#මුලා_වූ_පෙම්වතී 25

💕විසි පස්වන දිගහැරුම💕

මෙතන නෙවේ යමු බැල්කනි එකට මට නිදහසේ කතා කරන්න ඕනි”

එකපාරට දේෂු අයියා ඒම කිව්වාම මං කල්පනා කලේ මොනා ගැනද කියලා. ඒත් හිතට බයක්නම් නෑ මොකද මට මටත් වඩා අයියව විශ්වාසයි. මොකක් හරි කම්පැණි එකේ දෙයක් වෙන්න ඇති.

එහෙම හිත හිතම මං දේෂු පස්සෙන් බැල්කනි එකට ආවා.

❤️❤️❤️❤️❤️❤️

“කියන්න අයියේ”

මං එහෙම කිව්වත් දේෂු කතාවක් නෑ.
එයා බැල්කනි එකෙන් ඈත බලාගෙන ඉන්නවා. මාත් ඉතිං ඈත අහසේ ලස්සනට පායලා තිබුන හද දිහා බලන් හිටියා. විනාඩි ගනනාවක් ගෙවෙන්න ඇති ..

“විරෑ….”

දේෂු මගේ උරහිසට අත තියලා කතා කලාම මං එයාගේ පැත්තට හැරුනා.

ඒ ඇස් මොකක්දෝ ලොකූ කතවක් කියන්න හදනවා. ඒත් මට ඒ දේ තේරුම් ගන්න බෑ..

“නංගි …. ඔයාට මං ගැන මොනවද හිතෙන්නේ….”

එකපාරට දේෂු ඒ අහපු ප්‍රශ්නෙට මං දේෂු දිහා බැලුවා නෙවෙයි මට බැලුනා..

“කලබල වෙන්න එපා දරුවෝ…… මං ඇහුවේ ඔයා මං ගැන හිතන විදිය….”

මං කලබල උනා කියලා තේරිලාද කොහෙද දේෂු එහෙම කිව්වා . එතකොට නම් මගේ හිතට ආපු කලබලකාරී බව නැති වුනා..

“අයියේ මට ඔයා මිහිපිට ඉන්න දෙවි කෙනෙක්…. මට අපහු ජිවත් වෙන්න ආසාව දුන්නේ ඔයා… .මව බේරගත්තේ ඔයා… ජීවිතේ වටින කම ඉගැන්නුවේ ඔයා.. “

මගේ ඇස් වලින් කදුලු වැටෙද්දී මං කියගෙන ගියා. ඔව් දේෂු කියන්නේ මට දෙවි කෙනෙක් .ජිවිතේ නැති කරගන්න තරමට අසරණ වෙලා හිටපු මට ජිවත් වෙන්න ආසාව ඇති කලේ දේෂු…මට ආපු කරදර වලින් මව ගාලවාගෙන තාත්තා කෙනෙක් වගේ රැකගත්තේ දේෂු ..

“හ්ම්ම්….ඊට වඩා වෙනස් දෙයක් හිතෙන්නේ නැද්ද නංගෝ…”

දේෂු ඇහුවේ කෙලින්ම මගේ ඇස් දිහා බලාගෙන. මං ගොලු වුනා.. ඔව් මට ඒකට උත්තර දිගන්න බැරි උනා.. ඒ ඇයි කියන්න මටම තේරුනේ නෑ.. මං ඔහේ දේෂු දිහා බලගෙන හිටියා….

“නංගි මං ගැන වැරදියට හිතාන්න එපා.ඔයාව මෙහෙට ගෙනවේ උදව් කරන අරමුණින්. ඒත් කාලයත් එක්ක ඒක වෙනස් උනා. මං දන්නෑ ඔයා මේකට කොහොම රිඇක්ට් කරයිද කියලා. ඒත් තවත් මේක හිතේ හංගගෙන ඉවසන් ඉන්න බෑ.. ඒකයි අද කියන්න හිතුවේ..”

දේෂු ඒ ටික කිව්වේ ඈත පේන හඳ දිහා බලගෙන. ඒත් මොනවද මේ කියන්නේ…. මට කිසිම දෙයක් තේරෙන්නේ නෑ.. මං දේෂු දිහා බලගෙන කල්පනා කලේ මට එයා කියපු දේවල් නොතේරුන නිසයි..

එකපාරට මගේ පැත්තට හැරුන දේෂු මගේ ළගටම ආවා. මගේ උරහිස් වලින් අල්ලන් මගේ මුණ දිහාම බලන් හිටියා ..
එයාගේ අතින් මගේ කම්මුලක් හරි සීරුවට පිරිමැද්දා..

ඔව් ඒ ඇස් ලොකු කතවක් කියනවා. මට ඒක තේරුම් ගන්න බෑ. මං ඔහේ බලන් හිටියා.මං දේෂුගේ මුණ දිහා බලන් ඒ ඇස් කියවන්න උත්සාහ කලා.

ඒත් එකපරට මගේ මුණට පහත් වෙච්චි දේෂු මගේ දෙතොල් ඒ දෙතොල් වලින් අල්ල ගත්තේ මට හිතන්නවත් ඉඩක් නොතියා.. ඒත් පහසින් මිදෙන්න මට ඕනි උනේ නෑ..මං මටත් නොදැනිම දේෂුට අවනත උනා. ඔව් ඒ ආදරනීය පහසට මං අවනත උනා. ඒකෙන් මිදෙන්න ලෝභ හිතුනා.

විනාඩි කිහිපයකින් මගේ දෙතොල් වලින් ඈත් වුන දේෂු හරි සිරුවට මගේ නළලටත් හාදුවක් තිබ්බා. මං තාමත් වෙච්චි දේ හිතාගන්න බැරුව ඔහේ බලන් හිටියා ..

” මං අදරෙයි නංගී….😍😍 මං ඔයාට ආදරේ කරන්න පටන් අරන්…😍😍 පුලුවන්ද මගේ නෝනා වෙලා මෙහෙම ළගින් ඉන්න😄😄

එකපාරට ඇස් දිහාම බාලගෙන දේෂු ඇහුවේ මගේ මුණ එයාගේ දෝතින්ම අල්ලගෙන.මං පියවි සිහියට අවේ දේෂු ඒ කිව්ව දේට. ඒත් දෙයියනේ මොකක්ද මේ වෙන්නේ. මං මං කොහොමද …….

මං දේෂුගේ අත්දෙක ගසලා දාලා ඉකමනට එහාට උනා.

“ම…..මට…..බැ …..මට….බැ “

මං දැතින්ම මගේ කන්දෙක වහගෙන කිව්වේ මගේ හිතට මං ගැනම දැනුන කෙන්තියෙන්. දෙවියනේ මං දේෂුට සුදුසු නෑ..
මං ඉඳුල් වෙච්චි ගෑණියෙක් …. දේෂු වගේ උතුම් මනුස්සයෙක්ට මං ගැලපෙන්නේනෑ… කොහෙත්ම ගැලපෙන්නේ නෑ..

“විරෑ….නංගී සංසුන් වෙන්න”

එකපරට මං ළගට ආපු දේෂු එහෙම කියලා මාව ඇදෙලා අරන් ඒ පපුවට තියලා තද කරගත්තා..

“ඔයාගේ අතීතය , ඔයාගේ ජිවිතේට වෙච්චි හැමදේම දැනගෙනයි මං ඔයට ආදරේ කරන්නේ… මං දන්නවා ඔය හිතෙත් මං ගැන අදරයක් තියෙනවා.. “

මගේ ඔලුව අතගාන ගමන් දේෂු කියනවා. කලබල වෙච්චි මගේ හිත ටිකක් සංසුන් උනා. නෑ මං හිතලම සංසුන් උනා. මොකද කලබල වෙලා බෑ.

“අයියේ ඒත් මං…මං ඉදුල් වෙච්ච ගැණියෙක්…😭😭 මං මහා පව්කාරි….”

“කට වහපන් විරෑ😬😬

මම කියන්න ගිය එකවත් සම්පූර්ණ කරන්න නොදී දේෂු කෙන්තියෙන් කෑ ගහලා මාව තාල්ලු කරා.. ඊටපස්සේ අත් දෙකෙන්ම එයගේ කොන්ඩේ ඇදගන්න ගමන් අනිත් පැත්ත හැරුනා. දේෂු මෙච්චර කේන්තියෙන් ඉන්නවා දැකපු පළවෙනි දවස අද නොවුනත් මට බයක් දැනුනා.

” විරූ.. දාන්නවද විරුනිගෙන් පස්සේ මං කිසිම කේල්ලෙකුට ළං උනේ නෑ.. මං සමාජෙන් ඈත් වෙලා තනියම හිටියේ… ඒත් ඔයා හම්බවුනාම මං ආපහු වෙනාස් උනා. මං පණ වගේ උඹව ආරක්ෂා කලා. ඒ මේ පපුවේ උඹ වෙනුවෙන් පිරිලා තියෙන අදරේ නිසා. නැතුව අනුකම්පාවට නෙවෙයි… අනුකම්පාවකට බෑ මේ තරම් ඔය හිත තේරුම් අරන් ළගින් ඉන්න .. ටිකක් හිතපන් විරෑ …මේ පපුව ගැහෙන්නේ උඹ නිසා… දැනෙනවද විරූ … දැනෙනවද…😥😥

එකපාරට ආපහු මගේ පත්තට හැරුණ දේෂු මගේ උරහිස් වලින් තදින් අල්ලන් කියාගෙන ගියේ ඒ රතු වෙච්චි ඇස් වලිනුත් කඳුලු ගලාගෙන යද්දියි. ඒ වචන මට දැනුනේ පිහි පාරවල් වගේ. ඔව් ඒ තරමට මට දැනුනා.

දෙයියනේ මං මොනාද කියන්නේ මොනාද කරන්නේ… මට කිසිම දෙයක් තේරුනේ නෑ.. මං වගේ කෙල්ලෙක්ට දේෂුගේ දෙමාපියෝ කවදාවත් කැමති වෙන්නේ නෑ. අනේ මං කොහොම මේවා තේරුම් කරන්නේ…

“අයියේ.. හිතන්න ටිකක් ඔයාට මං ප්‍රශ්නයක් නොවුනත් ඔයාගේ දෙමාපියෝ කවදාවත් මං වගේ …”

“විරූ…😬😬

මං කියාගෙන ගිය ටික නැවැත්තුවේ දේෂු කේන්තියෙන් කෑගහපු නිසයි. ඒ ඇස් රතුම රතු වෙලා. මං දිහා බලා හිටියේ පුදුම කේන්තියෙන්.

“උඹව බඳින්නේ උඹ එක්ක ජීවත් වෙන්නේ මං මිසක් මගේ අම්මා තාත්තා නෙවෙයි. වැඩකට නැති හේතු කියන්න එපා විරූ… නංගී.. ඔයා මට ආදරේ නැද්ද.. නැත්නම් මං ඈත් වෙන්නම්. ඒත් ඔයා ඔය කටින් ඒක කියන්න ඕනි මගේ ඇස් දිහා බලාගෙන.”

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

ම්… අදත් ඔන්න ප්‍රශ්නයක් …😂😂😂

මං මොකුත් කියන්නේ නෑ… ඔයාලා නොහිතන දෙයක් වෙයි සමහරවිට…

Like comment කරන යාලුවෝ හැමෝටම තැන්කුයි …..

ආදරෙයි කස්ටියටම ….😘😘😘😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *