අහම්බෙන් හිමි වූ ඔයා… 37
37 කොටස
මගේ හිස උඩ අකුණු හත අරක් පුපුරනවා වගේ දැනුනෙ බාප්පගෙ ඒ වචන ටික ඇහුනම….දෙයියනේ…ඒ කියන්නෙ…බාප්පා මාව මෙහෙම හිර කරන් ඉන්නෙ මරන්නද දෙයියනේ……
මං මොන වරදක් කරාටද……
මගේ ඇස් වලින් කඳුළු හෝ ගාලා කම්මුල් දිගේ පහළට ගලද්දි මං කරගන්න දෙයක් නැතුව බලාගෙන හිටියෙ බාප්පා දිහා….
” ඒත් උඹව මං මරන්නෙ නෑ…..උඹ තමා මැරෙන්න ඕනෙ…..” බාප්පා එහෙම කියලා හයියෙන් හිනා වෙන්න ගත්තෙ මං අන්තෙටම අසරණ වෙද්දි….
” අනේ බාප්පේ…මට යන්න දෙන්න….මට මගෙ චූටි අයිය ළඟට යන්න දෙන්න දෙයියනේ….” මං පොළවෙ හැපි හැපි ඇඬුවත් මගේ අඳෝනාව බාප්පට ගානක් ගියේ නෑ….
ඒත් එක්කම බාප්පා මට විසික් කලේ කොලේකුයි පෑනකුයි…..හැඩි දැඩි පුද්ගලයෙක් එලියෙ ඉඳන් ඇවිත් මගේ අත් දෙක විතරක් ලිහලා මගේ අත් නිදහස් කරද්දි මට දැනුනෙ මගෙ අත් වලින් පුදුම තරමෙ වේදනාවක්…ලණු ගලවගන්න බැරුව අත් එහාට මෙහාට කරලා දැඟලුව නිසා මගේ අත් දෙක හොඳටම තුවාල වෙලා…
ඒත් මේ ඔක්කොටම වඩා මගෙ හිතේ ගින්න ලොකුයි මේ වෙලාවෙ….
” උඹ ඕකෙ ලියන්න ඕනෙ උඹේ මහ උන්ට මෙහෙම…..” බාප්පා මං ළඟට ඇවිත් දණහිස් වලින් නැවිලා මගේ මූණට එබිලා කිව්ව වචන වලින් මගේ හිතේ නැගුනෙ කුතුහලයක්…
ඇයි මේ කොලයක්…ඇයි මේ…
” උඹ ආදරේ කරපු කෙනාගෙන් වෙන් කරලා උඹව බලෙන් තුහිනට කසාද බැන්ඳුව නිසා උඹ සියදිවි නසාගන්නවා කියලා…තේරුණාද…බැ#@&”
බාප්පා එහෙම කියලා ආයෙ වතාවක් මගෙ කොණ්ඩෙන් ඇදලා හිස එහෙට මෙහට කරද්දි මට වේදනාවට වඩා දැනුනෙ ලොකු බයක්….
” බෑහ්….මං මැරෙන්නෙ නෑ….මට බෑ…මට බෑ මගෙ චූටි අයියව දාලා යන්න….එයා මැරෙයි දෙයියනේ…” මං කෑගගහා ඇඬුවා….
” බැල්ලි උඹට කොහෙන්ද ඔහොම කතා කරන්න තියා හිතන්නවත් හයියක්….. එහෙනම්…උඹ වෙනුවට උබේ මහ ලොකු චූටි අයියා මැරෙනවා බලන්න ආසද…..යකෝ මට ඌව මරන එක සුළු දෙයක්…..එහෙම කරලා මට ඕන්නම් පුළුවන් උඹේම එකෙක්ව ඒකට මාට්ටු කරලා දාන්නත්…උඹ කැමතිද එහෙම ආහ්…කියපන්….උබේ අම්මයි තාත්තයි හිරේ ළඟිනවා බලන්න ආසද….කියපන් බැ#%@…මගේ දරුවට ඌව ලැබෙන්නෙ නැත්තන්…මං උඹලා කාටවත් ඌව ලබාගන්න දෙන්නෙ නෑ යකෝ….” බාප්පා මගේ කම්මුල් වලට පහර පිට පහර එල්ල කරමින් කියද්දි මගේ හිත පිච්චිලා ගියේ ඒ වචන වලට….
දෙයියනේ මගේ රත්තරං අයියා…..මං නිසා කරදරයක් වුනොත්….ඒ වගේම මගේ අම්මයි තාත්තයි පව් දෙයියනේ…..
මේ මනුස්සයා ඇයි මේ විදිහට අසරණ අපිටම මෙහෙම කරන්නෙ…..
අපි මොන වරදක් කරාටද…..
” උඹ ලියනවද තුහිනගෙ මරණෙ බලනවද…..ආහ්…..” බාප්පා එහෙම කියලා මුළු ගබඩා කාමරේ දෙදරන්නම කෑගහද්දි මං බයටම වෙව්ල වෙව්ල බිම වැටිලා තියන පෑන අරන් සුදු පාට කොල කෑල්ලෙ වෙව්ලන අත් වලින් ලියන්න ගත්තෙ බාප්පා කියපු විදිහට….
මගේ හැඬුම් වැඩි වෙලා මගේ කඳුළු බිංදු සුදු පාට කොලේට වැටිලා බොඳ වෙද්දි මං බාප්පා සැරින් සැරේ කියන විදිහට ලිව්වාම බාප්පා මගෙන් කොලේ උදුරලා අරන් යන්න ගියේ අර ගෑණු කෙනාට මට කන්න ටික දෙන්න කියලා….
මං බාප්පා ගියාට පස්සෙත් කලේ පොළවෙ හැපි හැපි අඬපු එකම විතරයි…මේ වෙලාවෙම මාව මැරිලා යනවා නම් කියලා හිතුනේ මේ වේදනා ඉවසගන්න බැරුව…..
මගේ අත් දෙක ලිහිල් කරලා තිබ්බ නිසා මං අත් දෙකෙන් බිමට බර වෙලා පොළවට ගගහා කෑගහහා ඇඬුවා…
ඒත් එක්කම මගේ ඔලුව කවුරුහරි අතගානවා කියලා දැනෙද්දියී මං ඔලුව උස්සලා බැලුවෙ….මං ළඟ ඉඳන් පහත් වෙලා මගේ ඔලුව අතගගා හිටියෙ අර ගෑණු කෙනා…..
” මං දන්නෑ අපේ ලොකු මහත්තයා නෝනෙව මොකට මෙහෙම හිර කරන් ඉන්නවද කියලා….ඒත් නෝනා ගොඩක් අහිංසකයි කියලා නම් පේනවා…….මටත් නෝනා වගේම දුවෙක් ඉන්නවා නෝනෙ…තාම ඉගෙන ගන්නවා….මොනවා කරන්නෙයි….ලොකු මහත්තා කරන කියන දේවල් කරගෙන හිටියොත් විතරයි මගෙ එකීට උගන්න ගන්න කීයක් හරි හොයාගන්න පුලුවන්…..මගේ හිතේ නෝනෙ ගැන දුකක් නැතුවා නෙවෙයි…” මගේ ඔලුව අතගගා ඒ ගෑණු කෙනා කියද්දි මට තවත් හයියෙන් ඉකි ගගහා ඇඬුනෙ දැනුන අසරණ කමට….
” අනේ නැන්දේ…මට මෙහෙන් යන්න උදව් කරන්න නැන්දේ….පිං සිද්ද වෙයි නැන්දේ….මට යන්න දෙන්න නැන්දේ……………මට මගේ චූටි අයියා ගාවට යන්න ඕන නැන්දේ……..” මං ඒ නැන්දගෙ දෙපා අල්ලගෙන කෑගගහා ඇඬුවෙ මේ වෙලාවෙ තියන එකම පිළිසරණ මට මේක විතරක් නිසා…..
” අනේ නෝනේ මං නෝනෙට යන්න දුන්නොත් ලොකු මහත්තයා මාවයි මගෙ දරුවවයි මරලා දායි නෝනෙ…..මට සමාවෙන්න ඕනෙ…”
ඒ ගෑණු කෙනත් මට අත් දෙක එකතු කරලා වැඳලා කිව්වම මං කරගන්න දෙයක් නැතුව අසරණ වුනේ මං නිසා තව මිනිස්සු මැරෙනවා බලන්න බැරි නිසයි…..
ඒත් දෙයියනේ මං මොනවද දැන් කරන්නෙ…..අර ලියුම මගේම අත් අකුරු වලින් මං ලියලා දීලා ඉවරයි….දැන් මට මැරෙන්නම වෙයි කියන සිතුවිල්ල මගේ ඔලුවට එද්දි මගේ හිතට දැනුනෙ බයක්……
” නෝනෙට පුලුවන් නම් මෙන්න මේකෙන් මොකක් හරි කරගන්න බලන්න….හැබැයි ලොකු මහත්තයට දැනගන්න තියන්න නම් එපා…මාව මරලා දායි….” ඒත් එක්කම මං බයේ ගැහි ගැහි අඬද්දි අර ගෑණු කෙනා එයාගෙ හැට්ට කර අස්සෙන් පුංචි ෆෝන් එකක් අරන් මට දික් කලා….
දෙපාරක් හිතන්නෙ නැතුව මං ඒ ෆෝන් එක අරන් චූටි අයියගෙ නම්බර් එක ඩයල් කරලා කනේ තියාගත්තෙ ආපහු පාරක් මගේ හිතට මෙතනින් ගැළවිලා මගේ චූටි අයියා ළඟට යන්න පුළුවන් කියලා අලුත් බලාපොරොත්තුවක් එද්දි…
ඒත් කොච්චර රින්ග්ස් ගියත් චූටි අයියා ෆෝන් එක ආන්සවර් කලේ නෑ….
අනේ ෆෝන් එක ගන්න දෙයියනේ……
මං කෝල් එක ගන්න අතරතුර අර නැන්දා ගබඩා කාමරේ දොර ළඟ ඉඳන් එලියට ඇස් යොමාගෙන හිටියෙ කවුරුහරි එනවද බලන්න වෙන්න ඕන…
මං නැවත වතාවක් චූටි අයියට කෝල් කලේ අවසන් බලාපොරොත්තුවෙන්….
” හෙලෝව්…” එහා පැත්තෙන් මට මේ දවස් ටිකේම නොඇසුණු…මට අහන්න ඕන වුණු මගේ චූටි අයියගෙ කටහඬ ඇහෙද්දි සියළු වේදනාවන් අමතක වෙලා තප්පරයකට මට දැනුනෙ කියාගන්න බැරි තරමෙ සතුටක්…ඒත් ඒ හඬ හරිම කලබලෙන්…වේදනාවෙන්…..මට ඒක ඒ හඬෙන් තේරුනා….ඒ කියන්නෙ ඔයා මාව හොයනවා නේද දෙයියනේ….
” හෙලෝ…ච්.චූටි අයියේ…..අනේ චූටි අයියෙ මං..මං…” මං පුළුවන් තරම් වේගෙන් කතා කරන්න ගත්තෙ කවුරුහරි ආවොත් කියලා…
” සුදූ…..” මාව අඳුනගත්ත චූටි අයියගෙ හඬ කලබල වෙද්දි මං කියන්න උත්සහා කලේ බාප්පා ගැන…..
” චූටි අයියෙ බාප්පාහ්…..බාප්පා මාව….” මට කියාගන්න පුළුවන් වුනේ එච්චරයි…
ගොඩක් දවස් බලන් හිටියා නේද….සමාවෙන්න……
මුලින්ම අසනීප වුනා…ඒත් එක්කම පාසලෙන් මං තරඟයකට මුහුණ දුන්න නිසා ඒකෙ පුහුණුවීම් නිසා කතාව ලියාගන්නම බැරි වුනා…
ඊයෙ කතාව ලියනවා කියලා හිතාගෙන ලියන්න හදද්දි ප්‍රශ්නයක් වුනා…
ඒ වෙලාවෙ මගෙ හිත හදපු හැමෝටම ස්තූතියී….ඔයාලා මාත් එක්ක කවුරු නැතත් ඉන්නවා..ඉඳී…අන්න ඒ සිතුවිල්ල මට දැනුනා තදින්ම මේ අවස්ථාවෙ…..
ඒත් ඉතින් පොඩි දුකක් තියනවා වෙච්ච දේට….ඒත් දැන් ඒක හිතන්න යන්නෙ නෑ……
ලයික් කමෙන්ට් කරන හැමෝටම…ඒ වගේම කතාව හොයපු හැමෝටම ස්තූතියී….
ඒ වගේම කියන්න දෙයක් තියනවා….කතාව දැන් එපා වෙනවලු අදිතිට වෙන වැඩ නිසා මේ දවස් වල…..
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි….ගඟක් ලස්සන ගල් පර වල හැපි හැපි පෙණ බුබුළු දමමින් ගලා යද්දි….
ඒ වගේ තමා නව කතාවක් කියන්නෙත්…..
තේරුම් ගනී කියලා හිතනවා…
කියන්න තියන විශේෂම දේ මේකයි…
ඔයාලා දින ගනනාවක් තිස්සෙ ආදරෙන් ආසාවෙන් කියවපු ” අහම්බෙන් හිමි වූ ඔයා..” අවසාන කරා ළඟා වෙලා…..
තව කොටස් තුනකින් ඉවර වෙනවා….ඉතින් මේ දින ගනනාවෙම මාත් එක්ක රැඳුණ ඔයාලට…ඉදිරි දවස් තුනේදිත් මාත් එක්ක ඉන්න කියලා අමුතුවෙන් කියන්නෙ නෑ මං…ඔයාලා අනිවාරෙන් මාත් එක්ක ඉඳී….මං එහෙම හිතනවා….බුදුසරණයි
මතුසම්බන්ධයි…