අහම්බෙන් හිමි වූ ඔයා… 18

18 කොටස..

මං පිටිපස්ස හැරුණෙ මට මගෙ කැම්පස් කාඩ් එකෙන් කතා කරේ කවුද කියලා බලන්න…අනිවාර්යයෙන් කැම්පස් එකේ කෙනෙක් වෙන්න ඕනෙ….

” මානා…”

ඒ හිටියෙ අපේ බැජ් එකේ මෙතුම්…කාඩ් එක මානා….
ෆස්ට් ඉයර් ඉදන්ම මගෙ පස්සෙන් ආපු කොල්ලෙක්…ගොඩක් හොඳයි…ඒත්…මට කිසිම වුවමනාවක් තිබ්බෙ නෑ ප්‍රේම සම්බන්ධයකට..ඒ නිසාමයි මං එයාගෙ ආදර ඇරයුම් ප්‍රතික්ෂේප කලේ…
මං හිනා වෙලාම මානාට කතා කළේ මොනා වුණත් ගොඩක් දවසකට පස්සෙ දැක්ක නිසා…

” වරලි…ඔයාට කොහොමද…ඇයි කැම්පස් එන්නෙ නැත්තෙ..අපි කොච්චර හෙව්වද….ඇත්තටම ඔයා අර ක්‍රිකටව මැරි කරාද වරලි….”

මානා එක දිගට අහගෙන ගියේ මට වචනයක්වත් කියන්න නොදී…
ඒ මූණ මැලවිලා…අහම්බෙන් හරි මාව මෙහෙම දැක්ක ගමන් ඒ හැමදේම අහන්න හිතෙන්න ඇත්තෙ මගේ වෙඩින් එක ගැන මං කාටවත්ම දන්වපු නැති නිසා වෙන්නැති…

” මානා මං…” මං මානට පැහැදිලි කරලා දෙන්න හදද්දිම පහන් දෙකකුත් අරන් එහා පැත්තෙ කඩේ ඉදන් චූටි අයියා ආවේ අපි දිහාට…

” සුදූ…”චූටි අයියා මට එහෙම කියාගෙන ආවත් ඒ ඇස් තිබ්බෙ මානා දිහාවට…
මානාගෙ ඇසුත් ගැස්සුණේ චූටි අයියව දැකපු ගමන්…
ඉතින් මං තව මොනවා කියන්නද…මානට එයාගෙ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්න ඇති…

” චූටි අයියා…මේ මගේ කැම්පස් එකේ යාළුවෙක්…මානා…මේ චූටි අයියා…මගෙ මහත්තයා…” මානාගෙ මූණ කළු වළාකුලක් වගේ වෙද්දි මං චූටි අයියව අඳුන්වලා දුන්නෙ නොකර බැරි නිසා…

” හෙලෝව්….”

” හෙලෝව් සර්…” එහෙම කියලා මානා බැලුවෙ මගේ දිහා…
කතා නොකළා වුණත් එයා මට මොනව හරි කියන්න හදනවා කියලයි මට හිතුනෙ…
මානාට දුක ඇති…එයා මං ගැන ගොඩක් බලාපොරොත්තු තියන් හිටියා කියන්න මං දන්නවා…
ඒත් මගෙ හිතේ ඇත්තටම එයා ගැන තිබ්බෙත් ඉදිරියට තියෙන්නෙත් හොඳ යාළුකමක් විතරයි…
ඇත්තටම හිතේ කැමැත්තක් නැත්තම් මං කොහොමද කෙනෙක්ට ආදරේ කරන්නෙ…..

” පන්සල් ආවද මානා…” මං ඇහුවෙ කතාව වෙන පැත්තකට ගන්න කියලා හිතාගෙන…

මානාගෙ හිතේ මං ගැන තියන දේවල් චූටි අයියා දැනගෙන නිකන් හිත් නරක් කරගන්නවට මං කැමති වුනේ නෑ…
එයාගෙන් හංඟන්න ඕන කමකට නෙවෙයි…නිකන් ප්‍රශ්න ඇති කරගන්න මට ඕන වුනේ නෑ…
අපි දෙන්න අතර සම්බන්දයක් නැති වෙන්න පුළුවන්…ඒත් චූටි අයියා මගෙ ස්වාමිපුරුෂයා…මේ මගේ පවුල් ජීවිතේ…අනවශ්‍ය ප්‍රශ්න ඒ අතරට එන්න ඕන නැති නිසයි මං එහෙම හිතුවෙ…

” ඔව් වරලි…දැන් යන්න හදන්නෙ ගෙදර…ඔයාලා වඳින්න එහෙනම් ගිහින්…මං යන්නම්..යන්නම් සර්….” එහෙම කියලා මං මුකුත් කියන්නත් කලින්ම මානා යන්න ගියා…
එයා අපි දෙන්නා ඉස්සරහා හිනා වෙන්න හැදුවත් ඒ හිතේ දුක මං මානාගෙන් දැක්කා…

චූටි අයියට නම් ගානක් නෑ….එයා කිසිම දෙයක් දන්නෙ නෑ නෙ….
ඇත්තටම මට පුදුම ආසාවක් දැනුනෙ චූටි අයියා මං ගැන මානා හිතන විදිහ දැනගත්තොත් මොන වගේ හැසිරෙයිද බලන්න….
ඒත් අපි දෙන්න අතර එහෙම කිසිම දෙයක් නෑ නේද…ඉතින් චූටි අයියට ගානක් තියේද…

” සුදූ…” මං මේ ලෝකෙට ආවේ චූටි අයියාගෙ කටහඬට…

” කොහෙද ගියේ..” චූටි අයියා ඇහුවෙ ඇස් වලින් හිනා වෙලා….

අහන්න දෙයක් තියනවද…මං ඒ ලස්සන ඇස් වල පැටළුනා…හැමදාම වගේම…මුල්ම දවස් වල මං ඒ ලස්සන ඇස් වල බැල්මට බය වුනා…
ඒ මං ඒ බැල්මට වශී වෙන නිසා…ඒ ඇස් දිහාම බලන් ඉන්න නිසා…
ඒත් දැන්….බයක් නෙවෙයි…මට ඒ ඇස් දිහා බලන් ඉන්න තියෙන්නෙ ආසාවක්…
ඔව් ගොඩක් ලස්සනයි….
ඒ දඟ විදිහට හිනා වෙන හිනාවට මං එන්න එන්න ආස වෙනවා….
අදිති…! ඔයාට මොකද මේ වෙලා තියෙන්නෙ….

අපි මුලින්ම චෛත්‍යයට මල් , පහන් , හඳුන්කූරු පත්තු කරලා වැන්දා…..ඊට පස්සෙ බෝධිය නාවලා පහන් පත්තු කරලා මං ප්‍රාර්ථනා කලේ මගේ වගේම චූටි අයියගෙ අනාගතෙත් මේ ඉන්නවා වගේම හොඳින් ඉන්නවා ලැබෙන්න කියලා…
ඒ වගේම මගෙ අම්මගෙයි තාත්තගෙයි චූටි අයියගෙ පවුලෙ අයගෙයි ජීවිත වලටත් කිසිම කරදරයක් නොවී සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා…

වෙනදට මමයි අම්මයි තාත්තයි ගැන විතරක් ප්‍රාර්ථනා කරන මම එදාට වඩා අද ගොඩක් වෙනස් වෙලා…
මොන වගේ ප්‍රශ්න තිබුණත් මට දැන් අලුත් පවුලක් ලැබිලා….
චූටි අයියත් එක්ක කිසිම දෙයක් නැති වුණත් චූටි අයියා නීතියෙන් හරි අයිති මට…
මගෙ ස්වාමිපුරුෂයා….
ජීවිතේ හරි ඉක්මනට වෙනස් වුනා….

බුදු පිළිම වහන්සේටත් වැඳලා අපි දේවාල වලටත් වැඳලා එද්දි පරිසරය සම්පූර්ණයෙන් කලුවරයි….
වීදි ලාම්පු වලින් විතරයි ආලෝකමත් වෙලා තියෙන්නෙ….
හැමෝම අපි දිහා බලනවා….පහු කරන් යන මිනිස්සු ටිකක් ආපස්සට ඇවිල්ලත් බලනවා…චූටි අයියා ක්‍රිකටර් කෙනෙක් නිසානෙ ඉතින්…
චූටි අයියා දිහා බලන මිනිස්සු මං දිහත් බලන්න ඇස් මගේ පැත්තට හරවනවා මං ඇස් කොනින් බලාගෙන…චූටි අයියට ගානක් නැති නිසා මාත් බිම බලාගෙනම එන්න ආවා…
එයාට නම් පුරුදු ඇති කොහේ ගියත් මිනිස්සුන්ගෙ අවධානය යොමු වෙන එක…

සෙරෙප්පු දෙකත් දාගෙන චූටි අයියත් එක්කම මං මල් කඩ පහුකරගෙන ආපස්සට ආවෙ වාහනේ දාලා…
ඇයි කියන්න මං දන්නෙ නෑ….මං වාහනේට නගින්න හැදුවත් චූටි අයියා ඇවිදගෙන ඉස්සරහට යන නිසා මාත් ඒ පස්සෙන් ගියේ තනියම ඉන්න බැරි නිසා….

අපි මල් කඩ සේරම පහු කරගෙන ඇවිත් නතර වුණේ වෝර්කින් පාත් එකට හැරෙන තැන…
එයා නතර වෙලා මං දිහා බැලුවෙ ඇස් වලින් මොනවද කියන්න හදන ගමන්…
එයාගෙ පස්සෙන්ම නැට්ට වගේ ගියපු මං එයා නතර වෙනවත් එක්කම නතර වුනේ නැත්තන් ගිහින් නවතින්නෙ එයාගෙ ඇඟේ…

” අපි යන්ද ඇවිදින්න…” එහෙම කියලා ඔලුවෙන් වෝර්කින් පාත් එකේ ඉස්සරහට යන්න තියන පැත්ත පෙන්නපු එයා මාත් එක්ක හිනා වුනේ මං ඇස් පිල්ලම් නොගහා බලන් ඉද්දි…

මං ඔලුවෙන් විතරක් හා කියලා ඉස්සරහට ආවා…එයා නැවතිලා හිටියෙ හරියට මං එයා ළඟට එනකන් බලන් ඉන්නවා වගේ…
අපි දෙන්නම එක සමානව ඇවිදන් ඉස්සරහට ගියා….
අහස ගොඩක් කලුවරයි…චූටි අයියා අහස දිහා බලාගෙනම ඉඳලා ලොකු හුස්මක් පහළට දැම්මා…හුළං පාරත් ගොඩක් සැරයි…මගේ කොණ්ඩෙ ගොතද්දි අහු නොවිච්ච කොණ්ඩ ගස් එහෙ මෙහෙ දුවනවා හුළඟට…

ටික දුරක් එන්න ඇති…චූටි අයියයි මායි හිටියෙ ගොඩක් ළඟින්..යද්දි ඒ අත කීප සැරයක්ම මගේ අතේ වැදුනා…ආයේ අයේ දෙපාරක් විතර මගේ අත චූටි අයියගෙ අත ගෑවෙන්නැති…
මං එහාට යන්න හදනවත් එක්කම චූටි අයියා එයාගෙ අතට මගේ අත පටලගත්තෙ මට හිතාගන්න බැරි වෙද්දි…
මං පුදුමෙන් බලන් හිටියෙ අපි දෙන්නගෙ එකට බැඳිච්ච අත් දෙක දිහා…

එයාට නම් ගානක්වත් නෑ…මගෙ අත අල්ලගත්තත් ඔහේ ඉස්සරහා බලන් යනවා…හැබැයි ඒ මූණෙ ළාවට හිනාවක් ඇඳිලා… අපි දැන් මේ හැසිරෙන්නෙ අනිත් පෙම්තුන් හැසිරෙනවා වගේ….
මගෙ පපුව ඩග් ඩග් ඩග් ඩග් ගානවා…
මේ වගේ අත්දැකීමක් මීට කලින් නැති නිසා වෙන්නැති…
කැම්පස් ආවත් මං ආදරයක් ගැන හිතුවෙ නෑ මේ අවුරුදු 22 ටම…
ඒත් චූටි අයියා… මේක ආදරයක්ද….ඇයි මගෙ හිත මෙච්චරටම මේ දේවල් වලට එන්න එන්න ආස කරන්නෙ….
අපි අතර වචන දෙකකට තුනකට එහා කතාවක් නොවීම අපි දෙන්න අපි දෙන්නගෙ වුනා…
මේකට ආදරේ කියන්න පුළුවන්ද…අහම්බෙන් බඳින්න වුණත්…ඒ වෙද්දි කිසිම හැඟීමක් මගෙ හිතේ නොතිබුණත්…චූටි අයියා දැන් ඉන්නෙ මගෙ හිතේ ඉහළම තැනක….

” කැම්පස් යන්න අදහසක් නැද්ද…” මං එයාගෙන් අහන්න හිටියෙත් කොයි වෙලාවෙ හරි ඒ ගැන…
ඒත් තරවටු කරන්න වගේ එයාම මගේ මූණ දිහා බලලා ඇහුවෙ මට කැම්පස් යන්න කියන්න වගේ…
ඒ තමයි එයා මේ වෙලාවෙ කතා කරපු පළවෙනි වචන ටික…

” යන්න ඕනෙ…” මං හෙමින් බිම බලාගෙනම කිව්වා ලැජ්ජාවට…

” නෙක්ස්ට් වීක් ඉඳලා දිඟටම යන්න..මං ප්‍රැක්ටිස් යන ගමන් ඩ්‍රොප් කරන්නම්….” මං ඇස් උස්සලා බලද්දි චූටි අයියා මගෙ මූණටම බර වෙලා….
මාව ඒ ඇස් ඉස්සරහා ආපහු වතාවක් ගැස්සුනා…

” හ්ම්ම්..” මං ඔලුවෙන් හා කිව්වෙ වචන එන්නෙ නැතිම වෙද්දි…

එක පාරට හුලං සැර වැඩි කරලා හයියෙන් වහින්න ගත්තෙ අපි දෙන්නට කර කියාගන්න දෙයක් නැති වෙද්දි….
අපි මේ වෙනකොටත් අත් අල්ලන් ගොඩක් දුර ඇවිත් හිටියා….
වටේ පිටෙත් කවුරුත් නැති තරම්…පෝය දවසක් නිසා හරි නම් සෙනඟ වැඩි වෙන්න ඕනෙ…ඒත් ටිකක් රෑ වෙලා නිසා වෙන්නැති වටේ පිටේ කවුරුත්ම නෑ…ඊටත් වඩා වහින නිසා බයික් වල යන මිනිස්සුත් ඉක්මනට ගිහින්…
ආපහු හැරුණොත් දුර වැඩී…..අපිට යාගද්දි ගොඩක් රෑ වෙයි….

වැස්ස එන්න එන්න තද කරද්දි චූටි අයියා ඉස්සරහට දුවගෙන ගියේ මගේ අත අත් අරින්නෙවත් නැතුව….
මාත් ඉක්මනට ඒ පස්සෙන් ආවා…..
හයියෙන් වහිනවා……සීතලයි…සම්පූර්ණව තෙමිලා….
ඒත් දිගටම තෙමෙන්න බෑ….
අපි ආවෙ වැස්සට තෙමෙන්නැති පාර්ත් එකේ සිකියුරිටි රූම් එකක් වගේ තිබ්බ පොඩි වහළක් තිබ්බ හට් එකකට….

අපි ආපු ගමන් මං කලේ මූණෙ තිබ්බ වතුර බේරගත්තු එක…චූටි අයියත් එයාගෙ කොණ්ඩෙ ගසනවා….
ඇවිදින්න ඇවිත් මදැයි වෙච්ච දේ….වැස්ස කීයට පායයිද…මේ යන විදිහට නම්…පායන පාටක් නෑ දැන්ම….
මං එහෙම කල්පනා කර කරම බලන් හිටියෙ වැස්ස දිහා….
දන්නෙම නැතුව මං ගිහින් ඒ ඇඟේ ගෑවෙන්නැති…අනේ නෑ…හිතල නම් නෙවෙයි….

ඒ ඇස් යොමු වුනේ මං දිහාවට….වෙනදට වඩා අමුතුම බැල්මක්…මං දිහාම චූටි අයියා බලාගෙන ඉන්නවා….
මං හිටියෙත් කිසිම දෙයක් හිතාගන්න බැරුව උදාසීන වෙලා…..
ඒ එක්කම ඒ ඇස් කතා කරන්න ගත්‍තා…

” සුදූ…මට…ඔයාට…කියන්…”

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

සර්පරායිස්ස්ස්ස්ස්ස්ස්ස්……..😍😍😍😍😍😍😃😃😃😃😃😃😃😆😆😆😆😇😇😇😇😇😇😇

මේ කොටස මගෙන් ඔයාලට අවුරුදු තෑග්ග කියලා හිතාගන්නකො නම්කිලා මල්ලිලා…😂😂😂😍😍🌷
කියන්නෙ නැතුවම දෙන්න හිතුනා….

ඔන්න ඉස්සරහට වෙන්නෙ මොනවද කියලා නම් මගෙන් අහන්න ඔට්ටු නෑ බබාලාස්…

ඉස්සරහට මොකක් වෙයි කියලද හිතන්නෙ…

ඉතින් කතාව කොහොමද….මොකද හිතෙන්නෙ කතාව ගැන….අදිතිගෙයි තුහිනගෙයි ආදර කතාව ගලාගෙන යන විදිහ හොඳයිද….කම්මැලී වගේද…..

ඔච්චරයි මං අහන්නෙ….ඔයාලම අදහසක් කියන්න….

ඒ වගේම කාරුණිකව ඉල්ලා සිටිනවා මේ දේ…..

මං හෙට ගමේ යනවා…පවුලෙ අය එක්ක….ඉතින් කතාව දාන්න වෙන්නෙ නෑ….අදත් දාපු නිසා මා හට ඛමා කරන්න…
මොකද අවුරුදු මටත් ඔයාලටත් එක වගේ….මාත් ඔයාලා වගේම සාමාන්‍ය කෙනෙක් නේ…
ඉතින් මගෙ තත්වෙ තේරුම් ගන්න පුළුවන් නෙ ඔයාලට…ආදරෙයිනෙ ඉතින් #හසී ඔයාලට මහ ගොඩක්…..ගිහින් එන්නම්…

මතුසම්බන්ධයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *