අහම්බෙන් හිමි වූ ඔයා… 16
16 කොටස
මං මෙච්චර වෙලා හොඳට ඉඳලා තියෙන්නෙ චූටි අයියගෙ පපුවට තුරුල් වෙලා..
ඒත් එක්කම මාව ගැස්සිලා ගියේ මං ඊයෙ හිටියෙ ඇඳ උඩ නෙවෙයි කියන හේතුව මතක් වෙලා….
මං හිටියෙ ඊයෙ සෝෆා එකේ…එහෙනම් ඊයෙ මාව චූටි අයියා ඇඳට අරන් ඇවිද්ද….
එතකොට එයත් මං එක්ක හොඳට……..
” ම්ම්ම්හ්….” දරාගන්න බැරි ලැජ්ජාවකින් මාව මිරිකිලා යද්දි චූටි අයියා ඇඳේ එහෙට මෙහෙට වුනේ මං ඉක්මනට ඇඳෙන් බැහැලා නානකාමරේට දුවද්දි….
නානකාමරේට ඇවිල්ලත් මං නානවට වඩා කල්පනා කරේ අද උදේ ඇහැරුණු විදිහ….කොච්චර අමතක කරලා සාමාන්‍ය විදිහට ඉන්න හැදුවත් මතක් වෙන්නෙම ඒ දේ….
මං නාගෙන එළියට එද්දි වෙලාව හයා මාරට විතර ඇති…එතකොටත් චූටි අයියා ඇඳ පැත්තට හැරිලා කොට්ටයක් බදාගෙන නිදි….
මං ඒ මූණ දිහාම බලන් හිටියෙ ඒ ඉන්න විදිහ හරි හුරතල් නිසා….ඇත්තටම මට ඊයෙ හවස නපුරු වෙච්ච නපුරමද කියලා හිතාගන්න බෑ….
මං තෙත කොණ්ඩෙත් කඩා දාලා එන්න ආවෙ පහළට…
මං එද්දිත් ගෙදර බුදු පහන උදෙන්ම පත්තු කරලා…ගෙදරදි හැමදාම බුදුපහන පත්තු කරන්නෙ මං නිසා අදත් මං නාගෙන කරගෙන පහළට බැස්සෙ බුදුපහන පත්තු කරන්න….ඒත් බුදු පහන කලින්ම පත්තු කරලා නිසා මම බුදුන් වැඳලා ගාථා කියලා කුස්සියට ගියේ තියන දේකට උදව් වෙන්න…
කුස්සියේ හිටියෙ සෝමා නැන්දා විතරයි…උදේට කන්න උයන්න වෙන්නැති පරිප්පු හෝදනවා…
” සෝමා නැන්දා….” මං ළඟට ගිහින් කතා කලේ උදව් කරන්න හිතාගෙන..
” ආහ්..මේ අපේ අලුත් නෝනා නෙහ්…” සෝමා නැන්ද එහෙම කිව්වම මගේ පපුව පිච්චිලා ගියා…
සෝමා නැන්දත් අපේ අම්මගෙ වයසෙ විතර ඇති. අසරණ කමට ගෙදර බැලමෙහෙවර කම් කලාට වැඩිහිටියො වැඩිහිටියොමයි….අපි එයාලට ගරුත්වයක් දුන්නත් එයාල අපිට නෝනා කියද්දි මට ඇති වෙන්නෙ ලොකු අපහසුතාවයක්…
” මං නෝනෙක් නෙවෙයි සෝමා නැන්දා…. මං සෝමා නැන්දට දුවෙක් වගේ නෙහ්..
මං කිව්වෙ සෝමා නැන්දා බිඳලා තිබ්බ පොල් බෑය අරන් හිරමනේ ළඟට යන ගමන්…
” අනේ ඒ වුනාට ඉතින් නෝනා මේ ගෙදර පොඩි ලේලි නොවැ…” සෝමා නැන්දා කිව්වෙ යටහත් පහත්ව…
” ඔය ඉතින්…ආපහු නෝනාලු…..” මං සෝමා නැන්දට කිව්වෙ නෝක්කාඩුවට වගේ….
” අනේ ඉතින් මං එහෙනම් මොනව කියලද කතා කරන්නෙ….”
” ම්ම්ම්ම්හ්…සුදු දූ කියන්න…හැමෝම මට එහෙමයි කතා කරන්නෙ…” සෝමා නැන්දා අහිංසක විදිහට හිනා වෙලා අහද්දි මං පොල් බෑය ගාන ගමන්ම සෝමා නැන්දට කිව්වෙ ඇත්තටම හිතේ ඇති වෙච්ච ලෙංගතු කමෙන්… සෝමා නැන්දා අහිංසක විදිහට හිනා වුනා විතරයි…
” කෝ නැන්දෙ අනිත් අය…” මං ඇහුවෙ ටික වෙලාවක ඉඳලා අහන්න හිටපු දෙයක්…
මං පහළට බැස්සත් තාම ගෙදර කවුරුත් පේන්න හිටියෙ නැති නිසා මට තිබ්බෙ කුතුහලයක්..
” ලොකු නෝනයි පුංචි නෝනයි රුහිනි බේබියි ගියා සිල් ගන්ඩ කියලා…ලොකු මහත්තයයි ලොකු බේබියි ගියා නොවැ කන්තෝරුවෙ වැඩකට උදෙන්ම…චූටි බේබි විතරයි ගෙදර….”
අද පෝය දවසක් නිසා නැන්දයි අශිකා අක්කයි රුහිනි දූයි සිල් ගන්න ගිහින්….ඉස්සර නම් මාත් අම්මා එක්ක සිල් ගන්න ගියා….
සෝමා නැන්දා චූටි බේබි කියලා කිව්ව ගමන් මට මතක් වුනේ චූටි අයියව…
” ඒක නෙවෙයි සෝමා නැන්දා… චූටි අයියා මොනවද වැඩියෙන්ම කන්න කැමති….උදේට එහෙම…” මං ඇඟට නොදැනි සෝමා නැන්දගෙන් ඇහුවෙ අම්මා ඊයෙ කතා කරද්දි කියපු දෙයක් මතක් වෙලා…
මට ඕන වුනේ චූටි අයියට කෑම හදන්න… අම්මා කියපු විදිහට ස්වාමිපුරුෂයට මගෙන් වෙන්න ඕන යුතුකමක් තමයි උදෙන්ම නැගිටලා කෑම හදලා දෙන එක…වැඩකරන්න කට්ටිය හිටියත් මං ඒ යුතුකම කරන්න ඕනෙ…
” උදේට එහෙම චූටි බේබි ඉදියාප්ප කන්න තමා ආස…ඉදියාප්ප කන්න රුසියා….”
සෝමා නැන්දා එහෙම කියනවත් එක්කම මට හිනාවක් ගියේ මාත් ඉදියාප්ප වලට පෙරේත නිසා….
අම්මගෙ ඉදියාප්ප උදේට තිහක් වුනත් කතහැකි….
ඉදියාප්ප වලට ආස නිසාම මං අම්මගෙන් ඉදියාප්ප හදන්න ඉගෙන ගත්තෙ ඒලෙවල් කරන කාලෙමයි….
ගමේ මිනිස්සු නම් කිව්වෙ මට තියෙන්නෙත් අම්මගෙ අත්ගුණේමයි කියලා….
පරිප්පුත් කොහොමත් හදන නිසා මං හිතාගත්තෙ සෝමා නැන්දා එක්ක උදේට ඉදියාප්ප හදන්න…තාම හාල් හෝදලා නැති නිසා සෝමා නැන්දත් මුකුත් කියන එකක් නෑ…මං එහෙම හිතාගෙන පොල් ටික ගෑවා…
ඒත් එක්කම මං දැක්කෙ කුස්සියේ දොර ළඟ ඉදන් අත් දෙකත් බැඳන් මං දිහා බලන් ඉන්න චූටි අයියව….
ඒ ඇස් තිබ්බෙ මං දිහාවට…තේරුම් ගන්න බැරි හැඟීමකින් මූණම පිරිලා….ඒ මූණෙ ලාවට හිනාවක් ඇඳිලා…
මට එක පාරට මතක් වුනේ උදේ පාන්දර වෙච්ච දේ…ඒ නිසාම මං ලැජ්ජාව උහුළ ගන්න බැරුව බිම බලාගෙනම පොල් ගාද්දි මට එක පාරටම සිහියට ආවෙ එක දෙයයි…
ඒ මං සෝමා නැන්දගෙන් චූටි අයියා කන්න කැමති මොනවද කියලා අහද්දිත් චූටි අයියා දොර ළඟ ඉන්න ඇති කියන එක…
ඒකද එයා හිනාවීගෙනම මං දිහා බලන් හිටියෙ….මට දැනුනෙ මාව රතු වෙනවා වගේ…..
” ආහ්…” කලබල වෙච්ච පාර මගේ අත ලිස්සලා දබරැඟිල්ල හිරමනේට කැපුනෙ කලබලේ වැඩිකමට…
තාමත් දොර ළඟ හිටගෙන හිටපු චූටි අයියත් කලබල වෙලා ඉක්මන් අඩි වලින් මං ළඟට ආවෙ මගෙ අත තුවාළ වෙච්ච නිසා වෙන්න ඕන…
මං ඇඟිල්ලත් අල්ලන් සූස් ගාද්දි එයා මගෙ ඇඟිල්ල අරන් ඉරුවෙ මං හිතන්නත් කලින්…
ඔන්න දැම්මා…පොඩ්ඩයි කියන්න දන්නවා…ඔයාලට තරහත් හිතෙනවා ඇති…
ඒත් මේ පොඩි කොටස හරි දැම්මෙ ඔයාල බලන් ඉන්න නිසා…
තද බල ඔලුවෙ කැකුමකින් පෙලෙනවා ප්රෙන්ඩ්ස්.. ඉන්න බැරියෝ…
අම්මා ෆෝන් එක අතින් අල්ලන්නවත් දෙන්නෑ ඒ මදිවට….හෙටත් කොහොමහරි කොටසක් දෙන්න බලන්නම්….
අනිද්දා නම් නිවාඩු ඕං….
( මං මේක ආයෙ ආයෙම කියනවා ළමායි මට කතාවට ඔයාලව මෙන්ෂන් කරන්න විදිහක් නෑ…ඒකට සමාව බාජනේකට දාලා දෙන්න.. ඒත් පිළියමක් හෑව්…..මං අරණට කතාව අප්ලෝඩ් කරපු ගමන් ඒ ලින්ක් එක මගෙ වෝල් එකේ පෝස්ට් කරනවා….ඒකෙන් ඔයාලට කතාව බලන්න පුළුවන් එතකොට…ඒ උදව්වට කැමති නම් ඔයාලට කරන්න තියෙන්නෙ මෙච්චරයි….මට රික්වෙස්ට් එකක් දාලා මාව ඇඩ් කරගන්න…[ අකමැති නම් මට කරන්නට දෙයක් නැත ඕං ] තවමත් ඔබ කලින් දාපු රික්වෙස්ට් එක මං ඇක්සෙප්ට් කර නැති නම් මා හට මෙසේජ් එකක් දමා ඔබගේ ප්රශ්නය යොමු කරන්න…)
ගිහින් එන්නම් ආදරෙයි…….
මතුසම්බන්ධයි….