අරුන්දී 39 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)
39 වන දිගහැරුම
අරුන්දී නිවසට එන තුරුත් කල්පනා කලේ තම දියනියගේ යහලුවා සිතුම් පිලිබදවයි…
කොයිම හෝ දවසක ඒ රුව ඇගේ සිතේ කොනක තැන්පත් වී ඇති බව ඇය දිගෙන් දිගටම සිතුවාය…
එහෙත් ඒ කව්රුන්දැයි ඇයට මතකයට නොආවේ ඔවුන් ඒ වන විටත් නිවසට පැමින සිටි නිසයි…
මොකෝ නෝනෙ බහින්න හිත නැද්ද??
විහගගේ හඩින් ඈ තිගැස්සි හැරී බැලුවේ පුදුමයෙනි…
ආනේ ගෙදරට එනවා දැනුනෙවත් නෑ…
එසේ කියමින් ඈ කලබලයෙන් මෙන් කාරයෙන් බැස්සේ තම දියනියගේ පැමිනීම පිලිබදව සතුටත් සිතුම් යනු කවරෙක්දැයි සිතේ ඇති වූ කුහුලත් සමගිනි…
දිනක් හවස් වරුවක නිවසේ සියල්ලෝම විවේකයෙන් පසු වුනේ ලියත්මා දියණියගේ පැමිනීමත් සමග ඇගේ පිටරට අත්දැකීම් ඉතා උනන්දුවෙන් නිවසේ අයත් සමග කීමත් සමගිනි…
විහග අසලින් ඉදගෙන සිටි ලියත්මා ගිරවියක් මෙන් කියවගෙන යන අපූරුව විහග බලා සිටියේ සිනහ වෙන ගමන් මයි…
මේ අතර එම ස්තානයට තේකක්ද රැගෙන පැමිනියේ අරුන්දියි..
මොකෝ මොකෝ මේ තාත්තලා දුවලා හොරෙන් හොරෙන් කතාව…?
ඇය එසේ කියමින් පැමින ඔවුන් අසලින්ම ඉදගත්තේ තේ කෝප්ප දෙකද මේසය උඩින් තබන ගමන් ය…
නෑ අම්මී රහස් කතා නෙවේ…මම තාත්තිට ඕසී වල රසබර සිද්දි ටිකක් කිව්වා…
හිනා කාලා මැරෙනවා අම්මී ඒවා මතක් වෙද්දිත්..
ආ….ඒක නෙවේ අම්මී සිතුම් අයියා වෙලාවක මෙහෙ එන්නම් කිව්වා…
ලියත්මා එසේ පවසන විට විහගත් අරුන්දීත් මුහුනෙන් මුහුන බලාගත්තේ පුදුමයෙන් මෙනි…
ලියත්මා මෙලෙසින් සිතුම් පිලිබදව සෑම විටම මතක් කරන්නේ ඔවුන් අතර යම් සම්බන්දයක් වත් ගොඩනැගී ඇත්දැයි දෙමාපිය දෙපලට සැක පහලවී තිබුනේ ලියත්මා පැමිනි දිනයේ සිටමයි…
වෙලාවක එන්න කියන්න දූ ඒ ළමයට….
හරි තාත්ති..කොහොමත් ඉක්මනටම එයි එයා…
අර මොකෝ…??
ඒ ඇසුවේ අරුන්දි..යි..
නෑ නෑ එයාට එදා අපේ තාත්තිවයි අම්මිවයි හොදට හිතට අල්ලලා…
තාත්තී හොස්පිටල් එකේදීත් එයා එක්ක එකට වැඩ කරන නිසා එයා හරියට පැහැදිලා ඉන්නේ අම්මී…
හ්ම්ම් හ්ම්ම්ම් එයි නේ වෙලාවක එහෙනම්….
මෙසේ කියමි අරුන්දී එතැනින් නැගිට ගියේ සිතට දැනුන කුහුල නිසාමයි….
මන්ද සිතුම් දුටු පමනින්ම ඇය තුල ඔහු කෙරෙහි සෙනෙහසක් මතු වුනේ ඇයටත් නොදැනීමයි…
ඔහුගේ කතා කරන ඇස් ඇයගේ සිතම චන්චල කලේ යටගිය අතීතය සිහියට නැගෙත්මයි….
සිතුම් මතක් වන හැම විටම මයන්තගෙර් මතකය ඇගේ සිතේ හොල්මන් කරන්නේ මන්දැයි ඇයට නොතේරුන ගැටලුවකි..
දිනක් ඉරිදා සවස් වරුවක අරුන්දී ලහි ලහියේ කේක් එකක් බේක් වීමට දැමුවේ සිතුම් පැමිනෙන බව නෙතුලි විසින් කියා තිබූ බැවිනි…
ඇය අවන් එකෙන් කේක් එක එලියට ගනිත්ම නෙතුලි කුස්සියට ආවේ ලස්සන රතු පාට ගවුමකින් සරසීගෙනයි….
රතුගවුමේ කලු පාටින් ප්‍රින්ට් කර තිබූ බෝල ගවුමට තවත් ලස්සනක් එක් කර තිබුනි…
අරුන්දී ඇය දෙස බලන විට ඇයට සිහියට නැගුනේ තමා ඒ වයසේ තරුනියක්ව සිටින විට තිබූ ඒ සොදුරු බව නෙතුලි තුලින්ද දිස් වන බවයි…
මොකෝ අම්මි බයවෙලා වගේ….
න්…නෑ….මෙයාගේ ලස්සන බැලුවේ…
කාගේ ලස්සන ගැනද මේ කියන්නේ දෙන්නා…
එක් වරම විහගගේ කටහඩින් අරුන්දීත් නෙතුලීත් පිටුපස හැරී බැලුවේ එක විටමයි..
බලන්නකෝ විහග අපේ දෝනිගේ ලස්සන…
හ්ම්ම්..මගේ දෝනි ලස්සන වෙන්න එපෑ ඉතින්..
විහග නෙතුලිව තුරුලු කරගත්තේ එසේ කියමිනි…
ඒ මොකෝ….?
ඇයි ඉතින් එයාගේ අම්මා ගොඩක් ලස්සනයිනේ…
එසේ කියමින් විහග අරුන්දී අසලට විත් ඇයගේ උරහිස හරහා අතක දමාගෙන කීවේ සිනහ වෙන ගමන් මයි..
ඒක නම් ඇත්ත තාත්තී….අම්මි තවමත් ලස්සනයි.වෙලාවට මට ජෙලස් හිතෙනවා එයාගේ ෆීචස් වලට..
ඒකනේ ඒකනේ ඒ ෆීචස් වලට පිස්සු වැටිලනේ මෙයා මගේ නොනා කරගත්තේ …
පිස්සුද අනේ මේ ළමයි ඉස්සරහ කියන කතාද ඔය…
අරුන්දී විහගගේ පපුවට ගැසුවේ ලැජ්ජවෙන් නෙතුලි දෙස බලමිනි…
ඇයි මම වැරදි දෙයක් ද කිව්වේ??? නැද්ද දූ..?
ඒකනේ තාත්තී අපි දන්නවනේ අම්මි තාත්තී ලවින්ග් කපල් එක කියලා….
නෙතුලි සිනහ වෙමින් කීව් නිසා අරුන්දී තවත් ලැජ්ජාවෙන් සිනාසුනේ දෙදෙනා දෙසම බලමිනි…
එක් වරම මිදුලේ වාහනයක් නතර වන හඩ ඇසිමෙන් තිදෙනාම සිනහව නවත්තා ඒ දෙසට කන් යොමු කලේ එක විටයි..
අන්න ආවද කොහෙද පැතුම් අයියා..
නෙතුලි ඉදිරිපස දොර දෙසට දුවගෙන ගියේ එසේ කියමිනි…
විහග මට නම් මේ දෙන්නගේ මොකක් හරි එකක් තේරෙනවා..දැක්කද කෙල්ල දුවපු විදිහ…
හ්ම්ම්…ඒක තමයි මාත් බැලුවේ…අම්මා වගේම තමයි ඉතින් දුවත්…
ඈ…මොකද්ද ඒ කතාවේ තේරුම?
අරුන්දී එසේ කියමින් විහග දෙස බැලුවේ ඇස් පුන්චි කරමිනි…
ඇයි ඉතින් ඉස්සර මමත් ඔයාලගේ ගෙදර එද්දි උඩ පැනගෙන දුවං ඇවිත් ගේ ඉස්සරහ ඉන්නේ….
ඒ වගේ තමයි දුවත් මට පේන්නේ….
විහග එසේ කියමින් සිනාසෙන විට අරුන්දී ඔහු දෙස බලා ඔරවා සාලය දෙසට යන්නට සැරසුන විට විහග ඇයව අතින් ඇද තමා ලගට ගත්තේ ඇසිලකිනි…
මේහ්….පැතුම් හොද ලමයෙක් වගේ නේද…
විහග එසේ ඇසුවේ අරුන්දිගේ මුහුන දෙසම බලාගෙනයි…
ඔව් හොද ලමයෙක් නම් තමයි..ඒත් අපි දන්නේ නෑනේ දෙන්නා අතර එහෙම සම්බන්දයක් තියෙනවද කියලා… නිකම් යාලු කමක් ද දන්නේ නෑනේ බබෝ…
නිකං යාලූ කමක් නම් වෙන්න බෑ…මට තේරෙනවා කොල්ලෙක් හැරෙද්දිම…
එක් වරම දෙදෙනාටම ඇසුනේ පැතුම් සමග නෙතුලි සාලය දෙසට එන හඩයි..
යමු යමු ගෙට ආවා වගේ…
අරුන්දී එසේ කියමින් විහගත් සමගම සාලය දෙසට ආවේ සිනහවකින් මුව සරසාගෙනයි…
ඔවුන් සාලයට යන විට පැතුම් සෝෆාවේ ඉදගෙන සිටි අතර අරුන්දීත් විහගත් දුටු පමාව ඔහු උන් තැනින් නැගිට්ටේ සිනහවක් නගාගෙනමයි…
ඉදගන්න ඉදගන්න පුතා….
විහග එසේ කියමින් ඉදගත්තේ අරුන්දීත් සමගමයි…
ඉතින් පුතා අපේ දූ නම් උදේ ඉදලම පුතා ගැනත තමයි කියව කියව හිටියේ…. අද වැඩද ඔයා??
අරුන්දී එසේ ඇසුවේ පැතුම් ඉතා පිලිවෙලට කලිසමකින් හා කමිසයකින් සැරසී සිටි බැවිනි..
ඔව් ආන්ටි හදිස්සියේම හොස්පිටල් එකට යන්න උනා..ආයේ ගෙදර ගිහින් එන්න වෙලාව මදි නිසා කෙලින්ම.ආවා…
ඒක හොදයි..ඉතින් පුතේ කොහොමද එදා දැක්කට පස්සේ අදනේ මම පුතාව දකින්නේ…අන්කල්ව නම් හම්බවෙනව ඇතිනේ හොස්පිටල් එකේදී…
ඔව් ඔව් ආන්ටී අන්කල්ව නම් නිතරම මිට් වෙනවා..නේද අන්කල්..
පැතුම් එසේ කියමින් සිනාසෙන විට අරුන්දී දුටුවේ ඔහුගේ වම් කම්මුලේ වලගැසෙන අන්දමකි…
ඒ දුටු ඇය ඒ දෙසම බලා සිටියේ සිතට මහ අමුත්තක් දැනුන නිසයි….
යම්කිසී හුරු පුරුදු බවක් ඒ මුහුනෙන් එවිටත් ඇයට දැනුන නිසා ඇය ඇස් ඉවතට නොගෙනම ඔහු දෙස බලා සිටියේ එනිසයි…
අරුන්දී පුතාට තේකක් හදාගෙන එන්න එහෙනම්…
විහග එසේ කියන විට ඇය ගැස්සි ගියේ පැතුම් ගේ මුහුන දෙසම බලාගෙන ඇය යමක් මතක් කිරීමට උත්සහ ගනිමින් සිටි නිසයි…
හා…මම තේ අරගෙන එන්නම්.
ඇය එසේ කියමින් කුස්සිය දෙසට ගොස් නැවත් පැමිනියේ උනු උනු තේ කෝප්ප හතරක් රැගෙනයි…
පැතුම් වෙතත් විහගටත් නෙතුලිටත් තේ කෝප්පය බැගින් දුන් ඇය ඇගේ තේක අතට ගෙන ඉදගත් විට පැතුම් සියලුදෙනාම දෙස බැලුවේ යමක් කතා කිරීමට මුල පිරීමට මෙනි..
අන්කල් ඇත්තටම මම අද ආවේ වැදගත් දෙයක් ගැන කතා කරන්න… අන්කලුයි ආන්ටියි දෙන්නම් ඉන්න නිසා මම කෙලින්ම කියන්නම්කෝ….
මේකයි අන්කල් මට නෙතුලි නන්ගි ගැන අදහසක් තියෙනවා..ඉතින් මම ඒ ගැන අන්කල්ටයි ආන්ටිටයි කියන්න ඕනේ කියලා හිතුන නිසයි අද මෙහෙම ආවේ…
නන්ගි උනත් කිව්වේ ගෙදරින් අහන්න කියන එකයි…අම්ම තාත්තට හොරෙන් කිසිදෙයක් කරන්න එයාගේ කැමැත්තක් නෑ……ඒකයි මම කෙලින්ම මේ ගැන ඇහුවේ…
පැතුම් එසේ කියන විට අරුන්දීත් විහගත් මුහුනෙන් මුහුන බලාගත්තේ මද සිනහවක් මවාගෙනයි..
ඔවුන් සිතූ පරිදිම මේ දේවල් මෙලෙසින් සිදුවීම දෙදෙනාටම සතුටට කරුනක් විය…
නෙතුලිද ලැජ්ජාවෙන් බිම බලාගෙනම සිටියේ මව්පියන් කුමක් පවසාවිදැයි කුතුහලයෙනි…
මද නිහඩ බවකින් පසු විහග කතා කලේ කා දෙසත් බලන ගමන් ය…
ඇත්තටම පුතා මේ වගේ දෙයක් කෙලින්ම ඇවිත් කතා කරපු එක ගොඩක් හොදයි…
ඒක තමයි නියම විදිහ… මමයි ඇනිටියි දෙන්නත් පුතා ගැන ගොඩක් පැහැදිලා හිටියේ..ඉතින් අපි දෙන්නත් ආදරේ කරලා කසාද බැන්දේ…
අපේ ළමයිගෙ සතුට තමයි අපෙත් සතුට…ඔයාලගේ සම්බන්දෙට අපෙන් කිසිම විරුද්ධත්වයක් නෑ පැතුම්…
විහග එසේ පවසන විට නෙතුලිත් පැතුම් දෙදෙනාම එකි නෙකා දෙස බලා සිනහසුනේ සතුටකිනි..අරුන්දීද ඔවුන් දෙස බලා සිටියේ ඇස් දෙකේ කදුලු පුරවගෙනයි…
මෙලෙසින් බොහෝ වේලාවක් කතිකා කරමින් සිටි ඔවුන් අවසානයේ විසිර ගියේ පැතුම්ගේ දෙමාපියන් සමග මේ ගැන කතිකා කරගැනීමට දිනයක්ද වෙන් කරගනිමිනි…
විහග ඇදේ හාන්සි වී සිටියේ මොබියිල් එක ඔබන ගමන් ය.. අරුන්දී කණ්ණාඩිය ඉදිරිපිට සිට කොන්ඩය පීරුවේ කණ්නාඩියෙන් විහග දෙසත් බලන ගමන්…
විහග ..පැතුම් හොද ලමයෙක් වගේ..නැත්තම් අරම ඇවිත් කෙලින්ම අහයිද දුව ගැන…
ඒකනේ නියම කොල්ලො එහෙම තමයි…
විහග එසේ කියමින් මොබියිල් එක පැත්තකට දැමුවේ ඇය දෙසත් බලමින් ය…
දැන් ඒ ළමයගේ අම්මලා ලබන සතියේ එයි නේ…අපි ලස්සනට දෙන්නගේ වෙඩ්න් එක ගමු නේහ්…
අම්මේ මෙන්න මෙයා වෙඩින් ගැනත් හිතලා…මේ සුදූ තවම මුල නෝනේ..ඔව්වට කල් තියෙනවා තව…
මේ ඒක නෙවේ අනේ මට පැතුම්ව හරිම හුරුවක් තියෙනවා විහග..තේරෙන්නේ නෑ මොන මතකයක් ද කියලා…ඒත් මට ඒ ළමයව හුරුයි වගේ…
මේ විකාර හිතන්නේ නැතුව මෙන්න මෙහෙට එන්න….පොඩ්ඩක් ආදරේ කරන්න…
ආ…ලොකු ළමයි දෙන්නෙක් ඉන්න තාත්තෙක් කියන කතාවක්ද මේ….තවම කොල්ලා කියලද හිතේ..
ඇය එසේ කියමින් පනාව පැත්තකට දමා කාමරේ විදුලි පහනේ එලිය අඩු කලේ සිනහවකින් මුහුන සරසාගෙනයි..
ඇය ගොස් ඇදෙන් ඉදගත්තේ විහගගේ මුහුන දෙසම බලාගෙනයි..
මම ඉතින් කොල්ලා තමයි තවම…ඉන්නකෝ මම පෙන්නන්න..
කියමින් ඔහු ඇයව ඔහු දෙසට ඇද ගත්තේ ඇයට හෙලවෙන්නවත් නොදී තදින් අල්ලාගෙනයි…
අරුන්දී තමාදෙසට ඈතින් එන රුව දෙස බලා සිටියේ චායාවක් බදු වූ ඒ රුවෙහි අපැහැදිලි කම නිසයි..
කෙමෙන් කෙමෙන් ඒ රුව ඇය වෙතට එන විට ඇයගේ තොල කට පවා වේලී ගියේ ඔහු හදුනාගත් නිසයි….
ඒ ඇස් දෙක..නහය..කට…හිනහ වෙන විට කතා කරන දිලිසෙන ඇස්..ඉහලට පීරූ කොන්ඩය….
එක් කම්මුලක පිහිටි ඩිම්පල් එක… මේ හැම දෙයම දුටු ඇය ඔහුදෙසම බලා සිටියෙ ඔහුගෙන් දෑස් ඉවතට ගන්නට අකමැත්තෙන් මෙනි…
සෙමින් සෙමින් ඇය වෙතට ආ ඔහු සුපුරුදු සිනහවකින් මුව සරසාගත්තේ ඇගේ ඇස් වලටත් කදුලක් එක් කරමිනි.
ම්…ම..යන්.ත…..
ඇය ගොත ගසමින් ඔහු දෙසම බලාගෙන කීවේ ඇස් වලින් කදුලු ගලද්දීමයි….
ඔහු සිනාසුනා මිස කිසිවක් නොකීවේය…
එක් වරම ඔහු ඇය ගේ උරහිසට පිටුපසින් කව්රුන් හෝ දෙස බලා සිට ඇයව පසු කර ගියේ අරුන්දී ඔහුට කතාකරන්නට සැරසෙත් මයි…
ඇය දුටුවේ තරුනියක් සමග ඔහු අත්වැල් බැදන් ඈතට ඇවිදගෙන යන අන්දමයි…
ඇය කොතරම් කතා කලත් මයන්ත පිටු පස හැරී නොබැලූ නිසා අරුන්දී ඔවුන් දෙදෙනා පසුපස දිව ගියේ උමතුවෙන් මෙනි..
එවිට ඇය දුටුවේ ඇය කිසි සේත්ම බලාපොරොත්තු නොවූ දසුනකි.. ඒ තම එකම දියනිය නෙතුලි මයන්ත සමග පෙමින් වෙලී සිටින අයුරුයි..
නෙ.තුලි….ඔය මොකද??
ම්.මයන්ත….ලැජ්ජා නැද්ද ඔය මගේ දුව….
ඇයට මතක එපමනකි.ඇය කෙසෙල් කදක් මෙන් ඇද වැටුනේ එවිටයි..
මද වෙලාවකින් ඇයට දැනුනේ තම මුහුනට වැහි බිදු වැටෙන අන්දමකි…
කෙමෙන් කෙමෙන් මුහුනට වැටෙන සීතල වතුර බිදු ඉවසාගත නොහැකිව ඇය ඇස් හැරියේ එවිටයි…
ඇය දුටුවේ ඇගේ මුහුන දෙසම බලා සිටින විහගයි..
මොකද මැණික..හීනයක් දැක්කද??
මම…ඔව්….විහග….මහ…විකාර.හීනයක්….
හා..හා. මේ වතුර ටික බොන්නකෝ…ඊට පස්සේ බුදුන් වැදලා නිදාගන්න….එතකොට හරි…
ඇය එක් හුස්මට විහග අත රැදි වතුර වීදුරුව බී පැත්තකින් තබා ඔහුට තුරුලු වුනේ සිතේ මතුව තිබෙන දෙගිඩියාව තවමත් එලෙසින්ම රිදුම් දෙන බැවිනි…
ඇය දුටු සිහිනය ගැන සිතමින් බොහෝ වේලාවක් කල්පනාකරමින් සිටි ඇයට නින්ද ලන්වුනේ පැයක්ටත් වඩාගොසිනි…
40 කොටසෙන් හමුවෙමු…(අවසන් කොටසින්)
ඔන්න අද තමයි නිදහසක් ආවේ යාලුවනේ කතාව ටයිප් කරගන්න…
කොහොමද ඔයාලට අවුරුදු එහෙම..ජයද?
ඔන්න ඉතින් අපේ අරුන්දිගෙයි විහගගෙයි ආදර කතාවේ අවසානෙට අපි ඇවිත් ඉන්නේ…
එහෙනම් හෙට හමුවෙමු අවසන් කොටසෙන්.
බුදුසරණයි ඔයාලට..
❤❤👍