අරුන්දී 17 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව)

17වන දිගහැරුම

💘
💘
💘
💘

අ…අරුන්දි….ඔයා??

ඇය ඔහුදෙස මහත් සෙනෙහසින් බලා සිටියේ කට තද කරගෙන සිනහව වලකාගෙනය…

හොර කෙල්ල…මම කිව්වනේ ලමයෝ මෙහෙ එන්න එපා කියලා…අම්මලා දන්නවද??

හ්ම්…අම්මි එක්ක ආවේ..බැනුම් අහගෙනම…

මගේ රත්තරන් ලෙඩ වෙලා ඉද්දි මම කොහොමද බලන්නේ නැතුව ඉන්නේ…

විහග සෙමින් ඔහුගේ එක් අතකින් ඇගේ ඔඩොක්කුව මත තබාගෙන සිටි අත අල්ලා ගත්තේය..

පසුව එය තම මුවට තබා හාදුවක් දුන්නේ ඇය දෙසම බලාගෙනය…

පිස්සු වැඩනේ කරන්නේ බබා ඔයා…
බදින්න කලින් කොල්ලගේ ගෙදර එන එක සිරිතක් නෑ කියලා ඔයාම නේද කිව්වේ..

එහෙම කිව්ව කෙනා අද මෙන්න ඇවිත්…

ආ…දැන් මම ආව එක වැරදිද..??
හරි මම යන්නම් එහෙනම්…

ඇය බොරු තරහවක් මවා ගෙන ඇදෙන් නැගිටින්න හදන විට විහග ඇයව අතින් ඇද ඇදේ වාඩි කරවීය…

කේන්ති ගිහාම ලස්සනයි…..

අනේ යන්න…ඔලුව රිදෙනවද ගොඩාක්…

ඔහු ඔව් කියන්නට මෙන් හිස වැනුවාය..

ඇය මොහොතක් ඔහු දෙස බලා හිද එක්වරම නැමී ඔහුගේ නලල සිම්බේ මහත් ආදරයකිනි..

එච්චරද ????

ඔව් ….. ඇය කීවේ සිනාසෙමිනි…

මදි…….

මෙයානම්….ලෙඩ හැදිලත් විසේ නම් ගිහින් නෑ…

එසේ කියමින් ඇය පහත් වී ඔහුගේ දෙතොල් සිප ගත්තේ පරිස්සමින් ය…

එක් වරම කාමරය දෙසට කවරුන් හෝ එන බව හැගී අරුන්දී ඉක්මනින් ඇදේ පෙර සිටි අයුරින්ම ඉද ගත්තාය..

කාමරයට පිවිසියේ චන්ද්‍රාත් විහගගේ මවත්‍ ය..

හානේ අපේ කෙල්ල පුතාව නැගිට්ටවලා නේද?
බලන්න පුතේ මගේ එක්ක රන්ඩුකරලා කොහොම හරි ආවනේ මේ ලමයා…
කොහොමද පුතේ දැන්??

තවම ඔලුව ටිකක් රිදෙනවා ආන්ටි…මේ දවස් ටිකේම මහන්සි උන නිසා වෙන්න ඇති උන ගත්තේ…

කියලා වැඩක් නෑ චන්ද්‍රා මේ ටිකේම රෑ වැඩ කියලා රැයක් දැවාලක් නැතුව වැඩ මේ ලමයා..

එහෙම තමයි අම්මේ අපේ රස්සාවේ හැටි…
විහග තම මවගේ කීමට පිලිතුරු බැන්දේය.

ඒකනේ නේද පුතාලගේ රස්සාවෙත් විවේකය අඩුයි නේ ඉතින්…

අරුන්දී විහග දෙස බලා සිටියේ හිතේ නැගි වේදනාවෙනි…
තමා අසනීපව සිටි මොහොතේ විහග කටයුතු කල අන්දම ඇයට මැවී පෙනෙන්නට විය..

ඒ තරම් ආදරයක් සෙනෙහස තමාට ලබා දුන් ඔහු වැනි ප්‍රේමවන්තයෙක් මෙලෙස අසනීප වී ඇදට වී සිටීම ඇයට කිසී සේත්ම වාවගත් නොහැකි විය…

ඒ නිසාමදෝ ඇගේ නෙතින් කදුලු කඩා හැලුනේ ඇයත් නොදැනීමය…

එහෙනම් පුතේ අපි දැන් යන්නම්…පුතා රෙස්ට් කරන්න…දූ අපි යමු…

හරි ආන්ටි තැන්ක්ස් මාව බලන්න ආවට..

චන්ද්‍රා එසේ කියමින් විහගගේ මවත් සමග කාමරෙන් පිට වන විටත් අරුන්දී විහග අසලම සිටියේ ඔහු දමා යන්නට සිතක් ඈ තුල නොවූ නිසාය…

අනේ ඇයි මැණික මේ….ඔය ඇස් වල කදුලු…

දුකයි මහත්තයෝ ඔයා ලෙඩ වෙලා ඉද්දි…

හ්ම්….ඔයාව දැක්කම මගෙ ලෙඩත් අඩු උනා ලමයෝ….

පිස්සා…ඉක්මනින් හොද වෙන්න….. යන්නද එහෙනම් ….

ඇය ඔහුගේ මූහුනට එබෙමින් ඇසුවේ ඔහුගේ දෑසින් ඇගේ දෑස් ඉවතට නොගෙනමය…

ඉන්න කිව්වොත් ඉන්නවද??
ඔහු දෑස් කුඩා කර ඇහුවේ විහිලුවට මෙනි..

අරුන්දී ඔහු දෙස මදක් බලා සිට සෙමුන් නැමී ඔහුගේ දෙතොල් ඇගෙ දෙතොලින් සිප හුන් තැනින් නැගිට්ටේ සිහනවක් මුවපුරහා නගා ගනිමිනි…

ඉන්න ආසයි මගේ පන….
ඒත් දැම්ම බෑනේ…ඔයා ඉක්මනට සනීප වෙන්න…..

විහග සිනහවකින් පිලිතුරු දී හිස වැනුවේ ඇය පිටව යාම සිතට දුකක් වුවත් ඊට තමන් ඉඩ දිය යුතුයි ලෙස සිතාය…

අරුන්දී කාමරේ දොර අසලටම ගොස් නැවත ඔහු දෙස හැරී බලා පිටව යන්නට විය….

විහග ඇදේ අනෙක් පසට හැරුනේ මේවන් ආදරයක් ලබන්න තමන් කොයි තරම් නම් වාසනාවන්තද යැයි සිතමිනි…

ඒ ගැන සිතමින්ම ඔහු දෑස් පියා ගත්තේ හිසේ කැක්කුම වද දුන් නිසාය..

😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

දින තුනක් පමන උණ වැලදී සිට යම් තරමක සුවය ලැබූ විහග නැවත තම සේවයට වාර්තා කලේ කොපමන අපහසු කම් තිබුනත්‍ රාජකාරිය දේවකාරිය ලෙසින් ඔහු සලකන නිසාය…

සාමන්‍ය පරිදි වැඩ කටයුතු සිදුකරමින් සිටි ඔහුට එක් වරම මතකයට ආවේ මයන්තගේ දැන් තත්වය කෙසේ දැයි දැනගැනිමටයි.

මන්ද උන වැලදී සිටි හෙයින් ඔහු බැලීමට යාමට නොහැකි වූ නිසාත් මයන්තගේ තත්වය එන්න එන්නම නරක අතට හැරෙන නිසාත් විහග තම හිතවත් වෛද්‍යවරයාට ඇමතුමක් ලබා ගත්තේය..

හෙලෝ…ඩොක්ටර් මම විහග..

………………………………..

එහෙමද ඩොක්ටර් ….දැන් කොහොමද මයන්තගේ තත්වේ??

…………………………..

එහෙමද?? හරි මම හවස එන්නම්…

………………………

ඇමතුම තැබූ පසු විහගගේ හිතේ තිබූ නොසන්සුන් බව තවත් වැඩි වූයේ වෛද්‍යවරයා කී දේවල් සුභ නොවන නිසාය.

.හවස මයන්ත බැලීමට යන බව තරයේ සිතාගත් ඔහු තම රාජකාරියට අවධානය යොමු කලේය..

😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

විහග තීරනය කරගත් පරිදි මයන්ත බැලීම සදහා ඔහු හවස් වරුවේ පිලිකා රෝහල වෙත යන්නට විය..

රෝගීන් බලන වේලාව පහු වී ඇතත් තමා වෛද්‍යවරයෙක් හෙයින් එම වාරන කිසිවක් අදාල නොවූ හෙයින් විහග කෙලින්ම මයන්තගේ වාට්ටුවට යන්නට විය..

එහි යන විට ඔහු දුටු දෙයින් හදවත නැවතුනාක් බදු වූයේ මයන්ත සිටින අයුරු දැකීමත් සමගය…

ඇද අසලම පැත්තකින් ඔක්සිජන් සිලින්ඩරයක් ආදාරයෙන් මයන්තට හුස්ම ගැනීමට පහසුව සලසා ඇති අතර එක් අතකට සේලයින් කටුවක් ගසා අනෙක් කෙලවර සේලයින් බෝතලයකට සම්බන්ද කර තිබුනි…

දෑස් පියාගෙන සිටි මයන්ත දුටු විට විහගගේ නෙත් දෙකම කදුලින් තෙත් වූයේ ඉබේටමය…

විහග මයන්ත අසලට ගොස් ඔහුගේ කලු ගැසුන අත සෙමින් අල්ලා ගත්තේ වාවාගත නොහැකී දුකකිනි…

ඇස් දෙක යටටම ගිලී ගොස් ,ඔහුට උරුමව තිබූ තලෙලු පැහැ සමේ වර්නය බොහෝ දුරට කාල වර්නයට හැරී හිසේද යන්තම් එකක් දෙකක් කොන්ඩය ඉතිරි වී මයන්තගේ පෙර තිබූ කඩවසම් පෙනුම පිලිකා මාරයා අවාසනාවන්ත ලෙස ගිලගෙන ඇති බව දුටු විහග ඔහු දෙස බලා ගත් වනම බලා සිටියේ වෙන කරන්නට කිසිවක් නොවූ හෙයිනි.

තමන් අසල කව්රුන් හෝ සිටින බව හැගී දෝ මයන්ත දෑස් දෙක හැර බැලුවේ අඩවන් වූ දෙනෙතට තවත් වෙහෙසක් දෙමිනි…

මච..න්…..

ඔහු සෙමින් තෙපලුවේ මුවත් නහයත් ආවරනය වන්නට දමා තිබු උපාන්ගය ඉවත් කරන්නට යද්දී විහග එය වැලක්වූයේ මයන්තගේ තත්වය ගැන අවභෝදයක් තිබූ නිසාය..

කොහොමද මයන්ත…. උබ ඕක ගලවන්න එපා බන්..

කියමින් විහග අසල තිබූ පුටුව ඇදගෙන මයන්තගේ ඇදේ ඉහල කොනට වන්නට තබා ඉද ගත්තේය….

උබට සතුටු ආරන්චියක් කියන්න තියෙනවා..

ඒ මොකද්ද බන්..?

මචන් අරුන්දිට දැන් ඇවිදින්න පුලුවන්…එයා ඇවිදිනවා දැන්…

අනේ බන් කොච්චර එකක්ද….
මම දැනගෙන හිටියා උබ කොහොම හරි අරුන්දිව ඇවිද්දවනවා කියලා…

මෙසේ කිව් මයන්ත මද වේලාවක් විහග දෙස බලා හිද නැවත කතා කරන්නට විය..

මච..න්….මට ..හරි..අමාරුයි…බන්….

මයන්ත එසේ කියන විට විහග මයන්තගේ අල්ලාගෙන සිටි අත තවත් තද කලා මිස කිසිවක් නොකීවේය..

උබ ආව එක හොදයි අද…
මට තව …..වැඩි… කාලයක් නෑ මචන්…

උබ මං වෙනුවෙන් මේ කරන දේවල් වලට මට සලකන්න වෙන්නේ නෑ මචන් උබට…

එහෙම කියන්න එපා බන්..උබ මගේ හොදම යාලුවා…උබ ඉක්මනින් සනීප වෙයන්.එච්චරයි..

නෑ…බන්…මට තවත් බෑ මේ දුක විදින්න…
දැන් ඇති….මට….මට..උබ එක උදව්වක් කරපන්…

මොකද්ද??
විහග එසේ ඇසුවේ ප්‍රශ්නාර්තයක් මුහුනේ මවාගෙනය..

මට එක පාරක් අරුන්දිව බලන්න ඕනේ මචන්…මට ඒ උදව්ව විතරක් කරපන්…

මයන්ත එසේ කියන විට විහගගේ හදවත තුල විදුලියක් කෙටුවාක් මෙන් විය..

මයන්ත කියන අන්දමට අරුන්දිව මෙතැනට එක්කරගෙන එන්නේ කෙසේද?? ඔහු සිතෙන් අසන්නට විය..

මචන් බෑ කියන්න එපා…මට එක පාරක් අරුන්දිව හම්බ වෙලා සමාව ගන්න ඕනේ බන්..ඊට පස්සේ මම මැරුනත් මට දුකක්නෑ…

හ්ම්….හරි බන් මම අරුන්දිව එක්කගෙන එන්නම්…

මට අරුන්දිගෙන් සමාව ගන්න ඕනේ මචන්..මම ඒ කෙල්ලට ගින්දරක් දුන්නේ…

ඒත් මට අද සතුටුයි උබ අරුන්දිව මලක් වගේ බලා ගන්න එකට…

එහෙම කියන්න එපා මයන්ත..

ඇත්තටම උබ කිව්ව නිසා අරුන්දිට මම ලන් උනත් අද මමත් අරුන්දිට ගොඩාක් ආදරේ කරනවා බන්..
ඒක තමයි ඇත්ත…

මම දන්නවා බන්..උබ හිත හොද එකා කියලා…
අරුන්දිගේ දෛවය උබ..මම නෙවේ මචන්… වෙන්න ඕනේ විදිහට හැම දේම උනා..මට ඒකට සතුටුයි…

මයන්ත එසේ කීවේ කදුලු පිරුන දෑසින් යුතුවය..

හරි උබ ඕවා ගැන හිතන්න එපා..ඉක්මනින් සනිප වෙයන්….

උබ මම බබෙක් කියලා හිතලද බන් ඔහොම කියන්නේ…
මම දන්නවා බන්…මට තව කාලයක් නෑ කියලා…

උබලා ඔක්කොම මගේ හිත හදන්න එක එක එව්වා කියනවා..
ඒත් මම ඇත්ත දන්නවා බන්…
මට දුකක් නෑ..මම කරපු පව් මගේ පස්සෙන් එලවගෙන ඇවිත් බන්….මට ඒකෙන් ගැලවීමක් නෑ….

විහග කිසිත් නොකියා මයන්ත දෙස බලා සිටියේ ඔහු කොතරම් තම ජීවිතය දෙස උපේක්ශා සහගතව සිතනවාද කියා සිතමිනි…

කොහොම හිටපු කෙනෙක්ද? අද මේ විදිහට අසරන වෙලා ඉන්නේ…

මචන් අරුන්දිව එක්ක වරෙන්..

විහග කල්පනාවෙන් මිදුනේ මයන්තගේ කටහඩින් තිගැස්සීය….

හ..හරි බන්…මම කොහොම හරි එක්ක එන්නම්…..

එහෙනම් බන් මම යන්නම්…. උබ වැඩිය කතා කරන්න එපා..

මයන්ත හිස සෙලෙව්වා මිස කිසිවක් නොකීවේ අපහසුවෙන් පෙලෙන නිසාමය..

විහග මයන්ත දෙස මදක් බලා සිට එතැනින් පිටව ගියේ හිතේ දුක වේදනාව තද කරගෙන අසරන ලෙසිනි…

කාරයට පැමිනි විහග අසුනේ පිටු පසට හිස තබාගෙන කල්පනා කරන්නට වුනේ මයන්තගේ ඉල්ලීම ගැනයි..

දෙයියනේ මම කොහොමද අරුන්දිව එක්කගෙන එන්නේ…
එයා කොහොමටවත් හිතන්නේ නෑ මයන්ත මෙහෙම තැනක ඉන්නවා කියලා…

අනික මම මයන්ත ගැන දැනගෙන එයාට නොකීවා කියලා එයා වරදවා හිතයිද??
මම මොකද්ද මේකට කරන්නේ…? මයන්තගේ ඉල්ලීම අහක දාන්නත් බෑ… බලමු..
මොකක් හරි දෙයක් ඔලුවට එයි නේ…

එසේ සිතූ විහග කාරය පදවාගෙන රෝහල් භූමියෙන් එලියට ආවේ අවුල් වු මනසකිනි…

😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

විහග සහ අරුන්දී මුහුදු වෙරලේ කොනක පිහිටි බන්කුවක් මත ඉදගෙන සිටින්නට විය..

සැන්දෑ අහස ගිනියම් වී මුලු අහසම රතු තැබිලි පැහැයෙන් බැබලෙන්නට වේ…

මහ මුහුද හිරු ගිලගන්නට තව ඇත්තේ හෝරා කිහිපයක් පමනයි..

විහග ඈතින් එක පිට එක එන රැලි දෙස ඔහේ බලා සිටිනු දැක අරුන්දී කතා කරන්නට වුනාය..

මොකද්ද බබා…ආව වෙලේ ඉදලා ඈතක් බලාගෙන ඉන්නවා…

වැදගත් දෙයක් කියන්න තියෙනවා කියලා මාව එක්කගෙන ඇවිත් මෙයා ගොලුවෙක් වගේ ඔහේ ඉන්නවා…

අරුන්දිගේ නෝක්කාඩු වදන් ඇසෙත්ම විහග ඈතට දිව ගොස් තිබූ තම දෑස හරවා අරුන්දි දෙස බැලීය..

කොහෙන් පටන් ගන්නද කියලා මට තේරෙන්නේ නෑ මැණික…

ඇයි…??මොකද්ද ප්‍රශ්නේ විහග..?? මොකද ඔයාට මේ වෙලා තියෙන්නේ..??

මේක අහලා ඔයා කලබල වෙයි කියලා මට බයයි මැණික…

ඒ මොකෝ..අනේ බබා මාව බය කරන්නේ නැතුව කියන දෙයක් ඉක්මනට කියන්නකෝ අනේ….

අරුන්දී විහගගේ අතකින් අල්ලාගෙන තව තවත් ඔහුට ලන් වෙමින් ඇසුවේ බියපත් දෑසිනි…

මේකයි මැණික………….

විහග අරුන්දී දෙස මද වේලාවක් බලා සිටියේ කොහෙන් මේ දේ අරබන්න දැයි සිතාය..

බබා මයන්ත….ඉන්නවා….

මයන්ත ඉන්නවා….මොකද්ද ඒකේ තේරුම??

ඒකේ තේරුම තමයි මයන්ත ඔයාගෙන් ඈත් උනේ හිතලමයි බබා…

මොකක්???? ඔයා මොනවද මේ කියන්න හදන්නේ??

මේකයි මයන්ත ඔයාගෙන් ඈත් උනේ ලොකූ හේතුවක් නිසා බබා…

මමත් මේ දේවල් ඔයාගෙන් හැන්ගුවේ මයන්තගේ ඉල්ලිමට…
ඒත් අද ඔයාට ඇත්තම කියන්න වෙනවා…

අනේ..විහග මොනවද මේ කියන්න හදන්නේ…??

මයන්ත කොහෙද ඉන්නේ..ඇයි එයා එහෙම දෙයක් කලේ…??

අරුන්දී එසේ කීවේ විහගගේ උරහිසෙන් අල්ලා ඔහුව ඇය දෙසට හරවා ගන්නා ගමන්‍ ය..

කියන්න විහග…මොකද්ද මේ කියන්නේ ඔයා??

බබා… මයන්ත අද ඉන්නේ කැන්සර් හොස්පිටල් එකේ…

මො..මොනවා……

අරුන්දි එක් අතකින් තම මුව වසා ගත්තේ ලොකු කරගත් දෑසිනි…
මද වේලාවකින් ඒ ඇස් වලින් කදුල් බේරුනේ ඇයටත් නොදැනීමය..

ඔව් බබා…අද එයා ජීවිතයත් මරනයත් අතර සටනක ඉන්නේ…

එයාට මෙහෙම ලෙඩක් තියෙනවා කියලා දැනගත්තේ ඔයාලා ඇක්සිඩෙන්ට් උනාට පස්සේ..

මේ දේ ගැන දැනගත්තම මයන්ත හිතලමයි ඔයාගෙන් ඈත් උනේ..

දෙයියනේ …… ඇයි එයා එහෙම දෙයක් කලේ විහග…??

එයා කැමති උනේනෑ ඔයාට තවත් දුකක් දෙන්න බබා..

එයාගේ ලෙඩේ දැනගද්දිත් අපි ගොඩාක් පරක්කූ වැඩී..
එයා දැනගෙන හිටියේ ඒක සනීප කරන්න බැහැ කියලා..
ඒකයි මයන්ත හිතලම ඔයාගෙන ඈත් උනේ….

අනේ දෙයියනේ විහග….මොකද්ද මේ කියන්නේ ඔයා?? කෝ දැන් එයා..එයාට කොහොමද දැන්…???

එයා….

ඇ…ඇයි….වි..හග..???

එයාට ගොඩාක් අමාරුයි බබා…
එයා මුල ඉදලම කිව්වේ ඔයාව ආයේ කවදාවත් හම්බ වෙන්නේ නෑ මොකද ඒක එයාට දරාගන්න බෑ කියලා..

ඒත්…. ඒත් එයාට ඔයාගෙන් සමාව ගන්න ඕනේලු අරුන්දී…..

සමාව….???

ඔව් එයා කරපු වැරදි වලට ඔයාගෙන් සමාව ගන්න ඕනේ කියනවා…

මට කිව්වා ඔයාව එක්කගෙන එන්න කියලා….අපි ඉක්මනින්ම දවසක යමු… එයාට තව…….

ඔහු කීමට ගිය දේ ගිල ගත්තේ එවැන්නක් අරුන්දීට පැවසීමට ශක්තියක් ඔහු තුල නොවූ නිසාය

සියල්ල තේරුම් ගත්තාක් මෙන් අරුන්දී කිසිත් නොකියා ඈත සිතිජය දෙස බලා ගත් වනම බලා සිටියේ දෑසින් වැටෙන කදුලු වලට ඔහේ වැටෙන්නට දීය…

දෙයියනේ මයන්ත ඔයා මෙච්චරටම හිත හයිය කරගත්තේ කොහොමද…

අඩුම තරමේ මට කියන්න තිබුනා නේද දෙයියනේ මෙහෙම දෙයක් ගැන…

ඇයි ඔයා තනියම විදවන්න තීරනය කලේ….

ඔයා මොන දේ කලත් මම ඔයාට ආදරෙ කලා….
ඒත් මට ගින්දරක් දිලා ඔයා ගියා කියලා මම හිතුවට ඔයා ඊට වඩා ලොකු ගින්දරක කියලා මම දැන් දන්නේ මයන්ත…..

බබා…..

අරුන්දි ගැස්සී විහග දෙස බැලුවේ ඔහුගේ හඩ ඇසීමෙනි…

අනේ විහග….

එසේ කියමින් ඇය විහගගේ පපුවට පහත් වූයේ ඉකි ගසමින් මහ හඩින් අඩන ගමන්‍ ය..

විහග ඇගේ හිස අතගෑවේ මේ මොහොතේ ඇයට කිසිවක් කීම නුසුදුසුයි බව දැනගෙන මෙනි…

අරුන්දී ඉකි ගසමින් බොහෝ වේලාවක් ඇඩූ පසු සෙමින් හිස ඔසවා විහග දෙස බැලුවාය…

විහග….අපි හෙටම යමු මයන්ත බලන්න…

විහග හිස සලා එය අනුමත කලේ තෙත් වූ දෑසිනි…
ඉන් පසු ඔහු ඇයව තවත් පපුවට තුරුලු කරගත්තේ හිතේ දුක වැඩි කමටය..

දෙදෙනාම මුහුදු වෙරලේ හිද නිවසට පැමිනෙන විට වැඩි කතා බහකින් තොරව ආවේ ඒ මොහොතේ කතා කිරීමට තරම් මානසිකත්වයක් දෙදෙනා තුලම නොතිබුන බැවිනි..

විටෙන් දිට අරුන්දී ඉකි ගසන හඩ ඇසෙත්ම විහග තේරුම් ගත්තේ ඇය තවමත් ජනෙලයෙන් පිටත බලා අඩමින් සිටින බවය..

ඔහු දෙතුන් විටක්ම ඇය දෙස හැරී බැලුවත් ඇය ඔහුදෙස නොබලාම ජනේලයෙන් පිටත බලා සිටියේ අතකින් කට තද කරගෙන ඇඩුම වාවාගෙනය…

එහෙත් ඇගේ වේදනාව ඇගේ දෑසෙන් වැටෙන් කදුලු වලින් හංගන්නට නොහැකි විය…

බබා….
විහග කතා කරන්නට විය…

අරුන්දි හිස හරවා ඔහු දෙස බැලුවා මිස කිසිවක් නොකීවාය..

ඔයාගේ දුක මට තේරෙනවා මැණික… ඔයාට මේ දේවල් හන්ගලා මම ලොකුවැරැද්දක් කලා කියලා මට දැන් හිතෙනවා අරුන්දී…

අරුන්දි ඔහුදෙස බලා සිටියා මිස කිසිවක් නොකිව්වාය…

ඇගේ ඇස් දෙක බොහෝ වේලාවක් හැඩීම නිසාදෝ ඉදිමී තිබුනේ මුහුනට වෙහෙසකර බවක් එක් කරමිනි..

ඇයි ඔයා මොකුත් කියන්නේ නැත්තේ බබා…??

මට මේ මොකුත් තේරෙන්නේ නෑ විහග…

හරි හෙට මම ඔයාව එක්කගෙන යන්නම් මයන්ත බලන්න…

අරුන්දී කිසිවක් නොකියා ඉදිරිය බලා ගත්තාය…

මෙලෙසින් නිහඩ බව රජයමින් නිවස කිට්ටුවටම ඔවුන් එන විට එක් වරම විහගගේ දුරකතනය නාද වූයෙන් දෙදෙනාගෙම අවදානය ඒ වෙත යොමු වන්නට විය…

විහග කාරය පර අයිනට වන්නට නවත්වා මොබියිල් එක අතට ගත්තේ එහි තිරය දෙස බලන ගමන්‍ ය…

හෙලෝ….ඩොක්ටර් …

……………………………….

ආ…….

…………………………………..

හරි හරි මම දැන්ම එනවා ඩොක්ටර් …

විහග ඇමතුම විසන්දිකර එක් වරම කාරය පන ගැන්වා නැවතත් ආපු මග ඔස්සේ වේගයෙන් ඉදිරියට පදවන්නට විය..

කිසිත් තේරුම් ගත නොහැකිව අරුන්දී ඔහු දෙස බලා සිටියේ විශාල කරගත් දෑසිනි….

විහග කව්ද කතා කලේ….කොහෙද මේ යන්නේ…..??
විහග …….ඇයි කතා කරන්නේ නැත්තේ…

අරුන්දී ඔහුගේ උරහිසේ එල්ලී ඇසුවේ විහගගේ නිහඩ බව ඇයට තවත් බියක් එක් කල නිසාය…

විහග…කොහෙද මේ යන්නේ…..අනේ කියන්නකෝ….. විහග…….

අපි හොස්පිටල් එකට යන්නේ…..

හොස්පිටල් ?????

ඔව් මයන්ත ICU දාලා…..

මොකක්…..??

අරුන්දී අතින් කට වසාගෙන අසුනට හේත්තු වූයේ තදින් දෑස් දෙක පියා ගන්නා ගමන්‍ ය..

18 කොටසෙන් හමුවෙමු😀 ..

මොකද හිතෙන්නේ ලමයි….දුකයි වගේ නේද?
😢😢
දුකයි තමා..මොනා කරන්නද ලියන්නම වෙනවා ඉතින්😢😢

හෙට බලමු මොකද ඊලගට උනේ කියලා…

අද කොටස ගැන අදහසක් එකතු කරලම යන්න ලමයි..🤓

කලින් කොටස් කියවන්න බැරි උනා නම් මගේ profile එකෙන් බලන්න.එහෙම නැතත් මම හැම කතා කොටසකම පෙර සහ පසු කොටස් වලට link එක දාලා තියෙන්නේ සුදූලා හොදෙ😘

බුදුසරණයි …

හැමදාම වගේ ආදරේයි ඔයාලට..😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *