#මුලා_වූ_පෙම්වතී 04
සිව්වන දිගහැරුම
“ඔයාට ඒ නිසා අද පැනලා යන්න ලේසි වෙයි.”
සඳුනි කියවද්දී මං අහගෙන හිටියේ සඳුනි කියන්න යන්නේ මොකද්ද කියලයි. මටත් ඕනි උනේ අදම පුලුවන් නම් මේ දැන්ම හරි මේ අපායෙන් ගැලවිලා යන්නයි.
“නංගි ඔයා කිසි වෙනසක් පෙන්නන්න එපා. ඔයා ඒ මනුස්සයට කැමතී වගේ ටිකක් රඟපාන්න. එහෙම කලොත් වැඩේ ලේසී.”
සඳුනි මට උපදෙස් ගොඩාක් දුන්නා මාත් හැමදේම හොඳට අහගෙන හිටියේ මොන විදියකින් හරි අදම මෙහෙන් පැනලා යනවා කියලා හිතාගෙනයි.
“හරිනේ විරූ එහෙනම්. ඩ්‍රින්ක්ස් ඇති ඔය බෙඩ් කබඩ් එකේ. මං කිව්ව විදියට සේරම කරන්න.”
“හරි අක්කේ. ඔයාට ගොඩාක් පිං. “
“නංගි තව දෙයක් ඔයා තනියම මේවට විරුද්ධව වැඩ කරන්න එපා. මුන් සල්ලි බලෙන් හැමදේකින්ම බේරෙයි. අන්තිමට ඔයාගේ ජීවිතේ අනතුරේ. “
එහෙම කියලා සඳුනි කාමරෙන් යන්න ගියා. දවසම කාමරේට වෙලා මං ඔහේ කල්පනා කර කර හිටියේ මගේ ජීවිතේට මේ වෙච්චි දේවල්.
දෙයියනේ මං වගේ තව කී දෙනෙක් මේ තැනට ගේනවා ඇතිද. මට ආපු කේන්තියට මට හිතුනෙම මෙතනින් ගිය ගමන් පොලීසියට යන්න ඕනි කියලයි. ඒත් එක අතකට සඳුනි හරි.
මං කොහොමද මේ මිනිස්සු එක්ක හැප්පෙන්නේ. මුලින්ම ජොබ් එකක් හොයාගන්න ඕනි. දෙයියනේ මේ ලෝකේ මේ දේවල් වලට එරෙහි වෙන හොඳ මිනිස්සු ඇත්තෙම නැද්ද කියලයි මං කල්පනා කලේ.
අන්තිමට මං හිතුවා කාන්තා සංවිධානයක් වගේ එකකට මේ ගැන තොරතුරු දුන්නොත් හොඳයි කියලා.
කොයි දේටත් කලින් අහු නොවෙන්න මං මෙතනින් පැනලා යන්න ඕනිනේ.
දවසම ඔහේ.. කාමරේට වෙලා හිටියා. රෑ හතට වගේ කවුරු හරි කාමරේ ලොක් එක කරකවනවා ඇහුන නිසා මං සැක නොහිතෙන විදියට ආපහු දුක මූණ හදාගත්තා. ඇතුලට ආවේ අර මැඩම් එක්කම සඳුනි.
“ආ දැන් අඬලා ඉවරයි වගේ හැමෝම මුල් දවසේ විතරයි කෙල්ලේ අඬන්නේ.. සඳු කියා දෙන්න ඇතිනේ උදේ කස්ටමර් කෙනෙක් ආවාම ඉන්න ඕනි විදිය.”
එයා සැරෙන් වගේ අහනකොට මං බිම බලාගෙනම ඔව් කියන්න ඔලුව වැනුවේ ඒ ගෑණිගේ මූණ බලන්නත් අප්පිරියාවක් දැනුන නිසයි.
“හ්ම් එහෙනම් ලෑස්ති වෙලා ඉන්න. අද තමුන්ට බාර දෙන්නේ අපේ හොඳ කස්ටම කෙනෙක්ව. එයාව උපරිමයෙන් සතුටු කරන එකයි ඔයාගේ වගකීම. තේරුනාද “
ඒකටත් මං කලේ ඔලුව වනපු එක.
“හ්ම් සඳූ එහෙනම් මෙයාට ඔය ඇඳුම් අන්දලා පොඩ්ඩක් රෙඩි කරන්න. දැක්ක ගමන් හිත යන්න ඕනි දන්නවනේ ඉතිං “
“හරි මැඩම්. “
සඳුනි එහෙම කියනවත් එක්කම මැඩම් යන්න ගියා. ටිකක් වෙලා එහෙමම හිටපු සඳුනි ආයෙම දොර ළඟට දුවලා මැඩම් ගියාද බලලා රූම් එකේ දොර වැහුවා.
“නංගි මිනිහා එනකොට රෑ 11 වගේ වෙයි. ඌ එන්නෙත් හතරගාතෙන්. ඒ නිසා ඔයාට වැඩේ ලේසි. ඔය එන එකා නිතරම එනවා. “
“අනේ මංදා අක්කේ දැන්නම් බයයිත් එක්ක.”
“බය වෙන්න එපා නංගෝ. හ්ම් දැන් වොශ් දාලා මේ ඇඳුම් ඇඳගන්න”
එහෙම කියලා සඳූ මං දිහාට දික් කලේ ඇඳුම් ටිකක්. ඒක අරන් දිග ඇරලා බැලුවාම මගේ මූණ වෙනස් වෙන්න ඇති. මොකද ඒ තිබිනෙත් කලින් දා වගේම ඇඳුමක් .
“බය වෙන්න එපා කෙල්ලේ.. ආ..යනකොට මෙක උඩින් දාගෙන යන්න.”
එහෙම කියලා සඳුනි මට දුන්නේ මං ඊයේ එනකොට ඇඳන් ආපු සායයි බ්ලව්ස් එකයි.
“ඕක විසි කරන්න කිව්වා මැඩම්. ඒත් මං හංගලා තිබ්බා. දැන් ඔයාට ඇඳුම දුන්නාම ඒ උරේටම හොරෙන් මේකත් දාගත්තා.”
“අම්මෝ බැරි වෙලාවත් ඒ ගෑනි බැලුවනම්”
“ නෑ කෙල්ලේ. එයා එන්නේ බොරුවට අන දෙන්න විතරයි. ඒක දන්න නිසයි බය නැතුව ගෙනාවේ.”
“ඔයාට පිං අක්කේ අඳුරන්නෙවත් නැති මං වෙනුවෙන් මේ කරන දේවල් වලට.”
“මට පිං ඕනි නෑ නංගි. මේ ජීවිතේ දුක මං විඳිනවා. ඒ දුක ඔයත් විඳින්න ඕනි නෑ කියලා හිතුවා. මටත් ඉන්නේ ඔයා වගේම නංගි කෙනෙක්. “
සඳුනි ඇස් වලත් කඳුලු පුරවන් කියද්දි මටත් මතක් උනේ මගේ නංගිව. දෙයියනේ එයාට මෙහෙම උනානම් මං මැරෙයි පපුව පැලිලා.
“නංගි එහෙනම් වොශ් දාගෙන ඕක ඇඳගෙන එන්න. රඟපාන්න එපැයි දැන් “
සඳුනි හිනාවෙලා එහෙම කිව්වාම මාත් හිනාවෙලාම වොශ් රූම් එකට ගිහින් හිතේ හැටියට නා ගත්තේ දවසම මෙහෙම ඉඳලා එපා වෙලා තිබුන නිසයි.
ඊයේ රෑ අඳින්න හම්බුනා වගේම ඕෆ් වයිට් නයිට් කිට් එකක් අදත් තිබුනේ. මේක අඳිනවට වඩා ඇඳුම් නැතුවම හිටියම් ඉවරයි කියලයි කණ්නාඩියෙන් මාවම දැක්කාම මට හිතුනේ.
“එන්න නංගී කොණ්ඩෙත් පීරලා රෝස් පවුඩර් ටිකකුයි ඩාර්ක් රෙඩ් ලිප් කලර් එකයි ගාමු. බැරි වෙලාවත් මැඩම් ආවොත් නැත්නම් සැක හිතෙයි”
මාත් ඉතිං මූණ ඇඹුල් කරගෙන සඳුනිට මේකප් දාන්න දීලා ඔහේ හිටියා. මං ගොඩාක් චාම් කෙල්ලෙක්. ඇත්තටම කවදාවත් මෙහෙම ජරාව උලලා නෑ. ගමේ ඕවා උලාගෙන ගියොත් මිනිස්සු බලන්නේ කොහොමත් අමුතු සතෙක් දැක්කා වගේ.
මේකප් දැම්මාම මටම මං දිහා බලන්න හිතුනේ නෑ. මිනීමස් කාලා වගේ නිකන් තොල් දෙක.
“ඕක හිතන්න එපා නංගි. සෙක්සි ලුක් එක ගන්න ඔහොම තමා ලිප්ස් කලර් කරන්නේ. ඕක නෙවේ ඔයා මෙහෙන් යන එක ගැන හිතන්න. ඒකයි වැදගත්.”
සඳුනිට මං මූණ හතරැස් කරන් අප්පිරියාවෙන් මගේම රූපෙ දිහා බලන් ඉද්දි තේරෙන්න ඇති මං ආස නෑ කියලා. හ්ම් ඔව් එයා හරි මං හිතන්න ඕනි දැං මං මෙහෙන් යන එක ගැන.
“කෙල්ලේ අර ඇඳුම බෙඩ් කබඩ් එකේ හංගලා ඇති. යනකොට අරන් දාගන්න.”
සඳුනි එහෙම කියනවත් එක්කම රූම් එකේ ලොක් එක කැරකුනා. අපි දෙන්නම බැලුවේ ඒ පැත්ත.
ඒ ආවේ රිතූ. මං දිහා හොඳට බලලා අමුතු හිනාවක් දැම්මා.
“සඳූ වැඩේ ගානට කරලා තියෙන්නේ. සඳූ මැඩම් එන්න කිව්වා කස්ටමර් කෙනෙක් ඉන්නවා ඔයාට.”
සඳුනි ලොකු හුස්මක් හෙලලා මං දිහා බලලා ඇස් වලින් කිව්වේ බය නැතුව ඉන්න කියලයි.
“විරූ මං යනවා. මතකයිනේ කස්ටමර් ඉස්සරහා හැසිරෙන හැටි.”
රිතූ හිටපු නිසාද කොහේද සඳූ එහෙම කිව්වා. මාත් යාන්තම් හිනාවෙලා ඔලුව වැනුවේ ඔව් කියන්න.
රෑ 11ට වෙනකොටම රූම් එකේ දොර ගාවින් සද්දයක් ඇහුනා.
“මිස්ට විජේසේකර මේ රූම් එකට යන්න”
ඔව් ඒ එන්නේ එනවා කියපු එකා වෙන්න ඕනේ. මං සඳූ කියපු විදියටම ඇඳෙන් වාඩි උනා.
මේ රඟපෑම මට ගොඩක් අපහසුයි. පිට පිරිමියෙක් ඉස්සරහා මෙහෙම ඇඟ පේන ඇඳුම් ඇඳගෙන කොහොම ඉන්නද. ඒත් මං හිතට හයිය අරගත්තා. මොකද මං මෙතනින් බේරෙන්න ඕනි.
එතකොටම රූම් එකේ දොර ඇරුනා.
හ්ම්.. මොනවා වෙයිද ළමායී…
ඊයේ කෙනෙක් මට ලොකූ චෝදනාවක් කලානේ. හිත රිදුනා. ඒත් ඔයාලා මගේ හිත හැදුවා. හැමෝටම තැන්කුයි …
ඉතිං මං සැලෙයිද මිත්‍ර වරුනී… නෑනේ..
ඒ කෙනාට දඬුවමකුත් ලැබුනා..
ඉල්ලිමක් තියෙනවා තව කොටස් දෙකක් විතර යනකල් කතාව කියවලා ඉන්න. ඊට පස්සේ චෝදනා කරන්න.
ළමයි මං කාවවත් මෙන්ශන් කරන්නේ නෑ. කරන්න බෑ කස්ටිය වැඩී.. ඒ නිසා කතාව මග ඇරුනොත් තරහා නැතුව මගේ වෝල් එකෙන් බලන්න. කතාව ඇල්බම් කරලා තියෙනවා…
Like comment කරන යාලුවෝ හැමෝටම තැන්කුයි …