අහම්බෙන් හිමි වූ ඔයා… 26

26 කොටස

විනාඩි ගානක් යනකන්ම අපි හිටියෙ දෙන්නට දෙන්නා වැළඳගෙන….ඒ අතරතුර චූටි අයියා මගේ හිස් මුදුන සිපගන්නවා වගේ දැනුනෙ එයා ගැන මගේ හිතේ මහ ගොඩක් තව තවත් ආදරේ පිරෙද්දි….

” උණ හැදෙයි දැන් ආපහු පාරක්…….ගිහින් මේ කොණ්ඩෙ ලිහලා පිහිදාගන්න…..අද අම්මලගෙ ගෙදර යන්නත් ඕනෙ නෙ…” මාව ඒ පපුවට තුරුල් කරගෙනම මගෙ තෙත කොණ්ඩෙ පිරිමදින ගමන් චූටි අයියා කිව්වෙ මාව ඒ තුරුළෙන් ඈත් කරලා….

ඒ උණුහුමට මං ලෝබයි….ඒත් ලැජ්ජාවක් දැනුන නිසාම චූටි අයියා මං දිහා බලන් ඉද්දිම බිම බලාගෙනම මං පඩිපෙළ නැග්ගෙ අමුතුම සතුටකින් හිත පිරිලා යද්දි…..

මං මගේ තෙත කොණ්ඩෙ ලිහලා දාල එහෙමම තුවායකුයි ඇඳුමකුයි අරන් නානකාමරේට ගියේ හිතේ හැටියට නාගන්න….
කොහොමත් හොඳටම තෙමිලා නිසා නාන්නම ඕනෙ…..
මං වෙනදටත් වඩා ශවර් එක යටට වෙලා හිටියෙ හිතේ තියන සතුට නිසා….
ඒත් එක්කම මගේ ඇස් නැවතුනේ නානකාමරේ තියන ලොකු කණ්නාඩියෙන් පේන මගේම රූපෙට….
ඒත් එක්කම මොහොතකට කලින් චූටි අයියා මාව එයා ළඟට ඇඳලා අරන් මගේ දෙතොල් සිපගත්ත විදිහ මතක් වෙද්දි මගේ අත කෙලින්ම ගියේ මගෙ දෙතොල් දිහාවට….
මටත් හොරෙන් හීන් හිනා රැල්ලක් මගේ මුවේ ඇඳෙද්දි මං නාගෙන ඇඳුමක් දාගෙන තෙත කොණ්ඩෙ තුවායෙන් පිහ පිහම එළියට ආවා….

ඒ වෙනකොටත් චූටි අයියා හිටියෙ කාමරේ…. තෙත ඇඳුම් උනා දාලා තුවාය පිටින් ඇඳුම් තෝරන චූටි අයියව දැක්කාම නම් මගෙ හිතට දැනුනෙ ආපහු වතාවක් ලැජ්ජාවක්…
ඒත් ඒ රූපෙ….මගෙ හිත වසඟයට අරන් ඉවරයි කියන්න මං දන්නවා….
එයා දිහාම බලාගෙන හිටපු මං සැනින් ඒ රූපෙන් ඇස් ඉවතට ගත්තෙ එයා මං දිහා බලපු නිසා….

මං අහක බලාගෙන එතනම හිටගෙන වටපිටට ඇස් යැව්වෙ කරගන්න දෙයක් නැති වෙද්දි..මං බලාගෙන හිටි බව චූටි අයියට තේරෙන්න ඇති….

ඒත් එක්කම කවදාවත් මං දිහා නොබැලුව විදිහෙ අනුරාගී බැල්මකින් මගෙ දිහා බලාගෙන චූටි අයියා මගෙ ළඟට එද්දි…මං නොහිතම පස්සෙන් පස්සට ගියේ එයා එන්න එන්න මගෙ ළඟටම ළං වෙන නිසා…..

මං ගිහින් නැවතුනේ මං එළියට එනගමන් වහගෙන ආපු නානකාමරේ දොරේ වැදිලා….
එතනින් පස්සෙ මට පිටිපස්සට යන්න බැරුව මං ඒ මූණ දිහා බලාගෙනම හිටියෙ එයා තවත් මගෙ මූණට ළං වෙද්දි….
කොච්චර වුණත් මගෙ හිත තාමත් ගැහෙනවා…ඒ මේ දේවල් නුපුරුදු නිසා….

” සුදූ….”

” ම්ම්හ්..” මගෙ මූණටම එබිලා ඇස් වලින් හිනා වෙවී චූටි අයියා මට කතා කලාම මට ඇයි කියලා අහන්න මතක් වුනේ නෑ…..

” ඔතනින් අයින් වෙන්න මැණික….මට වොශ් දාන්න යන්න ඕනෙ…” චූටි අයියා හිනා වෙන ගමන්ම එහෙම කිව්වෙ වෙච්ච ලැජ්ජාවට මගෙ කම්මුල් දෙපැත්තෙන් රතු වෙද්දි…

එයා ආවෙ නානකාමරේට යන්න…මං මොනවද හිතුවෙ……

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

තුහින ආවෙ බාතෲම් එකට යන්න…ඔයාලා මොනවද හිතුවෙ ආහ්….😆😆😆😆😆😆🔫

පව් අනී….😂😂😂😂😂😂😂

පොඩ්ඩයි කියන්න එපා….මං අමාරුවෙන් ටයිප් කරගත්තෙ මේ ටික හරි….ආදරෙයි ඔයාලට…දිගටම රැඳෙන්න…තුහිනයි අදිතියී එක්ක…..

ගිහින් එන්නම්…….

මතුසම්බන්ධයි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *