අහම්බෙන් හිමි වූ ඔයා… 12

12 කොටස…

මගෙ හිත කැඩිලා විසිරිලා යද්දි චූටි අයියා දිහාම මං බලාගෙන හිටියෙ මං ගැනම අනුකම්පාවෙන්…

” අම්මා…” චූටි අයියා නැන්දා දිහාට හැරිලා කිව්වෙ නිකන් නැන්දා නොකිව යුතු දෙයක් කිව්වා වගේ…

ඇයි දෙයියනේ මගෙ ජීවිතේට මේ තරම් දුකක් දෙන්නෙ… ඇස් වලින් පිටට පනින්න දඟළන කඳුළු මං නවත්තගත්තෙ හයියෙන් ඇස්පිය ගහලා…

” සෝමා නැන්දා…වාහනේ බෑග්ස් වගයක් ඇති ඒ ටික අරන් ඇවිත් මගේ රූම් එකෙන් තියන්න…” එහෙම කියලා චූටි අයියා පඩිපෙළ නැගගෙන උඩට ගියේ මූණ තරහින් රතු කරගෙන…

” හ්ම්ම්…දැන් ඉතින් ලෑස්ති වුනා නම් තමා හොඳ…නැත්තන් පරක්කු වෙයි…” එහෙම කියලා නැන්දත් කුස්සිය පැත්තට ගියේ මාව මේ ලොකු සාලෙ මැද්දෙ තනි කරලා දාලා… මං විනාඩි ගානක් එක තැන ඉදගෙනම කල්පනා කලේ දැන් මං මොකද කරන්නෙ කියලා…මං චූටි අයියගෙ කාමරේට යන්නද…ඒත් මට එයා කතා කරන්නෙවත් නැතුව…

” පුංතී…..” කරගන්න දෙයක් නැතුව මං එකතැන ගල් ගැහිලා ඉද්දි ලොකු අයියගෙ චූටි දූ මගෙ ගාවට දුවන් ආවෙ එලියෙ ඉදන්….
ඒ එක්කම ලොකු අයියා බැඳලා ඉන්න අක්කත් ආවා…

” ඇයි පුංති ඔයා ගොඩක් දවස් ආවෙ නැත්තෙ…ලුහි බබා බලන් හිතියා පුංති එනකන්…” එහෙම කියාගෙන හුරතල් වෙවී චූටි දූ මගේ ගවුමේ එල්ලුනාම මගෙ දුක කොහෙන් ගියාද දන්නෑ…
මං එයාව මගෙ අත් දෙකට අරන් තුරුලු කරගෙන ඒ රෝස පාට කම්මුල් දෙක ඉම්බෙ ආදරෙන්…

” අම්මේ ඇති යාන්තම් කෙල්ල ආවා…අපේ රුහිනි බබා බලන් හිටියා නේද මගෙ දූ…” එහෙම කියලා අක්කත් මගෙ කරට අත දාගත්තෙ මගෙ ළඟට හිනාවීගෙන ඇවිත්…

පළවෙනි වතාවට මට මේ කසාදෙන් පස්සෙ සතුටක් දැනුනා නම් දැනුනෙ මේ වෙලාවෙ…අක්කා ගොඩක් හොඳ කෙනෙක් කියලා කතා කරපු පළවෙනි වචන ටිකෙන්ම මට තේරුම් ගියා…

” ඔව් පුංති…ලුහි බබා බාන් බාන් ඉදලා අම්මි එක්ක පාක් ගියා තෙල්ලම් කලන්න…” රුහිනි දූ කට උල් කර කර කියද්දි බලන් ඉන්න ඕනම කෙනෙක්ට ආදරේ හිතෙනවා….

” දැන් ද ආවෙ නංගි…” අක්කා ඇහුවෙ පඩිපෙළ නගින ගමන්…

” ඔව් අක්කෙ…” මං එහෙම කියාගෙනම උඩ බලද්දි මං දිහා බලන් හිටියෙ චූටි අයියා….
ඒ ඇස් එක එල්ලයේ තිබ්බ මං දිහාවට… ඒ මූණෙ තියන ඉරියව් වලින් තරහා ගිහින්ද සාමාන්‍ය විදිහද කියලා කියන්න බෑ….
චූටි අයියව දැක්කා විතරයි මං රුහිනි බබාව බිමින් තිබ්බෙ චූටි අයියා දිහාම බලාගෙන… එයා මං දිහා ටිකක් වෙලා බලන් ඉදලා ආපහු එයාගෙ කාමරේට යන්න ගියේ මට තේරුම් ගන්න බැරි වෙද්දි…

” අර මොකෝ අර….මල්ලිට මල පැනලා…” අක්කත් චූටි අයියා මං දිහා අමුතු විදිහකට බලන් ඉදලා යනවා දැකලා මගෙන් ඇහුවා…

මෙච්චර කාලයක් එයාලත් එක්ක හිටපු චූටි අයියා ගැන එයාලට තේරුම් ගන්න බැරි නම් මං කොහොම තේරුම් ගන්නද….
මං අක්කට හිනා වුනා විතරයි…

” යන්න යන්න….දැන් පාර්ටි එකටත් යන්න තියනවනෙ….ගිහින් ලෑස්ති වෙන්න…ඒකද දන්නෙත් නෑ කේන්ති ගිහින් ඉන්නෙ…ඔයාගෙ ඇදුම් මල්ලිගෙ රූම් එකේ ඇති…” එහෙම කියලා අක්කා රුහිනිවත් එක්කන් උඩට ගියා….

අක්කා කියද්දියි මට පාර්ටි එක ගැන මතක් වුනේ….ඒත් එක්කම මතක් වුනේ ආපහු චූටි අයියා හදිස්සියේ ඇවිල්ලා මාව එක්කන් එන්න හේතුවත් මේ පාර්ටි එකම තමා කියලා…ඒ ගැන හිතෙද්දිත් හිතට සියුම් රිදීමක් දැනෙද්දි මං හිත හදාගත්තෙ මොනා වුනත් එහෙම හරි එයා මාව ආපහු එක්කන් ආපු නිසා…නමට විතරක් හරි මාව එයාගෙ බිරිඳ විදිහට පිළිගත්ත නිසා… මොනා කරන්නද….මෙහෙම හරි මට සාධාරණයක් වෙච්ච නිසා මට දැනුනෙ සහනයක්…නැත්‍තන් ගමේ මිනිස්සුන්ගෙ කතා අහළම මගෙ අම්මයි තාත්‍තයි හැමදාම දුක්වෙයි…

මාත් බයෙන් බයෙන් පඩි වලට අඩි තියලා උඩට ගියේ හිත වේගෙන් ගැහෙද්දි….
කසාදෙට කලින් දවසෙ තිබ්බ හදිස්සිය නිසා මං මීට කලින් එක පාරක් මේ කාමරේට ගිහින් තියනවා…ඒ ඇරෙන්න මට කවදාවත් හීනෙකින්වත් මීට කලින් චූටි අයියගෙ කාමරේට යන්න උවමනාවක් තිබ්බෙ නෑ….

මං කාමරේ ළඟට ගිහින් ඇරලා තියන දොරෙන් පේන චූටි අයියගෙ කාමරේ දිහා බලාගෙන එක එක දේවල් කල්පනා කලේ ලැජ්ජාව නිසා…
නමට හරි බිරිඳ වුනත් මං චූටි අයියා එක්ක කතා කරලා තියෙන්නෙ වචන දහයකටත් වඩා අඩුවෙන්….
එහෙම එකේ මං කොහොමද……

” ඇතුළට එන්න….” මාව ගැස්සිලා මේ ලෝකෙට ආවෙ ඇතුළෙන් ඇහුණු චූටි අයියගෙ කටහඬට….
මාව කොහොමද එයා දැක්කෙ….මං කාමරේට එන්නැතුව කෙකර ගගා ඉන්නවත් එයා දකින්නැති…
මං එහෙම හිත හිතම බයෙන් කාමරේ ඇතුළට ගියේ මාව ලැජ්ජාවට රතු වෙනවා වගේ දැනෙද්දි….

ඒ එක්කම මං දැක්කෙ මට පිටිපස්ස හැරිලා තුවායකුත් ඇදන් බොඩි ස්ප්‍රේ ගගහා ඉන්න චූටි අයියව….

” ඈ……………” එයාව දැකපු මං ඇස් දෙකත් වහගෙන අනිත් පැත්ත හැරිලා හයියෙන් කෑගැහුවා නෙවෙයි මට කෑගැහුනා….

” අදිති…..” එහෙම කියාගෙන ඇවිත් එයාගෙ අතින් මගෙ කට වැහෙද්දි මං දැඟලුවෙ එයාගෙන් බේරෙන්න….
එච්චර දෙයක් නොවුනත් මං මීට කලින් කාවවත් එහෙම දැකලා නැති නිසා වෙන්නැති මට එකසිය ගානට කෑගැහුනා….

” ම්ම්හ්හ්හ් ම්හ්හ්හ්…” තාමත් මගෙ කට එයා අතින් වහෙගෙන…මං ඒ අත ගලවගන්න බැරුව දඟලද්දි චූටි අයියා මාව එයාගෙ පැත්තට හරවගෙන මගෙ ඉන වටකරලා අත දාලා එයාගෙ ළඟට ඇදලා ගත්තෙ මං හයියෙන් හුස්ම ගද්දි….

ඒත් එක්කමයි මං හරි සිහියට ආවෙ…චූටි අයියගෙ හුස්මත් මගෙ මූණට වැටෙන තරම් ළඟින් තමයි අපි දෙන්න හිටියෙ….තුවායත් ඇඳගෙන මං දිහාම බලන් ඉන්න චූටි අයියව දැක්කම මට හුස්ම ගන්නත් අමතක වුනා….මං ඇස් ලොකු කරන්ම බලන් හිටියෙ එයා දිහා….

” මොකද කෑගහන්නෙ…..” චූටි අයියා මගෙ ඉනෙන් තව ටිකක් මාව එයා ළඟට ඇදලා අරන් ඇහුවෙ මගෙ මූණටම එබිලා….

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

ඔන්න මං ආවා…දවස් තුනකට පස්සෙ නේද…..කතාව අහලා තිබ්බා ගොඩක් දෙනෙක්….තව ටික දෙනෙක් මට තාම අසනීපයිද කියලත් අහලා එවලා තිබ්බා…ඒ හැමෝටම ස්තූතියි….
මං කලින් කොටසෙදි සඳහන් කලා මට කතාව දාන්න බැරි වෙන හේතුව…..
මං පාසලේ වැඩසටහනකට සහභාගි වුනා මේ දවස් තුනේ…..ඒකයි ලියාගන්න බැරි වුනේ…
කොහොම වුනත් ප්‍රමාද දෝෂය ගානකට නොගෙන තවමත් මගෙ කතාව කියවනවට ගොඩක් සතුටුයි….
පොඩි කොටසක් දැම්මෙ තව කොටසකින් රෑට කතා අරණට එන්න හිතන් ඉන්න නිසා….
ඉතින් අදිතිගෙයි තුහිනගෙයි විවාහ ජීවිතයට ඉදිරියේදි මොකක් වෙයි කියලද හිතන්නෙ…
ගිහින් එන්නම්….

මතුසම්බන්ධයි…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *