අහම්බෙන් හිමි වූ ඔයා… 36
36 කොටස
මං ටිකෙන් ටික ඇස් ඇරියෙ අපහසුවක් ගතට දැනෙද්දි…
ඇස් ඇරියත් මට කිසිම දෙයක් පෙනුනෙ නෑ…අන්ධකාරයම විතරයි…..
දෙයියනේ මට මොකද්ද වුනේ…මං මේ කොහෙද ඉන්නෙ….හිතට දැනුනෙ කියාගන්න බැරි තරමෙ බයක්….
එත් එක්කම මගේ ගත කෙලින් කරගෙන මං හිටගන්න උත්සහ කරත් මගේ කකුළ් දෙකයි අත් දෙකයි ලණු වලින් මට හොළවන්නවත් බැරි විදිහට ගැටගහලා…..අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි ඒ නිසා ගෙන ආවේ වේදනාවක්….
කවුද මට මේ විදිහට කරන්නෙ දෙයියනේ…..මං මොන වරදක් කරාටද….
මං පුළුවන් තරම් දඟලලා මගේ අත් දෙක පිටිපස්සට කරලා බැඳලා තියන ලණු ලිහාගන්න උත්සහ කරත් ඒ උත්සහයෙන් වුනේ මට වේදනාවක් ගෙන දුන්න එක විතරයි….මගේ ඇස් වලින් නිමක් නැතුව බයට කඳුළු ගලද්දි මට මතක් වුනේ මගේ චූටි අයියව……
අනේ මගේ චූටි අයියා මාව හොයනවා ඇති….ඇයි දෙයියනේ මාව මෙහෙම හිරකරන් ඉන්නෙ…..කවුද මෙහෙම කරන්නෙ…
කිසිම දෙයක් දන්නෙ නැතුව මට පුළුවන් වුනේ දුකටයි වේදනාවටයි අඬන්න විතරයි…..
මං පැය ගානක් කිසිම දෙයක් කරගන්න බැරිව අඬ අඬ කෑගහන්න ඇති….වෙලාව කීයද…දවස කවද්ද….කියලවත් මම දන්නෙ නෑ…..මේ කාමරේ අන්ධකාරයම විතරයි…….විඩාවටත් වේදනාවටත් මගේ මුළු ගතම රිදුම් දෙද්දි මගේ ඇස් පියවුනේ අඬලා අඬලා හෙම්බත් වෙලා…..
” නෝනා…නෝනා….” මං යාන්තමට ඇස් ඇරියෙ කවුරුහරි මගේ කම්මුල් වලට තට්ටු කරනවා වගේ දැනිච්ච නිසා….
අපේ අම්මගෙ වයසෙ විතර ගෑණු කෙනෙක්…..කවුද මේ……ඇයි මෙයාලා මට මෙහෙම කරන්නෙ…..
” ක්..ක්..ක.කවුද….කවුද ඔයාලා….ඇයි මට මෙහෙම කරන්නෙ….මං මේ කොහෙද ඉන්නෙ….ඇයි මාව හිරකරන් ඉන්නෙ…..” මං හොඳටම බයේ අඬ අඬ අහන්න ගද්දි ඒ ගෑණු කෙනා මං අහන කිසිම දෙයක් ගානකට නොගෙන ඒ ගෑණු කෙනාගෙ අතේ තිබ්බ බත් පිගාන අරගෙන මට කවන්න ගත්තා….
” ම්..ම්..මට එපා….මට යන්න දෙන්න….ඇයි මෙහෙම කරන්නෙ….කොහෙද මං මේ ඉන්නෙ……කවුද ඔයාලා…..” මට මේ වෙලාව වුවමනා වුනේ මගේ චූටි අයියා ළඟට යන්නම විතරයි….
” මට ඒවා නෝනට කියන්න අයිතියක් නෑ නෝනා….මට තියන රාජකාරිය නෝනට කන බොන ටික දෙන්න විතරයි….ඊට එහා කිසිම දෙයක් මට කියන්න විදිහක් නෑ….නෝනා කරුණාකරලා මේක කන්න….ලොකු මහත්තයා ආවහම නැත්තන් විසුමක් වෙන්න ලැබෙන්නෙ නෑ…..” එහෙම කියලා ඒ ගෑණු කෙනා ආයෙත් බත් කටක් අනලා මගේ කට ළඟට ළං කලත් මං ඉකි ගගහම ඒ බත් කට ප්‍රතික්ශේප කලේ මට කරකියාගන්න දෙයක් නැතිව හිතින් මහ ගොඩක් අසරණ වෙද්දි…මං නොකනම තැන ඒ ගෑණු කෙනා මට වතුර වීදුරුව ළං කලත් මං ඒ වතුර පොදක්වත් නොබිව්වෙ මට මේ වගේ තැනකින් වතුර පොදක්වත් ඕන නැති නිසා…ඒ වෙනුවට මගේ හිතේ ඇති වුණ එකම ප්‍රශ්නෙ කවුද මේ ලොකු මහත්තයා කියන එක…..
මං නොකනම තැන වෙන්නැති ඒ ගෑණු කෙනා බත් පිඟානයි වතුර වීදුරුවයි අරන් නැගිටලා යන්න ගියා….
මං කලේ තව තව කෑගගහා අඬපු නිසා….
ඊයෙ මුළු අන්ධකාරයෙන්ම මේ තැන පිරිලා තිබ්බට අද පුංචි කවුලුවකින් ලාවට හිරු එළිය වැටිලා මං ඉන්න කාමරේට…
ඒ හිරු එළියෙන් මං දැක්කෙ මේක පරණ ගබඩා කාමරයක් කියලා….
දැන් හිරු එළිය වැටෙනවා කියන්නෙ මං ඇහැරෙද්දි ඊයෙ රෑ වෙන්න ඕනෙ….ඒ කියන්නෙ මාව මෙහෙට එක්කන් ඇවිත් දවසක් ගිහින්…දෙයියනේ දැන් චූටි අයියා ඇවිත් ඇති…මාව හොයන්නෙ නැද්ද පණ ඔයා…..මාව හොයාගෙන එන්න දෙයියනේ….මං හිතින් එහෙම ඇයැද්දෙ මේ වෙලාවෙ මට කරන්න පුළුවන් එකම දේ ඒක නිසා….
තවත් පැය ගානක් මගේ කඳුළු වලින්ම ගෙවෙන්න ඇති….එන්න එන්න ආයෙත් අඳුරු වෙනවා මුළු ගබඩාවම….ඒ කියන්නෙ දැන් ආපහු රෑ වෙනවා….
ඇඟට කෑමක් නැතුව වතුර පොදක් නැතුව මං තාමත් මේ කාමරේ ඇතුළෙ හිර කරලා…
අර ගෑණු කෙනා සැරින් සැරේ ඇවිත් මට වතුර පොවන්න කවන්න හැදුවත් මං හිතුවක්කාර උනේ මගේ හිතේ මේ මිනිස්සු ගැන ඇති වෙච්ච තරහට….දෙයියනේ මං මොන වරදක් කරාටද….ඇයි මේ කියන ලොකු මහත්තයා මාව මෙහෙම පැහැරගත්තෙ….
මට තවත් හයියෙන් ඇඬුනා….
” කෝ අරකි….”
” ඇතුළෙ ඉන්නවා ලොකු මහත්තයා…”
අඬලා අඬලා හෙම්බත් වෙලා මං ඇස් ඇරගන්න බැරුව අඬ සිහියෙන් වගේ ඉද්දි මට යාන්තමට ඇහුනෙ එළියෙන් අර ගෑණු කෙනාගෙ කටහඬයි…තව රෞද්‍ර පිරිමි කටහඬකුයි….ඒ හඬ හොඳට මගේ කන් වලට පුරුදුයි….
ඒත් එක්කම මං ඉන්න ගබඩාවෙ දොර ඇරන් කවුරුහරි මං ළඟට කිට්ටු වෙනවා කියලා මට දැනුනා….
ඒත් එක්කම මගේ මූණට වැදුනෙ වතුර පාරක්….ඒ වතුර පාරත් එක්ක මගේ ඇස් වල බර ගතිය ටිකක් නැති වෙලා කඳුළු සේදිලා ගිහින් මං ඇස් ඇරියා….හිතට මහා ලොකු බයක් දැනෙද්දි මං පුදුමෙන් බලන් හිටියෙ මං ඉස්සරහා ඉන්න පුද්ගලයා දිහා…
ඒ වෙන කවුරුත් නෙවෙයි…මගේ බාප්පා…ටියානගෙ තාත්තා…. එතකොට…..බාප්පද දෙයියනේ මාව….
මං කඳුළු අතරින් බයටම බලන් හිටියෙ ඒ මූණ දිහා…ඒ රෞද්‍ර ඇසුත් තිබ්බෙ මං දිහාවට….
” බ්..බ්..බාප්පෙ….” මං බාප්පට කතා කලත් බාප්පා ඒ උකුස්සෙක්ගෙ වගේ ඇස් වලින් දරුණු විදිහට මගේ දිහා බලන් හිටියා මිසක් මං ගැන කිසින අනුකම්පාවක් ඒ ඇස් වල නෑ….
” කමලා මේකිට කන්න දුන්නෙ නැද්ද…” බාප්පගෙ එහා පැත්තෙන් හිටපු ගෑණු කෙනා දිහා බලලා බාප්පා ඇහුවෙ මගේ කඳුළු ගානකටවත් නොගෙන…..
” දුන්නා මහත්තයො මං….ඒත් කෑවෙ නෑ නොවෑ…” වයසය ගෑණු කෙනා එහෙම කිව්වාම බාප්පා මං දිහා පුදුම තරමෙ කේන්තියකින් බලලා අතින් අර ගෑණු කෙනාට කිව්වෙ යන්න කියලා…
කියන පරක්කුවෙන් ඒ ගෑණු කෙනා ගබඩාවෙ දොරත් ඇරන් යන්න ගියාම බාප්පා බිත්තියට ගුළි වෙලා අඬ අඬ හිටපු මං ළඟට ඇවිත් මගේ කොණ්ඩෙන් අල්ලලා ඔලුව ඇදලා ගත්තෙ මට තවත් බයට වේදනාවත් එක්කම හයියෙන් ඉකිගහලා ඇඬෙද්දි…
” ඇයි බාප්පෙ මට මෙහෙම කරන්නෙ…” මං අඬ අඬ වුණත් ඒ අත මගේ කොණ්ඩෙන් ලිහිල් කරන්න දඟලන ගමන් ඇහුවෙ මොනවා වුණත් මාත් එයාගෙ දුවෙක් නිසා….
ඒත් ඒ හිතේ කිසිම තෙතමනයක් නෑ….
” උඹට මෙහෙම කරන්නෙ…..උඹට මෙහෙම කරන්නෙ ඇයි කියලද අහන්නෙ….ඒ උඹ නිසා මගේ ප්ලෑන් සේරම විනාස වුණ නිසා….” බාප්පා යක්ෂයෙක් වගේ කෑගහගෙන මගේ ඇඟට කඩන් පැන්නෙ කොණ්ඩෙන් තව ටිකක් ඇඳලා මගේ හිස උඩට අදින ගමන්…..
” මං මොනවද දෙයියනේ කලේ…..” මං කෑගහලා අඬ අඬ අහද්දි බාප්පා කුරිරු විදිහට හයියෙන් හිනා වුනා…..
” උඹ තමා සේරම කලේ……මං හිටියෙ ටියානව තුහිනට කසාද බන්දවන්න…ඒත් උඹ මැද්දට පැනලා සේරම අවුල් කලා….උඹ මොනවද හිතුවෙ…..උඹ හිතුවෙ තුහින බඳින්න හිටපු මනමාලි පැනලා ගියපු නිසා උඹව ඌට බැන්ඳුවා කියලද…..නෑ යකෝ නෑ….ශාරාන්‍යා කියන එකීව ඒකි යාළු වෙලා හිටපු කොල්ලට කියලා කිඩ්නැප් කලේ මං යකෝ මං…….” බාප්පා මෘගයෙක් වගේ කෑගැහුවම වේදනාවෙන් මිරිකිලා හිටියත් මගේ හිත මහ ගොඩක් පුදුම වුනා…
දෙයියනේ..එතකොට….කසාදෙට කලින් දවසෙ ශාරාන්‍යවත් කිඩ්නැප් කලේ බාප්පද….කසාදෙ නවත්තන්න….!!!
” හැමෝම හිතුවෙ ඒකි පැනලා ගිහිල්ලා කියලා…..ඒකිගෙ පරණ කොල්ලා දාලා මං ඔය වැඩේ කලෙත් ඒකයි….හැමදේම හොද විදිහට සිද්ද වෙද්දි තෝයි තොගෙ මහ එවුනුයි ආවෙ නැත්තන් අදටත් තුහිනගෙ කසාදෙ නැවතිලා…..මගේ කෙල්ලව ඌට කසාද බන්දවන්න තිබ්බා…..තෝ පට්ට බැ#$&@ ඇවිත් ඔක්කොම කෑවා…” බාප්පා පෙරටත් වඩා හයියෙන් කෑගහලා මාව විසික් වෙලා යන තරමට මගේ කම්මුලට ගැහුවෙ මං බිත්තියේ හැපිලා නළලින් ලේ ගලද්දි…..
” අනේ බාප්පේ….මට යන්න දෙන්න……” මං අඬ අඬ කියන්න ගත්තෙ කරගන්න කිසිම දෙයක් නැති වෙද්දි…
” යන්න දෙන්න…! උඹට….එතකොට කොහොමද තුහිනව මගේ එකීට කසාද බන්දවන්නෙ මං…..නෑ උඹ මැරෙන්න ඕනෙ……”
බාප්පා වියරුවෙන් හිනා වෙලා එහෙම කිව්වම ඒ අවසන් වචන පෙළ නිසා මගේ දෙලොව රත් වුනා…..ඒ කියන්නෙ බාප්පා මාව…..
කලින් කොටසට ප්‍රතිචාර නෑ…
මේ කොටසටත් එහෙම වෙයිද….නොදා ඉන්න හදලත් දැම්මෙ ඔයාලා නිසා….
අදිතිට වෙන දේවල් පිළිබඳව වග කියනු නොලැබේ….
මතුසම්බන්ධයි….