අරුන්දී 38 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)
38 වන දිගහැරුම
ශිට්….
විහග එසේ කියමින් කාරයෙන් බැස්සේ පිටුපස රෝදය දෙස බලන ගමන් ය…
වේදනාවෙන් දගලන තම බිරිද දුටු ඔහුට හදවත් කීරී ගැසී ගියේ මෙවන් හදිසි මොහොතක කාරයේ හුලන් ගිය නිසයි…
ඇයි පුතේ….?
බලන්නකෝ අම්මේ කාර් එකේ හුලන් ගිහින් නේ….
අනේ පුතේ දැන් මොකද කරන්නේ???? දුවට අමාරුයිනේ…
කලබල වෙන්නේ නැතුව ඉන්නකො අම්මේ..මම මොකක් හරි කරන්නම්…
ඔහු කෙලින්ම බැලුවේ අරුන්දී දෙසයි..
ඇය එක් අතකින් උදරය අල්ලාගෙන දත්මිටි සපාගෙන වේදනාව මැඩගන්නට දරන උත්සහය කෙදිරියකින් පිට වන්නේ එහි ඇති වේදනාව ඉවසිය නොහැකි නිසයි…
ඔහු වට පිට බැලුවේ මේ මොහොතේ උදව්වට කව්රුන් හෝ සිටීදැයි කියා වුවත් එක් වරම ඔවුන්ගේ කාරය ඉදිරිපිටින් නතර කරන ලද්දේ මරුටි වර්ගයේ අලු පැහැති කාරයකි…
විහග ඒ දෙස උනන්දුවෙන් බැලුවේ මේ මොහොතේ ඔවුන්ගෙන් වත් උදව්වක් ඉල්ලා ගැනීමට සිතාගෙන මෙනි..
එහෙත් එම කරයේ ඉදිරිපස දොර හැරගෙන ඉන් එලියට බැස්සේ ඩිනායායි…
ඇය දුටු විහග සැනසුම් සූසුම් හෙලුවේ නැවතත් අරුන්දී දෙස බලන ගමන් ය..
විහග….මොකද වෙහිකල් එකේ ට්‍රබල් එකක් වගේ?
අනේ ඔයා හම්බ උන එක හොදයි ඩිනාය…. අරුන්දිට ලේබර් පේන්ස් ඇවිත්..මේ හොස්පිට්ල් එකට යන ගමන්…හරියටම මේකේ හුලන් ගියානේ…
ඕහ්….මයි ගෝඩ්…වෙයාස් අරුන්දි??
ඇය එසේ කියමින්ම කාරයේ පිටුපස ජනලය වෙත ආවේ ඉක්මන් ගමනෙනි….
ඇය නැමී අරුන්දි දෙස බලා නැවතත් විහග දෙස බැලුවේ කාරයේ දොර අරින්නට සූදානමිනි..
මගේ කාර් එකේ යමු හොස්පිට්ල්.. විහග අරුන්දිව ගන්න ඉක්මනට…
ඇය කියන පමාවට විහඟ අරුන්දිව වත්තන් කරගෙන ඩිනායාගේ රථය වෙතට ගමන් කලේ හදවත වේගෙන් ගැහෙන ගමන් මයි..
විහග…..තවත් නම් බෑ ඉවසන්න….
අනේ ප්ලීස් බබා….අපි ඉක්මනින්ම හොස්පිටල් එකට යනවා…බය වෙන්න එපා..
කෙසේ හෝ ඩිනායා වේගයෙන් කාරය පදවාගෙන රෝහල් භූමියෙන් නැවැත්වූ පසු අරුන්දීව රෝහල් සේවකයන්ගේ උදව්ඇතිව ට්‍රොලියකට දමාගත් විහග කෙලින්ම ඇයව රැගෙන ගියේ ප්රසූතිකාගාරයටයි…
ප්‍රසූතිකාගාරයේ ඇදක බහාලූ අරුන්දී වේදනාව ඉවසාගත් නොහැකිව ඒ මේ අත පෙරලෙමින් දැගලුවේ කෙදිරි ගාමිනි…
විහග ඇය අසලටම විත් ඇගේ තත්වය විනාඩි පහලවෙන් පහලවට පරික්ශා කරමින් ඇය විදින වේදනවට වඩා දහස් වාරයක් හිතෙන් වේදනා වින්දේ ඇයගේ පොඩි හෝ වේදනවක් දකින්නට ඔහු අකමැති නිසයි..
කෙමෙන් කෙමෙන් යටි කය දෙසින් මෙන්ම පිට කොන්ද දෙසින් වරින්වර ආ වේදනාව ඉවසාගත නොහැකි අන්දමේ වේදනාවකට පත් වන විට අරුන්දී ඇගේ ලගම උන් විහගගේ අත හයියෙන් අල්ලා ගත්තේ කෑගසමිනි…
මේ අහන්න බබා….හොදට හුස්ම ගන්න…ඔයා හිත හයිය කරගන්න….
විහග ඇගේ ගිස අතගාම්න් කීවේ මෙතෙක් ඔහුගේ වෛද්‍ය වෘතියේ ගැබිනි මව්වරුන් දහසක් දරුවන් වදනවා දැක තිබුනද තම පන මෙන් ආදරේ කරන ඇය වෙනුවෙන් ඔහුගේ හිතත් මොහොතකට නතරව පැවති බැවිනි…
ඇය විදින වේදනාව කොතෙක්ද යන්න පිරිමියෙකු ලෙස තමාට නොහැගුනත් ඇය දරාගන්නට උත්සහ දරන්නේ මෙලොව ගැහැනියකටම ඉසිලිය හැකි ඒ උත්තරීතර වේදනාව බව ඔහු හොදින්ම දැන සිටියේය…
ඔහු චකිතයකින් ඈ දෙසම බලා සිටියේ ඇගේ වේදනාව තමාට ඉසිලිය හැකිනම් ඇයට සහනයක් ලැබෙන්නේයි සිතමිනි…..
දත්මිටි කමින් දහදියෙන් නැහැවී තම ලේ උරුමය මෙලොවට බිහි කරන්නට ඇයදරන වෙහෙස දුටු ඔහුට ඈ කෙරෙහි වෙනදාටත් වඩා ආදරයක් සෙනෙහසක් ඇති වුනේ ඔහුටත් නොදැනීමයි….
ඔහු ඇගේ අත තදින් අල්ලාගෙනම සිටියේ මොහොතකටවත් ඇගෙන් මිදීමට ඔහු අකමැති වූ නිසාමයි…
ගැහැනියක් ජීවිතයේදී ලබන උත්තරීතරම පදවිය මව් පදවියයි….
ඇයව එම ස්තානයට උසස් කරන්නට සමස්ත පිරිමින්ද නොමද දායක්තවයක් ලබා දුන් නමුත් කිරි කැටියෙකු විසින් ගැහැනිකට ලබාදෙන ඒ උතුම් පදවිය ලබාගන්නට අරුන්දී මහත් වෙහෙසක් දරමින් සිටී…
යටිකය පුපුරා යන තරමේ වේදනාව දත් මිටි කමින් ඉවසා දරාගන්න බැරි තැන ඈ වේදනාවෙන් කෑ ගසන්නේ ඒ මොහොතේ ඇයට වෙන කිසිවෙකුගේත් පිලිසරනක් නොවූ නිසයි…
යටි කය රුදිරයෙන් තෙත් වන විට ශරීරයේ ලේ මස් නහර හරහා ඇදී එන ඒ වේදනාව දහදිය සමග මුසුව සියොලගින්ම පිට වන විට ඈ පුලුවන් වෙර යොදා කෑගසමින් ඒ ලේ උරුමය මෙලොවට බිහි කලේ උතුම් මව් පදවිය උරුම කරගන්නා ගමන් ය…. …
ඇස් වලින් කදුලු කැට වැගිරෙන විට සියොලගම දහදියෙන් නැහැවෙන විට මුවින් සැනසුම් සුසුමක් පිට වන විට දෑස් දෙක නිදිබර ගතියෙන් අඩවන් වන විට මෙලොව ඇති සොදුරුතම වේදනාව විද …
ලෙහෙසියෙන් කෙනෙකුට ඉසිලිය නොහැකි ගැහැනිකයටම පමනක් ඉසිලිය හැකි හා ගැහැනියක පමනක්ම ඉසිලිය යුතු ඒ සොදුරු වේදනාව ඇය සතුටින් වින්දේ මවක් වීමේ උදාර හැගීමට අසාදාරනයක් නොවන ලෙසිනි..
මෙතෙක් වෛද්‍ය ජිවිතයේ කොතරම් නම් මව්වරුන්ගේ දරුවන් හට මෙලොව එලිය බලන්නට තම දෑතින්ම උපකාර කල විහගට තමන්ගේම ලේ උරුමය මෙලොව එලිය දකින ඒ මොහොතේ වෛද්‍යවරයෙකුට එහා ගිය ඒ පීතෲත්වය ඉස්මතු වුනේ ඔහුටත් නොදැනීමයි..
මන්ද කෙතරම් පල පුරුදු වෛද්‍යවරයෙක් වුවත් තම බිරිද ලේ විලක් මැද සිටම දරු පැටියා මෙලොවට බිහිකරන්නට දැරූ වෙහෙස දුටු විටත් ඔහුගේ දෑතින්ම තම දරුවා දෝතින්ම අරගන්නා විට කවදාවත් නොමැති අන්දමේ හැගීමක් සිතට දැනුනේ ඇත් දෙකත් වෙව්ලමිනි….
ශරීරයම රුදිරයෙන් නැහැවී අතොරක් නැතුව හඩන බිලිදා ඔහු බලාපොරොත්තු වූවාසේ දියනියක් බව දුටු ඔහුට නිතැතින්ම දෑස් දෙක තෙමී ගියේ ඔහුටද දැන් පිය පදවිය උරුම බව දැනීමෙනි….
ඔහු තම දෑතින්ම ඔවුන්ගේ දියනිය වඩාගෙන ඇගේ ඉහ අද්දරට ගෙන ගොස් ඇය දෙස මද වේලාවක් බලා හිද මුහුන සිනහවකින් සරසාගත්තේ ලොවක් දිනූ පියෙක් ලෙසිනි…
Congratulations ඩොක්ටර් …
අරුන්දිගේ ඇද වටා උන් හෙදියන් විහග දෙස බලා පැවසුවේ සතුටිනි….
ඔන්න මැඩම් රෝස මලක් වගේ ලස්සන දෝණි කෙනෙක් මැඩම්ට හම්බ උනා..අපෙන් සුභපැතුම් …
ප්‍රධාන නර්ස් වරිය අරුන්දී දෙස බලා කීවේ සිනහවක් නගාගෙනයි..
අරුන්දී අපහසුව මැඩගෙනම මද සිනහවකින් මුව සරසාගත්තේ විහග දෙසත් බලන ගමන් ය…
බිලිදිය නර්ස් වරියක විසින් රගෙන ගියේ නහවා පිරිසිදු කිරීමටයි…
විහග අරුන්දිගේ හිස අතගා ඈ දෙසම බලා සිටියේ වෛද්‍යවරයෙක් වුවත් මේ මොහොතේ ඔහුගේ සිත චන්චල වී ඇති බැවිනි..
ඔන්න ඔයා…ආසා උනා…වගේ…අපිට..දුවෙක්ම ලැබුනා…විහ..ග….
ඔව්…ඔයා වගේ ලස්සන දුවෙක්….
ඔහුගේ දෑස් ඇගේ දෑස් හා යාවුනේ දෙමව්පියන් වූ පසු ඔවුන් අතර පෙර තිබූ බැදීම තවත් වැඩි වු නිසයි…
ඔහු දෙසම බලා සිටි ඇගේ දෑස් මලානික වී එක් වරම අඩවන් වන විටම ඇගේ මුවෙහි නැගි සිනහවද මොහිතකින් අතුරුදහන් වූයේන් විහග එක් වරම හිස හරවා බැලුවේත් නර්ස් වරියක් කෑ ගැසුවේත් එක විටයි…
විහග දුටුවේ අරුන්දිගේ හඩවතේ ගැස්ම දැක්වෙන උපකරනයේ ඇගේ හදවත් ගැස්ම සෙමින් සෙමින් පහතට වැටෙන අන්දමයි….
ඕ ශිට්…..නර්ස් ඉට්ස් ඉමජන්සී……..
ඩොක්ටර් ඉන්ටර්නල් බ්ලීඩින්ග් එකක් වගේ…..
නර්ස් දැන්ම තියෙටර් දාන්න මෙයාව…හරි අප්.
ඔක්සිජන් දෙන්න ඉක්මනට
ඕකේ ඩොක්ටර් …..
කලබලයෙන් මෙන් සියලු දෙනාම ඒ මේ අත ගියේ අරුන්දීගේ තත්වය බරපතල වූ නිසයි..
විහග පිස්සුවෙන් මෙන් ඇය රැගත් ට්‍රොලියත් සමගම ශල්‍යාගාරයට ගියෙ හදිසි අවස්තාවක සිදුකරන ශල්‍යයකර්මයකට ඇයව භාජනය කිරීමටයි…
මෙතෙක් ජීවිතේ විදින අමිහිරිතම අත්දැකීම මෙය බව ඔහුට සිතුනි…
තවමත් මෙලොවට බිහිවී පැය ගනනක් වූ තම දියණියට මවගේ සෙහෙනස අහිමි වන්නට නොදී ඔහු ගිනිගන්නා හදවතින් ඇයව ශල්‍යකර්මයට භාජනය කලේ හදවතින් අඩමිනි…..
.
අරුන්දී රෝහලේ ඇදක හාන්සි කර තිබුනේ එක් පසෙකින් හදවත් ගැස්ම පෙන්වන උපකරනයකටද සම්බන්ද කරමින් ය..
ඇය මීට පැය දෙකකට පෙර බිහි කල රෝස කැකුලක් බදු කිරි කැටියා ඇය පාමුල ඇදේ තබන ලද කොට් එකක සැප නින්දේ පසු විය…
විහග ඇය අසලම පුටුවක් තබාගෙන ඈ දෙසම බලා සිටියේ ඇයට සිහිය දැන් එයි දැන් එයි කියා සිතමිනි….
එක් වරම ඇගේ දෑසේ චලනයක් දුටු ඔහු ඉදගෙන උන් තැනින් නැගිට ඇගේ මුහුන අසලට තම මුහුන ලන්කර මොහොතක් බලා හිද කතා කරන්නට විය…
මැණික…..ඇස් අරින්න…… ප්ලීස්…… මට…..මට ඔයා නැතුව මේ ජීවිතෙන් වැඩක් නෑ……
අනේ ප්ලීස්…. ඇස් අරින්න…… අපේ දුවට එයාගේ අම්මිව ඕනේ…..ප්ලීස්..
ප්ලිස්ස්…..
මොහොතක් ඔහු එලෙසින්ම ඈ දෙස බලා හිද නැවතත් ඇගේ අතකින් අල්ලා ගත්තේ දෑසින් කදුලක් වැටෙන හමන් ය…
ඔහු බලාපොරොත්තු වූවාසේ මොහොතකින් සිහින් කෙදිරියක්ද නගමින් ඈ දෑස් දෙක අපහසුවෙන් මෙන් ඇර විහග දෙස බැලුවේ මලානික ලෙසිනි…
ඒ දුටු විහග ඉදගෙන උන් තැනින් නැගිට ඇයගේ මුහුන අසලට නැමුනේ අතකින්ද අල්ලා ගන්නා ගමන් ය…
වි…හ..ග…. කෝ අපේ..දුව….?
ඇය අපහසුවෙන් වචන ගැලපුවේ ඔහු දෙසම බලාගෙනයි…
දුව හොදින් රත්තරන් …..ඔයා ඉක්මනට සනීප වෙන්න….
ඔහු කීවේ ඇගේ හිසත් අතගාන ගමන් මයි…
මට…මොකද්ද වෙලා තියෙන්නේ මහත්තයෝ ??
ඔයාට මොකුත් වෙලා නෑ…දැන් ඔක්කොම හරි…ඉක්මනින් අපේ දුවත් අරගෙන ගෙදර යන්න පුලුවන් …
ඔහු එසේ කියමුන් ඇයගේ නලල සිප ගත්තේ උතුරා යන තරමේ වූ සෙනෙහසකිනි.
දින දෙකක කාලයක් ඇරුන්දී රෝහලේ ප්‍රතිකාර ලබා පුන්චි දෝනිත් සමග නිවසට ආවේ සියලු දෙවියන්ගේ රැකවරනය මැද හොදින්ම සුවපත් වීමෙන් අනතුරුවයි…
මෙලෙසින් තත්පරෙන් තතරය…විනාඩියෙන් විනාඩිය…දවසෙන් දවස..මාසයෙන් මාසය..අවුරුද්දේන් අවුරුද්ද ගෙවී ගොස් ඔවුන්ගේ පුන්චි දියනිය ටිකෙන්ටිකෙ ලොකුවුනේ තවත් බාල සහෝදරයෙකුට වැඩිමල් සහෝදරියක් වෙමිනි….
අරුන්දිගේත් විහගගේත් කැදැල්ල සම්පූර්න වූයේ දියණියකට හා පුතෙකුට මව්පියන් වීමෙන් අනතුරුවයි…
ලියත්මා දියනියත් අකිදු පුතාගෙනුත් පිරුන ඔවුන්ගේ ලෝකයට කෙමෙන් කෙමෙන් කාලයගත වී වසර විස්සක් ගතවූ අතර ලියත්මා දියණිය වැඩිදුර අද්යාපනය සදහා ඕට්රේලියාවට පිටත් වුනේ අරුන්දිගේත් විහගගේත් බලාපොරොත්තු තව තවත් ඉහල නංවමිනි….
මෙලෙසින් ඇය වසට පහක කාලයක් අද්යාපනය ලබා වෛද්‍යවරියක් වී නැවත් ලන්කාවට පැමිනෙන්නට නියමිතව තිබුනේ අදටයි…
ඇය පිලිගන්නට විහගත් අරුන්දීත් අකිදු පුතාත් ගුවන් තොටුපලට ගියේ හිතේ පැතුම් පොදි බැදගෙනයි….
මද වේලාවකට පසු ලියත්මා ඈතින් එනු දුටු අරුන්දී ඇස් දෙකේම කදුලු පුරවාගෙන අඩි දෙක තුනක් ඉදිරියට ගියේ මුවෙහි සිනහවක්ද නගාගෙනයි….
ඇයත් අරුන්දී මෙන් සුන්දර තරුනියක් ලෙසින් උස් මහත් වුනේ අරුන්දීගේ තරුන කාලය නැවතත් මතක් කරන්නට මෙනි.
තම මවත් පියාත් දුටු ඇය ඉක්මන් ගමනින් ඔවුන් වෙත ආවේ අත් දෙකත් ඉදිරියට දික් කරගනිමින් සතුටු සිනහවකින් මුහුන සරසාගෙනයි…
මගේ කෙල්ල….
අරුන්දී එසේ කියමින් ඇයව වැලදගත්තේ මහත් ආදරයකිනි…
අනතුරුව ලියත්මා විහගවෙත ආවේ මුව පුරහ සිනහ වෙමිනි…
තාත්තී…
එසේ කියමින් ඈ ඔහුගේ ගෙල බදා ගත්තේ පොඩි එකියක මෙනි….
ඒත් සමගම අරුන්දී දූටුවේ තවත් තරුනයෙක් ඔවුන් දෙස උනන්දුවෙන් බලා සිටින අන්දමයි..
ඇය ඔහු දෙස බලා හිදින බව දිටු ලියත්මා අරුන්දී වෙත ආවේ එම තරුනයාටද හිසෙන් සන් කර ඔවුන් වෙතට එන්නැයි කතා කරමිනි…
උස අඩි හයක් පමන වූ ඔහුගේ පෞරුෂය මැනවින් ඔප් නැන්වී තිබුනේ ඔහුට හිමි දේහදාරී ශරීරය නිසයි.බළල් ඇස් නිසා ඔහුගේ බැල්මේ යම් තියුනු බවක් තිබුනි…
මුවේ සෑම විටම ඇදුන සිනහව ඔහු තුල දැකුම් කලු බවක් ඉස්මතු කලේය… අරුන්දී ඔවුන් වෙත එන තරුනයා දෙසම බලා සිටියේ ඔහු තුලින් යම් හුරු පුරුදු බවක් දිස් වූනිසයි…
අම්මී..මේ සිතුම් අයියා..මට එහෙ යුනි එකේදී මීට් උනේ……..
අපේ යුනි එකේම ෆිනල් ඉයර් එකේ හිටපු අයියා කෙනෙක්.එයා ඩොක්ටර් ට්‍රෛනින්ග් එකකට ගිහින් තිබුනේ..
ඇය කියාගෙන කියාගෙන ගියේ කටපාඩමින් මෙනි….
කොහොමද අන්කල්….?
හෙලෝ ආන්ටී…
ඔහු කීවේ සිනහ මුසු මුහුනෙනි….
මෙලෙසින් ඔවුන් බොහෝ වේලාවක් කතා කරමින් සිට විසිර යන්නට සූදානම් වූ විට විහග සිතුම් අමතා කතා කරන්නට වූයේ ඒ වන විටත් ඔවුන් අතර සුහදත්වයක් ගොඩනැගී තිබූ නිසයි….
එහෙනම් පුතා වෙලාවක් අපේ ගෙවල් පැත්තේ ඇවිත් යන්න එන්න….
හරි අන්කල්…..මමත් දැන් කලුබෝවිල ඉන්න නිසා අන්කල්වත් මීට් වෙයිනේ හැමදාම..
ඔව් නේද..එහෙනම් අපි හම්බෙමුකෝ…
එසේ කිව් විහග සිනහමුසු මුහුනින් තම පවුලේ උදවිය සමග නිවස බලා යාමට පිටත් වුනි….
ඒ යන අතරමග අරුන්දී විහග දෙස බලා කතා කරන්නට විය…
අනේ ඒ ළමයා මට හුරුයි වගේ විහග….
විහග සිනා සී ඈ දෙස ව් බැලුවා මිස කිසිවක් නොකීවේය…
39 කොටසෙන් හමුවෙමු
ඊයේ කතාව දාන්න බැරි උනාට සොරී යාලුවනේ…
දන්නවනේ ඉතින් වැඩ ගොඩයි .
ඔන්න කතාවේ අවසානෙටම ඇවිත් තියෙන්නේ..
තව කොටස් දෙකයි…
එහෙනම් අපි හෙට හම්බවෙමු. බුදුසරණයි