අහම්බෙන් හිමි වූ ඔයා… 31
31 කොටස
චූටි අයියා එහෙම ඇහුවෙ නළල හකුළල ඇහි බැම රැළි කරලා…ඒ අහපු විදිහට මගේ මුවේ එක පාරට හිනාවක් ඇඳුනෙ ඒ දඟකාරකම් වලට….
ඒත් එක්කම මං ඔලුව දෙපැත්තට කලේ නැහැ කියන්න…..
ඒ මුවේ ඇඳුනෙ ලස්සන හිනාවක්….කට කනේ….
” මට නම් ඉඳලා තියනවා…..” චූටි අයියා එහෙම කිව්වෙ මාව අවුස්සන්න වගේ වුණත් මට දුක හිතුනෙ ඒ වචන වලට…..
මගේ මූණ කළු වෙලා යනවා එයත් දකින්නැති අනිවාරෙන්….මං කලේ එයාගෙන් මූණ හංඟගන්න අහක බලාගත්ත එක…
” හිහ්හ්හ්……මෝඩි..” චූටි අයියා හිනාවීගෙන එහෙම කියලා මගේ මූණ ආයෙත් එයාගෙ පැත්තට හරවගත්තත් මං ආයෙම වතාවක් අහක බලාගත්තෙ ඇත්තටම මට දුක නිසා….
ආදරේදී මෙහෙම වෙන්නැති…..චූටි අයියා දැන් අයිති මට වුණත් කලින් වෙන කෙනෙක්ගෙ වෙලා හිටියා කිව්වම දුකයි මට….බොළඳ ඇති මං….ඒත්…..චූටි අයියා මගේම විතරයි කියන දේ මගේ හිතේ තදින්ම ලියවිලා….ඒ නිසා දුකයි….
” මෝඩි….” මං බලන්නෙ නැතිම තැන චූටි අයියා දඩිබිඩි ගාලා මගේ උකුළෙන් නැගිටලා සෝෆා එකේ හරිබරි ගැහිලා ඉඳගෙන මගේ මූණ එයාගෙ මූණට හරවගෙන මගේ මූණට ළං වුනේ මට ඒ ඇස් දිහා කෙලින් බැලෙද්දි…
” හිටියා මට….ශාරාන්‍යා…..ඒත් ඒ මට ගෙදරින් ප්‍රපෝස් කරපු කෙනා….කවමදාවත් එයා ගැන ආදරයක් ඇති වෙලා නෑ මට…..තේරුණාද ම්ම්ම්….මං ආදරේ කරපු එකම කෙල්ල ඔයා….දැනටත්……ඉස්සරහටත්……”
චූටි අයියා මගේ මූණ දෝතටම අරන් මගේ මූණට එබිලා එහෙම කිව්වම නිකන්ම මට හිනා ගියේ සතුටු හිතිලා…..
මගේ හිතටත් ඕන වුනේ ඒ වචන ටික ඒ මුවෙන් අහන්න……ඒ නිසා මට දැනුනෙ අහිංසක සතුටක්…..
” අම්මෝහ්…හිතුව තරම් අහිංසක නෑ මේ කෙල්ල….පුදුම ඉරිසියාවක් නෙ තියෙන්නෙ….” චූටි අයියා විහිලුවට එහෙම කියාගෙන ආපහු පාරක් මගේ උකුළෙන් හිස තියාගත්තා….
නෑ….මං අහිංසක ඇති….ඒත්….චූටි අයියා වෙනුවෙන් මට ඉරිසියයි….ලෝබයි……වෙන කාව කාත් එක්ක බෙදාගත්තත් චූටි අයියව කාටවත් නොදෙන තරමට මං දැන් එයාට පණ ඇරලා ආදරේ කරනවා……
චූටි අයියට ටික වෙලාවකින් මගේ උකුළෙම නින්දගියා…මං ඔලුව අතගාපු නිසා වෙන්නැති හොඳට නිදි..කම්මැලියා……
මං බලාගෙනම හිටියෙ ඒ පියවිලා තියන ඇස් දිහා….ඒ ඝණ ඇහිබැම….ඇත්තටම ලස්සනයි……මං චූටි අයියට නොදැනෙන්න ඒ ඇහි බැමක් මත ඇඟිල්ලක් ගෙන ගියේ පුංචි දරුවෙක් වගේ ආසාවෙන්….
ඒ කරලා මං ඒ මූණට බර වෙලා නළලට හාදුවක් දුන්නෙ මගේ ආදරේ හංඟන් ඉන්න බැරිම තැන….ඒත් සෙලවීමක්වත් නැතුව චූටි අයියා හිටපු විදිහටම හිටියෙ හොඳටම නින්ද ගිහින් නිසා වෙන්නැති…..
” චූටි අයියේ…” ටික වෙලාවකින් මං චූටි අයියගෙ උරහිසට තට්ටු කරලා හිමින් කතා කරලා එයාව ඇහැරුවෙ උයන්න තියන නිසා….ඇහැරවන්න ලෝබ හිතුනත්….බඩගින්නෙ තියන්නෙ කොහොමද එයාව මං…..
ඒත් එක්කම චූටි අයියා ඒ හිටපු ඉරියව්වෙන්ම ඉඳගෙන ඇස් දෙක ඇරලා මං දිහා බලද්දි මං පුදුම වුනා….
නිදාගෙන නැගිටින කෙනෙක් සාමාන්‍යයෙන් ඒ විදිහටම නැගිටින්නෙ නෑ…..
ඒ ඇස් වල නින්ද ගිහින් හිටපු බවක් පේන්නෙවත් නෑ….
” හොර කෙල්ල…” ඒත් එක්කම චූටි අයියා හිනා වීගෙනම මගේ නහය මිරිකුවෙ මං ලැජ්ජාවෙන් රතු වෙලා යද්දි….
මං චූටි අයියව සිපගද්දිත් චූටි අයියා ඇහැරිලා ඉඳලා තියෙන්නෙ කියන්න වෙන මුකුත් සාක්ෂි ඕනෙ නැහැ…
එයාගෙ ඒ වචන දෙකම ඇති…..චූටි අයියා තාමත් මං දිහා බලාගෙන උකුළ උඩ ඔලුව තියන් හිනා වෙනවා…
“ම්..ම් මට උයන්න තියනවා…..” මං ලැජ්ජාව වහගන්න එයාගෙන් බේරිලා යන්න හැදුවත් චූටි අයියා තාමත් මට හිනා වෙනවා….
” හිහ්හ්හ්….හා හා උයන්න….මොනවද උයන්නෙ දැන්….” චූටි අයියා ඇහුවෙ හිනාව නවත්තගෙන මගේ උකුලෙන් නැගිටින ගමන්…..
” ම්ම්ම්හ්….ඉඳියාප්ප හදමු….” මං කල්පනා කරලා එහෙම කිව්වෙ චූටි අයියා ඉඳියාප්ප කන්න ආස නිසාමයි…..චූටි අයියටත් හිනා….හැමදේටම හිනා වෙනවා….
මං ඉඳියාප්ප හඳලා කිරිහොද්දකියි පොල් සම්බෝලෙකුයි හැදුවෙ චූටි අයියත් ළඟ ඉඳන් උදව් කරද්දි…හැබැයි එයා උදව් කරනවට වඩා කලේ සැරින් සැරේ ඇවිත් මට උයන්න නොදී මාව තදින් වැළඳගෙන ඉන්න එකයි…ආයෙ ටික වෙලාවකින් මාව ඇඳලා අරන් සිපගන්න එකයි….
යුද්දයක් දින්නා වගේ උයලා ඉවර වෙද්දි…ඒ තරමට චූටි අයියා මං ළඟ ඉඳන් අනං මනං කරනවා…..
ඒත් මේ හැමදේකටම මගේ හිත ආස කලේ මේ එයාගෙ ආදරේ නිසා….
චූටි අයියගෙ මේ වැඩ වලට එයා ගැන මහගොඩක් මගෙ හිතේ ආදරේ පිරිලා….
” සුදූ අද ටියානාගෙ බර්ත්ඩේ එක….අද යන්න ඕනෙ එහේ…..දහ අටක් දැන් කෙල්ලට….” චූටි අයියා කන අතරතුර එහෙම කිව්වෙ මං නිශ්ශබ්දවම මුකුත් නොකියා ඉද්දි….
කටින් නොකිව්වත් ටියානා මාත් එක්ක හිත හොඳින් නෙවෙයි ඉන්නෙ කියලා මං දන්නවා…..ඒක චූටි අයියට නොතේරුණ එක පුදුමයක්….ඒත් මට මේ දේවල් කියලා ඒ නෑදෑකම් සහෝදරකම් බිඳලා දාන්න ඕන වෙන්නෙ නෑ….මං පැත්තකට වෙලා කිසිම දෙයක් නොකිය හිටියම ඉවරයි…..
පාර්ටි එකට යන්න මගේ හිතේ ආසාවක්වත් කැමැත්තක්වත් නොතිබුණත් මං ඔලුව වනලා ආපහු සද්ද නැතුවම කන්න ගත්තෙ චූටි අයියා මේ දේවල් දැනගන්න ඕන නැති නිසාමයි….
දවල් වුනේ හරි ඉක්මනට…..චූටි අයියටත් හදිස්සියේම කෝල් එකක් ඇවිත් එයා වැඩකට කියලා ගියේ මට දොර වහගෙන ඉන්න කියලා දහපාරකට වැඩියෙන් කියලා….
මං මේ ගෙදර තනියෙන් වුණත් මේ වගේ විශාල ගේකට කවුරු එන්නද….
ඒත් චූටි අයියගෙ හිතේ මාව තනියෙන් දාලා යන එක ගැන පසුතැවීමක් තියනවා කියන එක ඒ මූණෙන් පෙනුනා..
යන්න කලින් මගේ හිස තප්පර ගානක් සිඹගෙන ඉඳලා චූටි අයියා ගියේ හවසට මට බාප්පලගෙ ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්න කියලා….
හවස් වෙද්දි මං චූටි අත් තියන තද රෝස පාට සිල්වර් කලර් එකෙන් වර්ක් එක ගිය ලස්සන ගවුමකුයි ඒකටම හරියන්න සෙරෙප්පු දෙකකුයි දාලා කොණ්ඩෙත් පිට මැද්දට කඩා දාලා පොඩි කටුවක් ගහලා ලෑස්ති වෙලා හිටියෙ චූටි අයියා එනකන්…….
හයත් පහු වුනා…චූටි අයියා තාමත් නෑ…..හිතට දැනුනෙ ලොකු පාළුවක්….ලෑන්ඩ් ලයින් එකෙන් කෝල් එකක් අරන් බලන්න හිතුණත් එයාට ඒක කරදරයක් වෙයි කියලා මට හිතුනා…ඒ නිසා මං සෝෆා එකේ ඉඳගෙනම මඟබලන් හිටියෙ එයා එනකන්…..
මේ හිතට පැය ගානකට එයා නැතුව මෙහෙම දැනෙනවා නම් මං චූටි අයියා මට නැති වුණොත් කොහොම ඉන්නද…මං සෝෆා එකට ඔලුව තියාගෙනම කල්පනා කලේ ඒ දේ….
ටික වෙලාවකින් චූටි අයියගෙ වාහනේ වත්තට දාන සද්දෙට මං දුවගෙන ගියේ මිදුලට…..
ඔව්….එයාගෙ වාහනේ……කළු වීදුරු නිසා මුකුත්ම නොපෙනුණත් මං බලාගෙනම හිටියෙ ඒ රුව වාහනෙන් බැහැලා මගේ ඉස්සරහට එනකන්…..
චූටි අයියා වාහනෙන් බැස්සෙත් මගෙ දිහා බලාගෙනම……මං දුවගෙන එළියට ආපු නිසා වෙන්නැති ඒ මූණෙ තිබ්බෙ ප්‍රශ්නාර්ථයක්….
හිතට දරාගන්න බැරි වෙද්දි මං දුවගෙනම ගිහින් චූටි අයියගෙ පපුවට තුරුල් වුනේ ඇස් තදට පියාගන්න ගමන්…..ඔව්……මගෙන් ඈත් වුණොත් මගෙ අයියා…..මගේ ජීවිතෙන් වැඩක් නැති වෙයි…..මට එයා ඇස් මානෙ නැති වෙච්ච පැය ගානට හිතුණ දේ ඇත්ත….
මං මෙච්චර චූටි අයියට ආදරේ කරනවා කියලා මංවත් දැනන් හිටියෙ නෑ….
” සුදූ….මොකද මැණික මේ…..” චූටි අයියත් මාව තදට එක් අතකින් බදාගන්න ගමන් අනිත් අතින් මගේ ඔලුව අතගෑවෙ එහෙම අහලා…..
” ම..ම්..මට ඔයා ඕනෙ…..” කියන්නෙ මොනවද කියලවත් මාට වැටහීමක් තිබ්බෙ නෑ…..
එයා නැතිව මේ පොඩි වෙලාවට මට දැනුණ පාළුව එයා ඉස්සරහා වචන කරගන්න පුළුවන් වුනේ නෑ….
ඒ වෙනුවට මට කියවුනේ එයාව ඕන කියන ටික විතරයි…..
” ඉතින් මං ඔයාගෙ නෙවෙයිද….ම්ම්ම්…” චූටි අයියා මගෙන් ඇහුවෙ මාව ඒ පපුවෙන් මෑත් කරලා…..මගේ මූණට එබිලා….
ඔව්…චූටි අයියා මගේ තමයි….ඒත් මගේ හිතට කියාගන්න බැරි මහා අමුතු බයක් දැනුනෙ මේ එයා නැති පැය කීපයට…..
මං බොළඳ වැඩී කියල මටම හිතුණත්…..නෑ…..මගේ හිතේ තිබ්බ බය පොඩ්ඩක්වත් නැති වුනේ නෑ…….
” කෝ මැණික…අපි යන් ඇතුළට….” චූටි අයියා එහෙම කියන් මාව වත්තම් කරන් එක්කන් ගියේ ගේ ඇතුළට…..
ඔන්න 31 දැම්මා…ඊයෙ බලන් හිටියා නේද කස්ටිය….සමාවෙන්න….මට අද උදේ එක්සෑම් එකක් තිබ්බා…ඒකට පාඩම් කර කර හිටියෙ….කතාව පාඩම් කරලා තමා ලියන්න හිටියෙ…..වැඩේ කියන්නෙ එහෙම ලියාගන්න බැරි වුනා…..
ඉතින් ආපහු වතාවක් සමාවෙන්න…..
ගොඩක් දෙනෙක් කතාව අහලා එවලා තිබ්බා…හැමෝටම රිප්ලයි කරන්න වුනේ නෑ…පුලුවන් විදිහට කට්ටියට මං හේතුව කිව්වා……ඒ අහපු හැමෝටම ස්තූතියි….
මතුසම්බන්ධයි…
Lassanayi🥰🥰🥰