#මුලා_වූ_පෙම්වතී 06

💕හයවන දිගහැරුම💕

තව මොහොතක්වත් නොයිඳ දුවන්න හිතලා මං අනිත් පැත්තට හැරුනත් එතකොට පරක්කු වැඩි. දිගට තිබුන මගේ කෙස් වැටියෙන් ඒ මනුස්සයා ඒ වෙනකොටත් අල්ලගෙන ඉවරයි.

“කොහේද මේ කුමාරි දුවන්න හදන්නේ ආ…😂😂

එහෙම කියලා අමුතුවට හිනා වීගෙනම ඒ මනුස්සයා මගේ ඉස්සරහට ආවා. දෙයියනේ මොන කරුමයක්ද මට මේ පල දෙන්නේ.

මගේ ඉස්සරහින් ආපු ඒ මනුස්සයා මගේ උරහිස් දෙකට අත් තියාගෙන මං දිහා බැලුවේ පුදුම කෑදර බැල්මකින්. තවත් දෙන්නෙක් මගේ පිටිපස්සෙන් හිටියා.

මට තේරුන එකම දේ මං කොහොම හරි මේ මිනිස්සුන්ගෙන් බේරිලා පැනලා නොගියොත් ගනිකා මඩමේ හිටියට වඩා දරුනු ඉරනමක් මට අත් වෙයි කියන එකයි.

“අම්මෝ… බලපන්කෝ ලස්සන… ඉටි රූපේ වගේ… “

එකෙක් මගේ මූණත් අත ගගා කියවන්න ගත්තා.

හරියටම තව මීටර් දෙකක් වගේ දිව්වනම් මේන් රෝඩ් එක බව ලයිට් එලි වලින් මං අඳුරගත්තා. කොහොම හරි මෙතනින් මේන් රෝඩ් එකට දුවාගත්තොත් උදව්වට කෙනෙක් හම්බෙයි.

“කුමාරි බය වෙලා බං හොඳටම.. ඒ කොහේටද ගෙනියන්නේ….😕😕

“ඇයි බං සෙල්ටගේ මඩුවට අරන් යමන්… එහෙ මොකෙක් වත් නෑ.”

මේ මිනිස්සු මාව ගෙනියන්න කලින් මං පැනලා දුවන්න ඕනි.

මගේ වාසනාවටද මංදා එකපාරට නොහිතපු විදියට මහා වැස්සක් කඩා පාත් උනා. අර මිනිස්සු අහස දිහා බලපු තප්පරේට මං අත් දෙකෙන්ම සායත් උස්සගෙන දිව්වේ ඈතින් පෙනුන මේන් රෝඩ් එක පැත්තට ..

“ඒ.. ඔහොම හිටපන් … පැනලා යන්න බෑ උඹට.. මේ අපේ වැයික්කිය 😣😣

අර මිනිස්සු තුන්දෙනත් කෑ ගගහම මං පස්සෙන් එලවනවා.

මේන් රෝඩ් එකට එනකොටම මං දැක්කේ ටිකක් එහායින් එන කාර් 🚗 එකක්. ඕන දෙයක් කියලා පාර මැදට පැන්නේ මේ මිනිස්සු එක්ක තවත් ඔට්ටු තියන්න හයියක් නැති නිසයි.

කාර් එක මහා හයියෙන් බ්‍රේක් කරලා මගේ ළඟින්ම නැවතුනා. එකපාරට ඉස්සරහා දොර ඇරගෙන බැස්සේ කොල්ලෙක්. කේන්තියෙන් මූණ රතු කරන් මං ළඟට ආවේ කෑගහගෙනමයි.

“තමුසෙට පිස්සුද හලෝ. මැරෙන්න ඕනෙ නම් ගිහින් ගගක මුහුදක පනිනවා. මෙතන අනිත් මිනිස්සුන්ට ප්‍රශ්න ඇති නොකර.”

මගේ ඇඳුම් ඇඟට ඇලෙන්නම තෙත් වෙලා. මං මොනාත් නොකියා බිම බලාගත්තා.

“ඒ අන්න ඉන්නවා… “

ඒ සද්දෙට ඔලුව හරවලා බලද්දි අර මිනිස්සු මං දිහාට එනවා. එහෙන් මේ කොල්ලා තාම මට බනිනවා.

වෙන කරන්න දෙයක් නෑ මෙයාගෙන්ම තමයි මට උදව් ගන්න වෙන්නේ..

“අනේ මහත්තයෝ මාව බේරගන්න. අර අර මිනිස්සු මං පස්සෙන් එන්නේ.. අනේ මං උන්ව දන්නේ නෑ..😭😭😭

ඒ කොල්ලගේ ළඟටම ගිහින් කකුල් දෙක අල්ලලා වැඳගෙන මං කිව්වේ මට වෙන කරන්න දෙයක් නැති නිසයි.

එතකොටම අර මිනිස්සු අපි ළඟට ආවා.

“ඒ.. මෙහෙ වර පරට්ටි…”

ඒ මනුස්සයෙක් එහෙම කියලා මාව ඇදලා ගන්නකොටම අර කොල්ලා මාව අනිත් අතට ඇදලා ගත්තේ හිතාගන්නත් බැරි විදියට.

“ඒ මේ මහත්තයා ඕකිව අපිට දීලා පාඩුවේ ගියානම් තමයි හොඳ”

“නංගි ගිහින් නගිනවා කාර් එකට”

ඒ කොල්ලා මට එහෙම කියලා මාව කාර් එක පැත්තට අත ඇරලා එයා අර මිනිස්සු දිහාට ඇවිදන් ගියා.

“කෙල්ලෙක්ටවත් පාරක යන්න දෙන්නේ නැති තිරිසන්නු.”

“මේ මේ මහත්තයෝ ඔයාට අපේ වැඩ අදාල නෑ හොඳ හිතින් ඕකිව දෙන්න”

“ඇයි නොදුන්නොත් උඹලා මොනවා කරන්නද.. ආ..”

“කරන දේද.. හරි බලාගමු.”

මං කාර් එකෙ ඉඳන් බලන් හිටියා ඒ කොල්ලා අර මිනිස්සුන්ට හොඳටම අල්ලගෙන ගැහුවා. දෙන්නෙක්ට ගහද්දි අනිත් එකානම් පැනලා දිව්වා.

“මතක තියාගනින් මේ වගේම ගෑණියෙක් නිසයි උඹලා ඉපදුනේ.. ගෑණුන්ට කරදර කරන තොපි තිරිසන් සත්තු. පලයව් යන්න.”

ගුටි කාලා බිම වැටිලා හිටපු ඒ මිනිස්සුන්ට එහෙම කියලා ඒ කොල්ලා ඇවිත් කාර් එකට නැග්ගා.

මං වගේම දැන් එයත් තෙත බරියම් වෙලා. මාව සීතලටම වෙව්ලනවා.

සද්ද නැතුවම ටික දුරක් ගියා. ඒ මූණෙ කේන්තිය දැක්කාම මට මොනාත් කියන්නත් බයක් දැනනුනේ. ඒ නිසාම මං සද්ද නැතුවම හිටියා.

ටික දුරක් ගිහින් පාර අයිනට කරලා කාර් එක නැවැත්තුවා. මං එකපාරට ඒ කොල්ලා දිහා බැලුවේ නැවැත්තුවේ ඇයි කියලයි.

“නම මොකද්ද”

ඉදිරිය බලාගෙනම එයා ඇහුවා.

“ලි..ලිහිණි”

“ඒකද මේ වැස්සේ වැහි ලිහිණි වගේ තෙමීගෙන මහා රෑ ඇවිදින්නේ..”

එකපාරට මං දිහා බලලා ඒ කොල්ලා ඇහුවා. මං ඉතිං මොනා කියන්නද. මට වෙච්චි දේවල් දන්නේ මමනේ.

“හ්ම්.. කොහේටද ගිහින් දාන්න ඕනේ”

මං නිරුත්තර උනා. දෙයියනේ මං කොහේද යන්නේ ඇත්තටම. මං ඔහේ ඔලුව පාත් කරන් හිටියා. ඇස් වලින් එක දිගට කඳුලු ගලනවා. ඔව් මං අසරණයි. යන එනමං නැති තරම් අසරණ වෙලා.

“මං ඇහුවේ ඔයා ඉන්න තැනක්. “

එයා ආයෙම ඇහුවා. ඔහොම නෙවෙයි කොහොම ඇහුවත් මං කොහේ කියන්නද. මට තවත් ඇඬුනා. ඇඬුම් එක්ක ඉකියකුත් පිටවුනේ මං ගැනම දැනුන ආත්මානුකම්පාවෙන්.

එකපාරට ඒ කොල්ලා මගේ නිකටින් අල්ලලා මූණ එයා පැත්තට හැරෙව්වා.

“ඇයි අඬන්නේ.. ඒ මිනිස්සු කරදරයක් කලාද.”

එයා මගෙන් ඇහුවේ පොඩි එකෙක්ගෙන් අහනවා වගේ.මං නෑ කියන්න ඔලුව වැනුවා.

“ම..මං මෙතනින් බහින්නම්. මහත්තයට ගොඩාක් පින්😭😭

“ඉන්න”

මං බහින්න හදනකොටම එයා එහෙම කිව්වාම මං ආයේ එයා පැත්තට හැරුනා.

“මෙතන බැහැලා කොහේටද යන්නේ. ළඟ පාත ගෙවල් නෑනේ “

ඇත්තටම ඒ හරිය පාලුයි. මං ඒ බව දැක්කේ දැන්. මං ඔහේ බලාගෙන හිටියා. මේ මගේ අසරණ කම.

එකපාරට ඒ කොල්ලා ආයෙම කාර් එක ස්ටාට් කලා. මං එයා දිහා බැලුවේ මොනාද කරන්නේ කියලයි. ඒත් එයා ඉස්සරහා බලාගෙන කාර් එක එලවනවා.

අන්තිමට කාර් එක නැවතුනේ…..

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

කොහේද නැවතුනේ….

අද කතාව නිකන් ගැලපීමක් නෑ වගේද යාලුවනේ මට ඒම දැනුනා.

Like comment කරන හැමෝටම ගොඩාරියක් තැන්කුයි …..

ආදරෙයි කස්ටියටම …😘😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *