මුලා_වූ_පෙම්වතී 02

💕දෙවන දිගහැරුම💕

එතකොටම දොරේ ලොක් එක කරකැවුන නිසයි මං ඒ පැත්ත බැලුවේ. මුලින්ම ඇතුලට ආවේ රිතූ. රිතූට පස්සෙන් හිටපු කෙනා දැක්කාම මට ඇති උනේ පුදුම ලැජ්ජාවක්. ඉක්මනට සාලුව අරන් ඇඟට දාගත්තේ ඒ නිසයි.

“වි..විරාජ්…😱

මං පුදුම වෙලා බලන් හිටියේ විරාජ් දිහා.

“එහෙනම් මං යනවා විරාජ්. එන්ජෝයි කරන්න 😏

රිතූ මං දිහාත් බලලා අමුතු හිනාවක් දාලා එහෙම කියලා යන්න ගියේ දොරත් වහගෙනමයි.

එන්ජෝයි කරන්න කිව්වේ මොකද්ද කියලයි මං කල්පනා කලේ. අනික විරාජ් මොකටද මේ රෑ මෙහේ ආවේ. මං හිටියේ හොඳටම බය වෙලා.

“විරූ… මොකද බබා මේ බය වෙලා… ම්..”

විරාජ්ගේ පුරුදු ආදරනීය හඬ ඇහුනාමයි මං පියවි ලෝකෙට ආවේ. මං එහෙමම විරාජ්ට තුරුල් උනේ හිතේ තිබුන බයටමයි.

“අනේ විරාජ් මෙහෙ මට අමුත්තක් දැනෙනවා. අනික මේ ඇඳුම් මට බෑ මේවා ඇඳන් ඉන්න.”

මං එහෙම කිව්වාම විරාජ් එයාගේ තුරුලෙන් මාව ඈත් කරලා ඒ දිලිසෙන ඇස් වලින් මං දිහා බලා හිටියේ අමුතු විදියට. මං ඒ වෙලාවෙයි ඒ ඇස් හරියටම දැක්කේ. ඔව් විරාජ් බීලා ඉන්නේ ඇස් රතූ වෙලා.

මට හිතන්නත් වෙලාවක් නොතියා මං උරහිස් උඩින් ලමැද වැහෙන්න දාගෙන හිටපු සාලුව විරාජ් අයින් කලා. ඊළඟට එයා මං උඩින් දාගෙන හිටපු කෝට් එකත් ගලවන්න හදනකොටම මං ඉක්මනට අනිත් පැත්තට හැරුනේ තාම මං විරාජ්ගේ බිරිඳ නොවෙන නිසයි. මං කෙල්ලෙක් කියන එකයි මගේ හිතට මුලින්ම ආවේ. ඒ කියන්නේ පිරිමි ඉස්සරහා මං පරිස්සම් වෙන්න ඕනි.

එතකොටම විරාජ් මගේ කුස වටෙන් අත දාලා පිටිපස්සෙන් මාව තුරුල් කරගත්තේ මගේ ගෙලේ එයාගේ දෙතොල් තවරන ගමනුයි.

මං කරන්ට් එක වැදුනා වගේ ඉක්මනට එයාගෙන් ඈත් උනා. ඉක්මනට සාලුව අරන් ආපහු උරහිස් වලින් දාගත්තේ එතකොටවත් විරාජ් එයාව පාලනය කරගනී කියලයි.

ඒත් නෑ. විරාජ් ආයෙම මට ළං උනා.

“විරාජ් ඇති..✋ නවතින්න. ඔයා හොඳ සිහියෙන් නෙවෙයි ඉන්නේ.. දැන් යන්න මෙහෙන්.. 😔

මං හිතට ආපු බයටම ඒ ටික කියාගත්තේ විරාජ් මගේ ආදරේ උනත් මගේ ආත්ම ගරුත්වය මට වටින නිසයි.

“අනේ පිස්සි බය උනාද.. ඔයා අද හරි සෙක්සි පාටයිනේ… මං විහිලුවක් කලේ..😁😁

විරාජ් එහෙම කියලා ගිහින් සෝෆා එකෙන් වාඩි උනාමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ.

“විරූ එන්න කමු. බඩගිනී මටනම්”

රිතූ කලින් පාර එනකොට කෑම දෙකක් ගෙනත් ස්ටූල් එක උඩ තියලයි තිබුනේ.

මාත් ගිහින් විරාජ් ළඟින්ම වාඩි උනේ විරාජ් කලින් කලේ විහිලුවක් කියලා කිව්ව නිසයි. විරාජ් එක කෑම එකක් අරන් මගේ අතින් තියලා ඇස් වලින් කිව්වේ මට කන්න කියලයි. එයත් අනිත් කෑම එක අරන් කන්න පටන් ගත්තා.

කෑම කාලා නානකාමරෙන් අතත් හෝදගෙන ඇවිත් මං ආයේ විරාජ් ළඟින් වාඩි උනා.

“විරාජ් ඇයි ඔයා මේ රෑ මෙහේ ආවේ”

මෙච්චර වෙලා හිතේ තිබුන ප්‍රශ්නේ මං ඇහුවා.

“මගේ මැණිකව බලන්න හිතුනනේ..”

විරාජ් එහෙම කියලා මාව ඇදලා අරන් තුරුල් කරගත්තා.

මොකද මංදා කෑම කාපු වෙලේ ඉඳලා මට නිකන් කැරකිල්ල වගේ. ඇඟට පනත් නෑ. ඒ නිසාම විරාජ් ඇද්දාම මාව නිකන්ම එයාගේ ඇඟට වැටුනා.

“විරාජ් මට හරි අමාරුයි. ඔයා දැන් යන්න මාත් නිදාගන්නම්”

මං ඇස් පියාගෙනම එහෙම කිව්වේ ඇත්තටම මට ඇඟට අමුත්තක් දැනුන නිසයි.

විරාජ් මාව උස්සලා එයාගේ දෑතට ගන්නවානම් මට දැනුනා. එයා හරී පරිස්සමට මාව ඇඳෙන් තිබ්බා.

❤️❤️❤️❤️❤️❤️

“නංගී… විරූ…. නැගිටින්න..”

ඒ ඇහුන හඬටයි මං අමාරුවෙන් ඇස් ඇරියේ. මගේ මුලු ඇඟම රිදෙනවා. කෙලින් වෙන්නවත් මට පනක් තිබුනේ නෑ. මං ළඟ හිටියේ කලින් දවසේ රෑ මට ඇඳුම් ගෙනත් දුන්න අක්කා.

“අනේ.. හ හරී.. අමාරුයි අක්කේ..😢

මං අමාරුවෙන් කියද්දී එයා මං දිහා බලන් හිටියේ ගොඩාක් දුකින් වගේ. එයා ආයෙම හැරිලා ගිහින් කාමරේ දොර වහලා මං ළඟට ආවා.

මං ඇඳෙන් නැගිටින්න කියලා හදද්දියි මට තේරුනේ මගේ ඇඟේ නූල් පටක්වත් නෑ කියලා. පෙරවන් හිටපු රෙද්ද පපුවට තද කරගෙන ඇස් වලට උනපු කඳුලු එක්කම මං බැලුවේ ඇඳ ළඟ හිටපු අක්කා දිහා.

“ම.. මට මො..මොකද උනේ”

මං ඇහුවේ ගොත ගගහමයි. ඒත් එයා දුකින් මං දිහා බලා හිටියා මිසක් මොනවත්ම කිව්වේ නෑ.

මං උත්සහ කලේ රෑ වෙච්චි දේවල් මතක් කරන්න. විරාජ් මාව ඇඳෙන් තියෙනවා මට හොඳටම මතකයි.

මං උත්සහ කලේ ඊට පස්සේ මට මොකද උනේ කියලා හිතන්නයි. එත් කිසිම දෙයක් මතකෙට එන්නේ නෑ. මං ඇස් වලින් කඳුළු ගලාගෙන යද්දී බෙඩ්ශීට් එකත් ඇඟේ ඔතාගෙන ඉක්මනට ඇඳෙන් බැස්සා.බැහැලා බැලුවේ ඇඳ දිහා.

මං මෙච්චර කල් රැකගත්‍තු මගේ පිරිසිදු කම ඒ ඇඳ රෙද්ද මත සටහන් වෙලා තියෙනවා දැක්කාම මට එහෙමම බිම ඉන්දුනේ වෙච්චි දේ තේරුම් ගන්න පුලුවන් උන නිසයි. මං ඇඬුවා ඔව් හොඳටම ඇඬුවා.

“නංගී මං සඳුනි. ඔයාට මේ වෙච්චි දේම තමයි නංගි මටත් උනේ. දැන් අඬලා වැඩක් නෑ.”

“අනේ.. අනෙ .. අක්කේ.. මෙ.. මේ.. මොකද්ද උනේ..මං කොහොමද මගේ රත්තරං අම්මට මූණ දෙන්නේ… මං මහා පව්කාරියක් පව්කාරියක් ..😭😭😭

මං අඬ අඬම හිතේ වේදනාවට ඇඳ විට්ටමට ඔලුව ගහගත්තේ දරාගන්න බැරිම නිසයි. නාඳුනන කෙනෙක් උනත් මේ වෙලාවේ මට දුක කියන්න හිටියේ සඳුනි විතරයි.

“නංගී.. අඬන්න එපා. ඔයත් විරාජ්ට රැවටුනා. මේක ගණිකා මඩමක් කෙල්ලේ. .. අනික ඔයාගේ වරදක් නෑ. ඔයාගේ කෑම වලට මත් පෙති දාලා තිබ්බේ..ඔයාගේ සිහිය නැති උනාම ඒ තිරිසනා ඌට ඕනි දේ කලා. මටත් උනේ ඔය ටිකමයි. ඒත් මට ඔයාව බේරගන්න බැරි උනා… ඒකට සමාවෙන්න නංගී.. දැන් අපි මෙතන හිරකාරියෝ…😭😭

සඳුනිත් මං ළඟට වෙලා හොඳටම ඇඬුවා . අනේ දෙයියනේ මට මේ මොකද්ද උනේ.. විරාජ්.. විරාජ් මට කලේ බොරුද එතකොට..

මං කොච්චර ඇඬුවත් මාව සනසන්න සඳුනි ඇර වෙන කවුරුත් ආවේ නෑ. මං හිටියේ අඬලම අසිහියෙන් වගේ. සඳුනි මාව හෝදවලා ඇඳුමකුත් ඇන්දෙව්වේ මං ඔහේ බලා ගත්තු අත බලාගෙන ඉද්දියි.

ඔව් මං රැවටුනා. ආදරේ නාමෙන් මං රැවටුනා. මගේ වටිනාකම ඒ තිරිසනා ඉස්සරහ දියවෙලා ගියා. තවත් මං ජීවත් වෙලා මොකටද. තව කී දෙනෙක්ගේ කාම ආශාව වෙනුවෙන් මං බිලි වෙන්නද. මට බෑ මට බෑ එහෙම වෙන්න. ජීවත් වෙන්න ආත්ම ශක්තියක් නෑ මට 😭😭

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

මොකද හිතන්නේ ළමයි. කතාව හොඳයිද.

කතාවේ අඩුපාඩු ගොඩාක් ඇති. මොකද මේ ගැන අත්දැකීම් මට නෑනේ මං අහල තියෙන දේවල් සමාජේ දකින දේවල් ඇසුරෙන් තමයි මං කතාව ලියන්නේ. ඉතිං අඩුපාඩු තියෙනවනම් කියන්න.

අනිත් කාරනේ මං මෙතෙක් ලියපු කතා ලිව්වේ පිටතින් ඉඳන් කියන විදියට ඒත් මං හිතුවා මේ කතාවේ චරිතේ මං වෙලා ලිව්වොත් ඒ කතාව ලස්සනට කියන්න පුලුවන් වෙයි කියලා. ඉතිං මේ විදියට කතාවෙ චරිතයක්ම කතාව කියන විදියට ලියන පළවෙනි වතාව නිසා අඩුපාඩු ඇති යාලුවනේ.. සමාවෙලා අඩුපාඩු පෙන්නලා දෙන්න ඉතිං …. 😁😁😁

මං හිතනවා කතාව තුළින් ඔයාලට ජීවිතේට යමක් එකතු වෙයි කියලා. 😊😊

Like comment කරන යාලුවෝ හැමෝටම ගොඩාරියක් තැන්කුයි …😘😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *