#මුලා_වූ_පෙම්වතී 03

💕තුන්වන දිගහැරුම💕

ඔව් මං රැවටුනා. ආදරේ නාමෙන් මං රැවටුනා. මගේ වටිනාකම ඒ තිරිසනා ඉස්සරහ දියවෙලා ගියා. තවත් මං ජීවත් වෙලා මොකටද. තව කී දෙනෙක්ගේ කාම ආශාව වෙනුවෙන් මං බිලි වෙන්නද. මට බෑ මට බෑ එහෙම වෙන්න. ජීවත් වෙන්න ආත්ම ශක්තියක් නෑ මට 😭😭

මට ඕනි උනේ ජීවිතේ නැති කරගන්න. එකපාරට හිතට ආපු සිතිවිල්ලට මේසෙ උඩ පළතුරු වට්ටියේ තිබුන පිහිය මං අතට ගත්තේ ජීවිතේ නැති කරගන්න හිතලයි.

“විරූ …. අනේ එපා නංගි.. මෙහෙ දෙන්න ඕක…පිස්සුද ඔයාට…. “

“මට මැරෙන්න දෙන්න… මට බෑ මගේ අහිංසක අම්මට මූණ දෙන්න..”

සඳුනි උදුරගත්ත පිහිය ඉල්ලල පොර බදන්න හයියක් මට තිබ්බේ නෑ. මං ඒ තරමටම දුර්වල වෙලයි හිටියේ. ඒ නිසයි පිහිය ඉල්ලලා එයාගේ කකුල් දෙක බදාගෙන ඇඬුවේ..

“නංගි මේ බලන්න. ඔයා ජීවිතේ නැති කරගන්න එක මේකට විසඳුමනම් මං ඒක මං කරලා ගොඩාක් කල්. ඒත් ඒකෙන් ඔයාගේ අම්මා පවුලේ අය තවත් දුක් වෙනවා විතරයි. මාත් කැමැත්තෙන් නෙවේ මෙහෙ ඉන්නේ. ඒත් අසනීපෙන් ඉන්න මගේ අප්පච්චිට බේත් කරන්න සල්ලි ඕනි. මට ඒ නිසා ජීවිතේ නැති කරගන්න බෑ. ඔයත් ගමෙන් ආපු කෙල්ලෙක්. නැති බැරි කම් නිසයි එන්න ඇත්තේ. ඉතිං ඔයා මැරුනොත් ගෙදර අයට පිහිට වෙන්නේ කවුද.”

ඔව් සඳුනි කියන දේවල් ඇත්ත. ඒත් දෙයියනේ මං කොහොමද මේ වගේ දේකින් හොයන සල්ලි මගේ නංගි වෙනුවෙන් දෙන්නේ.අනික දුක් විඳලා මාව හදපු අම්මට වෙන ලැජ්ජාව.මට බෑ එහෙම කරන්න.

“අනේ අක්කේ ඒත් මං කොහොමද මෙහෙම තැනක…😭😭😭😭

මට කතා කරගන්නත් බෑ මගේ රත්තරං අම්මා මං සල්ලි එවනකල් බලා ඉන්න මගේ නංගි මතක් වෙද්දී මට මාවම අප්පිරියයි. ඔව් හිඟා කන්න උනත් මේ ජොබ් එකනම් කරන්න මට බෑ.

“නංගි හැමෝම හිතන්නේ දුප්පත් නිසා අපි සෙල්ලම් බඩු කියලා. අපි දුර්වලයි කියලා. ඉතිං අපි ජීවිතේ නැති කරගත්තම උන් අපි වගේම තවත් කෙල්ලෙක් මෙතනට ගෙනෙයි. අන්තිමට අපෙ ජීවිතේ විතරක් නෙවෙයි තවත් කෙනෙක් විනාශ වෙලා. පුලුවන් නම් මේ ප්‍රශ්නෙට මූණ දීලා තව අයට මේ දේ වෙන එක නවත්තන්න මොනා හරි කරමු. එතකොට අපිට පොඩි හරි හිතට සැනසීමක් ලැබෙයි තව අය මෙහෙම බිලි නොඋනම.

නංගිට පුලුවන් නම් අහු නොවෙන්න මෙහෙන් පැනලා යන්න. මට ඒ දේ කරන්න බෑ මගේ අප්පච්චිට දවසක බේත් වලට ලොකු ගානක් ඕනේ. මෙතනින් පැනලා ගියොත් මට සල්ලි නෑ. ඔයා තාම මෙහෙට ආවා විතරයි. පුලුවන් නම් පැනලා යන්න. ජීවිතේ නැති කරගන්න එක නෙවෙයි නංගි කරන්න ඕනි පැනලා ගිහින් හරි ජීවිතේ හදාගන්න එක. ගනිකාවොත් බුදුන්ගේ බන අහලා රහත් උනා. ඔයා තාම ගනිකාවක් උනේ නෑ. 😭😭

සඳුනි අඬ අඬම මට ගොඩාක් දේවල් කිව්වා. මං ඔහේ අහගෙන හිටියා මිසක් වචනයක් වත් කිව්වේ නෑ.

ඔව් එක අතකට සඳුනි හරි. මං ඇයි ජීවිතේ නැති කරගන්නේ. මං නැති උනොත් අම්මා නංගි කොහොමද ජීවත් වෙන්නේ. මං කොහොම හරි මෙතනින් ගැලවෙන්න ඕනි. මං තදින්ම හිතාගත්තේ කොහොම හරි මෙතනින් යනවා කියලයි.

“නංගි දැන් මැඩම් ආවොත් බනී. මං යන්නම්. ඔයාට අද රෑ වෙනකල් ආපහු කරදරයක් වෙන එකක් නෑ ඔයා අලුත් නිසා. ඒ නිසා දැන් මේ ටික වෙලාව බය නැතුව කරන දෙයක් හිතන්න.මෙතන අනිත් අය මං වගේ නෑ නංගි. මටත් ඔයා වගේ නංගියෙක් ඉන්නවා. ඒකයි හැමදේම කිව්වේ. මං යන්නම්.”

එහෙම කියාගෙන මගේ ඔලුවත් අතගාගෙනම සඳුනි යන්න ගියා. මං තවත් පැයක් විතර ඒ විදියටම අඬන්න ඇති.

අන්තිමට මං තීරණයක් ගත්තා. ඔව් මං කොහොම හරි මෙහෙන් පැනලා යනවා. මගේ අම්මා කවදාවත් මාව අහක දාන එකක් නෑ.

ආපහු කාටවත් බෑ මාව රවට්ටන්න. කොළඹින්ම මොකක් හරි රස්සාවක් හොයාගන්නවා. අම්මවයි නංගිවයි අඩුපාඩුවක් නැතුව ජීවත් කරනවා කොහොම හරි. මං මටම පොරොන්දු වෙලා අමාරුවෙන් බිමින් නැගිටලා ඇඳේ වාඩි උනා.

මුලු ඇඟම රිදෙනවා. උදේ සඳුනි ගෙනත් තියපු කෑම එක තාම ස්ටූල් එක උඩ. හිමීට ඇවිදන් සෝෆා එක ළඟට ගියේ මුලින්ම කාලා ඉන්න. මෙතනින් පැනලා යන්නනම් ඇඟට පන ඇතුව ඉන්න ඕනි. ඒ නිසාම මං කෑම එක කෑවා. කාලා ඇඳට ඇවිත් ඇල වුනේ පැනලා යන විදියක් හිතන්න ඕනි නිසයි.

එතකොටම කාමරේ දොර ඇරගෙන ඇතුලට ආවේ ඊයේ විරාජ් මාව බාර දීපු හැමෝම මැඩම් කියලා කතා කරපු ඒ ගෑණි. මාව කේන්තියෙන් පුපුරනවා මේ ගෑනිව දැක්කාමනම්. ඒත් මං කේන්තිය නොපෙන්වා අඬනවා වගේම හිටියා.

“කෙල්ලේ දැන් ඉතිං ඇඬුවා කියලා වැඩක් නෑ. මේ රස්සාවෙන් ඉක්මනට පෝසත් වෙන්න පුලුවන් උඹලට. දැන් ටිකක් රෙස්ට් කරලා රෙඩි වෙන්න රෑට ඔයාට වැඩ තියෙයි. අද විතරයි මෙහෙම දවල් වරුව ඉන්න දෙන්නේ. කස්ටමර්ලව උපරිම සතුටු කරන්න ඕනේ. නැත්නම් ඉල්ලුම අඩු වෙයි.😏😏

මගේ දිහා බලාගෙන එයා නිකන් මහ ඒජන්ත වගේ කියාගෙන ගියා. දෙයියනේ ගෑනියෙක් වෙලත් තවත් කෙල්ලෙක්ගේ ජීවිතේ මෙහෙම විනාස කරන්න පුලුවන්ද මේ ගෑණිට.

“මැඩම් මට එන්න කිව්වද”

එතකොටම එහෙම අහගෙන කාමරේට ආවේ සඳුනි

“ආ..ඔව් සඳූ එන්න. ඔයා මෙයාට හැමදේම කියා දෙන්න. අද රෑ වෙද්දි මෙයා රෙඩි වෙන්න ඕනි “

එහෙම කියාගෙන මැඩම් එළියට ගියේ කාමරේ දොරත් වහගෙනමයි.

“විරූ.. දැන් කොහොමද තාම අමාරුයිද”

“දැන්නම් අඩුයි අක්කේ.”

“ඔයා තීරණයක් ගත්තද නංගි”

“හ්ම් ඔව් අක්කේ මං මෙහෙන් පැනලා යනවා. මට උදව් කරනවද”

“හිතුවද යන්න විදියක්”

සඳුනි එහෙම ඇහුවාමයි මාව අසරණ උනේ. යනවා කිව්වට කොහොමද යන්නේ.මං මෙහේ ගැන මොකුත් දන්නේ නෑ.

“නෑ අක්කේ”

“හ්ම්… නංගි රෑට ඔයාව ඉල්ලලා තිබුනේ ටිකක් වයසක මිනිහෙක්”

සඳුනි ඒක කිව්වාම මට දැනුනේ පුදුම අප්පිරියාවක්.

“ඔයාට ඒ නිසා අද පැනලා යන්න ලේසි වෙයි.”

සඳුනි කියවද්දී මං අහගෙන හිටියේ සඳුනි කියන්න යන්නේ මොකද්ද කියලයි. මටත් ඕනි උනේ අදම පුලුවන් නම් මේ දැන්ම හරි මේ අපායෙන් ගැලවිලා යන්නයි.

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

කතාව මෙච්චර ජනප්‍රිය වෙයි කියලා හිතුවෙම නෑ. ගොඩාක් සතුටුයි යාලුවනේ ….

හ්ම්… ඉතිං මොකද හිතන්නේ… මං හෙන සීරියස් වෙලා නේද අනේ..😂😂 හරියන්නෑ… කෝ කෝ.. ශකී.. ආපහු එන්න මගේ ඇඟට… මේ විරූ සීරියස් වැඩී…😁😁😁

බෝරින් වගේනම් කියන්නෝ….

ඉතිං like comment කරන හැමෝටම ඉඟුරු විස්කෝතුයි ප්ලේන්ටී හොඳේ…😂😂😂😘😘

ආදරෙයි හැමෝටම …. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *