙසය…
දෙයියනේ විහග…ඇත්තට මේ මනුස්සයාට මෙච්චර සිහියක් නැද්ද..විහග……
නෑ මේක හරියන්නේ නෑ මම නැගිටිනවා .
කොහොමහරි නැගිටිනවා..මගේ විහග මට නැතිකරගන්න බෑ…පුලුවන්…කොහොමහරි නැගිටිනවා…
මෙසේ සිතමින් අරුන්දී තම දනිස් බිම තබා සෙමින් හිටගත්තේ මුලුගතේම ශක්තිය දෙපාවලට ලබා දෙමිනි…
වෙව්ලන එක් පාදයක් ඉදිරියට තැබූ ඇය ඊට බර දී අනෙක් පාදය ඉදිරියට තැබුවේ දැඩි අදිෂ්ඨානයෙනි…
මෙලෙසින් සෙමින් සෙමින් ඇය ඇගේ පාද ඉදිරියට තබමින් විහග සිටින දෙසට යන විට ඇයටත් නොදැනීම වේගයෙන් විහග දෙසට දිව යන්නට වුනේ තව මොහොතක පරක්කුවෙන් ඇයට විහග අහිමිවේ යන සිතුවිල්ල සැබෑවක් නොකරගන්නටය…
විහගගේ එක් පාදයක් කන්ද අවසානයේ ගැට්ටෙන් පහතට තැබීමට සැරසෙත්ම අරුන්දී ඔහුගේ අතේ වැටමිට ආසන්නයෙන් තදින් අල්ලා තමා වෙත ඇදගත්තේ කෑ ගසමිනි…
එක් වරම තමා නොසිතූ ලෙසින් අරුන්දී වෙතට ඇද ගැනීම නිසා විහගගේ සමබරතාව ගිලිහී අරුන්දීද සමග බිම ඇද වැටුනේ ඔහුගේ නලලද බිම වැදෙන ගමන් ය…
එකා පිට එකා ඇද වැටීමෙන් අනතුරුව විහග හිසේ වේදනාව මැදින් පුදුමයෙන් අරුන්දී දෙස බලා සිටියේ මුව ගොලු වූවා සේය..
අ…අරු..න්දී……ඔයා…..
මගේ රත්තරන් …..දෙයියනේ මම ඔයාවා බේරා ගත්තා …
මට හිතා ගන්න බෑ…අනේ…විහග ඔයා හොදින් නේද …කියන්න….තව ටිකෙන් මට ඔයාව නැතිවෙන්න ගියේ…අනේ විහග….
ඇය උමතුවෙන් මෙන් කියවගෙන කියවගෙන ගියේ උන්හිටි තැන්ද අමතකවූවාක් මෙනි..
බබා….මේ අහන්න..මැනික…මේ…බලන්න…මේ ඔයා…ඔයා..ඇවිදගෙන ඇවිත් තියෙන්නේ…
මේ බලන්න ඔයා අතන ඉදන් මෙතනට ඇවිදගෙන ඇවිත් තියෙන්නේ….
විහග එසේ කියමින් බිම ඉදගෙන සිටින ඇගේ උරහිස් වලින් අල්ලා ඇගේ මුහුන දෙස බලා කිව්වේ ඉමහත් සතුටකිනි..
අරුන්දී පියෙවි සිහියට ආවේ එවිටයි…
ඇය විහගගේ මුහුන දෙසත් ඈතින් තිබෙන ඇගේ රෝද පුටුව දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ නෙත් අදහා ගත නොහැකිවයි..
මම…මම මෙච්චර දුරක් ආවේ තනියමද එතකොට…දෙයියනේ ..විහග මම ඇවිදගෙන ඇවිත් තියෙන්නේ…
කියමින් ඇය සෙමින් තමන් ඉදගෙන හුන් තැනින් නැගිටින්න හදන විට විහග ඇගේ එක් අතකින් අල්ලා ඇයට උදව් කලේ සිනහව පිරි මුහුනෙනි…
මම ඇවිද්දා….විහග ..මම ඇවිද්දා…මේ…බලන්න…මට දැන් ඇවිදින්න පුලුවන්….
අනේ…දෙයියනේ මම..ඇවිදිනවා….
විහග මේ බලන්න….
අරුන්දී සතුටින් ඉපිලෙමින් කෑගැසුවේ කුඩා ලදැරියක් විලසිනි..
විහග ඈ දෙස බලා සිටියේ පියෙක් තම දියනිය දෙස බලා ඉන්නාක් මෙන් සෙනෙහසක් හිතේ පුරවගෙනයි..
ඔහු සෙමින් ඇය දෙසට ඇවිද ගෙන ගොස් සතුටින් ඉපිලෙමින් සිටින ඇයව තමා දෙසට ඇද ගත්තේ කට කොනකින් සිනහවක් නගාගෙනය…
අරුන්දී විහග දෙසම බලා උන්නේ මේ ඔහු කුමකට සැරසෙන්නේ දැයි සැකයෙන් මෙනි….
විහග තම දෑත් අරුන්දීගේ ඉග වටා.දවටමින් ඇයව ඔහු වෙතට තවත් තද කරගත්තේ ඇගේ ඇස් දෙස බලාගෙනමය..
මොහොතක් එලෙසින් දෙදෙනාම නිසොල්මන්ව එකිනෙකා දෙස බලා හිදින්නට වී, විහග කතා කරන්නට විය.
බබා….මගේ මැනික…..
ඔයා…අද මගේ ජීව්තේ බේරගත්තා….
ඒත් මට මගේ ජීවිතේ බේරුනාටත් වඩා සතුටක් අද තියෙන්නේ..
ඔයා ඇවිද්දා…ඔයා තනියෙන් ඇවිද්දා මගේ මැණික….
ඔහු එසේ කීවේ කැදුලු පුරවාගත් දෑසිනි…
ඒ මොහොතේ අරුන්දීගේද නෙත් දෙක කදුලින් පිරුනේ සතුටත් මෙන්ම විහග කෙරෙහි ඇගේ හිතේ උපන් ආදරය තවත් වැඩි වූ නිසාය..
අනේ මගේ මහත්තයෝ ඔයා අඩනවද?? ඔහොම බලන්න එපා විහග …..
ඇත්තමයි මට ඔයාව ඕනේ රත්තරන්…ඔයාට අද මොනවහරි උනානම් මමත් නෑ රත්තරන් …
මට තාමත් හීනයක් වගේ මම මෙතනට කොහොම ආවද කියලා තවම විශ්වාස නෑ විහග…
විහග ඇගේ දෑස් දෙසම බලා සිටියේ කදුලින් බොදවූ දෑසින් ඔහේ කදුලු ගලන්නට ඉඩ දීය..
ඔයා හිටියේ නැත්තම් අද මම…
ඔහුට කීමට හැකි වූයේ එපමනයි.
අරුන්දී ඔහුගේ දෙතොල් මත ඇගේ දෙතොල් තැබුවේ තවත් කිසිත් නොකියන ලෙසින් මෙනි……
සතුටත් ආදරයත් එකට මුසු වූ මෙවන් මොහොතක තරුණ සිත් පාලනය කරගන්නට ඔවුනට නොහැකි වූ කල දෙදෙනාගෙම දෙතොල් එකිනෙක පැටලෙන්නේ උතුරා යන ආදරයත් සෙනෙහසත් සමගින් ය…
අනතුරුව මද වේලාවකට පසු විහග තම දෙතොල් ඇගේ දෙතොල් මතින් ඉවතට ගන්නේ ඇගේ මුහුන තම දෝතින්ම උස්සා ඉහලට හරවන්නේ ඇගේ නලලට හාදුවක් දෙන ගමන් ය…
අපි දිනුම් රත්තරන් ….ඔයා දැන් ඇවිදිනවා…
ගොඩාක් ආදරෙයි…
මගේ මැණික…ගොඩාක් ආදරෙයි….
එසේ කියමින් ඔහු ඇයව තුරුලු කරගත්තේ ඇගේ හිස සිබින ගමන් ය..
අරුන්දීද ඔහුගේ උනුසුමට තව තවත් තුරුලු වූයේ මේ සෙනෙහස හැමදාටම තමන්ගේම බව සිතමිනි…
ඒ මොහොතේ ඔවුන් දෙපලට ඇසුනේ ඉහලට ගිය පිරිස නැවත එමින් පවතින බවයි..
අරුන්දී සෙමින් විහගෙගේ පපුවේ හොවා උන් හිස හරවා ඈත බලන විට ඈ දුටුවේ ඇගේ පියා මෙන්ම අනෙක් පිරිසද ඔවුන් සිටින දෙසට එන අන්දමයි…
ඇය විහග දෙස හිස හරවා දෑස් පුන්චි කර බැලුවේ එහි යාමට අවසරදැයි අසන්නාක් මෙනි..
ඔහු හිසෙන් සන් කලේ ඇයට එහි යන්නැයි කියන්නාක් මෙනි…
අරුන්දී විහගගෙන් මිදී ඈතින්..එන පිරිස දෙසට දිව්වේ පොඩි එකියක මෙනි…
රෝදපුටුවෙන් මෙහි ආ අරුන්දී මෙලෙසින් දුවගෙන එන අන්දම දුටුවිට සමරදිවාකර ඇතුලු පවුල් දෙකේම උදවිය තුශ්නිම්භූතව ඇය දෙස බලා හිටියේ අයාගත් මුවිනි…
ඔවුන් සියලුදෙනා උන් තැනම නැවතුනේ මේ අදහාගත නොහැකි සිදුවීම සිහිනැයක් යැයිසිතුන නිසා විය හැකියි…
මගේදුව….මගේ….ලොකුදුව…ඇවිදිනවා
එසේ කියමින් සමරදිවාකර අරුන්දී දුවගෙන එන පෙරමගට ගියේ සතුටු කදුලු වගුරවමිනි..
අරුන්දී දුවගෙන විත් සමරදිවාකර ව බදා ගත්තේ ඔහුගේ ඇගේ එල්ලෙන ගමන් ය…
තාත්තී මට දැන් හොදට ඇවිදින්න පුලුවන්…
දැක්කද….දැක්කද තාත්තී…
ඇය අඩමින් කියන විට අනෙක් අයද ඔවුන් වටා රොක් වූයේ උතුරා යන සතුටකිනි…
අනේ මගේ ලොක්කී ඔයා දැන් හොදට ඇවිදිනවා පුතේ…
අපිට හරිම සතුටුයි…
චන්ද්‍රා එසේ කියමින් අරුන්දිගේ හිස සිම්බේ මහත් සෙනෙහසිනි…
පුතේ කොහොමද මේ දේවල් මෙහෙම උනේ..ඔයා ඇවිද්දට මෙහෙම තනියම ඇවිද්දේ නෑනේ….
එකපාරටම කොහොමද මෙහෙම….?
අන්න අරය නිසා තමයි තාත්ති මම අද මෙහෙම ඇවිද්දේ….
ඈතින් ඔවුන් වෙතට සිනාමුසු මුහුනින් එමින් සිටින විහග දෙස බලා කිව්වාය..
අරුන්දී සිදුවූ සියලු දේ අකුරක් නෑර කියන විට පිරිස මවිතයෙන් විහගත් අරුන්දීත් දෙස බැලුවේ දල්වාගත් දෑසිනි…
මගේ කොල්ලා අද දූ නිසා බේරුනා….
දුවට පිං සිද්දවෙයි කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ..
විහගේ මව අරුන්දිගේ කතාව ඇසූ පසු අඩමින් කීවේ විහගගේ හිසත් අතගාමිනි…
මෙලෙස සියලූම දෙනාගේ සතුටු කදූලු මැද අරුන්දී නැවත වෑන් රථය වෙත ආවේත් ඇවිදගෙන වීම කාටත් සතුටු මෙන්ම පුදුමයට කාරනයක් වූවට සැක නැත…
අරුන්දී හා විහග අරුන්දිගේ දෙපා සදහා ප්‍රතිකාර කල වෛද්‍යවරයා හමුවීමට යාමට දිනයක් වෙන් කරවාගෙන එහි යන විටත් අදාල වෛද්‍යවරයා යම් කාර්‍යක නිරතවී සිටියේය..
විහග කාමරයට ඇතුලු වීමට ප්‍රතම දොරට තට්ටු කල නිසා ඔහු හිස ඔසවා දොර දෙස බැලීය..
ආ…please come doctor vihaga…
Thanks doctor ….
විහග මදක් ඇතුලට ගොස් නැවත් නිස හරවා දොර අසල සිටි ඇරුන්දීට ඇතුලට පැමිනෙන ලෙස හිසන් සන් කලේ හිනහවක්ද මුහුනේ මවාගෙනය..
Oh my god Arundi….come here come here..
My congratulations ….
එසේ කියමින් වෛද්‍යවරයා අසුනෙන් නැගිට ඇරුන්දීට අතට අත දුන්නේ ඉමහත් සතුටකිනි…
මම කිව්වේ මම ඔයාව කොහොම හරි ඇවිද්දවනවා කියලා.
ඒත් මම හිතුවෙ නෑ අරුන්දි මෙච්චර ඉක්මනට recover වෙයි කියලා…
ඔව් ඩොක්ටර් ඩොක්ටර්ට පින් සිද්ද වෙයි මේ කරපු දේවල් වලට…
අද මම මෙහෙම ඇවිදින්නේ ඩොක්ටර් නිසා…
කොහොමද කකුල් දෙක අපහසුවක් නෑනේ..?
නෑ ඩොක්ටර් ..ඒත් ටිකක් හිරි වැටෙනවා වගේ වෙනවා ගොඩාක් වෙලා හිටගෙන ඉන්නකොට..
ඒහෙම නැතුව වෙන අමාරුවක් නෑ ඩොක්ටර් ..
Good good… ඒත් අරුන්දී තව මාස තුනක් විතර අපි ගත්ත බෙහෙත්
පාවිච්චි කරන්න වෙනවා..ඊට අමතරව අර මම කිව්ව exercise ටික daily කරන්න ඕනේ තව ටික දවසක් යනකල්…
හරි ඩොක්ටර් ..
ඉතින් විහග කොහොමද ඔයාගේ වැඩ කටයුතු..
කරගෙන යනවා ඩොක්ටර් …මේ දවස් වල මට night කරන්න වෙලා…ඉතින් විවේකයක් නෑ…
ඒකෙනේ පුතා අපේ ජොබ් වල නිදහස කියන්නේ නිකන් වචනයක් විතරයි..
තිදෙනාම සිනාසුනේ එකටමයි..මෙලෙස වෛද්‍යවරයා අසල රැදී සිට අරුන්දි හා විහග කාමරයෙන් පිටව ආවේ සැහැල්ලු සිතෙනි…
දිනක් අරුන්දී සාලයට වී රූපවාහිනිය නරබමින් සිටින විට සමරදිවාකර සහ චන්ද්‍රා ඇය අසලින් ඉද ගත්තේ යමක් කතා කරන්නට හිතා ගෙනය….
අරුන්දී අසලින් ඉදගත් සමරදිවාකර ඇගේ කර වටා අතක් යවමින් ඇයව තමා දෙසට ඇද ගත්තේ සිනහවක් මවාගෙනය…
තවම තාත්තලා දුවලා හුරතල් වෙනවා පොඩි ලමයි වගේ…
එහෙම තමයි නෝනේ….මේකි තවම මට පොඩි කෙල්ලෙක් තමයි….
ඒකනේ තාත්තී අම්මිට ඉරිසියා හිතිල වගේ….
මේ මේ අම්මිට නෙවෙයි මටයි ඉරිසියා මේවා දකිනකොට…තාත්ති ඉතින් මට ආදරේ නෑනේ අක්කිට තරම්….
විභාශා තම කාමරයේ සිට සාලය දෙසට ආවේ එසේ කියාගෙනය..
මොකද ආදරේ නැත්තේ මගේ පොඩ්ඩිටත් මම ආදරෙයි…කෝ මෙහෙට එන්න….
සමරදිවාකර විභාශාට අතින් සන් කල අතර ඇයද ඉක්මනින් පැමින ඔහුගේ අනෙක් පසින් තුරුලු විය..
දරුවන් දෙදෙනා තුරුලු කරගත් ඔහු දෙදෙනාගේම හිස සිම්බේ ඉමහත් පිය සෙනෙහසක් උතුරා යන තරමේ ආදරයකිනි…
චන්ද්‍රා ඒ දෙස බලා සිනාසෙමින් සිටියේ සැනසුම් සිතෙනි..
පොඩ්ඩිත් ආව එක හොදයි අම්මයි මමයි කතා උනේ අක්කගේ wedding එක ඉක්මනටම ගමු කියලා….
මොක්ද ලොක්කි කියන්නේ…. දැන් කකුල් දෙකත් සනීප උන එකේ අපි ඉක්මනින් වෙඩින් එක ගමු නේද පුතේ…
අනේ තාත්ති මම තවටිකක් මෙහෙම නිදහසේ ඉන්නකෝ….බැන්දට පස්සේ වගකීම් වැඩිනේ…
අරුන්දී හුරතල් වෙමින් කීවේ පොඩි ලමයෙක් මෙනි…
එහෙම කියලා බෑනේ දූ…කවද හරි ඔයා කසාද බදින්න ඕනේ නේ….වයස ගියාම කෙල්ලොන්ගේ ලස්සන නැති වෙලා යනවා..
මේක තමයි කෙල්ලෙක්ගේ හොදම වයස කසාදයක් බදින්න..
චන්ද්‍රා එසේ කීවේ අරුන්දී දෙසම බලාගෙනයි..
තාත්ති මෙයාගේ බොරු ඔය…
මෙයාට කෙසේ වෙතත් විහග අයියාටනම් මාර හදිස්සියක් තියෙන්නේ මැරි කරන්න…
විභාශා එසේ කියමින් අරුන්දී දෙස බලා දත් විලිස්සුවේ කටත් ඇද කරමිනි..
පොඩ්ඩී….මන් කිව්වයි කියලා හිතා ගන්නවා..බොරු තාත්ති මෙයාගේ….
අරුන්දී විභාශා දෙස ඔරවා බලා කීවේ විභාශා ඇයට විහිලු කරන හේතුව දන්නා නිසාය…
.
විහග රෝහලට වී තම විවේක කාමරයේ සිටියේ රැයක් පුරාවට නිදි මැරීමත් සිසේරියන් ශල්‍ය කර්ම කිහිපයක්ම එක දිගට කල නිසා හටගත් වෙහෙස නිසාමය…
එ නැතත් උදේ ඉදන්ම තම ගතට දැඩි අපහසුවක් දැනුන නිසාත් හිස කැක්කුම පැවති නිසාත් තමන්ට උන සෑදීගෙන එන බවට කිසිම සැකයක් නැති බව ඔහු තේරුම් ගත්තේය…
හිසේ බරගතිය නිසාම ඉක්මනින් නිවසට යාමට ඔහුට අවශ්‍ය වී මුත් ඊට ඉඩක් තවම නොලැබීම නිසා අපහසුව දරාගෙන ඔහු විවේක ගනිමින් සිටියේය…
එක් වරම කාමරයේ දොරට කව්රුන් හෝ තට්ටු කල නිසා අඩ නින්දේ මෙන් සිටි විහග ගැස්සි නැගිටුනේය…
Come in..
Excuse me doctor …හදිස්සී සීසර් එකක් ඇවිත් තියෙනවා..ඩොක්ටර් ඉක්මනට එන්න පුලුවන්ද..
ආ…හරි මම එන්නම්..
හිසේ කැක්කුමත් ගතේ අපහසුවත් මැඩ ගනිමින් විහග හරි එන්නම් ලෙස පැවසුවේ මෙය ඔහුගේ රාජකාරිය වූ බැවිනි..
අවශ්‍ය සියලු දේ සූදානම් කරගත් ඔහු ශල්‍යාගාරය වෙත යාමට සැරසෙනවිටකාමරයට පැමිනියේ සේවාමුරය භාරගැනීමට පැමිනි අනෙක් වෛද්‍යවරයායි…
විහග සීසර් එකකටද යන්නේ….
ඔව් හදිස්සි එකක් …
මොකද මූනත් එක්ක කලු වෙලා…
මොකුත් අසනීපයක්ද විහග…?
ඔව් මිතිල ටිකක් ඇගට හරි මදි ඒත් මේක හදිස්සි නිසා යන්න බැලුවේ..
වෙලාවට ඔයා ආවේ..
හරි මම සීසර් එකට යන්නම්…ඔයා රෙස්ට් කරන්න විහග…
මේ සැනසිලිදායක් වදන විහගට මේ මොහොතේ මහ මෙරක් විය..
අනෙක් වෛද්‍යවරයා කඩිනමින් ලැහැස්තිවී ශල්‍යාගාරයට යන විට විහග නිවස බලා යාමට පිටත් වුයේ ගතේ අපහසුව නිසාමය..
කාරය පදවන ගමන්ම ඔහු අරුන්දිට ඇමතුමක් ගත්තේය..
හෙලෝ බබා….
…………………………………….
නෑ බබා මම ගෙදර යනවා…ඇගට ටිකක් හරි මදි….
……………………..
උන ගැනෙන්න වගේ බබා…
…………………………………….
එපා එපා ඔයා එන්න හදන්න එපා…
……………………………………………….
හරි මැණික තියන්නම්….
විහග නිවසට ගොස් පැනඩොල් පෙති දෙකක් බී නිදා ගත්තේ දින ගනනක් නිදි මැරීම නිසා ඇතිව තිබෙන අපහසුව නිසාමය…
ඔලුව පැලෙන්නට තරම් එන වේදනාවත් නිසා ඇදට වැටුන වහාම ඔහුට නින්ද ගියේය…
මෙලෙස පැය කීයක් ඔහුට නින්ද ගියා දැයි ඔහුට මතකයක් නැත..
ඔහුට දැනුනේ තම නලලත් කව්රුන් හෝ සෙමින් අතගාන බවයි..
ඒ ස්පර්ශය ඔහුට සනීපයක්ම ගෙන ආයෙන් ඔහු එලෙසින්ම විනාඩි කිහිපයක් සිටියේ දෑස් පියාගෙනමය.මද වෙලාවක් එසේ සිටි ඔහු සෙමින් සෙමින් දෑස් දෙක හැරියේ තමා හිස අතගාන්නේ කව්රුන්දැයි හරි හැටිම දැන ගැනීමටයි…
17 කොටසෙන් හමුවෙමු…
ඔන්න අරුන්දිව සනීප කලා…සතුටුයි නේ??
කව්ද දන්නෑ නේද විහගගේ ඔලුව අත ගාන්නේ ???
හෙට බලමු හොදේ… කතාවට ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර වලට ගොඩක් ස්තුති සුදූලා…
ආදරෙයි ඉතින් හැමෝටම..
එහෙනම් කතාව ගැන අදහසකුත් දාන්න හොදේ…