අහම්බෙන් හිමි වූ ඔයා… 03

03 කොටස

ඔව්…ඒ චූටි අයියා…. ඊයෙ වගේම මගේ ඇස් මටත් හොරෙන් ඒ ඇස් ඇතුළෙම අතරමං වෙලා…
එයත් මං දිහා බලන් හිටියෙ මගේ ඇස් දෙක ඒ ඇස් වලින් අල්ලගන්න වගේ…

” අදිති…යන් ඇතුළට….” නැන්දා ඇවිල්ලා කතා කලේ නැත්තන් තාමත් මං ඒ ඇස් ඇතුළෙමයි…

චූටි අයියත් මාව අතෑරලා මං එක්කම හොටෙල් එක ඇතුළට ගියේ මගෙන් මූණ හංගගෙන වගේ….

මගේ දෙවනි මනමාළි වුනේ වෙන කවුරුත් නෙවෙයි ටියානා නංගි…ඒකි නම් මගෙ දෙවනි මනමාළි නෙවෙයි යමරජ්ජුරුවන්ගෙ දුව වගේ මං දිහා බල බල රවනවා… තව අපේම පවුලෙ මට නංගිලා වෙන අය ෆ්ලවර් ගර්ල්ස්ලට හිටියා…. අපේ චූටිම ෆ්ලවර් ගර්ල් තමයි නැන්දගෙ ලොකු පුතාගෙ..ඒ කියන්නෙ මගෙ ලොකු අයියගෙ චූටි දුව පුංචි ශෙනෝරා… බටු ඇට දෙකක් තරම්වත් උස නෑ….ආපු වෙලාවෙ ඉදන් අඬනවා…
අපේ පරම්පරාවෙ චූටි අයියට වඩා බාල ලොකුම ගෑණු ළමයා මම…. ටියානා වුනත් තාම ඉස්කෝලෙ යනවා… ඒ නිසාම වෙන්නැති මේ කසාදෙ මටම කැරකිලා ආවෙ….වෙන කෙල්ලෙක් හිටිය නම් වයසින් චූටි අයියට හරියට ගැළපෙන මේ තැන ඉන්නෙ එයා මිසක් මම නෙවෙයි කියන්නත් මං හොඳටම දන්නවා…
මේ සේරම තේරුම් අරගෙනත් මං තාමත් මෙහෙම ඉවසන් ඉන්න එක ගැන මටම පුදුමයි…
චූටි අයියගෙ පැත්තෙන් දෙවනි මනමාළයා වුනේ චූටි අයියත් එක්ක ක්‍රිකට් ටීම් එකේ ඉන්න ක්‍රිකටර් සවිරු අනුසස්…. එයා වෙන්නැති චූටි අයියගෙ හොඳම යාළුවා… තව පේජ් බෝයිස්ලට මාමගෙ පැත්තෙ පිරිමි ළමයි කීප දෙනෙක් හිටියා…

ආපු වෙලාවෙ ඉදන් ෆොටෝග්‍රැෆර් කියන කියන විදිහට එහාට මෙහාට ඉදලා මට ඇති වෙලා තිබ්බේ… අරහෙට ඈන්ගල් වෙන්න කියයි…මෙහෙට ඈන්ගල් වෙන්න කියයි….
චූටි අයියට නම් එයාගෙ මනමාළි පැනලා ගිහිල්ලා බඳින්න හිටපු කෙනා නෙවෙයි බඳින්න ලැබුනෙ කියන එක ගානක්වත් නෑ… එයා අරූ කියන කියන විදිහටම එහෙට මෙහෙට හැරි හැරි විරිත්තගෙන ෆොටෝස් වලට ෆේස් කරනවා…
ගෲප් ෆොටෝස් අරගත්තට පස්සෙ ඊළඟට අපි දෙන්නගෙ විතරක් ෆොටෝස් ගන්න ලෑස්ති වුනා… මට චූටි අයියගෙ මූණ දිහා බලන්නවත් බැරි තරමට ලැජ්ජයි….
කොටින්ම කිව්වොත් මං හිටියෙත් මේ ලෝකෙ සිහියකින් නෙවෙයි…

” මැඩම්…සර්ට තව චුට්ටක් ළං වෙන්න….මදි මදි….තව ඈන්ගල් වෙන්න…තව ටිකක්….” මට ඔක්කොටම වඩා තරහ හිතුනෙ මේ ෆොටෝ ගන්න මනුස්සය එක්ක….
එහෙම ඌ කියන කියන විදිහට හැරෙන්න පුළුවන්ද….
චූටි අයියට නම් ගානක් නෑ….හරියට නිකන් එයා මාව අවුරුදු ගානක ඉදන් බඳින්න හිටපු එක්කෙනා වගේ හැසිරෙන්නෙ….

” රයිට්….දැන්…හෙමින් සර් දිහා බලන්න….පිටිපස්ස හැරිලා….සර් මැඩම්ගෙ ඉනෙන් අල්ලගන්න….”

මේ මොකද්ද මේ වෙන්න යන්නෙ…මට දැනෙනවා මාව රතු වෙනවා වගේ…. මං පොඩි කාලෙ ඉදන්ම එහෙමයි…මොකක් හරි ලැජ්ජ හිතෙන දෙයක් වෙච්ච ගමන් මාව අම්බානකට රතු වෙනවා… අනේ දෙයියනේ දැනුත් මාව රතු වෙලා ඇති…

අර යකා කිව්ව සැනින් චූටි අයිය මගේ ඉන වට කරලා අත් දෙක දාල මාව එයා ළගට හේත්තු කරගත්තෙ මං හිතන්නත් කලින්….
ඩග් ඩග් ඩග් ඩග් ගාල මගේ පපුව ගැහෙනවා මටම ඇහෙනවා වගේ….
මං එක පාරටම කරන්ට් එකක් වැදුනා වගේ එයා දිහා බෙල්ල හරවලා බැලුවා නෙවෙයි මට බැලුනා… එයා නම් කැම් එක දිහා බලාගෙන…

” රයිට්….හරියට හරි…ඔහොම තමයි…මැඩම් පොඩ්ඩක් සර් දිහා රොමෑන්ටික් විදිහට බලන්න…මැඩම් බය වෙලා වගේනෙ ඉන්නෙ…”

බය වෙන එක අහන්නත් දෙයක්ද….එන්න එන්නම චූටි අයියා හැසිරෙන විදිහ එක්ක මට පුදුමයක් දැනෙද්දි මාව සීතල වෙන්න ගත්තා…

” දැන් දෙන්නම හිනා වෙන්න…. අනිත් කෙනා දිහා බලලා….”

” අදිති… ඔයා ඔහොම හැසිරුණාම බලන් ඉන්න අය මොනව හිතනවා කියලද හිතන්නෙ…ප්ලීස් පොඩ්ඩක් නෝර්මල් විදිහට ඉන්න බලන්න….”

ෆොටෝග්‍රැෆර් අරම කියපු ගමන් චූටි අයියා මං දිහා බලලා හිනා වීගෙනම කිව්වෙ නිකන් ලොකු වැරැද්දක් කලා වගේ…

ඒ කියන්නෙ චූටි අයියා මෙච්චර සාමාන්‍ය විදිහට හැසිරෙන්නෙ අනිත් මිනිස්සුන්ට පේන්න… හිතලමයි…
ඔව්…එයා ඉතින් මං වගේ නෙවෙයිනෙ…ලංකාවෙම ප්‍රසිද්දයි නෙ… එයාට බය ඇති මිනිස්සු එයා ගැන වැරදියට හිතයි කියලා…. ඒ නිසා එයා සතුටින් වගේ පෙන්නන්න හදනවා…

ඒ වුනාට එයාට එහෙම පුළුවන් උනාට මට හිතේ ලොකු දුකක් තියාගෙන හිනා වෙන්න බෑ…
අද මං වැඩිපුරම සතුටු වෙන්න ඕන දවසක් වුනත් මේ වෙන දේවල් වලින් මගේ හිත දෙකට කැඩිලා වගේ මහා ලොකු වේදනාවක් දැනෙන්න ගත්තා…
වටේට පිරිවරාගෙන ලොකු සෙනගක් හිටියත් මගේ ඇත්ත සිතුවිලි කාටවත් කියාගන්න බැරුව මං ගොඩක් තනි වෙලා කියලයි මට හිතුනෙ….

” දැන් දෙන්නම ෆේස් ටු ෆේස් හැරිලා…නළලට නළල තියාගන්න….”

කොච්චර අපහසු වුනත් මං කියන කියන විදිහට ඉන්න ට්‍රයි කලේ චූටි අයිය කලින් කියපු වචන මට සැරින් සැරේ මතක් වෙද්දි…
මං කොච්චර අපහසුවෙන් ඉන්නවා වුනත් එයාගෙ වෙඩින් එක දවසෙ ලෝකෙට පේන්න එයාව ආහසුතාවයට ලක් කරන්න මට පුළුවන් කමක් නෑ….
එයා මගෙ නළලට නළල තියන් ඒ ඇස් වලින් හිනා වුනේ මගේ හිත කීරිගැහිලා යද්දි…..ඒ ඇස් වල හැමතිස්සෙම වගේ අතරමං වෙන මට එවලෙම මමම මතක් කරලා දුන්නෙ මේ එයා කරන්නෙ රඟපෑමක් විතරයි කියලා….

” අන්න රායිට්…දැන් සර්…මැඩම්ට පොඩි කිස් එකක් දෙන්න…”

” මොකක්..! ” මං ෆෝටෝ ගහන මනුස්සයා දිහා බලලා කිව්වා නෙවෙයි ඒක මට කියවුණා…

කොච්චර සාමාන්‍ය විදිහට හැසිරුණත් චූටි අයියත් එවලෙ ගැස්සුනා කිව්වොත් මං හරි…

” මැඩම්…දැන් කාලෙ මේවා නෝර්මල් නෙ…” ඌ එහෙම කියද්දි සාරි එකත් උස්සගෙන ගිහිල්ලා මට ඌට හොම්බට එකක් අනින්න හිතුණත් මං පාඩුවේ හිටියෙ ඊට වඩා චූටි අයියා ඌ කියපු විදිහට කරයි කියලා මං ලොකු බයක හිටපු හින්දා….

🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

මතුසම්බන්ධයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *