අහම්බෙන් හිමි වූ ඔයා… 39
මං අමාරුවෙන් ඇස් ඇරියේ ඇඟට පුදුම තරමෙ වේදනාවක් දැනෙද්දි…
ඇස් ඇරපු ගමන් මං දැක්කෙ සිවිලිම….
ඒ වගේම මගේ ජීවිතේට වෙච්ච දේවල් මට සිහියට එද්දි හිතට දැනුනෙ ලොකු බයක්…..ඒත් එක්කම මට දැනගන්න ඕන වුනේ මං මේ ඉන්නෙ කොහෙද කියලා….
මං අමාරුවෙන් වුණත් හිස එහා මෙහා කරලා බැලුවමයි මං දැක්කෙ මං මේ ඉන්නෙ රෝහල් කාමරේක කියලා….
ඒ වගේම මං දැක්කෙ මගේ ඇඳ ළඟටම වෙලා මගේ ගාවින් ඇඳට හිස තියන් ඉන්න චූටි අයියව….ඒ මූණ ඇඳට බර වෙලා තිබ්බත් මගේ චූටි අයියව මට අඳුනගන්න බැරි කමක් නෑ….
මාව ඔයා බේරගෙන ඇවිත්….මගේ හිත චූටි අයියා දිහා බලාගෙන කියද්දි මට සිහියට ආවෙ මාව පැහැරගත්ත මිනිස්සුන්ගෙම වාහනේට මාව හැප්පුණ විදිහ…..
ගතට කියාගන්න බැරි තරමේ වේදනාවක් දැනුණත් ඊට වඩා මගේ හිතට සහනයක් දැනුනෙ මං මේ ඉන්නෙ මගේ චූටි අයියා ළඟ නිසා….
මට ආපහු වතාවක් මගේ චූටි අයියා ළඟට එන්න පුළුවන් වෙච්ච නිසා….
මං ළඟටම වෙලා මං ඉන්න ඇඳටම හිස තියන් නිදාගෙන ඉන්න චූටි අයියාගෙ හිස මං කැනියුලාව තියන අතින්ම අතගෑවෙ අමාරුවෙන් වුණත් හිතට දැනුන කියාගන්න බැරි තරමෙ ආදරේකින්…..
ඔයා මේ මං ළඟ ඉන්න විදිහෙන්ම ඔයා මං නැතිව කොච්චර විඳවන්නැතිද කියලා මට හිතාගන්න පුළුවන් වුනා…
මගේ ස්පර්ශයෙන් ගැස්සිලා ඇහැරුණු චූටි අයියා මං දිහා බැලුවෙ පුදුම වෙලා….
” සුදූ……..” ඒත් එක්කම පුදුමය වගේම ඒ මූණට සැනසිල්ලක සේයාවක් එක්කම හිනාවක් ආවා…
” සුදූ…..නැගිට්ටද මගෙ මැණික…….කොහොමද මාව මෙච්චර දවසක් පිස්සෙක් කරලා ඔයා ඔහොම ඇස් වහන් හිටියෙ…..ආහ්……ඉන්න මං ඩොක්ටර්ට කතා කරන්නම්…”
මගේ අත අල්ලගෙනම ඉඹ ඉඹ චූටි අයියා ඇස් දෙකත් බොඳ කරන් එහෙම කියලා හදිස්සියෙන් වගේ යන්න හැදුවෙ ඩොක්ටර්ට කතා කරන්න….
ඒත් මට කාලෙකින් ලැබුණ මේ පහස අත් හරින්න හිත දුන්නෙ නෑ…..
ඒ වගේම මට හැමදේකටම කලින් මට මේ වෙච්ච දේවල් එයාට කියන්න ඕන වුනා…..
” සුදූ….ඇයි මැණික මේ…” මං ඒ අත අත් නොහැරම එයාට යන්න නොදී හිටපු නිසා එයා මං ගාවට පහත් වෙලා ඇහුවෙ මගේ ඔලුව අතගාන ගමන්….
” බ්..බ්..බාප්පාහ්….” මං අමාරුවෙන් වචන කරන්න ගත්තත් උගුර කට වේලිලා වගේ නිසා මට එක දිගට කතා කරන්න අමාරු වුනා…
” මං දන්නවා සුදූ…..හැම දෙයක්ම විසඳිලා තියෙන්නෙ මැණික….බය වෙන්න එපා දැන්…ආයෙ ඒ වගේ දෙයක් වෙන්න කීයටවත් මං ඉඩ තියන්නෙ නෑ….” චූටි අයියා මගේ ඔලුව අතගාන ගමන්ම එහෙම කියලා මගේ නළල සිපගෙන කිව්වෙ මගේ හිතට ඒ වචන වලින් සහනයක් දැනෙද්දි…
චූටි අයියා ඩොක්ටර්වත් එක්කන් ආවට පස්සෙ ඩොක්ටර් මාව පරික්ෂා කරලා බලලා කිව්වෙ මගේ තත්වෙ එන්න එන්න හොඳට අතට හැරෙනවා කියලා…
ඩොක්ටර්ත් ගියාට පස්සෙ හැමෝම මාව බලන්න ආවෙ වෙච්ච දේට ගොඩක් කණගාටුවෙන්….
අම්මයි තාත්තයි නම් පැය ගානක් මාවත් බදාගෙන ඇඳ ළඟ ඉඳන් ඇඬුවා…
ඒ අහිංසක හිත් කොච්චර නම් මං නිසා බය වෙන්නැතිද කියලා හිතෙද්දිත් මගෙ හිතට දුකයි…
මගේ අම්මයි තාත්තයි වගේම චූටි අයියගෙත් පව්ලෙ හැමෝම ආවා…අශිකා අක්කා…සිහින අයියා…චූටි දෝණි…ඒ වගේම නැන්දයි මාමයි….
ටික වෙලාවකින් ඩොක්ටර්ගෙ රූම් එකට ගිහින් කතා කරලා ආපු චූටි අයියා මං ළඟටම වෙලා හිටියා…ඒත් මං ඒ මූණෙ වෙනසක් දැක්කත්…මට ඒක එයාගෙන් අහන්න බැරුව හිටියෙ කට්ටිය හිටපු නිසා…
සති දෙකක් තුනක් ගෙවිලා ගිහින් මාව රෝහලෙන් ගෙදර එක්කන් යන්න දවසත් උදා වුණත් චූටි අයියාගේ මූණෙ වෙනදට තියන හිනාව සැනසිල්ල මං මේ ගෙවුණ එක දවසකවත් දැක්කෙ නෑ……
මං ඒ ගැන එයාගෙන් ඇහුවත් ඒ හැම වෙලාවකම එයා මගේ ප්රශ්නෙ මඟ හැරලා ආයාසයෙන් මුවට හිනාවක් අරන් මං එක්ක කතා කලාම විතරයි…
මගේ හිතටත් මහා ලොකු බරක් වුනේ මගෙ අයියගෙ මේ හැසිරීම….
” කොහොමද මාව හොයාගත්තෙ….” චූටි අයියා මාව ගෙදර එක්කන් යන්න ආවාම මං ඇහුවෙ මෙච්චර දවසක් මගේ හිතට ඒක ලොකු ගැටළුවක් වෙලා තිබ්බ නිසා….
මං ඒ ගැන ඇහුවා විතරයි ඒ මූණ තරහෙන් රතු වුනේ වෙච්ච දේවල් මතක් වෙලා වෙන්න ඕන…
” ඔයා නෑ කියලා දැනගත්තම මං පිස්සෙක් වුනා සුදූ…..හැමතැනම හෙව්වා මං…හොයන්න පුළුවන් හැම තැනම….ඒත් බැරිම තැන තමයි මං පොලිස්සියට ගියේ……ඒ වෙද්දි ඔයාගෙ බෑග් එකයි…පර්ස් එකයි අයිඩී කාඩ් එකයි ඔක්කොම ඔයා ගියපු ත්රී වීලර් එකේ මනුස්සයා පොලිස්සියට දීලා තිබ්බා….ඒ නිසා තමයි පොලිසීය සැක කලේ ඔයාව කිඩ්නැප් කරලා කියලා…
ඊළඟ දවසෙ ඔයා මට කෝල් කරද්දිත් මං හිටියෙ පොලිසියේ…ඔයා කෝල් කරේ මාතර පැත්තෙ නම්බර් එකකින්….ඒ වගේම ඔයා කෝල් එකේදි බාප්පා කියලා දෙතුන් පාරක් කියපු නිසා ඒ ගැන දැනගන්න ඕන නිසා මං අම්මගෙන් ඒ ගැන ඇහුවා….එතකොට තමයි මට අම්මා හැමදේම කිව්වෙ…ඔයාව ඩිවෝස් කරලා ටියානව මට මැරි කරවන්න ඌ හිතේ තියන් ඉන්නවා කියලා…..” චූටි අයියා මාව ඒ පපුවට තුරුල් කරන් කියවන් ගියේ මං හීනෙන් වගේ අහන් ඉද්දි..
” ඌට වැරදුන තැන එතන… ඔයාව එයා කිඩ්නැප් කරද්දි ඔයාගෙ ඔක්කොම ඩීටේල්ස් ත්රී විලර් එකේ තිබුනේ…” චූටි අයියා තව ටිකක් මාව ඒ ගතට තුරුල් කරන් කිව්වෙ කලකිරීමෙන්…
” මං ඕකව තියන්නෙ නෑ බල්ලා…..” ඒ මූණ තරහෙන් රතු වෙලා චූටි අයියා වෙව්ලුවේ ඒ හිතේ තියන තරහට…..මං පුළුවන් තරම් ඒ පපුවට තුරුල් වුනේ ඒ හිතේ තියන කේන්ති ටිකක් හරි අඩු වෙයි කියන සිතුවිල්ලෙන්….
අපි අපි දෙන්නට කාලෙකින් ලැබුණ පහසට ලෝබ වෙලා මිනිත්තු ගානක්ම එහෙම්ම ඉන්නැති…..
” මං ඩොක්ටර් එක්ක කතා කරලා එන්නම්….ම්ම්ම්හ්…” චූටි අයියා මගේ නළලත සිපගෙන කියලා රෝහල් කාමරෙන් එලියට යන්න හැදුවෙ මං ගෙදර යන්න බඩු ලෑස්ති කරගද්දි….
” මාත් එන්නම්…” මං චූටි අයියගෙ අතේ එල්ලිලා එහෙම කිව්වත් ඒ ඇස් ගැස්සුනේ මං නොහිතපු විදිහට….
” එපාහ් සුදූ…මං කතා කරලා එන්නම්…අක්කා එයි ඔයා එයා එක්ක වාහනේට යන්න හරිද මගෙ මැණික…ඇවිදින්න හොඳ නෑ නෙ මගේ කෙල්ලට ගොඩක්….ම්ම්ම්…..මං එන්නම්…” එහෙම කියලා මං මුකුත් කියන්නත් කලින්ම චූටි අයියා කාමරෙන් එළියට ගියේ හදිස්සියෙන් වගේ…
එයාගෙ මේ අමුතු හැසිරීම් මගෙ හිතට ලොකු බරක් වුණත් මං ඒ වෙලාවෙ ඒ ගැන වැඩිය හිතන්න ගියේ නැත්තෙ එයා මට ඇවිදින්න හොඳ නැති නිසා එක්කන් යන්න බෑ කියපු නිසයි…
ඒත් චූටි අයියා ගිහින් ටික වෙලාවක් ගියත් අශිකා අක්කා මාව එක්කන් යන්න ආවෙ නෑ….ට්රැෆික් නිසා වෙන්නැති…ඒ නිසාම මට ඕන වුනේ කාමරෙන් යන්න….ගෙදර යන්න හදිස්සි වැඩි කම නිසාම මං හෙමින් හෙමින් අමාරුවෙන් වුණත් අඩි තියලා ඩොක්ටර්ගෙ රූම් එකට ගියේ චූටි අයියව බලන්න….
ඒ දොර බාගෙට වහලා තිබ්බ නිසා මං හැදුවෙ එක්ස්කියුස් කරලා ඇතුළට යන්න…
” මිස්ටර් තුහින….මේ වෙලාවෙ ඔයා වැටිලා බෑ…..ඔයා ඉන්න ඕන ඔයාගෙ ෆයිෆ්ගෙ හයියට මේ වෙලාවෙ….මං ඒකයි මේ දේ ඔයාට විතරක් කිව්වෙ…….මෙහෙමයි…එයාගෙ ඇඟේ පහළ කොටසට තමයි ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නෙ…..ඉතින් එයාගෙ කුසේ ගොඩක් දුරට දරුවෙක් හැදෙන ප්රසන්ටේජ් එක අඩුයි…”
ඩොක්ටර් චූටි අයියට කියපු දේවල් ඇහිලා මං ඉස්සරහට තිබ්බ අඩිය පස්සට ගන්නවත් එක්කම ඒ වචන වලින් මට දැනුනෙ මගේ හිස උඩ අකුණක් පුපුරනවා වගේ….
හිත කඩාවැටෙන්න වගේ එද්දි මං ඒ දෙන්නගෙ කතාවට දිඟටම සවන් දුන්නෙ වාවගන්න බැරුව…
” මං කියන්නෙ නෑ මේක සීයට සීයක් එහෙමයි කියලා…ඒත්…ගොඩක් දුරට ඒක එහෙම වෙයි….හැබැයි නොවෙන්නත් පුළුවන් මිස්ටර් තුහින…..ඒක ඉතින් ඔයාගෙයි මිසිස් ආරියරත්නගෙයි ලක් එක අනුව වෙනස් වෙන්නත් පුළුවන්….ඔයාට තියෙන්නෙ එයාව හොඳට බලාගන්න එක පුළුවන් තරම්…එයා මේ වෙලාවෙ ගොඩක් වීක්….”
” හ්ම්ම්…තැන්ක් යූ ඩොක්ටර්…”
මට ඩොක්ටර්ගෙ වචන දැනුනෙ පිහි තුඩක් පපුව ඇතුළට කිඳා බහිනවා වගේ….
ඒ වගේම මෙච්චර දවසක් චූටි අයියා හිත කරදරෙන් හිනා නොවී හිටියෙ මේ හේතුව නිසා කියලා සිහියට එද්දි මගේ ඇස් වලින් කඳුළු කැට කඬන් වැටුනෙ මට හොස්පිටල් එකේ බිම ඉඳගැන්විලා කෑගහිලා ඇඬෙද්දි…..
ඕනම කෙල්ලෙක්ගෙ ලස්සනම හීනයක්…අම්මා කෙනෙක් වෙන එක….ඒත් ඒ වාසනාව මට හිමි නෑ කියලා හිතට ආයෙ ආයෙ මතක් වෙද්දි මං කෑගහලා ඇඬුවා….
” සුදූ…….!” ඒත් එක්කම කෑගගහා අඬන මාව දැකලා ඩොක්ටර්ගෙ රූම් එකේ හිටපු චූටි අයියා මං ළඟට දුවගෙන ඇවිත් මාව වත්තම් කරගද්දි…මං තවත් ඒ පපුවට වාරු වෙලා කලේ අඬපු එක…..
” මට සමාවෙන්න දෙයියනේ…….මට සමාවෙන්න…….මට ඔයාට දරු පැටියෙක් දෙන්න බෑලු දැන්……අනේ අපි මොකද කරන්නෙ චූටි අයියේ…….අපි මොකද කරන්නෙ…..”
එයත් මං මේ දේවල් හැමදේම අහන් හිටියා කියලා දන්න නිසාම මාත් එක්ක ඇඬුවෙ මගේ හිස සිපගන්න ගමන්….
ලේසියෙන් පිරිමියෙක්ගෙ ඇස් වලින් කඳුළු නොවැටුණත් මේ දුක ඒ පිරිමි හිතට මට වගේම දරාගන්න බැරුව ඇති……
ඔන්න 39 දැම්මා….සමාවෙන්න කතාව පරක්කු කරනවට….
හැමදාම පරක්කු කරලා සමාව ගන්න නිසාමද කොහෙද මගේ සමාවෙන් දැන් ඔයාලට වැඩක් නෑ වගේ….
ගොඩක් දොස් අහන්න වෙලා තියෙන්නෙ…ඒත් නොදා ඉන්නෙ බැරි කමට මිසක් ආසාවට නෙවෙයි යාළුවනේ….
ඉතින් අවාසන කොටසට පෙර කොටස මේ….ඔයාලගෙ හිතට කොහොම දැනුනද කියන්න දන්නෙ ඔයාලා…
මෙච්චර කාලයක් ඉවසගෙන කියෙව්වා වගේ අවසාන කොටසත් එක්ක රැඳිලා ඉන්න….ගිහින් එන්නම්…..
මතුසම්බන්ධයි…