අහම්බෙන් හිමි වූ ඔයා… 24
24 කොටස
මං උදේ ඇහැරිලා බලද්දි මට කලින් ඇහැරිලා චූටි අයියා ඇඳෙන් නැගිටලා ගිහින්…ඒකත් හොඳයි……මං කොහොමද නැත්තන් එයාට මූණ දෙන්නෙ….
නානකාමරේ වතුර වැටෙන සද්දෙන් තමා මං දැනගත්තෙ චූටි අයියා තාම නානකාමරේ කියලා….
මාත් තුවායයි ඇඳුමුයි අරන් පහළට ගියේ වෙන නානකාමරේකින් මූණ හෝදගන්න…..
මේ විශාල ගෙදර නානකාමර පහකට වඩා ඇති…
මූණත් හෝදගෙන මං අම්මලටයි චූටි අයියටයි තේ හැදුවෙ ඊයෙ රෑ චූටි අයියා හැසිරිච්ච විදිහ මට නිමක් නැතුව එක දිගටම මතක් වෙද්දි…
මට දැනුනෙ පුදුම තරමෙ ලැජ්ජාවක්….ඒ වගේම ඒ හා සමානවම සතුටක්…..
මං තේ හදාගෙන සාලෙට අරන් යද්දි අම්මයි තාත්තයි වගේම චූටි අයියත් ලෑස්ති වෙලා පහළට ඇවිත්….
මං අම්මටයි තාත්තටයි තේ දීලා චූටි අයියගෙ තේ එකත් අරන් චූටි අයියා ළඟට ආවෙ පුදුම තරමෙ ලැජ්ජාවකින්……
ඒ මූණ බලන්නවත් මට පුළුවන් කමක් නෑ……
චූටි අයියත් හීන් හිනාවක් මූණට අරගෙනම මගේ අතින් තේ එක අරගෙන බොන්න පටන් ගත්තා…..
” උදේට කෑම කාලම යන්න තිබුනා….ඒත් මට ප්රැක්ටිස් නෙහ් අම්මාහ්…”
චූටි අයියා කිව්වෙ තේ එක තොල ගාන ගමන් අම්මට…
” අපෝ ඒකට මොකද….මං විජිතටත් කිව්වෙ…..මේ අද රෑට අපේ ගෙවල් පැත්තෙ ආවා නම් කියලා මේ ළමයි……රෑ කෑමට…” තාත්තා චූටි අයියට කිව්වෙ චූටි අයියගෙ පිටට තට්ටු කරන ගමන්…..
” අපි එන්නම් තාත්තා…..” චූටි අයියා එහෙම කිව්වෙ මං දිහත් වතාවක් බලලා හිනා වීගෙනම….
මටත් දැනුනෙ සතුටක්….මට ගෙදර යන්න තිබ්බෙ ආසාවක්…..මොනා වුණත් අවුරුදු ගානක් ජීවත් වෙච්ච තැන දාලා කෙල්ලෙක් මහත්තයගෙ ගෙදර ආවම ඒ ගෙදරට පුරුදු වෙන්න ටිකක් කල් යනවා…..
අපි ඔක්කොම උදේට තේ බීලා වාහනේට නැග්ගෙ පිටත් වෙන්න…..
වාහනේ එන ගමනුත් චූටි අයියත් තාත්තයි බිස්නස් ගැන එහෙම හරි හරියට කතාව…මං නම් බිම බලාගෙනම එන්න ආවෙ තාමත් ඊයෙ වෙච්ච දේට ලැජ්ජ හිතිලා…..
” මං හවසට ගන්න එන්න…බුදුසරණයි….” මාව කැම්පස් එක ළඟින් බස්සලා කළු වීදුරුව පහත් කරලා හිනාවෙලා එහෙම කිව්ව චූටි අයියා ආපහු ගියේ අම්මවයි තාත්තවයි ගෙදරට බස්සලා ප්රැක්ටිස් යන්න…..
මං හෙමින් හෙමින් බර අඩි තියලා කැම්පස් ඇතුළට ගියේ කාලෙකට පස්සෙ කැම්පස් ආපු නිසා…
” වරලි…..!” මාව දැකපු ගමන් අපේ බැජ් එකේ හැමෝම මගෙ විවාහයට සුභ පැතුම් එක් කලේ නොකියම බැන්ඳ එකට නෝක්කාඩු කියන ගමන්…..
මං මුකුත්ම නොකියා ස්තූතියී කිව්වෙ එයාලා මේ කිසිම දෙයක් සිද්ද වෙච්ච විදිහ නොදන්න නිසා….
යාළුවොත් එක්කම ලෙක්චර්ස් වලට සහභාගි වෙලා ප්රැක්ටිකල් ටිකත් කරලා ආපහු එළියට එන්න හදද්දි වෙලාව හවස හතරට විතර ඇති….
අපි එන්න ගද්දිම වැස්සක් කඩාපාත් වුනේ මේ දවස් ටිකේම වැසිබර කාළගුණයක් තියන නිසා වෙන්නැති…..
මං ළඟ කුඩයක් තිබ්බ නිසා බෑග් එකෙන් ඒක අරන් ඉහළගෙන මං හැදුවෙ ගේට් එක ළඟට යන්න…..ඒත් ගේට් එකට ටිකක් මෙහායින් තෙමි තෙමි ඉන්න මානව දැක්කෙ මං ඒ වෙලාවෙ…
ඉතින් අපිට ගැහැණු පිරිමි බේදයක් නෑ කොහොමත්ම කැම්පස් ජීවිතේ යාළුකමට…මං ඉක්මන් අඩි තියලා මානා ළඟට ගියේ එයා තෙමි තෙමි ඉන්න නිසා….
මං එයා ළඟට ගිහින් කුඩේ එයාටත් එක්ක ඉහලනකන්ම එයා මාව දැක්කෙ නෑ…
” වරලි…!” මාව දැක්ක ගමන් මානගෙ ඇස් ගැස්සුනේ මං එයාට කුඩේ ඉහළන් ඉද්දි…
” යන්නෙ නැද්ද අද….තෙමි තෙමි ඉන්නෙ…..යං එන්න….බස් හෝල්ට් එක ගාවට මේකෙන්…” මං කුඩේ පෙන්නලා කිව්වෙ මානාගෙ හිතේ ඇත්තට මං ගැන මොනවා තිබ්බත් එයා මට හොඳ යාළුවෙක් නිසා….
මං එහෙම කිව්වත් එයා මුකුත්ම නොකියා අසරණ හිනාවකින් මුව සරසගෙන මාත් එක්ක ඉස්සරහටම එන්න වුනා….
ගේට් එකෙන් එළියට එන්කන්වත් මානා මාත් එක්ක වචනයක්වත් කතා කලේ නෑ…..
තාමත් මං චූටි අයියව විවාහ කරගත්ත නිසා මානා ඇත්තෙ හිත කරදරෙන්…..
ඒත්…ඇත්තට දැන් මට චූටි අයියා ගැන දැනෙන විදිහෙ හැඟීමක් ජිවිතේ කවමදාවත් මානා ගැන තුන් හිතකවත් දැනිලා නෑ….
මානා ඇත්තටම මට හොඳ යාළුවෙක්ම විතරයි…..
අපි ගේට් එක ගාවටම ආවට පස්සෙ මං වටපිට බැලුවෙ චූටි අයියා ඉන්නවද බලන්න…ඒත් එයා පෙන්න නෑ……
ඒත් එක්කම මාව ඇදිලා ගියේ මානාගෙ දරදඬු අත් වලට…..ඒ ඇඳිලා ගිය පාරට මගේ අතින් කුඩෙත් ගිලිහෙද්දි මං පුදුමෙන්ම බැලුවෙ මගේ උරහිස් වලින් තද කරලා මාව ග්රහණය කරන් ඉන්න මානා දිහා….
ඒ ඇස් හොඳටම රතු වෙලා…..
” මානා…! මොකද මේ…..” මං ඇහුවෙ තවමත් පුදුමෙන්….
” මට තමුසෙව ඕන අදිති……” එහෙම කියපු මානා මාව තදින් බදාගත්තෙ මං නොසිතුව විදිහට…..
මං ඒ ග්රහණයෙන් මිදෙන්න කොච්චර උත්සහ කලත් මට ඒ දරදඬු අත් වලට මැදි වෙලා ඉන්නවා ඇරෙන්න ඒවලින් ගැළවෙන්න පුළුවන් උනේ නෑ……
” කියන්න අදිති….ඔයා මට ආදරේ කලා නේද…ඔයා තුහිනව බැන්ඳෙ ඔයාගෙ කැමැත්තෙන් නෙවෙයි නේද….ඔයා ආදරේ මට නේද….” පිස්සුවෙන් වගේ මාව තවත් තදට බදාගන්න ගමන් මානා කියවන් යද්දි…මං කොච්චර දැඟලුවත් ඒ අත් ලිහිල් වුනේම නෑ….
” මානා පොඩ්ඩක් මං කියන දේ….”
” මට කියන්න ඔයා මට ආද….” මානා මගේ වචන ගානකට නොගෙනම තවත් මොනවද කියන්න හැදුවත් එක පාරට ඒ මුව ගොළු වුනේ මාව බදාගෙන ඉන්න අත් දෙක ලිහිල් වෙද්දි…..
මානාගෙ ඇස් තිබ්බෙ මං දිහාවට නෙවෙයි…මගේ පිටිපස්සට….
මානා ගැස්සිලා වගේ එකපාරට පිටිපස්ස බලන් ඉන්නෙ ඇයි කියලා බලන්නයි මං පිටිපස්ස බැලුවෙ……
මගෙ හිස උඩ අකුණක් ගැහුවා වගේ දැනුනෙ පිටිපස්සෙ දෑස් රතු කරන් අත් මිට මොළවන් අපි දිහා බලන් ඉන්න කෙනාව දැකලා…
” ච්..ච්..චූ…චූටි අයියෙ…..” මගෙ මුවින් එහෙම පිටවෙද්දි මං බලාගෙනම හිටියෙ මගේ ඉස්සරහට කේන්තියෙන් එන චූටි අයියා දිහා…..
ලේන්සු ලාබායි…..ලේන්සු ලා….බා….යි…..
ඉස්සරහට ඕන වෙයි කස්ටියට
ඔන්න ඉතින් මේ #හසී ට බනිනවා එහෙම නෙවෙයි…..මං නම් දන්නෑ ඔව්වා….
ඉතින් මට කෙනෙක්ව මතක් කරන්න තියනවා…ඉසුරි අක්කියා මගේ…..අද කරපු උදව්ව කවදාවත් අමතක වෙන්නෙ නම් නෑ….
හැබැයි ස්තූති කරන්නෙ නම් නෑ…ඔයා මගෙ අක්කනෙ…..( උදව්ව මොකද්ද කියන්න ඕනෙ නෑ නෙ අක්කි…මගේ ගොන් කම් හැමෝම දැනගන්න ඕනෙ නැහැනෙ අක්කො…නෙහ් )
ආදරෙයි මං උයාට…..
ඒ වගේම මගේ කතාව කියවන හැමෝටමත් ආදරෙයි ගොඩක්….
ගොහින් එන්නම් ඈහ්…
මතුසම්බන්ධයි….
I was studying some of your content on this internet
site and I conceive this website is very informative!
Keep posting.Raise your business