#මුලා_වූ_පෙම්වතී 19
දහනවවන දිගහැරුම
ඇස් දෙකත් ලොකු කරන් දේෂු ඇහුවේ හරියට පොඩි එකෙක් ජීවිතේ පළවෙනි වතාවට මොකක් හරි දෙයක් දැක්කාම ඒ ගැන පුදුම වෙනවා වගේ.
“මං සේරම ෆයිල් වලට කලස් දාලා කබඩ් එක පිළිවෙලට හැදුවා අයියේ.. දැන් ඔයාට උනත් මතක හිටී..“
“මට පේන විදියට මං අරන් තියෙන්නේ හරියටම හරියන සෙකට්‍රි නෝනව…”
දේෂු කිව්වේ හිනාවෙන ගමන්මයි.
“හා හා දැන් කන්න ඇවිත්… මං තාම සතියයිනේ වැඩ කලේ.. දැන්ම තීරණය කරන්න එපා.. මං තාම ඉගෙනගන්නවා..”
මාත් හිනාවෙන්ම එහෙම කියලා දේෂුට කෑම බෙදලා මටත් බෙදාගත්තා.
අපි කෑම කලා එහෙම හිමීට ලෑස්ති උනේ දේෂු කිව්ව දිහා යන්නයි. දිග සායට තනි පාට බ්ලවුස් එකක් ඇඳලා කොණ්ඩෙත් තනි කරලට ගොතලා මං ලෑස්ති උනා.
ලෑස්ති වෙලා පහළට එනකොටත් දේෂු පහළ හිටියේ. දේෂුත් වෙනදා වගේ නැතුව නිල් පාට ඩෙනිමට ආර්ම් කට් එකක් ඇඳලා හිටියේ. ඒ ඇඳුමට දේෂුගෙන් පෙනුනේ දඟකාර සෙල්ලක්කාරකමක්.
“මං ලස්සනයි කියලා මං දන්නවා… එහෙමයි කියලා ඕම බලා ඉන්න එක හරිද මං අහන්නේ…”
මගේ මූණට කරලා අතින් සද්දයක් කරලා දේෂු කිව්වේ මනමාල හිනාවකුත් දාගෙනමයි. මට හිතුනේ පොලව පලාගෙන යන්නයි.ඒ තරම් වස ලැජ්ජාවයි. දේෂු මං ගැන මොනවා හිතුවද දන්නේ නෑ දෙයියනේ …
“හා හා.. දැන් ලැජ්ජා උනා ඇති… තව ටිකක් ඉඳලම යමු. වෙලා වැඩී”
දේෂු එහෙම කිව්වාම මං කාමරේට යන්න හැරුනා.
“විරූ.. ඉක්මනට පනාව අරන් එන්න”
මෙයා මොකටද මේ පනාව ගේන්න ගාන්නේ. කොණ්ඩෙත් වැක්ස් ගාලා හදාගෙන ඉන්න කෙනාට ආපහු පනාව මොකටද. එහෙම හිත හිතම මං ගිහින් පනාව අරන් ආවා.
“ම්… දැන් මෙතනින් ඉඳගන්න.”
සෝෆා එකේ තනි එකක් පෙන්නලා දේෂු එහෙම කිව්වාම මං කල්පනා කලේ ඒ මොකද කියලයි.
“කල්පනා නොකර වාඩි උනානම් වැඩේ ඉක්මන් “
“මොකද්ද කරන්න හදන්නේ…”
බැරිම තැන මං ඇහුවේ දේෂුගෙන් ප්‍රශ්නයක් අහනකල් උත්තර නෑ කියලා අත්දැකීමෙන් දැන් මං දන්න නිසයි.
“ඔයාගෙ කොණ්ඩේ පීරන්න.. වාඩිවෙන්නකෝ…”
පොඩි ළමයි අම්මලාගෙ කොණ්ඩෙ පීරන්න ආසාවට කෑ ගහනවා වගේ දේෂුත් කෑ ගැහුවා. මං ඉතිං වාඩි උනා.
“මං කොණ්ඩෙ පීරලනේ ඉන්නේ දේෂු …”
“කට වහන් ඉන්නකෝ… මං කරාට පස්සෙ බලන්න”
දේෂු හරි සීරුවට මගේ කොණ්ඩෙ එක්ක හරඹ කරනවා තේරුනා.
“ආ… දැන් කණ්නාඩියෙන් බලන්නකෝ…”
දේෂු එහෙම කිව්වාම සාලේ තිබුන කණ්නාඩියෙන් මං ඉක්මනට බැලුවා ….
මං නෝමල් ලූස් එකට ගොතලා තිබුන කොණ්ඩෙ අල්ලලා දේෂු ෆ්‍රෙන්ච් ගොතලා. නීට් එකට ලස්සනට ගොතලා.
“ලස්සනයි නේද… මට නිකමට හිතුනා. ඔයාට ඔහොම ලස්සනයි …”
“ඔව් අයියේ … ලස්සනයි .. ඇත්තටම …”
“ඒකනේ… ඔයා දන්නේ නැද්ද ඔහොම ගොතන්න.”
“දන්නවා. අයියේ ඉස්සර මාත් මෙහෙම තමයි ගොතන්නේ. ඒත් මෙහෙම නීට් එකටනම් නෑ”
මං එහෙම කිව්වාම දේෂුත් හිනාවුනා.
මෙයා දන්න දේවල් … කෙල්ලන්ගෙ හෙයාස්ටයිල් දාන්නත් දන්නවා.
“කල්පනා කරන්නේ මං දන්නේ කොහොමද කියලද… “
මගේ හිත කියෙව්වා වගේ දේෂු කිව්වාම මං ඉතිං හිනා උනා.
“ඉස්සර නංගි පොඩි කාලේ අම්මගේ අත කැඩුනා වැටිලා. ඉතිං නංගිගේ කොණ්ඩෙ ගෙතුවේ මං අම්මා ළඟට වෙලා කියා දුන්නා. මාස දෙකක් විතර එයාගෙ කොණ්ඩෙ ගොතන්න උනානේ. ඉතිං හොඳට පුරුදු උනා.”
දේෂු එහෙම කියලා හිනා උනාම මට හිතුනේ ඒ නංගි කොච්චර වාසනාවන්තද කියලා. මේ වගේ අයිය කෙනෙක් ලබන්න හැමෝටම බෑ. ඒ අතින්නම් මට ඒ නංගි ගැන ඉරිසියයි.
“යමු නේද විරූ.”
“හා අයියේ යමු. “
අපි හරියටම දහය වෙද්දි දේෂුගේ යාලුවගේ ගෙදරට ආවා.
“ආ මචං දේෂුවා… වරෙන් වරෙන් ඇතුළට.”
දේෂු මාව ඉස්සර කරන් ගෙට ඇතුල් උනා.
“චලියා මේ ඉන්නේ විරූ. මං කිව්වේ උඹට”
“හරි හරි බං මං දැක්කාම හිතුවා. “
“විරූ මේ ඉන්නේ චලිත් මෙයා ගැන තමයි මං කිව්වේ”
දේෂු මටත් යාලුවාව අඳුන්වලා දුන්නා.
“කෝ උඹේ ප්‍රියම්බිකාව”
“ඉන්නවා ඉන්නවා… කුස්සියේ වැඩ බං “
“හා හා එහෙනම් කතාවට බහිමු උඹත් ඩියුටි යන්න ඕනෙ ඇතිනේ”
දේෂු එහෙම කිව්වාම චලිත් අපි ඉස්සරහා සෝෆා එකෙන් වාඩි උනා.
“නංගි ඔයා දැන් එතනට ගිය විදියේ ඉඳලා එතන වෙච්චි හැමදේම ඔයාට තේරුන විදියට එතන වැඩ කෙරෙන විදිය වගේ දේවල් එක්ක හැමදේම කියන්න ඕනි.”
චලිත් එහෙම කිව්වාම මං බැලුවේ දේෂු දිහා.
“කියන්න විරූ.. බය වෙන්න එපා කිසිම දේකට. මට කිව්වා වගේ චලියටත් කියන්න”
දේෂු කිව්වේ මගේ ඔලුව අතගාන ගමන්මයි.
මං බය නැතුව කියන්න හිතුවට ඒ සිද්ධි මතක් කරන එකත් මට ලොකු වේදනාවක්. ඒත් එහෙමයි කියලා මට වටෙන්න බෑ. මං හිත හයිය කරන් ඇස් දෙක පියාගෙන ටිකික් සන්සුන් උනේ හිත කලබල නිසයි.
දේෂු එතකොටම මගේ අතින් අල්ලගත්තා. මං එයා දිහා බැලුවාම එයා ඇස් වලින් කිව්වේ බය වෙන්න එපා කියලයි.
මං කතාවට මුල පිරුවා.
මං ගාමන්ට් ආපු දා ඉඳලා විරාජ් ගැන, මඩමට ගිය හැටි, එතන අය ගැන, එතනින් මං ආපු හැටි හැමදේම මං කිව්වා.
මං ඒ ටික කියලා ඉවර වෙද්දිත් හොඳටම අඬලා. දේෂු එහෙමම මාව එයාගේ පපුවට තද කරගත්තාම මගේ හිතේ ඇතිවෙච්ච නොසන්සුන් කම බය ටිකක් අඩු උනා.
එතකොටම එතනට ආවේ බීම වීදුරු තුනකුත් අරන් අක්කා කෙනෙක්. මං හිතන්නේ චලිත්ගේ වයිෆ්.
“විරූ මේ ඉන්නේ මගේ වයිෆ් දිල්මි. “
මං දේෂුගේ පපුවෙන් මෑත් වෙලා දිල්මි එක්ක හිනා උනා. දිල්මි ගොඩාක් හොඳයි වගේ.
“දිලූ මෙයාව රූම් එකකට එක්කන් යන්නකෝ කෙල්ලේ. මූණ ටිකක් හෝදගන්න දීපන්”
දේෂු දිල්මිට එහෙම කිව්වේ මගේ ඔලුව අතගාන ගමන්මයි.
“එන්න නංගි අපි යමු.”
දිල්මි මාව අල්ලගෙන එක්කන් ගියා.
“නංගියො මූණ සෝදන් එන්න ටිකක්. ඕවා සාමාන්‍ය දේවල් … අඬලා දොඩලා වැඩක් නෑ. ජීවිතේට මූණ දෙන්න. දේෂු ඔයා ගැන ගොඩාක් හිතනවා.”
දිල්මි කිව්වේ මගේ ඔලුවත් අතගාලමයි. මට එයා අන්තිමට කියපු වචන ටිකනම් හිතට බරක් එකතු කලා.
සොලි වස්තුලා පරක්කු උනාට… හෙටත් කොටසක් දානෝ….
Like comment කරන හැමෝටම තැන්කුයි …
ආදරෙයි කස්ටියටම ……