#මුලා_වූ_පෙම්වතී 18
දහඅටවන දිගහැරුම
“කල්පනා නොකර ප්‍රශ්නේ ඇහුවනම් මට උත්තර දෙන්න පුලුවන් “
මගේ කල්පනාව බිඳලා දේෂු කිව්වේ හිනා වෙවීමයි. මාත් හිනා වෙලාම ඉතිං දේෂුගෙන් ඇහුවා යන්නේ කොහේද කියලා.
“විරූ… මගේ යාලුවෙක් ඉන්නවා CID OFFICE කෙනෙක් ඔයාව ගෙනිච්ච මඩම ගැන කිව්වාම මිනිහා කිව්වා ඔයා එක්ක කතා කරන්න ඕනි කියලා . බය වෙන්න එපා නංගී ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.”
මට මතක් උනේ සඳුනිව ඔව් මං එයාට පොරොන්දු උනා. කොහොම හරි මේ මඩම ගැන තොරතුරු හෙලි කරනවා කියලා .
“මං ලැස්ති අයියේ ඕනි වෙලාවක ……. මන් වගේම තවත් ගෑනු ලමයිට මෙහෙම වෙනවට මං ආස නෑ”
ඔව් එදා හිටපු බයෙන් හැංගුණු විරූ දැන් නෑ . ජිවිතේ වැටිලා නැගිටලා හෙම්බත් වෙලා දැන් ඉන්න විරූ ශක්තිමත් .
“අපි විස්තර මගේ යාලුවට කිව්වට පස්සේ අපිව ඒ මිෂන් එකට ගාව ගන්නේ නෑ. එතනින් එහාට හැමදේම එයාලා කරයි.”
දේෂු එහෙම කියලා කෑම කලා කාමරේට ගියා. මාත් කමලම්මා එක්ක කුස්සිය අස් කරලම නිදාගන්න ගියා. අද ගමේ ගිහිල්ලා ඇවිත් මහන්සි නිසා ඔෆිස් වැඩ කරන්න හිතක් තිබුනේ නෑ. ඒ නිසාම නිදාගන්න හිතන් ඇඳට ගොඩ උනා.
දේෂු ඔයා ඇයි මං වෙනුවෙන් මේ තරම් කැපකිරීම් කරන්නේ. ඔයාගේ විරූගේ නම මට තියෙන නිසාද….. නැත්නම් මං ගැන අනුකම්පා කරලද…. මට හිතාගන්න බෑ කිසිම දෙයක්.
ඒත් ඔයා ළඟ ඉද්දී කවදාවත් කවුරු ළඟවත් නොදැනුන හැඟීමක් මට දැනෙනවා. හරියට ඔයා මං වෙනුවෙන්ම ඉන්නවා වගේ. මාව ආරක්ෂා කරන්නම මං ළඟ ඉන්නවා වගේ. මගේම කෙනෙක් වගේ. ඒ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. වෙලාවකට හිතෙනවා මං ඔයාට ආදරේ කරන්නවත් අරන්ද කියලා.
නෑ නෑ එහෙම වෙන්න බෑ කීයටවත්….. දෙවි කෙනෙක් වගේ මට පිහිට වෙච්චි ඔයා ගැන එහෙම හිතලා ඔයාට අපහාස කරන්න මට බෑ…..
අනික ඔයා වගේ උතුම් කෙනෙක්ට ළං වෙන්න තරම් මං සුදුසුත් නෑ. ඒත් ඔයා මෙහෙම මට පිහිට වෙන්නේ ඇයි දෙයියනේ … මට හිතාගන්න බෑ.
ජීවිතේ කවදාවත් දැකලවත් නොතිබුන මගේ අම්මට ඔයා අද කට පුරා අම්මේ කියලා කතා කලා. පපුවට තුරුල් කරන් සැනසුවා. ඒ ඇයි දේෂු ඇයි ඔයා ඒ තරම් නිහතමානි …
මගේ අම්මයි නංගි වෙනුවෙන් ඕනි හැමදේම ඔයා හිතලා ගෙනිහින් තිබුනා. හරියට ඔයාගේ අම්මව බලන්න යනවා වගේ. ඔච්චර හොඳ උනේ කොහොමද දෙවියනේ …
ඔයා ඔයාගේ විරූව මගෙන් හොයනවාවත්ද.. අනේ නෑ නෑ.. මං මේ මොනාද හිතන්නේ දෙයියනේ …
ඒක කීයටවත් වෙන්න බෑ. මං ගැන එහෙම හිතන්නේ කොහොමද එයා. මං වගේ කෙල්ලෙක් එයාට ගැලපෙන්නේ නෑ කොහොමත් …
මට මාවම තේරුම් ගන්න බෑ. පැයක් විතරම මං ඇඳට වෙලා කඳුලු එක්ක ඔට්ටු වෙවී කල්පනා කරන්න ඇති. මට නින්ද ගියේ කොයි වෙලේද කියලවත් මං දන්නේ නෑ..
“දුවේ…”
කමලම්මාගේ සද්දෙටයි මං ඇහැරුනේ
“අයියෝ… කමලම්මේ… මට නින්ද ගිහින්ද…“
මං එහෙම කියාගෙනම ඉක්මනට ඇඳෙන් බිමට පැන්නේ කමලම්මා මාව ඇවිත් ඇහැරවන්න තරම් එළි වෙනකල් මං නිදාගෙන කියලා හිතලයි.
“හා හා.. තොවිල් නටන්ට ඕනේ නෑ… තාම හයයි වෙලාව…“
ඒ පාර කමලම්මා හිනා වෙවී කියෝනව.
“දුව වෙනදට උදේම පහන තියන නිසයි ඇහැරෙව්වේ.. මේං තේ එක. කලබල නැතුව බීලා ඉන්න..“
හිනා වෙවීම එහෙම කියලා මං අතට තේ එකත් දීලා කමලම්මා යන්න ගියා.
දේෂුගේ ගෙදරට ආපු දා ඉඳලා උදේ හය පහු වෙද්දි මං බුදු පහන තිබ්බා. හැමදාම නැගිටලා තේ හදලා කමලම්මටත් උදව් වෙලා බුදු පහන තියලා තමයි මං දවස පටන් ගත්තේ. ඒ නිසා වෙන්න ඇති කමලම්මා මාව ඇහැරවන්න ඇත්තේ.
ඉක්මනට තේ එකත් බීලා වොශ් එකක් දාගෙන මං මිදුලට බැස්සේ බුදු පහන තියන්න.
තාප්පේ අයිනේ තිබුන ඉද්ද ගහෙන් මල් වට්ටියකුත් කඩලා පහන තියලා බුදුන් වැන්දා. මං ප්‍රාර්ථනා කලේ මං වගේම නොදැනුවත් කමින් මඩමට බිලි වෙලා අසරණ වෙන ළමයි වෙනුවෙන් කරන්න යන දේ සාර්ථක වෙන්න කියලයි.
මං කුස්සියට එනකොට කමලම්මා කෑම උයලත් ඉවරයි.
“කමලම්මා …. ඉන්න මං මේ ටික මේසෙට අරින්නම්”
සේරම කෑම ටික මේසෙට ඇරලා ඉවර වෙනකොටම දේෂු පඩිපෙල බැහැගෙන පහළට ආවේ ෆෝන් එකත් කනේ ගහගෙන.
“ආ… ඔව් ඔව් දිනිති.. පොඩ්ඩක් ඉන්න මේ විරූගෙන් අහන්න. මං දන්නේ නෑ ෆයිල් තියෙන තැන්. “
එහෙම කියාගෙන ඇවිත් දේෂු මට ෆෝන් එක දික් කලා.
“හෙලෝ…”
“ආ විරූ… අර අලුත් චට්නි එකේ ඩීටේල් ෆයිල් එක කොහේද තියෙන්නේ.. මං මේ ප්‍රසන්ටේෂන් එකකට යන්න විරූ ඒක ඉල්ලගන්න අමතක උනා ඒක ගන්න දැන් මේ ඔෆිස් එකට ආවා.”
“ආ.. මගේ ටේබල් එක ළඟ තියෙන කබඩ් එකේ දකුණු පැත්තේ ඇති රෙඩ් කලර් බෝඩර් දාපු ෆයිල් සෙට් එකක්. ඒ ටිකෙන් කොනේම තියෙන ෆයිල් එක”
“ආ.. හරි විරූ හම්බුනා.. තෑන්ක්ස් කෙල්ලේ.. ඔයාගේ වැඩනම් හරිම නීට්”
“ඕල් ද බෙස්ට් දිනිති.. බායී”
මං එහෙම කියලා දේෂු අතට ෆෝන් එක දෙද්දී දේෂුයි කමලම්මයි දෙන්නම කන්න වගේ මං දිහා බලන් ඉන්නවා.
“අයියේ… කමලම්මේ…“
මං කතා කලාමයි දෙන්නම මේ ලෝකෙට ආවේ.
“විරූ…. නංගි ඔයා කොහොමද ඔච්චර හොඳට හැමදේම මතක තියාගන්නේ… අනික හරියටම ෆයිල් එක තියෙන තැන පවා… මෙච්චර කල් බිස්නස් කලා මට ෆයිල් එකක් මං තියපු තැනක්වත් මතක නෑ කවදාවත් “
ඇස් දෙකත් ලොකු කරන් දේෂු ඇහුවේ හරියට පොඩි එකෙක් ජීවිතේ පළවෙනි වතාවට මොකක් හරි දෙයක් දැක්කාම ඒ ගැන පුදුම වෙනවා වගේ.
#පහළ_කොටස්_අනිවාරෙන්_කියවන්න …
මුලින්ම කතාව නොදා හිටියට සමාවෙන්න වස්තුලා…
මේ අපිට හැමදාම ලෙක්චස් … මට කතාව ටයිප් කරගන්න ටයිම් නෑ… පාන්දර ගියාම ගෙදර එන්නේ රෑ වෙලා.. ඒ නිසා මට බනින්න එපා… මං පුලුවන් හැමදාම කතාව දානවා…
කවදාවත් අතරමග කතාව නවත්තන්නේ නෑ… ඒ නිසා මේ සූටි කෙල්ලට බනින්න එපා… කතාව හොයාගන්න බැරිනම් මගේ ප්‍රොෆයිල් එකට ඇවිත් බලන්න යාලුවනේ .. කතාව නොදා ඉන්නවනම් මං ප්‍රොෆයිල් එකේ පෝස්ට් එකක් දානවා…
Like comment කරන ඔයාලා හැමෝටම තැන්කුයි ….
ආදරෙයි කස්ටියටම ….