#YOU_ARE_MY_DESTINY 10

🌹💜 10 කොටස 💜🌹

“මේ…ඇහුනද…?”

දොර ලග වාඩිවෙලා ඈත බලාගෙන ඉන්න කොල්ලට හේශ් කතාකලෙ ඉවසලා ඉවසලා බැරිමතැන..

මොකද..දැන් ටික වෙලාවක ඉදන් හේශ්ගෙ බෙල්ල කසනවා.. අත් දෙක බැදලා නිසා බෙල්ල කසාගන්නව්ත් බෑනෙ.. ඇස් වලින් කදුලුත් ඇවිත්..

හේශ් කොල්ලට කතාකලාම..කොල්ලා හැරිලා බැලුවා..

**අම්මාහ්…ඒ බැල්ම….**

හේශ්ගෙ ඇස් තිබුනෙ නලලෙ..😆😆

“ඇයි..?’

මූණ බලාගෙන ඉන්නවා මිසක්..උත්තරයක් නැති නිසා.. කොල්ලා හේශ්ගෙන් ඇහුවා…

“අහ්..ම්..මේ… ටිකක් එන්නකො මෙහාට…”

“ඇයි මොකටද..?”

“මගෙ බෙල්ල කසනවා හලෝ… ඉන්නබෑ..”

හේශ් බෙල්ලත් අඹර අඹර කියද්දි…කොල්ලටනම් හිනා..
ඒත්…ඒ අපහසුව හොදින්ම දන්න කොල්ලා හේශ් ලගට ආවා..

“කෝ…දැන් කොහෙද කසන්නෙ..?”

‘අත් දෙක ලෙහනවකො..මම කසාගන්නම්…”

‘තමුසෙට පිස්සුද…අත් ලෙහන්න බෑ… කියනවා…කොහෙද කසන්නෙ..මම කසන්නම්..”

“හහ්..මුගෙ තියෙන ගනන්😠😠

හේශ් මිමිනුවෙ ඇහෙන නොඇහෙන ගානට..

“ගනන්..?”

කොල්ලා අහද්දි…හේශ් උඩගියා..

**යකෝ මූට ඒකත් ඇහිලද…මේක කනක්ද නැත්තම්..**

“මොකද…. මට හිතින් බනිනවද… ඒවා තියාගන්න එපා මාත් එක්ක හරී…..”

“අනේ…මේ..රණ්ඩු වෙන්න නෙමි එන්න කිව්වෙ… කසන්නකො එහෙනම්..”

“කොහෙද….?”

“බෙල්ල…”

“බෙල්ලෙ කොහෙද…?”

“බෙල්ලෙ මුල…”

කොල්ලා හේශ්ගෙ මූණට පහත්වුනා..

හේශ් බෙල්ල ඇලකලෙ පහසුවෙන්න..

ඒත් එක්කම හේශ්ගෙ බෙල්ලට වැදුනු උනුසුම් හුස්ම වලින්.. එකපාරම ඇග හිරිවැටිලා ගියා..

කොල්ලා හෙමි හෙමින් බෙල්ල කැසුවා..

“මේ… ඕක පොතු යන්නෙ නෑ.. ටිකක් තදට කසනවකො මගුල…”

හේශ් එහෙම කිව්වා විතරයි කොල්ලා දිග දාලා කසන්න ගත්තා..😆😆

“ඌයි…ඌයි…මාව මරන්නද හදන්නෙ.. අනෙ අම්මෝ.ඇති ඇති….”

හේශ් කිව්වෙ කසන අමාරුවට වඩා බෙල්ල රිදුනු අමාරුව වැඩිවුනු නිසා..

කොල්ලා කට කොනින් හිනාවක් පාලා එහෙමම උඩට ගියා…

“අහ්…. මගෙ පපුව…
ඒ කොල්ලා ලගදි….ඇයි මේක මේ තරම් හයියෙන් ගැහෙන්න.. මට පිස්සු හැදීගෙන එනවද…. ශිට්…”

විකාර වුනු සිතුවිලි මනසෙ තෙරපෙද්දි…ඔලුවත් අල්ලගෙනම කොල්ලා කාමරයට ගියා…

“මේ වැඩේ ඉක්මනින් ඉවර වුනොත් හොදයි… මට තවත් මේ කොල්ලට වද දෙන්න හිතෙන්නෙ නෑ..පව්.. දුකයි මට දකිද්දිත්..
ඒත්…එයාලගෙන් සිග්නල් එකක් එනකම්..මට මුකුත්ම කරන්න විදියක් නෑනෙ… හ්ම්ම්ම්.. බලමුකො..”

කොල්ලා හිතුවෙ දෙගිඩියාවෙන්..

කාමරේ ඇතුලෙ ටික වෙලාවක් ඉදලා එලියට ගියපු කොල්ලාට හේශ් ආයෙත් කතාකලා..

“මේ… ඔයාගෙ නම මොකක්ද..?”

“ඇයි අහන්නෙ..?”

‘උප්පැන්නෙ හදන්න…’

හේශ්ට කියවුනා..
කිඩ්නැපු වෙලාවත් මෙයාගෙ කට නම් අඩුවක් වෙලා නෑ…😆😆

කොල්ලා හේශ් දිහා ඔරවල බැලුවා..

“ඇයි යකෝ.. මාව උස්සගෙන ආපු එකාගෙ නම වත් දැනගෙන ඉන්න එපැයි කවදාහරි ලමයින්ට කියන්න..”

“ලමයින්ට කියන්නෙ කිව්වෙ…?”

” උන්ට බත් කවාගන්න බැරිවුනාම මාව කිඩ්නැප් කරපු කතාව මම එයාලට කියලා දෙනවා.. එතකොට ඉතිම් ඔයාගෙ නම දැනගෙන ඉන්න එක වැදගත්නෙ.. නෙහ්…නැත්තම් උන් හිතයි මම බොරු කියනවා කියලා…”

“එහෙනම්..බොරු නමකුත් හදාගන්න..”

මුවගට ආපු හිනාව ආයාසයෙන් මැඩගෙන කොල්ලා කිව්වෙ හේශ් දිහා බලන් බැරෑරුම් මූණක් මවන්..

“අපෝ…නමවත් කියන්න බැරි මහලොකු කිඩ්නැපර්.. ශිට්…”

හේශ් මූණ ඇදකරලා අහක බලාගත්තා..
කොල්ලා එලියට යන්න හැරුනා..

“මේහ්..ඔයාට මොන වගේ නමක්ද ගැලපෙන්නෙ..
ම්ම්ම්..ඔයාගෙ ගම කොහෙද?”

‘මමද…මම කන්කසන්තුරේ..”

“මොකක්…අහ්..හරි හරි… එහෙනම්..🤔🤔🤔🤔🤔🤔🤔
කන්කසන්තුරේ චුට්ටෙ අයියා…
චෙහ්..ඒක කැතයි…
ම්ම්…කන්කසන්තුරේ ලොකු සෝමෙ…
චී…ඒක නාකි පාටයි..
කන්කසන්තුරේ කංසා..😂😂😂😂😂 ඒක මරු”

ඒපාර පිස්සු දොඩව දොඩව හේශ් මහා හයියෙන් හිනාවෙනවා..

“තමුසෙට පිස්සුද..😠😠?’

කොල්ලා රවාගෙන ඇහුවෙ තරහින්..

“අනේ මේ…අගේ කරන්නෙ නැතුව නම කියනවකො..”

“රඝූ..”

කොල්ලා කියද්දි…හේශ්ගෙ මූණ හිනාවෙන් පිරුනා..

“අහ්..රඝූ… ඒක පට්ට නේම් එක…මරු… “

කොල්ලා එලියටයන්න ගියෙ හිනාව හංගගෙන..

**කන්කසන්තුරේ කංසා..😆😆😆**

කොල්ලාට තනියම හිනා..

රෑ වෙනකොට සීතල වැඩියි…හේශ්ට එක තැන එකම විදියට ඉදලා ඇතිවෙලා තිබුනෙ…

අත් දෙකත් ඇදුම් දෙනවා..

තාමත්..තමන්ව මෙහාට අරන් ආවෙ ඇයි කියලා හේශ් දන්නෙ නෑ..

හේශ් දිවා රෑ නොබලා මහන්සි වෙලා කල්පනා කරන්නෙම ඒ ගැනම තමයි.

රෑ වෙනකොට කොල්ලා ලයිට් එකක් ගෙනත් සාලෙන් තිබ්බා..

ඒකෙ එලියෙන් මුලු ගේම ආලෝකමත් වුනා..
රෑට ගේ ඇතුල හරිම ලස්සනයි..

වහලෙ තැන තැන සවිකරලා තිබුනු වීදුරු වලට එලිය වැදිලා ඒවා පරාවර්තනය වෙලා ලස්සන ලස්සන වර්න හැදිලා …

හේශ් කටත් ඇරන් බලන් ඉන්නෙ මේවාදිහා…

සාලෙ පැත්තක එල්ලලා තිබුනු වින්චයිම් එකක් කොයිවෙලේත් හුලගට ලෙලදෙනවා..

ඒකෙන් එන මිහිරි හඩ හේශ්ගෙ තනිකම පාලුව මකලා දානවා..

දැන් නම් හේශ්ට බඩගිනියි..වෙලාවත් රෑ 8ට විතර ඇති කියලා හිතුවා.

හේශ් බෙල්ලත් දික්කරකර බල බල හිටියෙ කොල්ලා එයිදෝ කියලා..

ඒත් ටික වෙලාවක් යනකොට කොල්ලා ආවෙ පිගන් දෙකක් අතැතිව..දුර ඉදලම ඒ පිගන් වලින් දුම් දානවා කියලා හේශ් දැක්කා..

කොල්ලා හේශ් ලගට ඇවිත් පිගන් දෙක ලග තිබුනු කොටයක් උඩින් තිබ්බා ඊලගට ආයෙත් ගිහින් ආවෙ පොඩි කප් එකක් අරන්..ඒකෙ වතුර..

හේශ්ගෙ අත් දෙක ලෙහලා කප් එක හේශ්ට දික්කලා.

හේශ් අත හෝදගන්නවා වෙනුවට කලෙ අත් දෙකේම මැණික්කටු පෙදෙස වේදනාවෙන් අතගාපු එක.. ඒවා රතුවෙලා..හීරිලා..

ඇස් වලින් කදුලක් දෙකක් වැටුනෙ වේදනාවටමයු..
ඒත් ඒ කදුල..කොල්ලා දැක්කා..

තමන් ගැන මහා ලොකු තරහාවක් කොල්ලට ඒ වෙලාවෙ ඇතිවුනා..

“ආ…”

වතුර කප් එක දික්කරගෙනම ඉද්දි..හේශ් අහක බලාගෙනම අත හේදුවා..

“කන්න…”

ඊලගට පිගාන හේශ්ට දික්කලා..

ඒකෙ තිබුනෙ ලොකූ පොල් රොටි දෙකකුයි මාලු කලුවටයි… ලුනුමිරිසුයි ..

හේශ්ගෙ කටට කෙල ඉනුවෙ දැක්ක ගමන්ම..

“ඉස්සරවෙලා කාලා..පස්සෙ කෙල ගිලිනවා…’

කොල්ලා නෝන්ඩියට එහෙම කියාගෙනම හේශ් ලග බිමින් වාඩිවුනා.

“අයියෙ..මගෙ කකුල් දෙකත් ලෙහන්නකො… මටත් ඔහොම වාඩිවෙන්න..කොන්ද රිදෙනවා අනේ..බයවෙන්නෙපා..මම පැනලා යන්නෙ නෑ..අනික මේ මහ රෑ මම කොහෙ යන්නද…”

හේශ් වේදනාවෙන් කියද්දි..සත්තයි කොල්ලගෙ පපුව පැලෙන්න තරම් වුනා..

හේශ්ගෙ කකුල් දෙකත් ලෙහුවම එකපාරම හේශ් බිමට පැනලා බිම දිගාවුනා..

කොල්ලගෙ ඇස් ගැස්සුනෙ හේශ් කරපු මේ දග වැඩෙන්..

අතපය හතර ,හතර අතේ දාගෙන බිම හාන්සිවෙලා…ලොකූ ලොකු හුස්මවල් පිටකලෙ ඇගේ තිබ්බ අපහසුවටම.

හේශ් දිහා ටික වෙලාවක් බලන් ඉදලා කොල්ලා ආයෙත් කන්න ගත්තෙ ..තමන් කරන්නෙ මේ රාජකාරියක් නිසා… තමන්ට හැගීම්වලට වහල් වෙන්න බැරිනිසා..

ටිකවෙලාවක් එහෙම හිටපු හේශ් ආයෙත් අත හෝදගෙන කන්න ගත්තෙ කකුල දෙකත් එරමිනියා ගොතාගෙන වාඩිවෙලා..

“මේ…මොනවා නැතත් ඔයාට රසට උයන්න පුලුවන් ඈ..මරු…”

හේශ් රසකරකර කනගමන් කිව්වා..

කොල්ලා කලෙ හිනාවෙන එක..

“කවුද ඔයාට උයන්න ඉගැන්වුනෙ..අම්මද..?අනික..කොල්ලෙක් මෙච්චර හොදට උයන එක..පුදුමයක්..”

‘ඇයි කෙල්ලන්ට විතරද උයන්න පුලුවන්..දැන් බලන්වා..ලෝකෙ චෙෆ්ලා ගත්තොත්..99%ක්ම ඉන්නෙ පිරිමිනෙ..”

“හ්ම්ම්..ඒකත් ඇත්‍ත..ඒත්…ඔයා වගේ කිඩ්නැපර් කෙනෙක්..මෙහෙම..”

“මේ මගෙ මිශන් එක..නැතුව මම කිඩ්නැපර් කෙනෙක් නෙමි..ඕකේ…”

තරහින් මූණ රතුකරන් කොල්ලා කියද්දි..හේශ් ගැස්සුනා..

“හරි හරි ඉතින්..”

“මිශන් වලට ගියාම..ගොඩක් වෙලාවට ඉන්න වෙන්නෙ තනියම..ඉතින්..හැමදේම තනියම කරගන්න පුරුදු වුනා…”

“හ්ම්ම්.එහෙමද…
මේ…ඔයා මොන සංවිධානයෙ කෙනෙක්ද…ISIS එකේ නෙමිනෙ.. මගෙ බෙල්ල කපලා මරලා දාන්නෙ නෑනෙ..”

ඒකටනම් කොල්ලට හිනා..

😂😂😂😂😆😆😆😂😂😂 “

“මොකෝ හිනාවෙන්නෙ.. මම ඇත්තට ඇහුවෙ..මම මේ බලන් ඉන්නෙ ඔයා කවදා මාව මරලා දායිද කියලා.”

“හ්ම්ම්…😔😔ඔයාව මරන්නෙ නෑ මල්ලි….වැදගත් වැඩකට ගෙනත් ඉන්නෙ . ඒක ඉවර වුනාම..ඔයාව ආපහු ගෙදර යවනවා..”

“අහ්…ඔය ඇත්තමද..?”

“හ්ම්ම්..”

“කවදද…?”

“ඒකනම් කියන්න බෑ හරියටම..තව සතියකින්..මාසෙකින්..මාසතුනකින්..හයකින් වෙන්නත් පුලුවන්…”

“අම්මෝ..එච්චර කල්..මම මෙහෙ…අනේ..😔😔😔

“ඔයා අපිට උදව් කලොත් …ඉක්මනින්ම ගෙදර යන්න පුලුවන්…”

“උදව් කලොත් කිව්වෙ…?”

“ඒක මම පස්සෙ කියන්නම්..ම්ම්..දැන් කන්න…කියවනවා කියවනවා ඉවරයක්නෑ..අනේ…තමුසෙ කවදාහරි මැරිකරන කෙල්ලට බුදුසරණයි” .

“ඔව් ඉතින් ඒ මම කෙල්ලෙක්ව මැරිකලොත්නෙ..”

“ඇයි..ඇන්ටිකෙනෙක්ව මැරි කරන්නද හිතන් ඉන්නෙ..?”😆😆

“චීයා අප්පා…”😕

හේශ් අහකබලාගත්තෙ අප්පිරියාවෙන්..
කොල්ලට නම් හිනා

කොල්ලා උනත්… කවදාවත් නැතුව හේශ් එක්ක කුලුපග වෙලා..

රඝූට බාරදෙන එකම මිශන් එකක්වත්.. මේ වෙනකම් අසාර්ථක වෙලා නෑ..ඒ වගේම ඒ හැම මිශන් එකකදිම.. කොල්ලා ඉන්නෙ හරිම නිහඩව… ඉතාම තදින්..
ඒත්…හේශ් ලගදි.. කොල්ලගෙ මේ ප්‍රතිපත්ති නැතිමවෙලා ගිහින්..
ඒ ඇයි කියලා කොල්ලාවත් දන්නෙ නෑ..

කාලා ඉවරවෙලා හේශ් ආයෙත් බිමින් හාන්සිවුනෙ ඇගට සනීප නිසා..
රඝූත් ඇවිත් හේශ් ලගින්ම හාන්සි වුනා..

හේශ් ඔලුව විතරක් හරවලා බැලුවෙ රඝූ දිහා.. කොල්ලා වහල දිහාම බලන් ඉන්නවා..

“දන්නවද රඝූ.. මට ඉන්නවා හොදම හොද යාලුවෙක්..
එයා හරියට මගෙ හුස්ම වගේ.. අපි දෙන්නට අපි නැතුවම බෑ.. එයත් ඔයා වගේ. කියවන්න ගියාම පිස්සෙක් වගේ..මට ඔයාව දැක්කම මතක්වෙන්නෙ එයාව..”

හේශ් කියෙව්වත්..තවමත් රඝූ ඉන්නෙ උඩ බලාගෙන..

“මගෙ හොදම යාලුවා.. මගේ ඇස් ඉස්සරහාදිම.. මගේ මේ උකුල උඩම.. එයාගෙ අන්තිම හුස්ම හෙලුවා..”

රඝූ කියද්දි…හේශ් ගැස්සුනා..

“අහ්..ඒ මොනවා වෙලාද..?”

“ස්කූල් එකක ලමයි වගයක් බේරගන්න ගිහින්..”

“ඔයාලා ඒ වගේ හොද වැඩත් කරනවා එහෙනම්..😆

හේශ් හිනාවෙවී කියලා කොල්ලා දිහා බලද්දියි දැක්කෙ.. ඒ ඇස් අගින් කදුලක් බේරෙනවා..

හේශ් එහෙමම හැරුලා රඝූ ලගට ගිහින් ඒ කදුල අල්ලගත්තා..

රඝූ ගැස්සිලා ගියෙ තමන්ගෙ දකුණු අත උඩ මූණ්ට මූණලා ඉන්න හේශ්ව දැක්කම..

“එයා ඇත්තටම හොදම යාලුවෙක් වෙන්න ඇති.. ඒකයි මේ..”

හේශ් ඇගිල්ලට ගත්තු කදුලු බිංදුව පෙන්නලා රඝූට කිව්වා..

ලයිට් එකේ ආලෝකයත්..වීදුරු වලින් එන පාට ආලෝකයත් හේශ්ගෙ මූනට වැදිලා..මූණ දිලිසෙනවා…

තෙත්වෙලා තියෙන ඒ රතු තොල් දිහා රඝූ බලන් හිටියෙ පිස්සුවෙන් වගේ..
තොල් ඉඹින්න වගේ හේශ්ගෙ මූනට ලංවුනු රඝු ..ක්ශනිකයෙන් පියවි සිහියට ආවෙ…හේශ් ලොකු කරන් ඉන්න ඇස් දැකලා..

“අහ්…ශිට්..”

එහෙමම නැගිටලා වාඩිවුනු රඝූ අත් දෙකින්ම ඔලුව අල්ලගත්තා..

කොල්ලා බයවුනා..තමන්ගෙ හිත වැරදි පාරක යන්න හදනවා කියලා..

අවුරුදු ගානක් ගෑනු හුස්මක්වත් නොවැදුනු ඒ හිත.. හේශ්ගෙ මේ ලාමක පෙනුම ඉස්සරහා අතරමංවෙලා..

එහෙමම නැගිටලා හේශ්ව උස්සලා පුටුවෙත් තියලා ගැටගහලා කොල්ලා එලියට ගියෙ දොරත් තදින් වහගෙනම..

මතුසම්බන්ධයි❤️

*****************එශ්************ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *