අහම්බෙන් හිමි වූ ඔයා…27
27 කොටස
මට දැනුනෙ මාව රතු වෙලා ලැජ්ජාවට පිපිරිලා යන්න එනවා වගේ….
එයා ආවෙ නානකාමරේට යන්න වුණත් මං ටික වෙලාවකට කලින් හිතුවෙ වෙනමම දෙයක්….
එයාටත් මං හිතපු විදිහ තේරිලාද කොහෙද මගෙ දිහා බලාගෙන යටි තොල හපාගෙන හිනා වෙනවා….
” සුදූ නෙවෙයි උඹට රතූ කියලා දාන්න තිබ්බෙ……පොඩි දේටත් ඔහොම රතු වෙනවා….” මගෙ දිහා තොලත් විකාගෙන හිනා වෙවී බලන් හිටපු චූටි අයියා එහෙම කිව්වෙ මං ලැජ්ජාවෙන් බේරි බේරි ඉද්දි මගේ කම්මුල් දෙක මිරිකලා…
ඒත් එක්කම මගේ නහයත් මිරිකලා පහත් වෙලා එයා මගේ කම්මුලක් ඉම්බගෙනම නානකාමරේට ගියේ මාව ගැස්සිලා යද්දි….
ඒත් එක්කම මට හිනා ගියේ චූටි අයියගෙ මේ දඟකාර වැඩ වලට…
මගේ හිත ඔයා හොරකම් කරලා දැන්….මං හිතින් කිව්වෙ චූටි අයියව මතක් කරගන්න ගමන්….
චූටි අයියා ඇඳ උඩ දාලා තිබ්බෙ එයා අපේ ගෙදර ඇඳන් යන්න එළියට ගත්ත ඇඳුම් දෙක වෙන්න ඕනෙ…..තද අළු පාටට හුරු ශෝර්ට් එකකුයි දමුයි කළුයි ඉරි ගියපු වී ශේප් එකට කර තියන ටී ශර්ට් එකකුයි….
එයා අඳින පළඳින විඳිහටත් මං මුල් කාලෙ ඉඳන් ආස කලේ සරල විදිහට එයා අඳින පළඳින කෙනෙක් නිසා…
ඒ ඇඳුම් දෙක පොඩි වෙලා නැති නිසා මං අයන් නොකරම එහෙම්ම තියෙන්න දීලා කබඩ් එක ඇරලා ගත්තෙ අත් හීනි ලා දම් පාට ගවුමක්…
අනේ මන්දා….ඒ ඇඳුමම මට අද අඳින්න ඕනෙ කියලා හිතුනෙ චූටි අයියගෙ ටී ශර්ට් එක දැක්කට පස්සෙ…..
මං ඒ ගවුමත් ඇඳගෙන මගෙ කොණ්ඩෙත් කඩලා දාලා උඩට කරලා පුංචි කටුවක් ගැහුවෙ තාමත් කොණ්ඩෙ තෙත නිසා….
නාපු නිසා මගේ කොණ්ඩෙ යට හරිය තව ටිකක් කැරලි ගැහිලා….
මං කොණ්ඩෙ පීරලා අතේ වොච් එක බඳිද්දි තමයි චූටි අයියා නාගෙන එළියට ආවෙ…
ඒ වතුර බේරෙන ගානට වැඩිලා තියන ශරීරය ගොඩක් කඩවසම් කියලයි මට හිතුනෙ….
මං ලෑස්ති වෙලා කාමරෙන් ආවෙ චූටි අයියට ඇඳගන්න….
මං කොහොමද එතන ඉන්නෙ එහෙම…
ටික වෙලාවක් ගියාට පස්සෙ චූටි අයියා ආවෙ ඇඳ උඩ තිබ්බ ශෝර්ට් එකයි ටී ශර්ට් එකයි ඇඳගෙන කොණ්ඩෙත් හද හද….
” යං…” එහෙම කියලා ස්ටූල් එක උඩ තියලා තිබ්බ යතුරත් අතට අරගෙන එළියට එද්දි මං ගෙදර යතුරත් අරන් එළියට බැස්සෙ අපි දෙන්නා ඇරෙන්න මේ ගෙදර වෙන කවුරුත් නැති නිසා….
අපි ඒ කරලා එළියට ඇවිත් මං දොර වහනකන් චූටි අයියා මගෙ ළඟට වෙලා මං දිහා බලන් හිටියෙ හිනා වීගෙන….
මාත් වාහනේට නැග්ගට පස්සෙ චූටි අයියා වාහනේ ගේට්ටුවෙන් එළියට දැම්මෙ වෙලාව හවස හය විතර වෙද්දි…
වැස්ස පායල තිබුණත් වැහි අඳුර නිසා වටපිටාව හරි අඳුරුයි…
ටික දුරක් යනකන්ම එයාවත් මංවත් කතා කලේ නෑ…..මාත් ජනේලෙන් පිටත බලාගෙනම එන්න ආවෙ නිශ්ශබ්දවම…
” සුදූ කොයි කාලෙ ඉඳන්ද කොණ්ඩෙ වැව්වෙ….” මං එක පාරට චූටි අයියා දිහා බැලුවෙ එයා කතා කරපු සද්දෙට….
” චූටි කාලෙ ඉඳන්ම අයියෙ….” මං කිව්වෙ ලාවට හිනා වෙලා….
ඇත්තටම මං චූටි කාලෙ ඉඳන්ම කොණ්ඩෙ වැව්ව නිසයි මෙච්චර මගේ කොණ්ඩෙ දික් වෙලා තියෙන්නෙ දැන්….
” කැපුවෙම නැද්ද ඉතින් කොණ්ඩෙ….” චූටි අයියා ඇහුවෙ වතාවක් මං දිහා බලලා ආපහු ඉස්සරහා බලන ගමන්…
” කපලා තියනවා….අගිස්සෙන් කැපුවම තව දික් වෙනවලු….ඒ නිසා මං සැරින් සැරෙ කොණ්ඩෙ අඩු කරනවා….” මං කිව්වෙ වෙනදට තියන ලැජ්ජාව මට අමතක වෙලා වගේ…..
පස්සෙ තමයි මට මතක් වුනේ මං මේ හරි හරියට චූටි අයියා එක්ක කතා කරනවා නේද කියලා…
මං කවදාවත් නැතුව එක දිගට කියවගෙන ගිය නිසාද කොහෙද චූටි අයියටත් හිනා…
” ඒ වුනාට ගොඩක් කපන්න එපා….මං ආසයි ඔය කොණ්ඩෙට….” චූටි අයියා කිව්වෙ ඇස් වලින් හිනා වෙන ගමන්…
මගෙ හිත කොච්චර සතුටු වුනාද කියනවා නම් මං තප්පර ගානක්ම එක දිගට බලාගෙන හිටියෙ ඒ හිනා වෙන ඇස් දිහා….
ඒත් එක්කම චූටි අයියා වාහනේ නතර කරේ කාර්ගීල්ස් ෆුඩ්සිටි එකක් ළඟ….
පාර්කින් එකෙන් කාර් එකත් පාර්ක් කරලා චූටි අයියා මට ඔලුවෙන් සන් කලේ බහින්න කියලා…
මාත් එයාට අවනත වෙලා ඉක්මනට වාහනෙන් බැස්සෙ චූටි අයියා එහා පැත්තෙ ඉදන් මගේ පැත්තට අඩියට දෙකට එද්දි….
මං බලන් හිටියෙ මගේ දිහාට එන එයා දිහා…
ඒත් එක්කම මගේ දකුණු පැත්තට වෙන්න මගෙ දිහාට හැරිලා හිටගත්ත චූටි අයියා එයාගෙ අත මගෙ පැත්තට දික් කලේ ඔලුවෙන් මට අත දෙන්න කියලා සන් කරන ගමන්…
මං ලැජ්ජාවෙන් වුණත් දෙපාරක් නොහිතා ඒ අත අල්ලගත්තම චූටි අයියා හිනා වීගෙනම මාව එයා ළඟට ඇදලා අරන් මගෙ කරට අත දාගෙන යමුයි කියලා කිව්වා…
මගෙ කරට අත දාගෙන එයා මාත් එක්කම ෆුඩ් සිටි එක ඇතුළට ගියේ අපිත් අනිත් පෙම්වතුන් වගේ කියලා මට දැනෙද්දි….
අපිට විවාහයට කලින් මේ වගේ ඉන්න ලැබුනෙ නැති වෙන්න පුළුවන්…ඒත් මේ චූටි අයියා මං වෙනුවෙන් කරන පොඩි දේත් මට මහ මෙරක් වගේ දැනෙනවා….
” ගුඩ් ඊවිනින් සර්…” චූටි අයියව දැකලා ෆුඩ් සිටි එකේ දොර ළඟ හිටපු කෙනා චූටි අයියට හිනා වෙලා කිව්වෙ අපිට ඇතුළට යන්න දොර ඇරලා දෙන ගමන්…
” ගුඩ් ඊවිනින්…” චූටි අයියත් කිසිම ආඩම්බරයක් නැතුවම ඒ මනුස්සයට එහෙම කිව්වෙ හිනා වෙලා….
මට දැනුනෙ චූටි අයියා ගැන පුදුම තරමෙ ගෞරවයක්…එයා කොච්චර ජනප්රියත්වයක් ඉසිලුවත් චූටි අයියා නිහතමානී කියලා මං තේරුම් ගත්තෙ එයාගෙ මේ හොඳ හැසිරීම් වලින්….
මාව පොඩ්ඩක්වත් එයාගෙ ලඟින් මෑත් නොකරම එයා අපේ ගෙදරට ගෙනියන්න ගොඩක් බඩු ගත්තා…..
මං එපා කිව්වත් එයා මගෙ වචන ගානක් ගන්නෙ නැතුවම ඒ බඩු ටිකත් අරන් කැෂියර් එකට ගියේ මට කරගන්න දෙයක් නැති වෙද්දි…හැමෝම අපි දිහා බැලන්නෙ චූටි අයියාව ඒ හැමෝම දන්න නිසා වෙන්න ඕනෙ….
මගෙ කර වට කරලා දාගෙන හිටපු අත චූටි අයියා පහළට අරන් මගෙ ඉන වටේට දැම්මෙ මං දිහත් බලලා කැෂියර් එකේ අය බඩු ටික බෑග් වලට දාද්දි….
” මෙච්චර ගෙනියන්න ඕන නෑ…” මං බිම බලාගෙනම වුණත් කිව්වෙ බිල් එක පේ කරලා ආයෙත් බඩු ටික අරන් එද්දි….
” ඔයාගෙ ගෙදර කියන්නෙ මගේ ගෙදර නෙවෙයි ද…..” චූටි අයියා එහෙම කිව්වෙ වටපිටාව ගැනවත් කිසිම ගානක් නැතුව දකුණු පැත්තට වෙන්න මගෙ නළල ඉඹලා….
මං ඒත් එක්කම බැලුවෙ වටපිට….කවුරුහරි අපි දිහා බලන් ඉන්නවද කියලා මං ඇස් යවලා බැලුවෙ චූටි අයියා හිනා වෙවී මං දිහා බලන් ඉද්දි…..
” පුදුම ලැජ්ජාවක් තමා මේක නම්…..” චූටි අයියා හිනා වෙවීම මාව තව ටිකක් එයා ළඟට ඇඳලා ගන්න ගමන් එහෙම කියලා මාත් එක්කම වාහනේ ළඟට ආවා….
ඒත් එක්කම මං දැක්කෙ චූටි අයියගෙ වයසෙම විතර කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා අපේ පැත්තට එන ශාරාන්යාව…
මං ඉක්මනට චූටි අයියා දිහා බැලුවෙ ඒ එක්කමයි…මං වගේම චූටි අයියත් ඒ වෙද්දි ශාරාන්යාව දැකලා ඉවරයි….
කමෙන්ට් වලට රිප්ලයි කරන්න විදිහක් නෑ……සමාවෙන්න….
මතුසම්බන්ධයි….